IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විශේෂඥ කමිටුවේ වාර්තාව අනුව භූමිදානය ගැන තීන්දුව ගන්නවා

විශේෂඥ කමිටුවේ අවසන් වාර්තාව අනූව භූමිදානය පිළිබදව තීන්දුව ගනු ලබන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද දින (13) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙම අදහස් දක්වන ලදි.

''කොවිඩ් - 19 වැළදී මියගිය පුද්ගලයින්ගේ මෘත දේහයන් භූමිදානය සම්බන්ධයෙන් විවිධ අයගෙන් ඉල්ලීම් ලැබී තිබෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව ඔවුන්ගේ තව වාර්තා කිහිපයක් මා වෙත ලබාදීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කැබිනට් මණ්ඩලයේ දී මෙම කාරණය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය කිසිදු තීන්දුවක් ගනු ලැබුවේ නැහැ. කැබිනට් මණ්ඩලයට මෙම කාරණය මතු වූ අවස්ථාවේ දී කැබිනට් මණ්ඩලය මා වෙත දැනුම් දුන්නේ මේ සම්බන්ධයෙන් පත් කරන ලද විශේෂඥ කමිටුවේ වාර්තා අනුව කටයුතු කරන ලෙසයි. එම නිසා එම වාර්තා මා වෙත ලැබුණු පසු අවසන් තීන්දුව ගැනීමට බලාපොරොත්තු වෙනවා'' යැයිද අමාත්‍යවරිය කීවාය.



අදහස් (22)

විශේෂඥ කමිටුවේ වාර්තාව අනුව භූමිදානය ගැන තීන්දුව ගන්නවා

Ruhunu Friday, 13 November 2020 02:26 PM

තව ටික දවසක් යනකොට සාමාන්‍ය මරණයක් වගේ මැරිච්ච කෙනා ගෙදරටත් ගෙනියන්න පුළුවන් වෙයි. එකම රටක්... නීති 2ක්. කොහෙන් හිනා වෙන්නද මන්දා..?

:       5       16

siri Friday, 13 November 2020 02:26 PM

මේ නෝනට තියෙන්නේ නොදන්නා දේවල් බදාගෙන අපරාදේ කුණු බැනුම් අහන්නේ නැතුව අනිත් කට්ටිය වගේ තමන්ගේ තරමට ගැලපෙන දන්නා කියන දෙයක් ඉල්ලාගෙන පැත්තකට වෙලා ඉන්නයි. ඒ කියන්නේ එහෙම දෙයක් සොයාගන්න තියෙනවා නම් හොඳේ...

:       2       12

nuwan Friday, 13 November 2020 02:28 PM

කොරෝනා දේවි අනාගන්න හදන්නේ...!! 

:       4       9

saman Friday, 13 November 2020 02:43 PM

එක නීතියක්, එක රටක්... ජනාධිපතිගේ වචන 4ට ගරු කරන්න.

:       2       9

pradeepa Friday, 13 November 2020 03:17 PM

චමල්ලා, සබ්‍රිලා වෙනම කැබිනට් රැස්වීම් තියෙනවා වගේ. ඔය දෙන්නම කීවා. ඕක කැබිනට් එකේ සම්මත වුණා කියලා. කොහොම හරි විමල්ට පාරෙ බැහැලා යන්න බැරි වෙනවා.. වොයිස් කට් දීලා.

:       1       13

විජිත් Friday, 13 November 2020 06:38 PM

"අනේ මහි.. මම කොහොමද තීරණයක් ගන්නේ..? උතුරෙන් සාමිලා, දකුණෙන් සාදුලා, නැගෙනහිරින් ලෙබ්බෙලා බටහිරින් සුවාමිලා.. එකයි මම මේ ගුලිවෙලා ඉන්නේ... එහෙම නැතුව මට කොරෝනා හැදිලා නොවෙයි. මට පුළුවන් ඔක්කොම දේවල් කළා මේ වයිරසය මෙල්ල කරන්න. වයිරස් එක මෙල්ල වුණත්. සාදුලයි, සාමිලයි, සුවාමිලයි ලෙබ්බෙලයි... මෙල්ල කරන්නේ කොහොමද...? "

:       0       17

De Friday, 13 November 2020 10:04 PM

සිරිසේන ඔයා මොනවද දුන්නේ...? මේවනේ වැඩ...

:       2       11

ranjith Saturday, 14 November 2020 12:59 AM

මැරුණාට පස්සේ ඔය විෂබීජ ගොඩ පුච්චලා රටේ ජනතාව ආරක්ෂා කරනවා මිස අන්තවාදීන්ගේ ගොන් කතාවලට කාලය වැය කරන්නේ කුමටද?

:       6       20

senaSaturday, 14 November 2020 08:19 AM

මම හිතන්නේ නැහැ මෙතන කවුරුවත් අන්තවාදී ඉල්ලීමක් කරනවා කියලා... ලොව පිළිගත් ආගමික කණ්ඩායම් 2කින් කරන ලද ඉල්ලීමක්... කොහොම නමුත් ආරක්ෂාරී තීරණයක් දීම විද්වත් කමිටුවට අයත් කාරණයක්... භූගත ජල මට්ටම ඉහළ තත්වයක තියෙනවා වගේම අපේ රටේ භූගත ජලය අවිධිමත් විදිහට බීමට ගන්නවා. අපේ මහ ජනතාවගේ විශ්වාසයක් තියෙනවා ළිං ජලය බීමට සුදුසුයි කියලා...

:       7       9

සමිත සේනක අලුත්ගමගේ. Saturday, 14 November 2020 03:44 AM

මෘත ශරීර භූමදානය කිරීමෙන් මීට ප්‍රථම ලොව වසංගත පැතිරී තිබෙනවා. මේ දරුණු භයානක වෛරසය අඩංගු මෘතදේහ පොළවේ වැළලීම කළහොත්, ගං වතුර හා ජල ගැලීම් වලදී වෛරස් ජලයට මුසූවුවහොත්, තත්ත්වය කෙබඳු වේද..? මෙවැනි දේ සිදුනොවේ යයි විශේෂඥ කමිටුවක් කෙසේ පවසන්නේද? වයිරස් සහිත මලමිනී පොළොවේ වල දැමීම වරදක් නොවේ යැයි පවසන ලෝක සෞඛ්‍ය සංවිධානය පෙරදී පැවසුවේ කොරෝනා වයිරසය ගෝලීය වශයෙන් ලොව ව්‍යාප්ත නොවන බවයි. අද එය බෝරුවී ලක්ෂ ගණනින් මිනිසුන් මිය ගියා නොවේද..? ඒ නිසා මැරුණු මිනී ගැන කතා පස්සකට විසිකොට මේ වසංගතයෙන් මිනිසුන් බේරාගැනීමට ක්‍රියාකරන්න. ඒ වෙනුවෙන් විශේෂඥ කමිටු පත්කරන්න. එක්තරා කොටසක මිත්‍යා මත සුරැකීමට මලමිනී ගැන මෙසේ කමිටු පත්කිරීම ගැන සැබැවින්ම කණගාටු විය යුතුයි.

:       5       18

Krishan Saturday, 14 November 2020 05:18 AM

පරිසරයට හානි වන විදිහට තීන්දු තීරණ ගන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. පොලිසිය පාරේ මිනිස්සු මැරුණා කියලා සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කලා කියලා අත්ඩංගුවට ගැනිම් කරන්න යනවා එහෙම නම් එවා මුලින්ම පලකලේ ලංකාවේ ජනමාධ්‍ය ආයතන වල වෙබ්වලයි ඒ ආයතන වල ප්‍රධානින් හෝ එය පලකල අනුමත කල කතෘවරුන්, මාධ්‍යවේදීන් පළමුව අත්ඩංගුවට ගන්න ඕනේ. එ්වා උපුටාගනිමින් තමයි සමාජ මාධ්‍ය වාර්තා වෙන්නේ. ඇඳිරි නීතිය හෝ ලොක්ඩවුන් කළ පැතිවල සමාජ මාධ්‍ය හසුරුවන අයට යන්න බැහැ. නුවර කෙනෙක් නම් පානදුරේ එන්න පුළුවන්ද? එ්ක පැහැදිලිවම බැහැ. එහෙම නම් ඒ කෙනා දාන්නේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතනයක් වාර්තා කළ දෙයක් හෝ ඒ අදාල අවස්ථාවේ පොලිසියේ නිලධාරීන් ගත් ඔවුන් සමාජ මාධ්‍ය වෙත මුදාහැරපු එවා විය හැකිය. එහෙම නම් ෂෙයාර් කල අය අත්ඩංගුවට ගැනීම සාධාරණද? ඔබේ බුද්ධියේ විමසුමට විවෘතයි

:       3       9

Wca Saturday, 14 November 2020 07:59 AM

දැන් කමිටුවක් දැම්මේ කබරගොයා තල ගොයා කරන්නද?. මීට ඉස්සෙල්ලා මේ තීරණය ගත්තේ ඔය විශේෂ කමිටුවකින් නේද? ඉතින් ආයේ ඔය කාසියේ පැත්තේ පෙරල පෙරලා බලන්නේ ඉතින් රටේ පාලකයන්ගේ නිවටකම නොවේද?

:       2       15

kodithuwakku Saturday, 14 November 2020 12:07 PM

මගේ අදහස, නුවණින් සිතන්න. මෙ වසංගත ඔක්කොම අාවේ, සැටලයිට් එක අහස උඩට ගියාට පස්සේ. 21 වෙනිදා ඉඳලා ලංකාව විතරක් නෙමෙයි සමස්ත ලෝකයම බෑට කෑවා.

:       2       4

kapila Saturday, 14 November 2020 12:12 PM

මේ සෞඛ්‍ය අමාත්‍යවරිය අද රටේ පවතින තත්වය පාලනය කිරීමට අසමත් වූ බව පිළිගෙන, එම තනතුර වෙන කෙනෙකුට පැවරිය යුතුයි.

:       1       6

BamunuarachchiMonday, 16 November 2020 02:51 AM

ලොව්තුරා බුදු බනටවත් අවතන කර ගන්න බැරි මිනිස්සු ඉන්න ලෝකෙක මේ බුදුන් හොඳ නැහැ වෙන බුදුන් කෙනෙක් ඉල්ලනවාද? දියවැඩියා රෝගියා කකුල් කපාගන්නේ දොස්තරගේ වරදින්ද නැතිනම් වෛද්‍ය උපදෙස් නොපිලිපැදීමෙන්ද? මෙහෙමත් මැට්ටෝ ඉන්න රටක අපිත් ඉපදුනානේ.

:       0       0

Lelwala Saturday, 14 November 2020 01:54 PM

වියළි කලාපයේ හම්බන්තොට සුදුසුම ස්ථානයයි.

:       2       4

BamunuarachchiMonday, 16 November 2020 02:44 AM

එක රටක එක නීතියක් විය යුතුය.

:       0       0

සෙනෙවිරත්න Saturday, 14 November 2020 02:27 PM

මේක කලින් කෝවිඩ් රැල්ලේදී සෞඛ්‍ය අංශ ගනිපු තීරණය ආණ්ඩුව දේශපාලනීකරණය කළා මුස්ලිම් විරෝධී සිංහල ඡන්ද බාගන්න.. ඒ ඡන්දය ඉලක්ක කරගෙන. එදා මේ තීරණ මහින්දගේ කටින් ප්‍රකාශ විය යුතු නැහැ හරි නම්... මේක අදත් සෞඛ්‍ය අංශ පිට දමා රජයට ගැලවෙන්න තිබුණා. අද මේක රජයට පාරා වලල්ලක් වෙලා. මගේ අදහස නම් මරණ වැඩි වුවහොත් ආදාහනාගාර ප්‍රමාණවත් නොවී භූමදානවලට යන්න වෙයි නිතැනින්ම. ජලයෙන් මේක බෝ වෙන බවක් නැති නිසා සහ සොහොන් පිටි අසල ලිං වලින් ජලය බොන අය නොමැති නිසාත් පරිසර හිතකාමී භූමදානය වරදක් නොවේ..

:       7       5

BamunuarachchiMonday, 16 November 2020 02:57 AM

දැන් වෙන කව්රුහරි බලයට ඇවිත් මුස්ලිම් ඇමතිවරු පත්වෙලා රටේ වටිනා අමාත්‍යංශ මුස්ලිම් අයට ගියානම් ඒගොල්ලෝ කොරෝනා මර්දනය කරනවාද?

:       0       0

BamunuarachchiMonday, 16 November 2020 03:06 AM

එක රටේ එක නීතියක්. බෞද්ධයෝ දැන් මරණයකදී පාන්සකුලයවත් අනිකුත් ආගමික කටයුතු නොකර මිනියේ අන්තිම කටයුතු කරනවානම් ඇයි අනික් අයට බැරි? අපි ඉගෙනගෙන තිබෙන්නේ "රට ජාතිය ආගම" කියලා මිස" ආගම ජාතිය රට" කියලා නොවෙයි. එහෙම නම් රට ගැන පළමුව හිතන්න පුරුදුවෙන්න. කාගේවත් ආගමික කටයුතුවලට මුල්තනදීලා අපි වැනසෙන්න ඕනේ නැහැ.

:       0       0

chandanaTuesday, 17 November 2020 08:05 AM

ජලයෙන් බෝ වීම කෙසේ වෙතත් වෛරසය ජලයේ අක්‍රීයව හෝ පැවතී යම් සුදුසු පාරිසරික අවස්ථාවක් ලද විට නැවත සක්‍රීය විය හැකියි නේද? ජලය ගමන් කරන්නේ සොහොන්පිටි අසල ලිං වලට පමණක් නොවේ. භූගත ජල මාර්ග ඕනෑතරම් දුරක් යා හැකිය.

:       0       0

de silva Saturday, 14 November 2020 10:25 PM

අර ඡන්දෙට කළින් 100%ක් දේශද්‍රෝහී ගිවිසුමක් වන MCC ගිවිසුමෙන් 70%ක් හොඳ වුණා වගේ. ඡන්දය පහුවුණු නිසා සහ මුස්ලිම් සෙට් එක 20 වැනි සංශෝධනයට ඡන්දෙ දුන්නු නිසාත් කොරෝනා මරණ වලලන එකත් 70%ක් විතර ප්‍රශ්නයක් නැතිව ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 28 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 62 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 124 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 171 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 320 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 720 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site