IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෛද්‍යවරයාට ඕනෑනම් පැලෝපීය නාලය අවහිර කළ හැකියි

(රංජන් කස්තුරි)

ගර්භනී මතාවකට සිසේරියන් සැත්කමක් සිදුකිරීමේදී වෛද්‍යවරයෙකුට අවශ්‍ය නම් ඇයගේ පැලෝපීය නාලයට හානි කිරීමේ හැකියාවක් පවතින අතර එලෙස පැලෝපිය නාලය අවහිරවීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතර වන්නේ යැයි කොළඹ ජාතික රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා පැවැසීය.

සිසේරියන් සැත්කම අතරතුර පැලෝපීය නාලයේ අග කොටස වසා දැමීම නාලයේ මැද කොටස ශල්‍ය උපකරණයක් මගින් තදකර අවහිර කිරීම හා නාලයේ ඉහළ කොටසට හානී කිරීම වැනි ක්‍රියාවක් සිදුකළ හැකි බවද මහාචාර්ය දොඩම්පහළ මහතා කීය.

එලෙස කුමන ක්‍රමයකින් හෝ පැලෝපීය නාලයට හානියක් වීමෙන් පසුව එහි ක්‍රියාකාරීත්වය නතරවන අතර එහි ප්‍රතිඵලය වනුයේ දරුවන් ලැබීමේ හැකියාව නැති වීම යැයි ද හෙතෙම සඳහන් කළේය.

ඇතැම් මව්වරුන්ට සිදුකරන එල්.ආර්.ටී සැත්කම් යනුවෙන් හඳුන්වන්නේද පැලෝපීය නාලයේ කොටසක් කපා ඉවත් කිරීම වන අතර එමගින් දරුවන් බිහිවීමේ හැකියාව නතර වන බවද මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා කීය.

 

 



අදහස් (32)

වෛද්‍යවරයාට ඕනෑනම් පැලෝපීය නාලය අවහිර කළ හැකියි

nali Monday, 27 May 2019 06:18 PM

මහාචාර්යතුමනි, ඔය නාරිවේද වෛද්‍ය ක්‍රම ගැන මේ සමහර දේශපාලකයන් කතා කරනවා. ඔය දොස්තරට ඔය වන්ධ්‍යාකරණය ඔය විදියට කරන්න බැහැලු. කරුණාකර ඔබතුමාට පුළුවන්ද ඔය අඳ බාලයින්ට නාරිවේද වෛද්‍ය ක්‍රම ගැන පොඩි දේශනයක් කරන්න?

:       0       0

Sarasi Monday, 27 May 2019 08:30 PM

මෙහෙම කරනකොට ශල්‍යාගාරයේ ළඟ සිටින අනෙකුත් කාර්ය මණ්ඩලයට තේරෙන්නේ නැද්ද ? දැන් බලන් යනකොට අපේ මී ආච්චිගේ කාලයේ වගේ ගෙදරට වින්නඹු අම්මලා ගෙන්නලා මේ කටයුතු කරගන්න කියලාද කියන්නේ. පැලෝපීය නාලය නෙවෙයි ලංකාවේ කාන්තාවන්ගේ මද සරු භාවය මෑත කාලයේ ඉතාම ඉහලයි. තමන්ගේම දරුවෙකු හදා ගන්න ප්‍රතිකාර ගන්න නම් ගෙවල් දොරවල් විකුනන්න වෙනවා. දරුවෙකු නොලැබෙන්න පැලෝපීය නාලය අවහිර කරන්නම අවශ්‍ය නැහැ. සිංහල කාන්තාවන් උසස් අධ්‍යාපනය , රැකියා උසස් වීම් වගේ දේවල් නිසා වයස්ගත වෙනකම් දරුවන් හැදීම පමා කරනවා. ඊළඟට ආතතියෙන් දරුවකු ස්වාභවික ලෙස හදා ගන්න අමාරුයි. දැන්වත් මේ කාරනා ගැන අපේ තරුණියන් දැනුවත් කල යුතුයි. මට දරුවන් තුන් දෙනෙකු සිටිනවා කියා සමහරු සිනා වුනා. දැන් පේනවා නේද සිදුවෙන දේවල් ?

:       0       0

Neeta Pereira Monday, 27 May 2019 09:26 PM

ඔබතුමා මෙය පහදා දීම ගැන බොහොම පින්... මෙහෙම කරන්න බැහැ කියලා මතයක් සමාජගත කරන්න දත් දොස්තර ඇතුළු කිහිප දෙනෙක් විශාල ප්‍රයත්නයක් දරනවා.

:       0       0

චමින්ද Tuesday, 28 May 2019 12:30 AM

සමහර මව්වරුන් ස්වභාවික ක්‍රමයට දරුවන් ලැබීමට ඇති අකමැත්ත මෙවැනි ක්‍රියාවන්ට හේතුවිය හැකි බව සිතේ. මව්වරුන් සිසේරියන් සැත්කම්වලට යොමුවීමේ අවධානම පේනවානේද.

:       5       63

Indrajith Tuesday, 28 May 2019 12:56 AM

මේ සිද්දිය සියලුම වෛද්‍යවරුන්ගේ ක්‍රියාවන් පරික්ෂා කිරීමට හොඳ අවස්ථාවක් සැත්කමින් පසු දරුවන් නොලැබූ සෑම මවක්ම අදාල වෛද්‍යවරයාට විරුද්දව පැමිණිලි කිරීමෙන් මව්වරුන්ගේ ආරක්ෂාව තහවරු කරගත හැකි

:       0       85

surath Tuesday, 28 May 2019 12:59 AM

ඔය කාරණය දත් දොස්තරට උගන්වන්නේ කොහොමද ?

:       11       557

janahitha Tuesday, 28 May 2019 01:25 AM

සෞඛ්‍ය ඇමති තුමාට අනුවනම් ඔය කියන වෛද්‍යවරයා එවැන්නක් කර නැත. පත්තර කාරයෝ බොරු කියති.

:       11       271

අනුර Tuesday, 28 May 2019 01:26 AM

ඔබ තුමාගේ ප්‍රකාශය ත්‍යයක් විය යුතුයි. නමුත් එය අවශ්‍යතාවය මත සිදුවිය යුතු බව මාගේ හැඟීමයි. මෙය හිතාමතාම එම මව්වරුන් වඳභාවයට පත් කරන්නේ නම් වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලට ගැලපෙන්නේ ද?

:       0       133

BamunuarachchiWednesday, 29 May 2019 04:12 AM

"වෛද්‍ය විද්‍යාවේ ආචාරධර්මවලට ගැලපෙන්නේද?" මොනවද මේ කතා හලෝ? එයා කරන්නේ එයාගේ ආගමිකවාදය පෙන්නා දීපු ආචාරධර්ම වලට අනුව. එයාට වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වලින් වැඩක් නැත. වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම වගේද ස්වර්ගෙට ගියාම ලැබෙන 72...

:       1       28

Dilan Tuesday, 28 May 2019 01:32 AM

ඒත් අනුර කුමාර මහතාට අනුව නම් එහෙම කරන්න බැරිලු.

:       92       550

Missaka Tuesday, 28 May 2019 02:48 AM

මොන ආගමක, ජාතියක මනුස්සයෙක් හෝ මෙවැනි අපරාධයක් කර ඇත්නම් ඔහු/ඇය වෛද්‍ය සේවයට නිගරු කරන්නෙක්ම වෙයි. තවදුරටත් මැති ඇමති වරුන් මොවුනට සුදු හුණු ගෑම රටේ අභග්‍යක්ම වෙයි.

:       1       276

Cisco Tuesday, 28 May 2019 03:22 AM

මේ පිලිබඳ විශේෂඥයෝ මෙහෙම කියද්දී ආණ්ඩුවට කඩේ යන කට්ටිය කියනවා මේහෙම දේවල් සිදු වුනේ නැහැ සිදුවෙන්න බැහැ කියලා. මේ පිලිබඳ පරීක්ෂාවක් ස්වාදීන විශේෂඥයෝ විසින් කල යුතුව තිබෙනවා. එහෙම නැතිව තේරීම් කාරක සබාවලට සහ ඇමති පත් කරන කමිටු ගැන නම් අපේ විශ්වාසයක් නැහැ.

:       55       357

ajith Tuesday, 28 May 2019 04:05 AM

අනුර කුමාර දිසානායක මොනව කියාවිද දන්නේ නැහැ

:       28       591

amaliwijesinghe Tuesday, 28 May 2019 04:30 AM

ආණ්ඩු පක්ෂය සුදු හුණු ගැවට දැන් ඇත්ත එලි වෙමින් පවතිනවා ඇත්තටම මේ මොන අපරාදයක්ද? සහජීවනෙට ජය වේවා

:       169       232

shan Tuesday, 28 May 2019 04:43 AM

මේ පිලිබදව තතු දන්නා මහත්මයන් කරුණ කර මෙය අදිකරණයට පැහැදිලි කර මේ මහා අපරාදය කල පුත්ගලයට දැඩි නීතිමය පියවර ගැනීමට සහය දෙන්න දේසපාලන වාසි තකා රජය හෝ විපක්ෂයයි කියාගන්න සියලු දෙනාම ඇත්ත ඇති හැටියට එලි දක්වා නීතිය ක්‍රියාවේ නොයෝදයි ප්‍රසව හා නාරිවේද විශේෂ්‍ය වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහළ මහතා වැනි උගත් මහතුන්ගේ අදාරය උපකාරය සිංහල ජනතාවට අවැසි අවස්ථාව මෙය බව සලකන්න.

:       1       210

sirimal Tuesday, 28 May 2019 04:57 AM

මේකට කිසිම ප්‍රතිචාරයක් නැනේ.

:       1       43

amara Tuesday, 28 May 2019 05:09 AM

අනුර දිසානායකට මේවා තේරෙන්නේ නැහැ නෙමේ කියන එක ලක්ෂ පහක විමුක්තිකාමී ජනතාවට අවබෝධ වේවා

:       7       154

සේන Tuesday, 28 May 2019 05:17 AM

මනුෂ්‍යත්වයට නොගැළපෙන මේ ක්‍රියාවට ලක් වූ සියලුම මවුවරුන් වහාම පරීක්ෂණයකට ලක් කර ,කර ඇති තිරිසන් ක්‍රියාව තහවුරු කර නිවැරදි කළ හැකිනම් කල් නොයවා එය කිරීම ගෞරවණීය අපගේ වෛද්‍යවරුන්ගේ ජාතික වගකීමකි.

:       263       235

Soma dubayi Tuesday, 28 May 2019 05:18 AM

ඇමතිතුමා පවා කිව්වා දොස්තර නිවැරදි බව

:       124       81

Nuwan Tuesday, 28 May 2019 05:48 AM

හරි එහෙම කරනවා කියමුකෝ නමුත් එහෙම කලා කියලා ඔය අම්මලා එක්කෙනෙක්ටවත් කියලා තියෙනවද ? ඒ වගේම අන්තවාදී අදහසින් මේ දොස්තර හැමෝටම ඕක කලා වෙන්නත් පුළුවන්. නමුත් බුද්දිමත් ඒ වගේම රටේ ලෝකේ වෙන්නේ මොනවද කියල දන්නා ජනතාව දන්නවා.

:       11       25

ranjith Tuesday, 28 May 2019 06:30 AM

උගත් මේ වෛද්‍යවරයා කියන ක‍රනවා පැහැදිලි උනාට කිසිවක් නොදන්නා දේශපාලන නුගත්තු කියන කතා ඕනේ වෙලා තියෙන්නේ මොනවා උනත් ඡන්ද ටික විතරයි.

:       0       89

වෛද්‍ය සුමනසීල ද සිල්වා Tuesday, 28 May 2019 06:39 AM

මම ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙකු වන අතර වසර තිස් අටක එංගලන්තයේ සේවය කරමි. මහාචාර්ය හේමන්ත දොඩම්පහල ගේ අදහසට සහමුලින්ම එකඟ වෙමි. මේ බව මම දින දෙකකට පෙර මුහුණු පොතේ සටහනක් තැබීමි.

:       27       462

ගොන් වස්සාTuesday, 28 May 2019 09:06 AM

ප්‍රශ්නේ තියන්නේ තවත් දොස්තරවරු, හෙදියෝ වටේ ඉදිද්දී ඒ අයට නොපෙනී මේක කරන්ඩ පුලුවන්ද කියලා. එකක් දෙකක් නෙවෙයිනෙ ! 8000 ක් ?

:       153       160

BamunuarachchiWednesday, 29 May 2019 04:07 AM

ප්‍රසව හා නාරිවේද විශේෂඥයෙකුගේ කියමනක් ඔබ වැන්නෙකුට නොතේරීම පුදුමයක් නොවෙයි. මොකද ඔබේ නම නිසා...

:       1       24

Dr sumanaseela de Silva Tuesday, 28 May 2019 06:43 AM

මහාචාර්ය තුමාගේ අදහස සහමුලින්ම පිලිගනිමි

:       74       139

බද්රානි Tuesday, 28 May 2019 07:43 AM

මේ ගැන රජයේ වෛද්‍ය සංගම් කට හොල්ලන්නේවත් නැහැනේ? මොකද, දත කට පුට්ටු වෙලා වත්ද?

:       20       103

Nihal Tuesday, 28 May 2019 07:49 AM

මේ සුදානම් වීම තමයි ඥානසාර හිමි සහ අමිත් වීරසිංහලා අවරුදු ගානක් දැනුවත් කෙරුවේ ඇහුවේ නැ. දැන් ප්‍රමාදයි

:       357       431

Soma dubayi Tuesday, 28 May 2019 08:25 AM

කවුරු කිව්වත් අපි මේක පිළිගන්නේ නැහැ. වෛද්‍ය විද්‍යාත්මකව එහෙම වැඩ කරන්න බැහැ.

:       0       0

sampath Tuesday, 28 May 2019 08:26 AM

දරුවෙකු ලැබීමට විවාහක යුවලකගේ අපේක්ෂාවක් වන අතර ඇතැම්විට දරුවන් කිහිප දෙනෙකු ලැබීමටත්.., වැඩිමහළු දරුවන් පිරිමි දරුවන් නම් ගැහැණු දරුවකු ලැබීමටත්, වැඩිමහළු දරුවන් දියණියන් නම් පිරිමි දරුවකු ලැබීමත්, විවාහක යුවලකගේත් දෙපාර්ශවයේම නෑදෑයින්ගේත් සමස්තයක් වශයෙන් පොදු සමාජයේත් අරමුණකි. මන්ද යත් රජයේ තැනුම් ඒකකය පවුල වන හෙයිනි. ඒ අනුව පවුල් එ්කක සාමූහිකව විනාශ කිරීමට යමෙක් දැරූ උත්සහයක් රාජද්‍රෝහී ක්‍රියාවක් ලෙස සැලකීමටද, හැකියාවක් ඇති බව මගේ තර්කයයි. එසේම වෙනත් ජනවර්ගයක සාමාජිකයෙක් තවත් ජනවර්ගයක සාමාජිකයින්ට එරෙහිව ක්‍රියාකිරීමද නීති විරෝධී ක්‍රියාවකි. මේ සියල්ලටමත් පෙර වෘත්තීය ආචාර ධර්ම සම්බන්ධව විද්‍යා සභාව මේ ගැන පරීක්ෂණයක් කිරීම කළ යුතුය.

:       0       0

Bamunuarachchi Wednesday, 29 May 2019 04:03 AM

"ඔය කාරණය දත් දොස්තරට උගන්වන්නේ කොහොමද ?"

:       0       17

Channa Thursday, 30 May 2019 02:57 AM

සෑම මවකටම තම දෙවන දරැවා ලැබීමත් සමග අනිවාර්යය ඒල් ආර් ටී ඒකක් කරන ඒක සාමාන්‍යයෙන් සියලුම වෛද්‍යවරුන් විසින් කරමින් සිටී. ඒහෙනම් දැන් ‌මේ සියලුම නාරි ‌ෙවෙද්‍යවරුන් ‌මේ උගුලට අහුවෙයිද?

:       0       0

Bandara - KandyThursday, 30 May 2019 12:26 PM

මා දන්නා තරමින් තෙවන දරු ප්‍රසුතියේදී, එයත් මවගේ, පියාගේ අවසරය පිට මෙතන දැනට ඉදිරිපත් වුණු අම්මලා සියල්ලන්ටම වගේ එක දරුවයි. කවරකු මොහුව සුද්ද කරන්න හැදුවත් අල්ලාහ් දෙවියන් සමාවක් දේවිද මොහුට..?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 197 0

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 484 1

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


දෙවුන්දරින් ඇල්ලූ මත්ද්‍රව්‍ය රස පරීක්ෂකට යවන්නැයි නියෝග
2024 අප්‍රේල් මස 19 216 0

දෙවුන්දර මුහුදු තීරයේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 380 කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය තොගය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරී


ප්‍රදේශ කිහිපයකට පැය 12ක ජල කප්පාදුවක්
2024 අප්‍රේල් මස 19 148 0

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ලබන 24 වැනිදා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.


සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 228 3

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 2272 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 210 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1514 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site