IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ශ්‍රී ලන්කන් විකිණීමේ තීරණය වෙනස් කරයි

(අංජුලමහික වීරරත්න)

ශ්‍රී ලන්කන් ගුවන් සේවය විකුණා දැමීමට කලින් ගෙන තිබු තීරණය අත්හැරීමට රජය තීරණය කර තිබේ.
 
රජය විසින් එළඹ තිබෙන නව තීරණය අනුව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම රාජ්‍ය,පෞද්ගලික පොදු සමාගමක් ලෙස පවත්වාගෙන යාමට අපේක්ෂිතය.
 
වෘර්තිය සමිති,ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ රැකියා වල නියුතු පාර්ශව හා ආර්ථික උපදේශකයන් විසින් දුන් කරුණු සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මත්වරුන් ඉහත තීරණයට එළැඹ සිටියි.
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවය සම්බන්ධයෙන් රජය අනුගමනය කරන නව ප්‍රතිපත්තිය අනුව රාජ්‍ය පෞද්ගලික අංශයේ ප්‍රබල සමාගමක් තෝරාගෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවය සහිතව ගුවන් සේවය අඛණ්ඩව පවත්වාගෙන යාමට නියමිතයි.
 
ජනාධිපති හා අගමැති සිටින ස්ථාවරය අනුව ශ්‍රී ලංකා ගුවන් සමාගමට අදාල ඉදිරි කටයුතු රාජ්‍ය ව්‍යවසාය කටයුතු නව අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතාගේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවනු ඇත.



අදහස් (12)

ශ්‍රී ලන්කන් විකිණීමේ තීරණය වෙනස් කරයි

Nandalal DE SILVA - France Thursday, 15 March 2018 03:53 PM

ඉතාම වැදගත්, අගය කල යුතු තීරණයක් !

:       1       14

Gajan Thursday, 15 March 2018 04:24 PM

ගන්න කවුරුවත් නැතුව ඇති

:       1       7

sirimal Thursday, 15 March 2018 06:18 PM

අර නුවරට පාරක් කැපුවා වගේ වෙයිද දන්නේ නෑ....

:       7       24

Pushpa Thursday, 15 March 2018 07:23 PM

ඇත්ත හේතුව මේක ගන්න මෙතෙක් කිසිම සමාගමක් ඉදිරිපත් නොවීමයි

:       54       116

Indhika Friday, 16 March 2018 12:21 AM

ෂුවර් එකට කවුරුත් ගන්න බැහැ කියන්න ඇති. නැතිනම් අපේ අය විකුණන්නේ නැතිව ඉදි.

:       51       62

ලුම්බිණි Friday, 16 March 2018 03:14 AM

රටට බරක් නොවෙන විදියට ගෙනියනවානම් කොහොම කලත් එකයි.

:       0       7

Ajith Nissanka Friday, 16 March 2018 03:30 AM

ආයේ සැරයක් අර රජ පවුලේ කෙනකුට දෙන්න බැරිද! ඒ ගොල්ලෝ ජනතාවගේ සම්පත් ඒ ගොල්ලන්ගේ වගේ පරිස්සම් කරන්න හරිම හපන්නු නොවැ!!!

:       0       14

Palitha Friday, 16 March 2018 04:06 AM

තීරණය ඉතා හොඳයි.

:       21       60

upali Friday, 16 March 2018 06:03 AM

පුර්ණ අධීක්ෂණය යටතේ, ......මිලියන් 300 - 400 බැංකුවේ තියන ඇමතිවරයෙක්

:       0       15

Mahee Friday, 16 March 2018 06:04 AM

ඒකනේ කියන්නේ, මොකට හදිස්සි වෙනවාද ඕක විකුනන්න. තව තියෙන්නේ ඕන තරම් දේවල්. ඒවා ඉවර කරලම මේකට බහින්න පුළුවන් නේ.

:       1       4

Sunil Friday, 16 March 2018 06:40 AM

එය එයාර් ලංකා ව තිබුණු අවදියේදී දකුණු ආසියාවේ ජනප්‍රියතම, උසස්ම, ලාබදායකම ගුවන් සේවය විය. ශ්‍රී ලංකාවේ අභිමානය විය. නියමිත වෙලාවට ගුවන් ගමන් ආරම්භ කල අවසන් කළ ජනතා හිතවාදී ගුවන් සේවය විය. මහජනතාවට සපයන සේවය ඉතා උසස් මට්ටමේ එකක් විය. එයාර් ලංකා ගුවන් සේවයෙන් විදේශ ගමනක් යාම ජනතාවට ආඩම්බරයක් විය. රජය කිසි විටෙක එය පවත්වා ගෙන යාමට සහයකයින් හවුල් කරුවන් සෙව්වේ නැත. රටට හිමි ජාතික සම්පතක් විකුණා දමන තුරු දේශපාලකයින් හට නින්ද නොපැමිණියේය. එය විකුණා දමන දවසේ එවකට සිටි ගුවන් සේවා ඇමති කිව්වේ එයාර් ලංකා සේවයේ වෙනස් වන්නේ එහි සලකුණ පමණක් බවයි. එහි ආඩම්බර ජනක අභිමානවත් සලකුණ වූ මොනරා වෙනස් විය. එය තවත් ගුවන් සේවයක කුලී රථ සේවය බවට පත් විය. ඉරාකයේ එවකට විනාශ වූ තෙල් ලින් වල ගිලුණු කුරුල්ලෙක් වැනි සලකුණක් මොනරා වෙනුවට පැමිණිනි. අද මේ ජාතික සම්පතට වී ඇති අබග්ගය රටේ ජනතාව විසින් සිදුකරන ලද දෙයක් නොවේ. එසේ නම් මේ අපරාධය මේ ජාතික අභිමානයට සිදු කළෝ කවරහුද? සත්‍ය මෙයනම් අපි එය කතා නොකර සිටිමුද?

:       9       54

champikat Friday, 16 March 2018 10:52 AM

තිත්ත ඇත්ත නම්, තව දුරටත් පාඩු ලබන එයාර් ලංකා නඩත්තු කිරීමට අපේ රටේ කවදාකවත් ගුවන් යානයක නොගිය දුප්පත් මිනිස්සුන්ගෙන් බදු මුදල් ලබා ගැනීමට සිදු වීමයි.

:       0       40

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 96 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 225 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 973 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site