(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ) 
 
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක ලියාපදිංචි කරන මෙන් දුන් අධිකරණ නියෝගයක් ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාසයක් සිදු කර ඇතැයි චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සම සලකා බැලීම ලබන මස 21 වැනි දා තෙක් කල් තැබීමට අභියාචනාධිකරණය අද (23) තීන්දු කළේය.
 
තමන් වෛද්‍යවරියක ලෙස ලියාපදිංචි කරන්නැයි  ශ්‍රී  ලංකා වෛද්‍ය සභාවට අධිකරණයෙන් තීන්දුවක් දී තිබියදී එය ක‍්‍රියාත්මක නොකිරීමෙන් එම සභාව අධිකරණයට අපහාස කර ඇතැයි කියමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන මල්ෂානි  සූරියආරච්චි  විසින් ඉදිරිපත් කරන ලද පෙත්සමක් අද  අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම සලකා බැලීම මෙදිනට කල් තැබිණි.
 
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා හමුවේ කැඳවිණි.