IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාවේ තුන්වැනි කොරෝනා මරණය

කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී ඇතැයි නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට තිබේ. මෙම මරණය සිදුවී ඇත්තේ අඟහරුවාදා රාත්‍රී 11.30 ට පමණ බවද වාර්තා වේ.
 
72 හැවිරිදි මෙම තැනැත්තා  මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වාර්තා වේ.
 
ඒ අනුව මෙරට වාර්තා වන තුන්වන කොරෝනා මරණය මෙයයි.



අදහස් (23)

ශ්‍රී ලංකාවේ තුන්වැනි කොරෝනා මරණය

CHANDIMA Wednesday, 01 April 2020 07:05 PM

මගේ මේ අදහස සමහරවෙලාවට වැරදි ඇති, නමුත් එක රෝගියකු හමුවූ පමණින් ගම නගර වසා දැමීමෙන් පලක් ඇතිද? එසේ ගම නගර වසනවානම් ඒ ගමේ සියලු දෙනාම යලිත් නිරෝධායනය නොකළ ප්‍රදේශ හා මුසුවීම වැළක්විය යුතුයි. ඒ කියන්නේ ඒ ගමට සේවය කල සහ පැමිණි පොලිස් සහ වෛද්‍ය නිලධාරින්ද අතුලුවයි. එසේ නොමැතිව දින 14 පසුවූ පසුව ගම විවුර්තවුණු පසු ඔවුන් වෙනත් ගමකට ගොස් රෝගය වැළඳී පැමිණියොත් නැවතත් මුළු ගමම නිරෝධායනය කිරීමට සිදුවෙනවා. ඔවුන් නිරෝධායන කිරීමට සහ රැගෙන යාමට පැමිණි සියලු නිලධාරීන් සහ ඔවුන් ඇසුරු කළවුන්ද නිරෝධායනය නොකර මෙය වැළක්විය නොහැකියි. මේ රෝගය වැළඳුනු පිරිසෙන් මිය යන්නේ ඉතා සුළු පිරිසකි. ඒ ස්වසන අපහසුතාවනිසා විනා වයිරසය කෙලින්ම බලපෑමෙන් නොවෙයි. එයට දැනට ඇති පිළියම ස්වසන යන්ත්‍රයක සහය ලබාදීමයි. ඇමෙරිකාව කරන්නට යන්නේ සැමටම රෝගය වැළඳීමට නිදහසේ ඉඩ හැර කොම්පියුටර් මොඩලයන් මගින් අවශ්‍යවන ස්වසන යන්ත්‍ර ප්‍රමාණය ගණනයකර එයට සුදානම් වීමයි. එක බැගින් රෝගය වලන්දුනත් අවසානයේ ඇති එකම පිළියම ස්වසන යන්ත්‍රයයි.

:       1329       498

NishanThursday, 02 April 2020 12:30 AM

ඔබේ මුල් අදහසට එකඟයි. එහෙත් එක්කෙනාට එක බැගින් ස්වසන යන්ත්‍ර දෙන එක අපේ වගේ රටකට කොහෙත්ම ප්‍රයෝගික නැහැ. එම නිසා නිරෝධායනය කල යුතුයි. එහිදී ඉතා සියුම් විදියට එක කල යුතු බව ඔබ කියූ දේ සමග මාත් එකඟයි. නිරෝධායන වැඩපිළිවෙලේ අඩු පාඩු බොහොමයි. එක නිසයි රෝගය පැතිරෙන්නේ තවම. එය තවම ඉතා සියුම් විදියට ක්‍රියාත්මක වෙලා නැහැ.

:       404       341

සඳුන්Thursday, 02 April 2020 02:09 AM

මෙය ප්‍රජාවෛද්‍ය හා වසංගත රෝග වෛද්‍ය නිර්දේශ මත කරන ක්‍රියාවලියක්. හමුදාව හා පොලීසිය කරන්නේ මේ යාන්ත්‍රණය බලගැන්වීමයි.

:       0       7

Walter WhiteThursday, 02 April 2020 02:12 AM

ඇමෙරිකාව ඉතා ධනවත් රටක් වෙන්ටිලේටර් යන්ත්‍ර ඔවුන්ටත් හිඟයි කියනවා. ලක්ෂ 2.5 මිනිස්සු මිය යා හැකියි කියනවා, ඒ කොටි 30 ජනගහනයක. අපේ රටේ කෝටි 2 කටම අයි සී යු ඇඳන් 500 විතරක් තියාගෙන චන්දිම කියල තියෙන විදිහට ප්‍රතිකාර කරන්න ගියොත් මරණ ප්‍රමාණය මේ රෝගයේ දාලා මරණ අනුපාතය වන 1% වඩා ගොඩක් වැඩි වේවි, එක නිසා ගමන් සීමා කරලා රෝගය පරිසරයෙන් තුරන් වෙනකම් ප්‍රවේශම් වීම හොඳයි.

:       0       32

ChampaThursday, 02 April 2020 03:51 AM

ඔය ඇමරිකාව කරන්නේ හර්ඩ් ඉමියුනිටි කියන එක. වෛරසය එක පාර මිනිස්සු ලොකු ප්‍රමාණයකට වැළදෙන්න ඉඩ ඇරලා ඒකට විරුද්ධව මිනිස්සුන්ගේ ශරීරවල ප්‍රතිශක්තිය හැදෙන්න ඇරලා එමගින් රෝගය පාලනය කරන එක තමයි ඒ ගොල්ලෝ හිතුවේ COVID -19 වලට මුහුණ දෙන්න සුදුසුම විදිහ කියා. ඒකයි කිසි ගානක් නැතුව ඩොනල්ඩ් ට්‍රම්ප් කියන්නේ ඇමරිකානුවෝ ලක්ෂයක් දෙකක් විතර මැරෙයි, ඒකට ලැහැස්ති වෙන්න කියල. ඊට කලින් කිව්වා මරණ සංඛ්‍යාව මිලියන් 2කට අඩුවෙන් තියාගන්න පුළුවන් වෙන එකත් ලොකු දෙයක් කියල. බ්‍රිතාන්‍යයත් කලින් හර්ඩ් ඉමියුනිටි කරලා දැන් අතැරලා තියෙන්නේ ඒ මොකද කිව්වා නම් බලාපොරොත්තු විදිහට COVID-19 වෛරසය එක්ක සටන් කරන්න මිනිස්සුන්ගේ ඇඟේ ස්වභාවික ප්‍රතිශක්තිය හැදුනේ නැතුව හෝ ගාා මිනිස්සු මැරෙන්න ගත්ත හිා. පත්තරේ තිබුා බ්‍රිතාන්‍යය කොරෝනා හෝම් ටෙස්ටින් කිට් බිලියන් 3.5ක් ඇනවුම් කරලා තියෙනව කියල ආසියාතික රටකින්. ඒව නිවැරදිද කියල ලැබ් ටෙස්ට් එකක් කළාට පස්සේ පවුම් 6කට මිනිස්සුන්ට විකුනන්න යන්නේ ගෙදර ඉඳන්ම බ්ලඩ් ටෙස්ට් කරන්න. ඒකෙන් ඇත්තටම බලන්නේ කොරෝන හැදිච්ච අයගේ ඇඟේ ප්‍රතිදේහ තියෙනවද කියල. තියෙනව නම් සාමාන්‍ය විදිහට වැඩට යවනා.

:       0       0

JayarathnaThursday, 02 April 2020 04:08 AM

රෝගය වලක්වා ගැනීම පමණයි කළ යුතු එකම දේ වන්නෙ. වෙනත් විකල්පයක් නැත. ඇමරිකාවේ ප‍්‍රතිඵලය ඊයෙ 04/01 අපි හොඳටම දැක්ක. අලුත් රෝගීන් 26,473 ක් නව මරණ 1,049 ක්. මැෂින් වලින් වැඩක් වුණේ නැහැ.

:       0       121

RathnapalaThursday, 02 April 2020 04:50 AM

සීයට 3ක් (3%) සුළු ප්‍රතිශතයක් වුනාට විශාල ප්‍රමාණයකට බෝ වුනාම ඒක සුළු නෑ. රටේ හැමෝටම හැදුනොත් අවම ලක්ශ 4ක් මිය යන්න පුළුවන්. ඉතාලියෙ මරණ ප්‍රතිශතය 11%ක්. ඒ කියන්නෙ ප්‍රතිශතය රටෙන් රටට වෙනස් වෙනව. මේ ලොක් කරන එක හැමදාම කරන්නෙ නෑ. ලෙඩ්ඩු වාර්ථාවීම පාලනය කර ගත්තම තව දුරටත් ව්‍යාප්ත වෙන්නෙ නෑ. මිනිස්සු හරියට හිටියොත් අප්‍රේල් අන්තිම වෙනකොට අපිට ආපහු නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වෙනවා.

:       5       88

BamunuarachchiThursday, 02 April 2020 05:07 AM

ඔව් ඔව් ඔබේ අදහස වෛද්‍ය සබාව සලකා බලයි. ඔබ කියන පරිදී එක රෝගියෙක් හමු වූන පලියට ගමක් වසාදැමීම හොඳ නැහැ ගමින් බාගයක්ම මැරෙනතුරු සිට වසාදමීමයි කලයුත්තේ.

:       0       125

BamunuarachchiThursday, 02 April 2020 05:13 AM

"එයට දැනට ඇති පිළියම ස්වසන යන්ත්‍රයක සහය ලබාදීමයි. ඇමෙරිකාව කරන්නට යන්නේ සැමටම රෝගය වැළඳීමට නිදහසේ ඉඩ හැර කොම්පියුටර් මොඩලයන් මගින් අවශ්‍යවන ස්වසන යන්ත්‍ර ප්‍රමාණය ගණනයකර එයට සුදානම් වීමයි. එක බැගින් රෝගය වලන්දුනත් අවසානයේ ඇති එකම පිළියම ස්වසන යන්ත්‍රයයි." ස්වසන යන්ත්‍ර ඇමරිකාවටත් හිඟ නිසා අපේ කම්මලේ බාසා ස්වසන යන්ත්‍ර හදන්න පටන් ගත්තා. ඔබකියන විදිහට බෙදා හරින්නම්. මම ඉස්සරහ කඩෙන් ස්වසන යන්ත්‍ කීපයක් ගන්න බැලුවා මාළු ටැංකිවලට හයිකරන්න ගෙනිච්චාලු.

:       1       9

Anton Austria Wednesday, 01 April 2020 07:10 PM

මුස්ලිම් වේවා, සිංහල වේවා හැමෝම කොරෝනා හදුණනම් පුච්චන්න ආගමක් නෙමේ ප‍්‍රශ්නෙ තව මිනිස්සු මරන්න නැතුව ඉන්න එකයි...

:       678       2538

lalithm Wednesday, 01 April 2020 07:51 PM

මොන විකාරයක්ද මේ ආගම බදාගන්නෙ මේ වගේ වෙලාවක. මොන විරෝධය තිබ්බත් වසංගත රෝග සමබන්ධ ප්‍රමිතියට අනුව හැකි ඉක්මනින් පුළුස්සා දැමිය යුතු .බොහෝ දෙනෙක් නොසැලකිල්ල නිසා හැදිලා තියෙන්නේ.

:       0       37

විකුම් රංගන Wednesday, 01 April 2020 09:04 PM

ප්‍රශ්නයකට, රෝගයකට හෝ වසංගතයකට බයේ හැංගිලා පැනලා දුවන්නේ නැතිව එයට මුහුණ දෙන්න ශක්තිමත් වෙයල්ලා මිනිසුනේ. මේ වෛරසයට එරෙහෙව තම ප්‍රති ශක්තියෙන් සටන් කිරීමට නොහැකි දුර්වල සෞඛ්‍ය තත්වයකින් යුත් වයසක ජනතාව ආරක්ෂා කර ගනිමින්, පුළුවන් අයෙක් මේකට එරෙහිව ශක්තිමත් වෙයල්ලා. කරුමෙට එහෙම අය ලංකාවේ නැහැ. හැමෝම වෛරසය පැමිණෙන්න කලින් වෛරසයට බයේ පැනලා දුවන අය.

:       0       37

බද්රානි Wednesday, 01 April 2020 09:18 PM

හැලිය රත් වෙන තුරු නටන කකුළුවෝ දිහා තමයි අපිත් මේ බලාගෙන ඉන්නේ? නටනවා පමණක් නොවෙයි, ලෝකෙටම ඇහෙන්න හූ සද්දෙකුත් දාලා, මනරම් රංගනයක යෙදෙනවා. අති විශිෂ්ඨයි!

:       16       0

ආන්ජලෝ(රෝමය) Wednesday, 01 April 2020 09:47 PM

මෙයට එන්නතක් නිපදවනතෙක් අද නැහැ.... හෙට වැනි ජීවිතයක් තමයි ගෙවන්න වෙන්නේ. 60%ක් එදා වේල හම්බකර කාලා ජීවත්වෙන ජනතාවක් ඉන්න රටක මේ විදියට කවදා වෙනකන් පුලුවන්ද?. එකම විසදුම සිය ශරීරයේ ප්‍රතිශක්තීකරණයයි. මොකද? මෙය 80%ක් සාමාන්‍ය උණ, සෙම්ප‍්‍රතිශ්‍යාව සමග හොද වීමයී. න්මුත් වීශේෂ ලෙඩ සහ ජනතාවගෙන් 20%වැනි වැඩිහිටි අයට මෙය ගැලපෙන්නේ නැහැ. මේ අයගේ ආරක්ෂ්‍යාව යම්කිසි ක්‍රමවේදයකට කලමණාකරගතහොත් එ න්නතක් නිපදවනකන් ඇදිරිනීතිය නැතිව පුද්ගල දුරස්තභාවය සහ මුහුනු ආවරණ සමග යම්කිසි නිදහස් ජිවිතයක් ගතකිරිම පුලුවනි.

:       1       0

sumudu Wednesday, 01 April 2020 10:57 PM

පොහොට්ටුවට චන්ද තුනක් අඩු වුණා.

:       34       17

sunil gikiyanage Thursday, 02 April 2020 01:03 AM

ස්වසන යන්ත්‍රවලින්ම මේක කරන්න බැරි බව මේ මරනෙනුත් පේනවා. මේ රෝගියාට අවශ්‍යනම් ස්වසන යන්ත්‍ර දෙන්න ඇති නේ . අනෙක ස්වසන යන්ත්‍රවල උපකාරය මේ රෝගය සදහා අතුරු ප්‍රතිපල දෙන බව ප්‍රකාශ වෙනවා. පෙනහල්ලට හානි සිදුවීම නිසා වෙනත් නිව්මෝනියා තත්වයන්ට වඩා බරපතල බවයි කියවෙන්නේ.

:       0       4

Hafeel Thursday, 02 April 2020 01:46 AM

ජාතික ආගම් බේදයෙන් තොරව මේක සාර්ථකව තුරන් කරමු.

:       0       4

de silva Thursday, 02 April 2020 02:02 AM

කවුරු මොනවා කිවත් අඩුම තරමේ ඉදිරි මාසය තුල ලැබෙන පරිදි ස්වසන යන්තර 1000 වත් අලුතෙන් ඇනවුම් කර දැඩි සත්කාර එකක පුළුල් කර වර්ස්ට් කෙස් සදහා සුදානම් වියයුතු බව මගේ අදහසය , මෙලෙස දිගින් දිගට ඇදිරිනීතිය දමමින් මිනිසුන් දිගින් දිගටම ගෙවල් වල තබාගැනීමට ඉදිරියට රජයට අපහසු වේවි ,මේ වැඩේ ඕනේ නම් තව සතියක් දෙකක් කරන්න පුළුවන් ඊට පස්සේ ? රැකියාවලට නොගොස් මිනිස්සු ගෙදරටම වෙලා ඉන්න කොට විශාල මානසික , ආර්ථික , ශාරීරික පීඩා වලට ගොදුරු වෙනවා , සමහරු මෙම ප්‍රශ්න නිසා ඇතිවෙන මානසික පීඩනය දිවි නසාගැනීමට සහ ප්‍රචණ්ඩ කාරීව හැසිරෙන්න ඉඩ ඇත . එහෙම වුනොත් එම ප්‍රශ්න නිසා මිය යන , රෝහල් ගතවන පිරිස කොරෝන වලට වැඩිය වැඩි වෙන්න පුළුවන් , චිනේ යම් කිසි පළාතක් ලෝකඩවුන් කලත් මුළු රටම ලෝකඩවුන් කලේ නැහැ.

:       149       0

Anton AustriaThursday, 02 April 2020 11:04 AM

ඔයාට ඕනේ අපේ මිනිසුන්ව මරන්න ද ඔබ කතාකරන්නේ ඔබට මානසික රෝගයක් තියෙනවා වගේ .

:       0       0

Lion Thursday, 02 April 2020 02:29 AM

ආගම මොකක් වූනත් පුච්චන්න

:       80       65

Rohana Thursday, 02 April 2020 02:56 AM

රෝගියා අවංකවම කරැණු ප්‍රකාශකරනවා නම් ගැටලුවක් නැහැ. එසේ නොකිරීම නිසා ගම් පිටින් වහන්න වෙනවා.

:       0       38

jayath Thursday, 02 April 2020 03:30 AM

චමින්ද මහත්තයාගේ කතාවේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ . මේ ලෝකේ ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කරපු ක්‍රමයක් තියනවා මේකෙන් බේරෙන්න අපි අනුගමනය කරන්න ඕන ඒක. මතකද ඩෙංගු වලිනුත් මුලදී සියගණනින් මැරුණා.

:       0       12

Roy Thursday, 02 April 2020 04:04 AM

මැරුනනම් අද වෙනකම් නිල නිවුස් එකක් ආවේ නැත්තේ ඇයි. මට හිතෙන්නේ. ගෙදරක මැරිච්චි එකක් වෙන්න ඕනැ.

:       11       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 175 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 542 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 524 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 791 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 668 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 99 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site