පිලීපීනයේ නිල සංචාරයක් සදහා  පිටත්ව ගිය  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුව අද (16) පස්වරුවේ සිදු විය. 
 
එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් මන්දිරය වෙත ගිය ජනාධිපති   මෛත්‍රීපාල සිරිසේන මහතා  පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා  විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය. 
 
රාජ්‍ය නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි
 
හමුදා උත්තමාචාර පිළිගන්වමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වූ අතර කුඩා දරු දැරියන් ද ශ්‍රී ලංකා සහ පිලිපීන ජාතික ධජ ළෙලවමින් ඊට එක්ව සිටියහ.
 
 එමෙන්ම සංස්කෘතිකාංග රැසකින් ද මෙම අවස්ථාව වර්ණවත් විය.
 
ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල දි ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට ආරාධනා හිමි  වූ පළමු අවස්ථාව මෙයයි.

(36698)