IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


විවෘත විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය ගැන නව උපාධියක්

( රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා  විවෘත විශ්ව විද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණ  විද්‍යා නව උපාධි පාඨමාලාවක් හඳුන්වා දෙන අතර ඒ සඳහා සිසුන් 1000 ක් වසරකට බඳවාගන්නා බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය  සම්පත් අමරතුංග මහතා කොළඹදී අද (30) පැවසීය.

 කලා,  වානිජ , විද්‍යා,  ගණිතය සහ තාක්ෂණය   යන ඕනෑම විෂය ධාරාවකින්  උසස් පෙළ විභාගයට පෙනී සිට සාමාන්‍ය සාමාර්ථ තුනක් ලබාගත් ශිෂ්‍යයකුට මෙම උපාධිපාඨමාලාවට ඇතුළත්විය හැකි බවද මහාචාර්ය සම්පත් අමරතුංග  මහතා කීවේය.

සාමාන්‍ය පෙළ විභාගය පමණක්  සමත්වූවනටද මූලික පරීක්ෂණයකට පෙනී සිට සමත්වූවහොත්  එම උපාධිය හැදැරිය හැති බවද මහාචාර්යවරයා කීවේය.

 එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ විවෘත විශ්ව විද්‍යාලයයේ නියෝජ්‍ය උපකුලපති අචාර්ය අජිත් මදුරප්පෙරුම මහතා සඳහන් කළේ උසස් අධ්‍යාපනය සඳහා රජය මගින් ලබාදෙන සහන ණය යෝජනා ක්‍රමය යටතේද සිසුන්ට මෙම පාඨමාලාව හැදිරිය හැකිබවද සඳහන් කළේය. 



අදහස් (7)

විවෘත විශ්ව විද්‍යාලයෙන් තොරතුරු තාක්ෂණය ගැන නව උපාධියක්

sachith Tuesday, 30 March 2021 08:08 PM

මාත් විවෘත විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්, මීට අවුරුදු 5කට කළින් හා දැන් තියෙන අගාධයට ගෙනියන්න මූලික වෙච්චි කෙනෙක් තමයි මේ අලුත් උපාධිය ගැනත් කියා තියෙන්නේ...

:       12       4

RaveendraWednesday, 31 March 2021 06:15 AM

මෙම උපාධිය පිළිබඳව කීපදෙනෙකුම අදහස් දැක්වූවා. ඔබ සඳහන් කරන "බොබිලාට" නමක් ගමක් නොමැතිද? එසේ නොමැති නම් ඔබ ඒ "බොබිලාගේ" නම සඳහන් කිරීමට බියක් දක්වන්නේද..? බිය නොවන්න තමන් ඇත්ත ප්‍රකාශ කරන්නේ නම් කිසිදු උගත් හෝ නූගත් "බුරුවෙකුට" බියවිය යුතු නැත යන්න අපගේ අදහසයි.. කෙසේ වෙතත් අන්තරේ ඉන්න ගොබ්බයින්ට මෙම උපාධිය පිළිබඳව නම් කනට මීපැණි වක්කරනවා සේ බව නම් කිව යුතුයි. නුදුරේදීම එම කාලකන්නින් විසින් "වහා දියව්, වහා නවත්වව් " කෑ මොර දෙමින් "මහජනතාවට නැවත වරක් වදයක්" වෙනු ඇත...

:       2       1

බමුණු.Wednesday, 31 March 2021 09:40 AM

රවීන්ද්‍ර, ඔයාගේ පහත් පෙළේ භාෂා විලාශය විශ්ව විද්‍යාල මට්ටමේ දේවල් විවේචනය සඳහා නුසුදුසු බව පළමුවෙන්ම සිතට ගන්න. විශ්ව විද්‍යාල කටයුතු හා සිසුන්ගේ එක් පැත්තක් පමණක් දිහා ද්වේෂයෙන් බලන ඔබගේ අපහාසාත්මක නුවණ ඔවුන්ගේ ජීවිතයේ හා ඔවුන් විඳින දුක්බර අසීරුතා ගැන කිසිවක් දන්නේ නැහැ නොවේද? මඳක් සිතා බලන්න. ලොව ඔබ නොදන්නා දේ ගැන රටට කීමෙන් ඔබගේ මෝඩකම අන් අයට ප්‍රදර්ශනය වෙන බව වටහා ගන්න.

:       1       1

Raveendra Wednesday, 31 March 2021 11:01 AM

පළමුව ඔබගේ අදහස් වලට ගරු කරන්නෙමු. දෙවනුව අපි නොදන්න විශ්වයේ දැනුම බෙදාහදා ගන්න ස්ථානය බවත් කිව යුතුයි. තුන්වනුව අප වැරැද්දක් කර නොමැති නම් අප කුමක් අරබයා අහක තිබෙන හිස්වැසුම් අපගේ හිසමත පැළඳ ගන්නේද යන්නද සඳහන් කළ යුතුයි. තමන් අවංකව තම සේවය හෝ රාජකාරිය කර ඇත්නම් "මොකා" කෑමොර දුන්නත් එයට බියවිය යුතු නැත යන්න තේරුම් ගැනුමට මහෞෂධ පණ්ඩිත ඥාණයක් අවශ්‍යද නැද්ද යන්න ඔබට නොතේරීම අවාසනාවකි. අප කිසිවිට කිසිවෙකු දෙස ද්වේෂයෙන් නොබලන්නෝය. එනමුත් සත්‍ය එලෙස අප හැමවිටම දැකීමට උත්සාහ කරන්නෝය. ඕන එකටයි, එපා එකටයි හැමදේටම දරුවන් මහපාරට ගෙන තප්පුලන ඒ නිවටයන් ගැන කතා කිරීමට අප සැමටම (ඔබටද) අයිතියක් ඇත. ඒ අප සියල්ලෝම බඩවල් තදකරගෙන බදු ගෙවමින් අධ්‍යාපනයට ඍජුවම දායක වෙන බැවිනි. එබැවින් වැල යන පැත්තට මැස්ස ඇටවීමට අප නම් කිසිවිට සූදානම් නොවන්නෝය. අවසාන වශයෙන් "මහත්මයාට මහත්මයා" කීමට අප සැමවිටම නිහතමානි වෙන්නෙමු. එලෙසම "බූරුවාට බූරුවා" යැයි කීමටද අප බිය නොවන්නෙමු. මක්නිසාදයත් අප කිසිවෙකුගේ ඇම්බැට්ටයන් නොවන බැවිනි.

:       1       1

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 30 March 2021 10:10 PM

මහාචාර්ය සම්පත් අමරතුංග සර්ගේ සිසු දරුවන් ගැන තිබෙන කැපවීමට ස්තූතියි. විවෘත විශ්ව විද්‍යාලයේ මේ සඳහා ක්‍රියාකළ සැමටත් ස්තූතියි.

:       2       19

fairoos Wednesday, 31 March 2021 07:29 AM

ඉතාම හොඳ වැඩපිළිවෙළක්.

:       0       1

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 31 March 2021 09:21 AM

සචිත් මොන පදනමක් මත මෙහෙම ප්‍රකාශයක් කරනවාද කියා සිතාගන්නට බැහැ. මේ හා සම්බන්ධ අනෙකුත් අය ගැන නම් මා දන්නේ නැහැ. මහාචාර්ය සම්පත් අමරතුංග කියන්නේ නම්, රටේ අධ්‍යාපනය වෙනුවෙන් ඉමහත් සේවයක් සැලසූ සහ සලසන විද්වතෙක්. මාත් ... විවෘත විශ්ව විද්‍යාලයේ Bsc ජීවවිද්‍යා උපාධිය ටිකකලක් කළ කෙනෙක්... එම දිනවල ඒ සඳහා පැවති පුහුමත වලට රැවටී මා එය නවතා දැමුවා. ඒත්, එය මගේ දෘෂ්ඨියේ වරදක් මිසක්, විශ්ව විද්‍යාලයේ හෝ වරදක් නොවෙයි. ප්‍රශ්නය ජයගන්නවා වෙනුවට මෙවැනි අදහස් සමාජගත නොකිරීමට තරම් අප කාරුණික වියයුතුයි නේද?

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 4 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1080 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 2428 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 2808 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 1396 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 359 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 285 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1647 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site