IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලාංකිකයෝ ඇතුළු 71ක් නිව්යෝක් නුවර ගුවන්තොටේ හිරවෙති

ඇමරිකාවේ නව සංක්‍රමණික නීති හේතුවෙන් නිව්යෝක් නුවර ජෝන් එෆ්.කෙනඩි ගුවන්තොටුපළේ ශ්‍රී ලාංකිකයන් ඇතුළු රටවල් 20ක 71 දෙනකු සිරවී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

ඇමරිකා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ නව සංක්‍රමණික නීති හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇතැයි කියති.

ශ්‍රී ලංකාවට අමතරව මැලේසියා, චීන, තුර්කි, පාකිස්තාන, ප්‍රංශ, ඇල්ජීරියා, ජෝර්දාන්, කටාර්, සෙනගල්, ස්විට්සර්ලන්ත, ඊජිප්තු, හා ඝානා ඇතුළු රටවල පිරිසක් ද සිරියා, ඉරාක, සුඩාන, ලිබියා යන ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළ රටවල අයද එහි රඳවාගනු ලැබ සිටිති.

මේ හේතුවෙන් ජෝන් එෆ්.කෙනඩි ගුවන්තොටුපළේ කලබලකාරී තත්ත්වයක් උද්ගතව ඇති බවත් වාර්තාවේ. මුස්ලිම් ජාතික පිරිස් බහුතරයක් වෙසෙන රටවල් 7කට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කරමින් පසුගියදා නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නියෝගයක් නිකුත් කළ අතර සරණාගතයින් වෙනුවෙන් දින 120ක කාලයකට එය අත්හිටවනු ලැබිණි.



අදහස් (0)

ශ්‍රී ලාංකිකයෝ ඇතුළු 71ක් නිව්යෝක් නුවර ගුවන්තොටේ හිරවෙති

ලංකා Thursday, 02 February 2017 05:53 AM

නිමල් ලලිත කියලා තියෙන දෙය හරියටම හරි. (නි)

:       0       0

කමල් Thursday, 02 February 2017 06:06 AM

හොඳ වැඩේ උඩ පැනගෙන ඇමරිකා යනවට (නි)

:       0       0

තුෂාරා Thursday, 02 February 2017 06:31 AM

එහෙම තමයි. ඒ රටවල නීතිය අකුරට! (නි)

:       0       1

අකිල Thursday, 02 February 2017 06:36 AM

නිමල්,මට නම් පෙනෙන්නේ ඔයා වෙනත් දෙයක් ගැන දුකයි වගේ. අපේ රටේ කපටි දේශපාලකයෙක්ට කඩේ යන කෙනෙක් වගේ (නි)

:       0       0

යෝනක Wednesday, 01 February 2017 04:29 PM

කාට කාටත් මේවා හොඳ ආදර්ශ! (නි)

:       0       0

නිමල් රාජපක්ෂ Wednesday, 01 February 2017 04:29 PM

ළිඳෙන් වතුර බිලා, ගඟට ආවඩන යට හොඳ පාඩමක් (නි)

:       0       2

රිචි බාලසුරිය Wednesday, 01 February 2017 04:38 PM

ඇමෙරිකාවේ යහපතට නම් මේවා අනුමත කළහැකිය. අපේ රටේ යහපතටත් මේ වාගේ ඔය අපේ රටට වින කරන අයට නීති තදකළොත් හොඳයි (නි)

:       0       0

මංගල Thursday, 02 February 2017 06:57 AM

නිමල්, ඔයා හරි (නි)

:       0       0

අරුණ Wednesday, 01 February 2017 05:13 PM

ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් අපි දැන් මොකද කරන්නේ? (නි)

:       0       0

තිස්ස Wednesday, 01 February 2017 05:57 PM

ට්‍රම්ප් කරන දේ කියන සහ කියපු දේ කරන නායකයෙක් බව ඔප්පු කළා. අපේ ලොක්කන්ට ඡන්දෙන් පස්සේ කියපු දේ මතක නැහැ (නි)

:       0       0

නිලූ Wednesday, 01 February 2017 06:07 PM

ලංකාවේ අය නම් ඉතින් කොහේ ගියත් කලබල (නි)

:       0       0

රූපසිංහ Wednesday, 01 February 2017 06:48 PM

ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ඔය කියන මුස්ලිම් ජනතාව වෙසෙන රටවල් හතට ආගමන විගමන තහනම් නීතිය පැනවුයේ කිසියම් කාල පරිච්චේදයකට නේද. මගේ මතකයේ හැටියට එය මාස කිහිපයකට පමණයි. ඔහු එසේ කළේ තම රටේ ආරක්ෂාවට අවශ්‍ය සීමාවල් සාදාගැනීමට කියා මා සිතනවා. (නි)

:       0       0

ලක්සිරි Wednesday, 01 February 2017 07:22 PM

ධම්මලා හිතාගෙන ඉන්නේ ඇමරිකාව ඇතුළු විදේශ රටවල ජීවත්වෙන අපේ අය ඒ රටවලට ආදරෙන්, ඒ රටවල විදිහට ජීවත්වෙනවා කියලද? මොන පිස්සුද? එහෙදී කන්නෙත් මෙහෙ කන බතුයි, ලංකාවෙන් ගෙනියන කරවලයි තමයි. හැබයි ලංකාවට ඇවිල්ලා කන්නේ චීස්, හැම්, බේකන් තමයි. එහෙ ඉඳගෙන බලන්නේ ලංකාවේ ටෙලි ඩ්‍රාමාම තමයි, පිරිමි නම් දේශපාලන විවාද අරින්නේ නැහැ. ඔවුන් ඇසුරු කරන්නේ කල්ලිගැසුන ලාංකික සමාජයම තමයි. හැබැයි. ඒ රටවල් ගැන නිව්ස් එකක් ඇහුවොත්, මෙලෝ දෙයක් දන්නේ නැහැ. (නි)

:       1       44

අජිත් Wednesday, 01 February 2017 07:37 PM

ඔහොම තමයි එහෙම කෙනෙක් බලයට පත්කර ගත්තහම. බලන්නේ නැහැ මුස්ලිම්ද සිංහලද ඉන්දියන්ද කියලා. අර වළං කඩේට පැන්න ගොනා වගේ හැම එකාටම අනිනවා. (නි)

:       0       0

මහී Wednesday, 01 February 2017 08:17 PM

ට්‍රම්ප් පටන්ගන්නකොටම කිව්වා 'ඇමෙරිකාව අංක එක' කියලා. ඇමෙරිකාවේ රස්සා පිටරට අයට දෙන්න කලින් ඇමෙරිකානුවන්ට දෙන්න ඕනෑ කියලා. එයා ඒ දේ කරනවා. නියැදි සමීක්ෂණයෙනුත් ඔය හෙළිවෙලා තියෙන්නේ ඇමෙරිකාවේ බහුතරය මේ තහනමට කැමතියි කියලා. අනික, ත්‍රස්තවාදීන් ඇමෙරිකාවට එන්නේ කොහෙන්ද කියලා මෙතන අදහස් දාන අපට වඩා හොඳින් ට්‍රම්ප් දන්නව ඇතිනේ. (නි)

:       0       0

අරජුන Thursday, 02 February 2017 02:32 PM

හසන්ත කියන කතාව හරියටම හරි. ලංකාවට අපි ආදරෙයි. මෙහේ ඉඳන් කනෙන් බත්, කරවල , සම්බෝල ...ලංකාවේ ගිහිල්ලත් කන්න හොයන්නේ ඒවම තමයි. සිංහල හැමෝම පන්සල් යන්න බණ අහන්න කැමති අය. මාසයකට වතාවක් අපේ නගරයට හාමුදුරුවන් වඩම්මලා (හේ)

:       0       0

විජිත Thursday, 02 February 2017 12:02 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

ජනහිත Thursday, 02 February 2017 12:33 AM

රටවල් 7කට ඇමරිකාවට ඇතුළුවීම තහනම් කළා නම් ඇයි අනෙක් රටවල අය නවත්වාගෙන ඉන්නේ? (නි)

:       0       0

ජයාත් Thursday, 02 February 2017 12:33 AM

ඇමෙරිකාවේ ඉන්නේ සුද්දෝ විතරක් නොවෙයි. හොඳම උදාහරණය හිටපු හා ඉන්න ජනාධිපතිලා. එහි ඉන්නා හැමෝම වගේ වෙනත් රටකට ගෑවිලා ඉන්නේ. (නි)

:       0       0

කෝනාර Thursday, 02 February 2017 12:55 AM

හොඳ තීරණයක්. ඇමරිකාවේ ආරක්ෂාව ඇමරිකාව බලාගන්න එපැයි (නි)

:       0       0

රසික Thursday, 02 February 2017 01:12 AM

තමන්ගෙ රට රැකීම නරක දෙයක් නොවේ (නි)

:       0       0

දුෂ්මන්ත Thursday, 02 February 2017 02:22 AM

හොඳ තීරණයක් (නි)

:       0       0

පීරිස් Thursday, 02 February 2017 02:37 AM

අපේ අයට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. නමුත් තම රටේ ආරක්ෂාවට මෙහෙම දැඩි තීරණ ගැනීම හොඳයි. එතකොට ටිකක් අනිත් අයට රිදෙන බව ඇත්ත. සරණාගතයෝ කියලා, හිඟන්නෝ විදිහට ඒ රටවලට රිංගුවට පස්සේ කරන දේවල් බැලුවම මෙහෙම දැඩි තීරණ ගැනීම හොඳයි (නි)

:       0       0

හසන්ත Thursday, 02 February 2017 03:07 AM

ලක්සිරි, අපි ඇමෙරිකාවේ හිටියට ලංකාවට ආදරෙයි. කවදාහරි මැරෙන්නෙත් ලංකාවේම තමා. ඔයා කියන විදියට අපි පුහුමානෙන් ඉන්න අය නෙමෙයි. මේ ප්‍රාන්තයේ සිංහල හැමෝම පන්සල් යන්න බණ අහන්න කැමති අය. කන්නෙත් ලංකාවේ කෑම තමා. ලංකාවට ගියාමත් එහෙම තමා. අපිට මුල අමතක නැහැ. (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 02 February 2017 03:07 AM

ට්‍රම්ප් දේශපාලන බලපෙරේතයෙක් නොවේ. ඔහු රටට ආදරය ඇති නායකයෙක්. අන්තවාදයෙන් වරක් පිඩනයට පත් රට නැවත වරක් බඩගෝස්තරය වෙනුවෙන් බිලිදෙන්නට ඔහුගේ සුදානමක් නැහැ. ඔය සරණාගතයෝ, රැකියා සොයාගෙන එන අය තමන්ගේ ජනගහණය වැඩිවෙනකොට වෙනත් ඉල්ලීම් ඉල්ලනවා. සිංහල අපි එය හොදින්ම දන්නවා. මේ රටට කල්ලතෝනින්,වතු සේවකයන්, වෙළෙන්දන් සිංහලේ නිදහස් සටන් මර්දනය කිරීමට පැමිණි කුලී හෙවායන්ගෙන් පවත් එන්නවුන් අද මේ රට කරන වැඩේ හොඳින්ම පෙනෙන්න තියනවනේ. එනිසා ට්‍රම්ප් තම රට, අනාගතය ගැන සිතා කරන දෙය හරි. (නි)

:       2       6

පිටිගල මිලානෝ Thursday, 02 February 2017 03:57 AM

වැස්සටත් කළු කණ්ණාඩි දාගෙන බොහොම අමාරුවෙන් කීයක්හරි හොයාගෙන ලංකාවට ඇමරිකාවේ සිට එන නිව්යෝර්ක්වාසීන් නම් වැඩි හරියක් සේවය කරන්නේ කොහේද කියලා අපි නම් දන්නවා (නි)

:       1       1

අමල් Wednesday, 01 February 2017 12:51 PM

මේ තරම් ගති පැවතුම් අනුමත කල නොහැකියි. (ර)

:       0       0

සුනිල් ගීකියනගේ Wednesday, 01 February 2017 01:03 PM

ලංකාවෙන් යන්න පෙර දැනගැනීමට විදිහක් නැද්ද රටට ඇතුල්වීමට දෙනවද නැද්ද කියලා. (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 01 February 2017 01:08 PM

ඇමෙරිකාව කලදේ හරි, සරණාගත ප්‍රශ්නය පිට කොතරම් ත්‍රස්තවාදීන් රටට ඇතුළු විය හැකිද, දැනටම යුරෝපය එහි ප්‍රතිපල ව්දීනවා. (ර)

:       0       1

අතුරා Wednesday, 01 February 2017 01:13 PM

දැන් ඉස්සල්ල මෙයා හොදයි කිව්ව අපේ අය මොනවා කියයිද දන්නේ නැහැ. (ර)

:       0       0

සංජීව Wednesday, 01 February 2017 01:17 PM

හොද තීරණයක්.ඇමරිකාවේ ආරක්ශ්ෂාව ගැන කොතරම් හිතනවද හිටපු ජනපතිවරුන්ට වඩා. ඒකට අපේ අය. සහජීවනය හොයනවා. (ර)

:       0       1

සමන් Wednesday, 01 February 2017 01:40 PM

එහෙත් ඉන්නේ ඉංග්‍රීසි බැරි අය වගේ. ට්‍රම්ප් තහනම් කලේ රටවල් 7යි නේ. (ර)

:       0       1

පුෂ්පකුමාර Wednesday, 01 February 2017 01:53 PM

අපිට රවන, අපේම අය, ඉංගීසි කතාකරන සුද්දෝ දකිද්දී දත් තිස් දෙකම පෙන්වලා විරිත්තලා දෙකට නැමිලා පිලි ගත්තට, සුද්දෝ අපේ අයට සලකන්නේ ඔහොම තමයි. (අ)

:       0       2

අකිල Thursday, 02 February 2017 05:00 AM

මම දන්නා තරමින් ඇමරිකාවේ ඉන්න ලංකවේ අය ඔක්කොම වගේ පහුගිය මැතිවරණයේදී ඡන්දෙ දුන්නේ හිලරිට. ඉතින් එහෙම අයට මෙහෙම වෙන එකට අපි දුක්විය යුතු නැහැ (නි)

:       1       1

අබේරත්න Wednesday, 01 February 2017 02:59 PM

ට්‍රම්ප්ට ජයවේවා (බ)

:       0       1

ධම්ම Wednesday, 01 February 2017 03:07 PM

ලංකාවෙන් ගිය අය වහාම නිදහස් කරන්න ට්‍රම්ප් මහත්තයා. එයාලා ලංකාවට වඩා ඇමෙරිකාවට ආදරෙයි. (බ)

:       0       3

තිස්ස Thursday, 02 February 2017 05:29 AM

අැමෙරිකන් තානාපති කාර්යාලය ඉදිරිපිට ලෙමන් පෆ් මිශ්‍ර තැඹිලි උපවාසයක් කරමුද? (නි)

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1595 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 784 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 654 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 333 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 570 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 526 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1504 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1403 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site