IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වෛද්‍යපීඨ ආචාර්යවරු කොතලාවල ඉගැන්වීම් නතර කරති

                                                                            
 
රංජන් කස්තුරි            

                                            
වෛද්‍ය පීඨයකට ඇතුළත් වීම සඳහා වන අවම සුදුසුකම් නොමැති සයිටම් සිසුන් කොතලාවල වෛද්‍ය පීඨයට ඇතුළත් කර නොගන්නා ලෙස බලකරමින් වෛද්‍ය පීඨ ආචාර්යවරු කොතලාවල වෛද්‍ය පීඨයේ ඉගැන්වීම් කටයුතු වලින් ඉවත්වීමට තීරණය කර සිටිති.


වෛද්‍ය විද්‍යාව හැදැරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් නිර්දේශ කරන ලද සී සාමාර්ථ දෙකක් හා එස් සාමාර්ථය යන අවම සුදුසුකම පිළිගත යුතු අතර එවැනි සුදුසුකම් නොමැති සිසුන් ඇතුළත් කර නොගත යුතු බවද වෛද්‍ය මනුජ් සී.වීරසිංහ මහතා පැවසීය.



අදහස් (47)

වෛද්‍යපීඨ ආචාර්යවරු කොතලාවල ඉගැන්වීම් නතර කරති

sam Friday, 15 June 2018 03:33 PM

බොහොම හොඳ තීරණයක්. මේ දේශපාලකයෝ හිතන්නේ ඒ අය හොරට ඡන්දෙ දිනනවා වගේ... මේ නූගත් ළමයින්ට වෙදකම් කරන්ඩ පුළුවන් කියලයි. ලංකාවේ ඉන්න හැම දේශපාලකයකුම රට කන්න ආපු කාලකන්නි ...

:       1402       6318

LalSaturday, 16 June 2018 06:38 AM

මොකක්ද මේ "නූගත් ළමයි" කියන වචනේ තේරුම? එහෙම ළමයින්ට අවමන් කරන්න එපා. වෛද්‍ය විද්‍යාලයට යන අය විතරද උගත්?

:       484       601

sanath Friday, 15 June 2018 03:49 PM

මේ බරපතල තීරණය ක්‍රියාත්මක කිරීමට පෙර මොවුන් විසින් පරීක්ෂාවට ලක්කළ යුතු දෙයක් නම් සයිට්ම් ආරම්භ කල වර්ෂය වන 2008 සිට මේ දක්වා රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත් කළ සිසුන්ගේ අවම ප්‍රතිඵලය කුමක්ද යන්නයි. එම අවම ප්‍රතිඵලය එස් තුනක් නම් එම ප්‍රතිඵලය ඇති සයිට්ම් සිසුන්ට කොතලාවල පීඨයට ඇතුල්වීමට බාධාවක් නොමැත.

:       1955       2093

MaheeFriday, 15 June 2018 10:11 PM

ඔබ කියන්නේ සම්පුර්ණ ඇත්ත. මේ ආචාර්යවරු වෛද්‍ය සංගම් මාෆියාවේම කොටස්කාරයෝ නිසා මේ වර්ජන තර්ජන දානවා මිසක් කිසියම් තාර්කික පදනමක් හොයා බලන්නේ නැහැ. සී දෙකයි එස් එකයි ඉදිරියට බලපාන පරිදි තීරණය කරන්න ඕනෑ නම් ඒකේ වරදක් නැහැ. නමුත් ඔබ කියනවා වගේ, මෙතෙක් ප්‍රතිඵල සංසන්දනය කලොත් සංගමේට අමිහිරි යතාර්ථයක් දකින්න ලැබෙන නිසා මොවුන් එහෙම කරන්නේ නැහැ.

:       218       371

samFriday, 15 June 2018 10:45 PM

සනත්, රජයේ වෛද්‍ය පීඨ වල අවමය ඒ ඒ දිස්ත්‍රික්ක මත රඳා පවතිනවා. මොනරාගලින් එස් තුනක් ගත් කෙනෙක් රජයේ වෛද්‍ය පීඨයට තේරුණා කියලා කොළඹින් එස් තුනක් ගත් කෙනෙකු සයිටම් යැවීමට යෝජනා කිරීම විහිළුවක්...

:       197       182

channaSaturday, 16 June 2018 03:24 AM

ලංකාවේ රජයේ වෛද්‍ය විද්‍යාලවලට C2 S1ට යන්න බැහැ. A3ක්ම තියෙන්න ඕනෑ. ඒ තරමටම සුදුසු ළමයි ඉන්නවා. මේ සයිටම් එකට රිංගගෙන ඉන්නේ අවම සුදුසුකම වන C2 S1 ක් තියා ඊටත් පල්ලෙහා ඉන්න සල්ලි කාරයින්ගේ දේශපාලකයින්ගේ ළමයි.

:       521       796

LalSaturday, 16 June 2018 06:42 AM

ඡන්න, ධනයට තියෙන ප්‍රශ්නේ ඒ3 ද සී2 එස්1 ද නොවේ. ඉඩ සහ පහසුකම් පිළිබඳ ප්‍රශ්නයක්. 70/80 ගණන්වල එස් තුනටත් මෙඩිකල් කොලේජ් ගියානේ...

:       250       193

රූපසිංහ Saturday, 16 June 2018 11:42 AM

ප්‍රශ්නය තියෙන්නේ A තුනද S තුනද යන්න මත නොවේ. සල්ලි තිබෙන දෙමාපියන්ගේ මැට්ටෝ වෛද්‍ය විද්‍යාලයට ගොස් ලෙඩ්ඩු නීත්‍යානුකූලව මැරීමට සහතිකයක් ගැනීම සහ A තුන ගත් දක්ෂ දුප්පත් සිසුන්ට ඉගෙන ගැනීමට අවස්ථාවක් නොමැති කමයි. ඒ කාලයේ කිව්වේ 1960 ගණන්වල S තුනෙනුත් වෛද්‍ය විද්‍යාලයට සිසුන් ඇතුලත් වුණා තමයි. ඒ ඒ කාලයේ අධ්‍යාපන මට්ටම අනුවනේ...

:       134       264

KamalSaturday, 16 June 2018 03:28 AM

සනත් දන්නා දෙයක් කියන්න. රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුලත් වීමට එස් තුනක් තියා, සී තුනටවත් නොහැකියි.

:       70       405

SanathSaturday, 16 June 2018 09:43 AM

කමල්, මා සඳහන් කලේ 2008 සිට රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළත් කල සිසුන්ගෙන් අවම ප්‍රතිඵලය ගත් සිසුවාගේ හෝ සිසුවියගේ ප්‍රතිඵලයයි. එය එස් තුනක් හෝ ඊට වැඩි වෙන්නම අවශ්‍ය තමයි.

:       50       68

සතයපාලSaturday, 16 June 2018 03:44 AM

මේක මහා මෝඩ තර්කයක්නේ... වෛද්‍ය විද්‍යාලයට තියා විශ්ව විද්‍යාලයටවත් ජීව විද්‍යා අංශයෙන් එස් තුනක් තියාගෙන ඇතුල් වෙන්න බැහැ. කොතළාවල වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ගේ තීරණය නිවැරදියි. නියමිත සුදුසුකම් සපුරා නැත්නම් වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ඉඩ දියයුතු නැහැ. ඒක රෝගින්ට පමණක් නොවේ ඒ සිසුන්ටත් කරණ සාධාරණයක්. ඔවුන් වසර පහක පමණ කාලයක් අධ්‍යාපනය සඳහා ගත කරලා වෛද්‍ය උපාධිය නැතිව සරසවියෙන් පිටවෙන්න සිදු වුනොත් ඒක ඔවුන්ට වෙන අසාධාරණයකි.

:       68       480

SanathSunday, 17 June 2018 02:40 AM

ඔබට අ.පො.ස උ/පෙළ විද්‍යාවෙන් එස් සාමාර්ථ පමණක් ගත් අයගේ හැකියාව බලාගැනීමට අවශ්‍යනම් දැනට සේවයේ යෙදෙන විශේෂඥ වෛද්‍ය වරුන්ගේ උ/පෙළ ප්‍රතිඵල සොයා බලන්න. මා දන්නා පරිදි මොවුන්ගෙන් 10% කට ඇත්තේ එස් සාමාර්ථ පමණයි.

:       170       0

ලක්සිරි Saturday, 16 June 2018 06:25 PM

මෙතන පහල අදහස් පලකොට ඇති, රූපසිංහ කියන කෙනා කුඹල් පරම්පරාවකින් පැවැත එන කෙනෙක් වගෙයි පේන්නේ? ඔබේ "මැටි" වචනය ඔබ තුලම ඇති රසායනික සංයුතියේ පිළිඹිබුවක්. අර කතාවක් තියනවනේ "ආරේ ගති නෑරේ" කියලා. ඔබට හා ඔබගේ දරුවන්ට ඔයමැටි කතාව අදාල වෙන්න පුළුවන් එත් මේ රටේ දරුවන්ට ඒක ගලපවන්න හදන්න එපා. ලැජ්ජයි!!!

:       0       0

mohan fernando Friday, 15 June 2018 05:15 PM

කොහොම උනත් අර ලමයින්ගේ අනාගතේ තමයි අදුරු වෙන්නේ

:       0       0

Shan Friday, 15 June 2018 07:27 PM

මේ ඔක්කොම විහිළු කාරයෝ...

:       3       5

senaka Friday, 15 June 2018 07:44 PM

මේ ආචාර්යවරුනට කුද ගසා ගන්නට කියා, ඉන්දියාවෙන් ආචාර්යවරුන් ගෙන්වා, මේ පාඨමාලාව දිගටම ගෙන යා යුතුයි.

:       329       411

ගයාන් Friday, 15 June 2018 07:47 PM

සනතෝ, ඇස් තුනෙන් මෙඩිකල් කොලේජ් යන්න බෑ.

:       11       33

Kamal Friday, 15 June 2018 11:32 PM

කිලිනොච්චිය වැනි දිස්ත්‍රික්කවලින් රජයේ වෛද්‍ය පීඨ වලට ඇතුළත් වූ එස් තුන සිසුන්ට කිසිඳු ගැටළුවක් නැතිව මොවුන් ඉගැන්වූවානේද?

:       408       81

ලුම්බිණි Saturday, 16 June 2018 12:47 AM

මේ දොස්තරලගේ කුහකකම රටටම පෙන්වන තීරණයක්...

:       256       362

ranjith Saturday, 16 June 2018 02:45 AM

මේ රටේ තීන්දු ගන්න අයට ඔලුවක් නැති නිසා මේ සේරම අවම සුදුසුකම ගැන හිතන්නවත් මොලේ කළදක් නැහැ නේද? දොස්තරලා කරන්න පුළුවන්ද මේ අඩු සුදුසුකම් තියෙන අයට...

:       3       453

wasantha Saturday, 16 June 2018 04:10 AM

චන්න සහ කමල් දන්න දෙයක් කියවන්න. යූජීසි අත්පොත බලන්න.. රජයකට උසස්පෙල විභාගය සමත් සියලු දෙනාටම වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පහසුකම් දීමට නොහැකි නිසා මිසක අවම සුදුසුකම එස් තුනක් ලබා ගැනීම සෑහේ...

:       339       37

nihal Saturday, 16 June 2018 04:17 AM

සෑම් ඔබ බොහොම හරි... ලෝකෙට ණයවෙවී.. ඒවා හොරාකමින් රට බංකොලොත් බවට පත්කරමින් ඉන්න කාලකන්නි පිරිසක්... මේ අයට යම් දිනක ශාප වෙන්න ඕනේ...

:       14       75

dhamneth Saturday, 16 June 2018 05:06 AM

පසුගියදා වෛදවරයෙක්ම නේද අධි තාක්ෂණික උපකරණ යොදවා හොරට තම දරුවට උසස් පෙළ ලියන්න සලස්වා අත්අඩංගුවට පත්වුණේ? එහෙම ලියන්න ඉඩ සලසන්නේ එස් 3ක් වත් ගන්න දක්ෂතාවයක් නැති නිසා නේද? මෙහෙම හොරට ලියා රජයේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුල් වන අයට සයිටම් සිසුන්ට තරම්වත් දැනුමක් නැහැ නේද? මේ සේරම තමන්ගේ කුහකකම්...

:       707       102

ජනිත්Saturday, 16 June 2018 08:12 AM

යන්නේ කොහෙද? මල්ලේ පොල් කියලා ඔය කියපු දේ සරලව කියන්න පුළුවන්...

:       0       104

Vinhanga Wimal Saturday, 16 June 2018 05:24 AM

වෛද්‍ය පීටයේ පමණක් නොව කොතලාවල නීති පිඨයේද බහුතරය සුදුසුකම් නොමැති සිසුන්... නිලධාරීන්ගේ O/L වත් නොමැති දරුවන් තමයි සිටින්නේ...

:       163       604

Vidya Saturday, 16 June 2018 05:38 AM

කොතලාවල වැනි වැදගත් අවංක උතුමන්ලාට නුඹලා ඔක්කොම එකතුවෙලා නිග්‍රහ කරනවා.. එතුමා ඔය ඉඩම දුන්නේ පිනට.

:       11       100

siva Saturday, 16 June 2018 05:48 AM

අපේ කට්ටිය එස්.එස්.සී. විතරක් පාස්වෙලා පිට රටවලට ගොස් දොස්තරලා වෙලා එන්නේ මේ විදිහට පාස්වුණු කට්ටිය...

:       201       232

bul Saturday, 16 June 2018 06:03 AM

සම්මාන දෙකයි සමර්ථ... ඒක විද්‍යා උපාධීයකට මදි.. නර්ස්ලට ඊට වඩා සුදුසුකම් තියෙනවා... උසස් පෙළ කරපු ශිෂ්‍යයෝ ඉන්නවා. ඊට වඩා සුදුසුකම් තියාගෙන සාමාන්‍ය රස්සා කරන... මේක අසාධාරණයි..

:       403       816

AkilaSaturday, 16 June 2018 07:21 AM

අසාධාරණයක් වෙන්නේ කොහොමද? ඒ සිසුන් තමන්ගේ උසස් අධ්‍යාපනයට සල්ලි ගෙවනවා නම්? කට්ටියක් ආණ්ඩුවෙන් ශිෂ්‍යත්වයක් අරන් ආණ්ඩුවේ වියදමෙන් නොමිලේ ඉගෙනගන්නවා. සල්ලි තියන අය තමන්ගේ අධ්‍යාපනයට වියදම් කරලා ඉගෙන ගන්නවා.

:       656       205

ඉරාන්Sunday, 17 June 2018 07:08 AM

සල්ලි දීල ඉගෙන ගත්තට අපට මොකද..ඒ ඉගෙන ගන්නෙ තමන්ට තමංගෙ ඥාතීන්ට විතරක් ප්‍රතිකාර කරන්න නෙවෙයිනෙ.. ප්‍රතිකාර කරනකොට "මං සයිටම් උපාධිය ගත්තෙ" කියල කියන්නෙ නෑනෙ.සල්ලිකාර මෝඩයො හොරපාරෙන් දොස්තරල වෙන්ඩ දඟලන්නෙ අපිට ආදරේට නෙවෙයිනෙ.

:       0       0

Sampath Saturday, 16 June 2018 06:31 AM

එකක් කඩතොළු වසාගන්න ගොසින් මට වුණු කාරිය.. දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවෙ ආචාරියා..

:       1       118

බද්රානි Saturday, 16 June 2018 07:43 AM

එස්. සාමාර්ථ තුන නම් කිසිසේත් ප්‍රමාණවත් කියලා මම කියන්නේ නැහැ. නමුත් C දෙකක් සහිත සිසුන් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුයි. අපේ රටේ සමහරක්ට පිටරටින් එන ඕනෑම කුණු ගොඩක් හොඳයිනේ. ඒ නිසා සිසුන්ව පිටරටකට විකුණන තැරව්කරුවන්ට ගාණක් කඩා ගන්නත් එක්ක අපේ ළමයින්ව පිටරටකටම පන්නා දැමීමට කටයුතු කිරීම රටේ අනාගතයට හොඳටම ගැලපෙනවා. ඉදිරි අනාගතයේදීවත් මේ පින් බිමෙන් වැඩක් ගත හැකි, පින් බිමට ඵලක් ඇති, බුද්ධිමත්, පින්වත් ජාතියකට මේ භුමිය හිමිව යුතුව තිබෙනවා. "ආසියාවේ අධ්‍යාපන කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආශ්චර්ය" වැනි බරපතල වචන මන්ද බුද්ධික ජාතියකට තරම් නොවන බව අප වටහා ගත යුතුයි. ප්‍රශ්න නිසිපරිදි විසඳනවා වෙනුවට, ප්‍රශ්න, තළුමරමින් අනුභව කොට, නැවත මහ පොළොවට පොහොර කිරීම හැර වෙනත් කිසිවකට හපන් කමක් නොමැති ජාතියක් බව අප අවබෝධ කර ගත යුතුයි.

:       0       211

Dimuthu Saturday, 16 June 2018 08:40 AM

මේකේ අදහස් හරිම පුදුමයි. බොහොමයක් තියෙන්නේ ඉරිසියාවෙන් පිරිච්ච අදහස්... නැත්නම් ආණ්ඩුවට කඩේ යන හෝ මහින්දට කඩේ යන අදහස්... රිසල්ට් කොහොම වුණත් සෙමෙස්ටර් එග්සෑම් එකම විදිහකට තියලා ප‍්‍රතිඵල හරියට දුන්නානම් හරිනේ.. එතකොට දක්ෂ අය උපාධිය ගන්නේ නැති අය රිපීට් වෙලා ආයිත් සල්ලි ගෙවලා ඉගෙන ගනියි. මට නම් මේකෙන් පේන්නේ උගන්වන ආචාර්යවරුන්ට ආත්ම විශ්වාසයක් නෑ. තමන්ට මුදලට හෝ බලයට යටවෙන්නේ නැතුව වැඩ කරන්න පුළුවන්ද බැරිද කියලා. මේ මට හිතෙන විදිය... ඕනෑ නම් ෆී එක තව වැඩි කරන්න. එතකොට රජයේ ආදායමත් වැඩිවෙයිනේ. කලු සල්ලි ටිකත් එළියට එයි.

:       306       3

GAYAN Saturday, 16 June 2018 09:29 AM

කන්නන්ගර මහත්තයගෙ නිදහස් අධ්‍යාපන පනතේ පෙරවදනේ තියෙනවා දරුවාගේ අධ්‍යාපනය පියාගේ පොකැට්ටුව මඟින් සීමාකරනු නොලබනු වස් නිදහස් අධ්‍යාපන පනත ඉදිරිපත් කරන බව. ඒ පනතේ අරමුණ සියළු දෙනාට අධ්‍යාපනය නොමිලයේ ලබාදීම නොවේ. මුදල් නැති අයට නොමිලයේ හෝ අධ්‍යාපනය ලබාදීමයි එහි අරමුණ. තාත්තට සල්ලි නැති නිසා ළමයෙකුට අධ්‍යාපන වරම අහිමි වෙන එක අසාධාරණ වගේම සල්ලි දීලා හරි ළමයෙකුට ඉගෙනගන්න නැති එක අසාධාරණයි. ඒක මිනිහෙක්ව මරනවට වඩා පාපකර්මයක්. තමන් කැමති රැකියාවක් කළ නොහැකිවීම මූලික අයිතිවාසිකම් කඩ කිරීමක්. දොස්තරලගේ කුහකකම ඇරුණම පාදඩ වෛද්‍ය මැරබලය සාධාරණිකරණය කරන්න වෙන හේතුවක් නෑ.

:       306       193

රොෂාන් Saturday, 16 June 2018 09:49 AM

පශු වෛද්‍යවරු අත්‍යවශ්‍ය රටකට මොකටද වෛද්‍යවරු?

:       0       229

ධනුෂ්කSaturday, 16 June 2018 02:25 PM

හරි අපි පසු වෛද්‍යවරුන්ගෙන් බෙහෙත් ගන්නවා කියමුකෝ. හැබැයි ඔබත් අැතුලුව ඔබේ සියලු නෑදෑයොත් ලංකාවේ පුරවැසියන් වෙන්න ඕනේ... එ් අය ලෙඩ වන්නේ නැතුවද? නැත්තම් ලෙඩ වුණාම බෙහෙත් ගන්න රට යනවා අැති නේද? නෑ මං කිව්වේ ඔබ කියන විදියට මෙහාට පශුවෛද්‍යවරුන් හොඳයි.

:       145       0

රොෂාන් Saturday, 16 June 2018 05:35 PM

ධනුෂ්ක, එහෙනම් හරියටම තොප්පියා දාගෙන තියනවා. තොප්පිය විතරක් දා ගත්තට මදි හොඳ බඩ විරේකයක් කර ගත්තම ලෙඩේ ටක්කෙටම සුව වෙනවා. ධනුෂ්ක දන්නවද අපේ රටේ වෛද්‍ය සිසුන්ව පිටරට විශ්ව විද්‍යාල වලට පටවන ජාවාරම පිටුපස සිටින්නේත් අපේ රටේම වෛද්‍යවරු බව? අසරණ ජනතාවගෙන් පිනට ඉගෙන ගෙන ජනතාවටම කොකා පෙන්නන දොස්තරලා ලෝකේ වෙනත් රටක ඉන්නවද කියලා කියනවද? වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන කතා කරන වෛද්‍යවරු S තුනට එකග උන හේතුව අපිට කියන්න පුලුවන්ද? මේ වෛද්‍ය ශේත්රයේ මාෆියාව ගැන වැටහෙන්නේම නැත්නම්, ඉතින් හැකි පමණ ඉක්මනින් පශුවෛද්‍ය වරයෙකුගේ සහය ලබා ගත යුතු වෙනවා.

:       0       0

Niroshana Saturday, 16 June 2018 10:38 AM

යමෙකු උසස් පෙළට වසර දෙකක් ඉගෙන ගත්තා කියා ඔහු බහුශ්‍රැතයෙකු වන්නේ නැත. ඇමරිකාවේ උසස් පාසල්වල කලා විෂයයන් හදාරන අයට වුවද විශ්ව විද්‍යාලයන්හි වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට බාධාවක් නැත. එහෙම අය වෛද්‍ය විද්‍යාව ඉගෙන ගන්නවාට වෛද්‍ය සිසුන්ගේ විරෝධයක්ද නැත. මක් නිසාද, ඔවුන් අවසාන විභාගය සමත් නොවුනොත් කුමක් ඉගෙන ගත්තද ඵලක් නොවන බැවිනි. ඒ නිසා මුදල් ඇති අය කෙරෙහි වෛරයකින් බැලීම නතර කර, ඔවුන්ට කෙසේ හෝ නිසි අධ්‍යාපනය ලබා දී, අවසන් විභාගයේ ප්‍රතිඵලය මත පමණක් පත්වීම් ලබාදීම සිදු කරන්නේ නම් (මේ අවස්ථාව වෛද්‍ය සභාව මගින් අධීක්ෂණය කළයුතු අතර වෙනත් බාහිර බලපෑම් නොතිබිය යුතුය) මෙවන් ගැටළුවක් ඇතිවන්නේ නැත. හැකිනම් විදේශ සිසුන් පවා ලංකාවට ගෙනවිත් විදේශ විනිමය උපයා ගැනීමටද මෙය මාර්ගයක් කර ගත යුතුය. (බංගලාදේශය, නේපාලය වැනි) අප තවදුරටත් දූපත් මානසිකත්වයෙන් ම මේ දෙස බලන්නේ ඇයි? එංගලන්තය වැනි රටවල ප්‍රධාන අදායම් මාර්ග අතුරින් වැඩි කොටසක් පෞද්ගලික අධ්‍යාපනය විකිණීමෙන් ලබාගන්නා බව සැවොම දන්නා කරුණකි.

:       299       399

manoj Saturday, 16 June 2018 12:51 PM

සුපිරි වෛද්‍යවරුන් වෙන්න පුළුවන් A3 ගත්ත ගොඩක් ළමුන්ට යන එන මන් නැතිවෙනවා. විශ්වවිද්‍යාලයේ යන්න බැරි වුණාම... වෙන්න ඕන අලුත් විශ්ව විද්‍යාල දෙකක් හෝ තුනක් අලුතෙන් ආරම්භ කරලා රටේ වෛද්‍යවරුන්, බුද්ධිමතුන් වැඩි කරන එක. නැතුව නුසුදුසු අයට සල්ලි බලෙන් ගොඩ ගිහිල්ලා රටේ දුප්පත් මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න දෙන එක නෙමේ.

:       137       337

Antho jata bahi jaya Saturday, 16 June 2018 01:13 PM

කොතලාවල සම සෞඛ්‍ය අධ්‍යාපනයත් දැන් අවුරුදු ගාණක් තිස්සේ මුදලට විකුණනවා. 2013 දී බඳවාගත් පළමු කණ්ඩායමට පමණක් නොමිලේ අධ්‍යාපනය ලබාදුන්නේ ඔවුන් සියල් දෙනාම රැකියාගත කරන්න ගිවිසුමකට යටත්ව. නමුත් ඉන්පසු බඳවාගත් සියලුම සම සෞඛ්‍ය කණ්ඩායම් මුදල් ගෙවීමේ පදනම මතයි.

:       0       0

කරුණාපාල Saturday, 16 June 2018 04:07 PM

ඇමති ඉදිරියේ දෙකට නැමිලා නැට්ට බඩ යට ගහ ගන්න කීකරු සුනඛයින් අසරණ ළමයින්ට හයියෙන් බුරනවා මම මීට පෙරත් දැකලා තිබෙනවා. හැබැයි පිටරට ළමයින්ට එහෙම නැහැ. කන්නත් දීලා කකුලුත් ලෙව කාලයි ආපසු යවන්නේ. මොනවා කරන්නද බලු ජාතියේ හැටි?

:       0       3

විකුම් රංගන Saturday, 16 June 2018 08:02 PM

පිටරට ඉගෙන ගන්නා ශිෂයෙකු ලෙස මම නම් කියන්නේ, ඔබට මුදල් ගෙවා උසස් අධ්‍යාපනය හෝ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකමක් ඇත නම්, කරුණාකර පිටරටකට ගොස් අධ්‍යාපනය හදාරන්න. ඉන් පසුව ලෝකයේ තමන් කැමති රටකට වීසා අයදුම් කොට ගිහින් ඒ රටට සේවයක් කොට එම රටවල පදිංචි වන්න.බහුතර සිංහල මිලේච්ජයින් ශ්‍රී ලංකාව පාලනය කරන තාක් රටේ තරුනපරපුරට අනාගතයක් නැත. මෙවන් මෝඩ, අමන, කුහක තුප්පහි ජාතියක් ලොව කිසිම රටක මුණ නොගැසෙනු ඇත. උගත් හෝ නුගත් යයි කිසිදු වෙනසක් නැත. ඇත්තේ. ගෝත්‍රික පැවතුම් ඇති.පාදඩයින් පමණි.

:       0       109

Rangana Sunday, 17 June 2018 01:46 AM

අනේ මම කැම්පස් යන කාලේ අවම සුදුසුකම සී 3යි. ඒ 2008 දි. මේ කයිවාරු වීරයෝ කියන්නේ එස් 3 කියලා........ආචාරවරුන්ගේ තීරණය නිවැරදියි..

:       0       0

amila Sunday, 17 June 2018 02:13 AM

සයිටම් මංගල්‍යයක් හින්දා හොඳට තිබුණු කොතලාවලත් විනාශ වෙනවා සාධාරණ ඉල්ලීමක් අඩුගානේ සී - 2 එස් - 1 ක් වත් ගන්ඩ බැරිනම් මොන දොස්තරකම්ද?

:       0       97

ප්‍රීති Sunday, 17 June 2018 06:58 AM

ඇමති විජේදාස රාජපක්ෂ ඇමති මේ S තුන සම්මත කරන්න පියවර ගත් අවස්ථාවේ මේ කට්ටිය කොහෙද හිටියේ? හුබස් ඇතුලට රිංග ගන්න ඇති බයටම? දැන් මෙතන ලොකුවට පෙනේ පුප්පනවා?

:       0       3

Jaya Sunday, 17 June 2018 01:56 PM

එස් තුනක් තියාගෙන මොකටද දොස්තරලා කරන්න හදන්නේ. කොන්දොස්තරලා ටිකක් කරලා දානවකෝ. එතකොට මේ වැඩේ ඉවරයිනේ..........

:       0       35

soma Tuesday, 19 June 2018 07:41 AM

නර්ස් ලට හොඳ සුදුසුකම් තියනවනම් ඒගොල්ලෝ අරගෙන උගන්වල දොස්තරලා කරන්නකෝ. දැනුත් වැඩි හරියක් දොස්තර වැඩ කරන්නේ එගොල්ලොනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොල් ගෙඩියක් 4000 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 25 11 0

යාපනය තරුණයින් පිරිසක් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන පොර පොල් තරඟයක් වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා පොල් ගෙඩි කිහිපයක් වෙන්දේසි කිරීමේදී එක් පොල් ගෙඩිය


මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 274 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1629 3

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 188 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 614 5

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 981 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site