(ආරියදාස කොඩිතුවක්කු, අශෝක තිලකරත්න)

වීරකැටිය නගරයේ දී අද(17) අලුයම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් සිදුවූ පිහි ඇනුමක දී තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

රවිඳු නිම්සර ගාර්දියවසම් (22) නමැති තරුණයකු පිහි ඇනුම් කා මියගොස් ඇති අතර වීරකැටිය නගරයේ පැවති ඇසළ මේලා සැණකෙළියේ රාත්‍රී සංගීත සංදර්ශනය නරඹා ආපසු යමින් සිටි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇතිවී තිබේ.