බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
නිවාඩුක් ගත කිරිම සඳහා එංගලන්තයේ සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකික වෛද්‍ය යුවළට අයත්  ගල්කිස්ස වෙඩිකන්ද නිවසට ඇතුළු වී වෛද්‍ය යුවළ ඇතුළු එහි සිටි පිරිසට මරණීය තර්ජනය කර බියගන්වා රුපියල් ලක්ෂ දහයකට ආසන්න දේපල කොල්ල කෑ සංවිධානාත්මක කල්ලියක පස් දෙනකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස නොවිසිදුණූ අපරාධ විමර්ශන අංශය කියයි.


එම පුද්ගලයන් එලෙස කොල්ලකන ලද ජංගම දුරකථන 4 ක් , රූපවාහිනී යන්ත්‍ර දෙකක් , රන්මාලයක් , දේශීය හා විදේශීය මුදල් මෙන්ම කොල්ලයට යොදා ගත් ආයුධ දෙකක්, යකඩ පොල්ලක් හා ප්ලාස්ටික් සෙල්ලම් පිස්තෝලයක් පොලිසිය බාරයට ගෙන තිබේ.


කොල්ලය සිදුවන අවස්ථාවේ දී වෛද්‍ය යුවළට අමතරව නිවසේ සේවක සේවිකාවන් තිදෙනකු හා රෝගී පුද්ගලයකු ද සිට ඇතැයි පොලිසිය කියයි.