IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විභාග කොමසාරිස් ඉවතට

රංජන් කස්තුරි

විභාග කොමසාරිස් ජනරාල් ඩම්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා මීට ස්වල්ප වේලාවකට පෙර එම තනතුරෙන් ඉවත් කර තිබේ.

ඔහු අධ්‍යාපන අමාත්‍යංශයට මාරු කළ බව අමාත්‍යංශ ආරංචි මාර්ග කියයි.

ඉකුත් දිනවල විභාග වංචා හා අක්‍රමිකතා රැසක් වාර්තා විය. ඒ පිළිබඳව පැවැත්වූ පරීක්ෂණවලින් පසු රහස්‍ය අංශයේ ප්‍රධානියාගේද වැඩතහනම් කරනු ලැබීය. මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයාද වග කිව යුතු බවට චෝදනා එල්ල වී තිබිණි. ඒ අනුව පැවැත්වූ පරීක්ෂණයේ නියමයන් අනුව කොමසාරිස්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි අද ඉවත් කර තිබේ.



අදහස් (15)

විභාග කොමසාරිස් ඉවතට

ruchira Tuesday, 14 November 2017 01:37 PM

තුරුම්පු ඔක්කොම දාලා ගේමක් ගහන්න වගේ ලැහැස්තිය.

:       95       60

Ruwan Tuesday, 14 November 2017 01:57 PM

ලොවම පිළිගන්න ලංකාවේ විභාගයන්ගේ තත්වය ආරක්ෂා කිරීමට ගත් මෙම නිර්භීත පියවර අප සියලු දෙනාම අගය කල යුතුයි.

:       105       559

Raveendra Tuesday, 14 November 2017 02:28 PM

ඕනෑම රටක මහා බැංකුව මෙන්ම ඉතාමත්ම සංවේදී ආයතන වලින් එකක් එහි අධ්‍යපන ආයතනය. ඒවයෙත් හොරකම්, වංචා සිදුවෙන්නේනම් එමගින් සිදුවන්නේ මිල කල නොහැකි පාඩුවකි. අවසානයේ විදේශ රටවල අපගේ අධ්‍යපන සහතික පිළිගැනුම ප්‍රතික්ෂේප කරන කාලය වැඩි ඈතක් නොවනු ඇත.

:       150       611

wije Tuesday, 14 November 2017 02:41 PM

ඔන්න ඔය වගේම දුෂණ, වංචා, අක්‍රමිකතා, හොරකම් කරලා තියෙන ඇමතිවරුන්වත් ඉවත්කරන්න. ඉවත්කරලා එයාලටත් නිසි දඩුවම් දෙන්න අන්න එතකොට තමයි නියමම යහපාලනයක් තියනවා කියලා මිනිස්සු පිළිගන්නේ.

:       2       378

ranjith Tuesday, 14 November 2017 02:46 PM

වංචා කරන අය යවන්නේ අධ්‍යාපන අමාත්‍යංශයටද?

:       3       236

anthony Tuesday, 14 November 2017 03:36 PM

ඔය වගේම ධිවර අධ්‍යක්ෂක ජෙනරාල්වත් මාරු කරන්න පුළුවන් නම් අපේ ධීවර අංශයත් ගොඩ..

:       0       32

janatha anura Tuesday, 14 November 2017 04:17 PM

යුරෝපයේ ඇමෙරිකාවේ විභාග දෙපාර්තුමේන්තු නැත. නමුත් සුවිශේෂ නිර්මාණකරුවන් ඇත.

:       1       74

parakkrama Tuesday, 14 November 2017 04:58 PM

රන්ජිත් මහත්මයා වෙතටයි මේ : අධ්‍යාපන අමාත්‍යංශයට අයත් දෙපාර්තමේන්තුවක් වන විභාග දෙපාර්තමේන්තුවේ යම් උසස් නිලධාරියෙකු කිසියම් වරදක් යයි සනාථ නොවුන හේතුවක් නිසා හෝ පරීක්ෂණයක් ,විනය පරීක්ෂණයක් පැවැත්විය යුතුයැයි නිගමනයකට එළැඹෙන තෙක් හෝ වහාම ක්‍රියාත්මක වන පරිද්දෙන් මාරු කරනු ලැබුවහොත් පත්කළ යුත්තේ එම අමාත්‍යංශයේම ඒ හා සමාන තනතුරකට බවයි මගේ වැටහීම. එසේ නැතිව ඔබ සිතන පරිදී වංචා කරන අයවලුන් අධ්‍යාපන අමාත්‍යංශයට දක්කනවා වගේ කටට ආවාට යමක් කීම, බොහෝ අයගේ වටිනා කියමන් හා අදහස් කියවන, එහෙත් හරියටම අවබෝධයක් නොමැති අය ( සා.පෙළ / උ .පෙළ හෝ ඊට අඩු සිසුවෙක් වැන්නෙකු ) නොමග යැවීමක් නේද ? අමාත්‍යංශයක උසස් නිලධාරියෙකු එක්වරම වෙනත් අමාත්‍යංශයකට මාරු කිරීමට නොහැකි බව ඔබ නොදන්නවා නොවෙයි නේද ? මා මෙසේ සඳහන් කළේ ඔබගේ අදහස ප්‍රශ්නාර්ථයක් ලෙස දක්වා තිබුන නිසා බවද කරුණාවෙන් සලකන්න. මාර්තෘකාව රටේ වැදගත් අමාත්‍යංශයක ඉතා වැදගත් තනතුරක් ගැන බවද කාරුණිකව සිතා බලන්නු මැනවි.

:       338       613

arnold Tuesday, 14 November 2017 05:27 PM

ඔය පුද්ගලයා පත්කරන කොටම සති අන්ත එක්තරා පුවත් පතක ඔහු දුෂිත පුද්ගලයෙක් කියල තිබුණා. එහෙම රාවයක් තියෙද්දිත් පසුගිය රජය මෙයා ඔය තනතුරට පත්කරා. රටේ මිනිස්සුන්ට තමයි මේකෙන් පාඩුව. නුසුදුස්සෝ සුදුස්සෝ කරනවා.

:       6       198

Perera Tuesday, 14 November 2017 05:52 PM

රන්ජිත්, එහෙම කරන අයව ලංකාවේ බොහෝ අය බොහොම කැමැත්තෙන් අරින්නේ පාර්ලිමේන්තුවට

:       0       61

Thilak Tuesday, 14 November 2017 11:52 PM

අන්තිමට දෙසපලුවෝ සියබලා ගෙනල්ලම නැ.....????

:       2       13

rocky Wednesday, 15 November 2017 12:45 AM

මාරු කොරන්නේ ඇයි? වහාම පරීක්ෂණයක් තියලා වැරදිකරු වුනොත් ගෙදර යවන්න!

:       11       1

ලුම්බිණි Wednesday, 15 November 2017 12:52 AM

මම හිතන්නේ මොහුව පරීක්ෂණ ඉවර වෙන තුරු සේවයෙන් අයින් කර තිබිය යුතු බවයි. දුෂණ වලට සම්බන්ධ යයි සැක කරන පුද්ගලයෙකු අධ්‍යාපන අමාත්‍යංශයට අනුයුක්ත කිරීම කොහොමද හරිය කියන්නේ?

:       14       8

sensa Wednesday, 15 November 2017 02:58 AM

මේ පුද්ගලයා දූෂිතයෙක් කියන්න ඉක්මන් වෙන්න එපා. වෙනත් අයකු කරන ලද වරදකට ආයතන ප්‍රධානියා නිසා වන වගකීම හේතුවෙන් චූදිතයෙක් වෙලා තියෙන්නේ. යමි පුද්ගලයකුට හෝ පුද්ගල කොටසකට මොහුව ඉවත් කරන්න වුවමණාවක් තිබුණා වෙන්න පුලුවන්. සමහරවිට මොහු හොදින් වැඩකරන එකට අකමැති ඒ කරදරයක් වෙන දේශපාලකයින් ඇති. නැතිනම්, තනතුරට එන්න කැමති අය ලොකුතැන්වල ඉන්නවා වෙන්නත් ඇති.

:       0       9

Sathya Wednesday, 15 November 2017 04:00 AM

මම දන්නා විදියට මේ පරීක්ෂණ විනිවිදබාවයකින් කරන්න තමයි මේ මාරු වීම දීල තියෙන්නේ. මාරුවීම සදහා පුෂ්පකුමාර මහතාගේ ඉල්ලීමක්ද තිබුනු බවටත් පුවත් ප්‍රකාශයකින් කියවුනා.කෙසේ වෙතත් විභාගවල රහසිගතබව හා විස්වාසනීයත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කිරීම හොදයි.

:       0       15

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 339 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 216 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 886 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 56 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2207 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 410 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 227 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site