කොළඔ නගරයේ මගි ප්‍රවාහනය සඳහා විදුලි බස් රථ 18ක් ධාවනයට එක් කිරීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සැලසුම්කර තිබේ.
විදුලි බස් රථ වල අඩංගු විය යුතු ප්‍රමිතීන් ඇතුලත් ව්‍යාපෘති වාර්ථාවක් මණ්ඩලය විසින් සකස් කොට ප්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කොට ඇත. ඒ අනුව ටෙන්ඩර් කැඳවා මෙම බස් රථ මිලදී ගන්නා බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසීය.
ශ්‍රී ලංගමයට අලුතෙන් විදුලි බස් රථ 50ක් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් රුපියල් මිලියන 500ක මුදලක් භාණ්ඩාගාරයෙන් ලබා ගෙන ඇත. එම මුදලෙන් පලමු අදියර යටතේ විදුලි බස් රථ 18 ක් මිලදී ගන්නා අතර ඒවා මේ වසර ඇතුලත කොළඔ නගරයේ මගී ප්‍රවාහනයට යොදවන අතර ඉතිරි බස් රථ තදාසන්න ප්‍රදේශ වල ධාවනය සඳහා යෙදවීමට සැලසුම් කොට ඇති බවද සභාපතිවරයා පැවසීය.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද
බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.
දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විදුලි බස් රථ 18 ලගදීම කොළඹට
siri Friday, 12 January 2018 02:48 PM
ඔය වාහනවල තියෙන යෝධ බැටරි චාජ් කරන්න විදුලිය කොහෙන්ද ගෙනෙන්න ඉන්නේ? විදුලි කම්බි යොදා භාවිතා කරන්න යනවා නම් එ්කටත් අලුතෙන් විදුලි රැහැන් අදින්නත්, විදුලිය දෙන්නත් විශාල වියදමක් සහ කාලයක් ගතවේවි. ඡන්දෙට කලින් නම් කෙරෙන එකක් නැහැ. දෝලාවෙන් කතා කරකර පයින් යන්න වෙන ව්‍යාපෘතියක් වත්ද මේකත්?
BamunuarachchiSaturday, 13 January 2018 01:51 AM
මෙම බස් ශ්‍රී ලංකාවටම කියා නිෂ්පාදනය කළා ඒවා නොවෙයි. ලෝකයේ දියුණු රටවල දැනටමත් භාවිතා වෙන විදුලි බස් ඉතින් ඇයි මේ හුඹස් බිය?
කම්මල් බාස්උන්නැහේ Saturday, 13 January 2018 11:51 PM
මෙම බස් ගෙනාවොත් වැඩේ හොඳයි. නමුත් ප්‍රශ්නය තියෙන්නේ විදුලි බස් වල නෙවෙයි. අඩුම වශයෙන් මේවායේ බැටරි නියමාකාරයෙන් ප්‍රති ආරෝපණ කරන්න ප්‍රමිතියකට කරන්න ලංගමයට පුළුවන් වේවිද කියන එක. මේ පිළිබඳව සාකච්චා කිරීමට පළමුව"කාර්මික ඥානය" ඇති දෙශපාලකයන් ටිකක් විදෙස් සංචාරයකට හා අද්‍යයන වැඩමුළුවකට යවමු.
THESHANSaturday, 13 January 2018 05:52 AM
පුදපු ගමන් කාපි යකා කිව්වලු, සිරි හැමතිස්සෙම අසුබවාදීව හිතන්න එපා, සුබවාදීව හිතන්න. අර ප්‍රමුඛතා මං තීරු දාපුවාමත් ඕකනේ කිව්වේ.. හරි යන්නේ නැහැ කියලා. දැන් බලන්න, ටික ටික පුරුදු වෙනවනේ. ඒ නිසා මුලදී අමාරුයි තමයි. එ්ත් පස්සේ හරි යයි.
lankaSaturday, 13 January 2018 07:15 AM
පොඩ්ඩක් දැනුම් තේරුම් ඇතුව අදහස් පල කළා නම් තමිය් හොඳ. චාර්ජින් ස්ටේෂන් එකට විදුලිය සපයන එක මහලොකු වැඩක් නෙවෙයි.
ranjith Friday, 12 January 2018 03:03 PM
හොඳ වැඩක්... පරිසර හිතකාමී වගේම ලාභදායී ක්‍රමයක්...
Rosheeninfo Friday, 12 January 2018 03:17 PM
මේ කියන විදිහට ට්‍රොලිබස් තමයි ගේන්න යන්නේ. ට්‍රොලිබස් වලට වෙනම රැහැන් පද්ධතියක් හා විශේෂ පුහුණුව ලත් රියදුරන් අවශ්‍යයි. මම ට්‍රොලිබස් රටවල් කිහිපයක දැක තියෙනවා. (රැසියාව, යුක්රේනය, බෙලරුස්, ඉතාලිය..) ලංකාවට කොතෙක් ගැලපේදැයි සැකයි. මොකද නියමිත මාර්ගයක යන්න පුලුවන් මෙවැනි බස්නිසා කොලඹ තදබදය වැඩිවිය හැකියි.
BamunuarachchiSaturday, 13 January 2018 01:37 AM
1950 ගණන්වල ලංකාවේ ට්‍රොලිබස් තිබුනා. ට්‍රෑම් කාර් ඉවත් කර ස්ථාපිත කලේ ට්‍රොලිබස්. කොටහේන සිට බොරැල්ලට සත 15 යි. හොඳට ඉංග්‍රීසි කතා කල හැකි විනීත රියදුරන් සහ කොන්දොස්තර මහතුන් ඒවායේ සේවය කළා. ඒ කාලේ කොටහේනේ සිටියේත් බර්ගර්, මැලේ, සිංහල සහ ඉන්දියානු ද්‍රවිඩ මිනිස්සු. බසෙකට ගොඩවෙන බර්ගර් ගැහැණු කෙනෙකුට ගුඩ් මෝනින් මිස් කියන්න තරම් විනීත කොන්දොස්තරවරු ට්‍රොලිබස්වල සේවය කළා. ඒ කාලය මටනම් සිහිනයක්. ඒ කාලේ තිබුන බසුත් නැත, එවන්සේවයක් කල විනීත මිනිසුනුත් නැත බස්වල ගිය එවැනි විනීත මිනිස්සුනුත් නැත.
Lusena Friday, 12 January 2018 03:22 PM
මෙම බස් නඩත්තු කිරීම සදහා පුහුණුවලත් ආයතනයක් කාර්මිකයින් අවශ්‍යයි. 80 දශකයේ ලංගමට ගෙනාපු ISUZU automatic transmission සහිත බස් රථ, ඩිපෝවල සිටිය අය කාර්මික දැනුමකින් තොරව විනාශ කළා වගේ. මේවාට අත තැබීමට නොදිය යුතුය.
BamunuarachchiSaturday, 13 January 2018 12:58 AM
අත නොතබා කොහොමද නඩත්තු කරන්නේ? අනේ කොහෙද වාහන එහෙම නඩත්තු කරන්නේ කියා කියන්නකෝ. රටේ 75% තිබෙන්නේ automatic transmission වාහන. සෑම නගරයකම එම වාහන රෙපයාර් කිරීමට බාස්ලා ඇත. ඔවුන් කිසිවෙක් පිටරට පුහුණුව ලබපු අය නොවෙයි. නමුත් දක්ෂ බාසුන්නැහෙලාය. මගේ වාහනයේ එන ප්‍රශ්න මට ලොකුවට පෙනුනාට ඉන්න මහත්තයෝ මම පොඩි බෙහෙතක් දෙන්නම් කියා සාදා දුන් බාස්ලා සිටී.
NuwanSunday, 14 January 2018 05:21 AM
නවීන විදුලි බස්රථ පමණක් නොවේ මෝටර්රථ නඩත්තුව ගරාජ් බාස් කෙනෙකුට අතපත ගාල කරන්න බැහැ, විශේෂ මෝටර්රථ යාන්ත්‍රික පරිගණක දැනුමක් සහිත ඉංජිනේරුවෙක් කාර්මිකයෙක් වෙන්න ඕන වාහනයේ ඇති පරිගණකයේ එන දත්ත කියවගන්න බැරිනම් ඉතින් වාහනයටයි රියදුරාටයි දෙයියන්ගේම පිහිටයි
gunarathnaSaturday, 13 January 2018 07:57 AM
ලංකාවට කොහෙත්ම නොගැලපෙන වැඩක් මේක. මේවා අධිවේගී මාර්ග වලට හදපු වාහන. නොකඩවා ගමන් කරනවා නම් කිලෝ මීටර් 200ක් වුණත් යන්නට පුළුවන්. නමුත් ආපසු එන්නට නම් නැවත පැය විසිහතරක් ආරෝපණය කළයුතුයි. ලංකාවේ එම පහසුකම් නොමැතිව බස් ගෙනාවොත් ලොකු ප්‍රශ්නයක් වේවි.!!!
pakeer Friday, 12 January 2018 04:41 PM
මේවා ට්‍රොලි බස් වෙන්න බැහැ. මේවා ඉලෙක්ට්‍රික් කාර් වගේ ඉලෙක්ට්‍රික් බස්. හැබැයි ඉතින් ගන්න බ්‍රෑන්ඩ් එකයි ඒවා නඩත්තු කරන එකයි හොඳට තියෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. හොඳ පියවරක්.
Amula Friday, 12 January 2018 05:15 PM
අපේ රට හදන්න බෑ කවදාවත් මේ මෝඩ මිනිස්සු ඉන්නකම්
සමන්ත Friday, 12 January 2018 07:31 PM
විදුලි බස් රථ කියන්නේ අපිට අද හරිත ප්‍රවාහන සේවයක් සඳහා අවශ්‍යම දෙයක්. එහි පරිසර දූෂණ අගය බින්දුවයි. මේ විදුලි බස් රථ අර දෙවන ලෝක යුද්ධ කාලේ වගේ විදුලි රැහැන් වලින් බලය සපයන පරණ ට්‍රොලි බස් නෙමේ. මේවගේ විදුලිය අවශ්‍ය පරිදි රැස්කර ගත හැකි ලිතියම් බැටරි තියෙනවා. ඒවා නැවත චාජ් කරන්න යන්නේ ඉතා අඩු කාලයක් සහ විදුලිය ප්‍රමාණයක්. මේ තීරණය ඉතා හොඳ සහ අද ලෝකයේ හැම රටක්ම ක්‍රියාත්මක කරන දෙයක්. මේවගේ ඩබල් ඩෙකර් බස් රථත් තියෙනවා. ඒවා ලංකාවේ හදන්න පුළුවන්. අපි ඉතා ඉක්මනින් ඩීසල් වැනි ඉන්ධන් වලින් ඈත් විය යුතුයි. නවදිල්ලි උදාහරණය අනුව කොළඹට එන ඩීසල් වාහන ඉතා ඉක්මනින් තහනම් කිරීමට සිදුවේවි. සමන්ත
Bamunuarachchi Saturday, 13 January 2018 12:41 AM
විදුලි වාහන ගෙනාවොත් තෙල් භාවිතය නවතිනවා. එතකොට අපි තෙල් ගෙන්වීම නවතනවා. එවිට අදායම් නැතිවීම නිසා තෙල් නිපදවන රටවල් පිටරැටියට රැකියාවල් දීම නවත්වනවා. යුරෝපය තෙල් භාවිතය නිසා වක්‍රව ආදායම් ලැබුවේ අපි වගේ රටවල්.
නිලුපුල් Saturday, 13 January 2018 03:26 AM
මොන බස් ගෙනාවත් යන්න ඕන පාරේ නේ. විදුලි බස් කියලා උඩින් යන්නද?
sam Saturday, 13 January 2018 06:34 AM
ටාටා වගේ ජරාවක් ඉන්දියාවෙන් ද ගන්නේ?
siri Saturday, 13 January 2018 07:25 AM
රමල් සිරිවර්ධන මහතා වෙතයි, ඔබතුමා දන්නවද මන්දා අනිල් මුණසිංහ මහත්තයා ඔය පුටුවේ ඉන්න කාලේ... ෆියට් බස් වෙනුවෙන් ලැබුණු කොමිස් එකට මණ්ඩලේට කාර් ගත්ත නිලධාරීන්ට පාවිච්චියට. කවුරු හරි අහයි, ඇයි ෆියට් ගත්තේ මොකද කියලා? ඒ වෙනකොට පංචිකාවත්ත පුර ලේලන්ඩ්, ටාටා හැම තැනම නිසා, හොරකම අඩු කිරීමට ගත් පියවරක් ලෙසයි මම දකින්නේ. මම අහන්නේ, එතනින් පසු කවුද තමුන්ට ලැබුණු කොමිස් එකෙන් ජනතාව වෙනුවෙන් පරිත්‍යාගයක් කාලේ... රමල් මහත්තයෝ, දැන් ඔය ගෙනෙන්න හදන බස් රථවල් ජනෙල්වල අරින ප්‍රමාණය ගැන දැනුවද්ද? කණගාටුයි මෙහෙම ඔබගෙන් ඇසීම ගැන. මොකද? ලංගම මගේ සේවා කාලයේ ඉසූසු ඔටෝ බස් වගයක් ගෙනාවා... 1986න් පස්සේ... ඒවායින් දවස් කීයද වැඩ ගත්තේ? සමහර බස් ඒ කාලේ අාවා, ජනෙල්, වීදුරු අරින්න පුළුවන් උඩින් අඟල් 5ක් පමණයි. ඒ කාලේ මේවා තොරා ගත්තේ ඉංජිනේරුවෝ නෙමේ. හෙඩ්ඔෆිස් එකේ ඉන්න අය බව මට නම් පැහැදිලියි. මමත් ලංගමට මැරෙනකන් සේවය කරන්න හිතුවත් මේ හින්දා මම අයින් වුණා. ඒ 1990 දි..
BamunuarachchiSunday, 14 January 2018 12:39 PM
ඔව් ඔව්... මට මතකයි ඉස්කෝල කොල්ලෝ හැටියටත් අපි ඒ කාලේ එ් වැඩේ බොහොම ඉහළින් අනුමත කළා. ඒකට දැන් ඉන්න හල්පාරුවෝ...
siril Saturday, 13 January 2018 08:42 AM
ලුසේනා මහත්තයෝ ඔබත් එක්ක මම එකඟයි.1980 සිට 1990 මැදක් වන තෙක් මම ලංගම කාර්මිකයකු හැටියට සේවය කලා. ඒ කාලේ තමයි ඔය කියන ඉසුසු ඔටෝ බස් ගෙනාවේ. ඒ වෙලාවේ ,මම දන්නා තරමින් , කිසිම ඉංජිනේරු තනතුරකට සුදුසුකම් නැති අය ගියා කියන එකයි.. මතක අය ඉන්නවා නම්, බලන්න ඒ බස්වල ජනෙල් වීදුරු අරින්න පුළුවන් අගල් 4 වගේ සුළු ප්‍රමාණයක්.. එය කොතෙක් දුරට ලංකාවට ගැලපේද? රමල් සිරිවර්ධන මහත්තයාට අවබෝධය ඇතිවේවා. ඉදිරි කටයුතු කරන්න ඔබට ශක්තිය ලැබේවා! :ලංගමට ආදරය කරන කෙනෙක් මම...
Manojith Saturday, 13 January 2018 12:23 PM
හොද වැඩක්. ලංකාවේ ඕනෑතරම් හිරු එලිය තියෙන නිසා සූර්ය බලයෙන් මේවා චාර්ජ් කරන්න පුළුවන් නම් හොදයි
Asanka Sunday, 14 January 2018 05:23 AM
ණයට තෙල් ගහලා විදුලිය නිපදවන රටක විදුලි බස් හරි හිනා. අපීට තෙල් ආකාර මතුවෙන්නේ ඡන්දෙ ලංවෙද්දි විතරයි
Saman Sunday, 14 January 2018 04:56 PM
ලංකාවෙ පටවන විදියට සෙනග දැම්මොත්නම් මේ බසුත් සුන් තමයි, නැත්නම් ජෙනරේටරයකුත් ඇදගෙන යන්න වෙනවා චාජ් කරන්න.