IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘතියට අනුමැතිය ඉල්ලයි

(විනීතා එම් ගමගේ)
 

පවතින විදුලි අර්බුදයට දිගුකාලීන විසඳුමක් ලෙස මේ වනවිටත් අයදුම් කර ඇති භූමියෙහි ස්ථාපිත කරන මෙගා වොට් පහට අඩු සූර්ය බල ජනන ව්‍යාපෘති සඳහා වහා අනුමැතිය ලබා දිය යුතු යැයි සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය රජයට යෝජනා කරයි.
 
එම සංගමය රජයට ඉදිරිපත් කිරීමට සූදානම් වන අවම පිරිවැය දිගුකාලීන සූර්ය බල විදුලි ජනන සැලැස්මෙහි (2019- සිට 2025) මේ බව සඳහන් වේ. 
 
දැනටමත් ස්ථාපිත කර ඇති වහළය මත සවිකෙරෙන සූර්යබල  පද්ධති සඳහා ඒවා ආරම්භයේ දී අනුමත ගාස්තු යෝජනා ක‍්‍රම අඛණ්ඩව පවත්වා ගනිමින් දැනට පවත්නා සූර්යබල මෙහෙයුම් කටයුතු ඉදිරියට ගෙන යාමට කටයුතු කළ යුතු යැයි ද එහි සඳහන් ව ඇත. 
 
බිම්ගතව ස්ථාපිත හා පාවෙන සූර්ය බල ව්‍යාපෘති සඳහා ටෙන්ඩර් කැඳවිය යුතු යැයි  ද බලපත් ලබා දුන් පසු ක්ෂණිකව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා පැහැදිලි සරල අනුමතකරණ ක‍්‍රියාවලි අනුගමනය කළ යුතු යැයි ද එහි දැක්වේ. 
 
මෙකී යෝජනා ඇතුළත් දිගුකාලීන විදුලි බල උත්පාදන සැලැස්ම ඉදිරි සතිය තුළ ලංකා විදුලි බල මණ්ඩලයට භාර දෙන බවත් මණ්ඩලය ඉදිරි සැලැසුම්වල දී ඒවා ගැන අවධානය යොමු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් කොළඹ නිපොන් හෝටලයේ දී අද(18) පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් ලක්මාල් ප‍්‍රනාන්දු මහතා පැවැසීය.
 
මේ වනවිටත් විදුලි බල මණ්ඩලයට දිගුකාලීන හදිසි මිලදී ගැනීම් සඳහා මිස දිගුකාලින විදුලි ජනන සැළසුමක් නැතැයි ද හෙතෙම සඳහන් කළේය. එසැළසුම් නොමැතිකමින් මේ වනවිට රටම අර්බුදයකට ගොස් ඇතැයි කී ප‍්‍රනාන්දු මහතා දිනපතා දිවා කාලෙයේ දී පැය තුනක් හා රාත‍්‍රියේ දී පැයක් වශයෙන් පැය හතරක් දිනපතා විදුලිය කැපීමෙන් දිනකට රුපියල් බිලියනයක පාඩුවක් රටට සිදුවන බව ද කියා සිටියේය.
 
සෑම වර්ෂයකම විදුලි ඉල්ලුම ඉහළ යන බැවින් මේ පිළිබ`දව බලධාරින්ගේ අවධානය වහා යොමු විය යුතු යැයි ද සඳහන් කළේය. වැස්ස ලැබෙමින් පවතින නිසා විදුලි අර්බුදයට විස`දුමක් ලැබෙන නමුත් ලබන වසරේ පායන කාලය වනවිට යළි අර්බුදය උග‍්‍ර වන ඉවත් බලධාරින් ඒ වනතුරු ඒ බව අමතක කරන බවත්  ඔහු පැවැසීය. 
 
රටපුරා ඇති මිලියන 6 ක් වූ නිවාස වහළයන්හි සුර්ය බලාගාර ආරම්භ කිරීමට රජය මැදිහත් විය යුතු යැයි ද ප‍්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
 
මෙම මාධ්‍ය හමුවට සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමයේ සභාපති කුෂාන් ජයසූරිය සහ එහි විධායක සභික හේරත් දිසානායක යන මහත්වරු ද සහභාගී වූහ.

(ඡායාරූප - චතුර එස්. කොඩිකාර)



අදහස් (32)

විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘතියට අනුමැතිය ඉල්ලයි

sana Thursday, 18 April 2019 10:11 AM

සූර්ය බලයෙන් දිවා කාලයේදී විදුලිය නිපදවන්න හැකියි. ඒත් වැඩිම ඉල්ලුම පවතින රාත්‍රී කාලයේ මොකද කරන්නේ? අනෙක් අතට දැනටත් සූර්ය විදුලිබල සමාගම්වලට බදු නිදහස ගන්න හැකියි. ඒත් සූර්ය පැනලයක් නිවසේ වහලේ සවි කරගන්න යන වියදම, ඒකෙන් මාසිකව වෙන විදුලි බල වියදමේ අඩුවත් එක්ක ගත්තාම මාසිකව විශාල විදුලි බල පරිභෝජනයක් තිබෙන නිවසකට නම් ලාභයක් වෙන්න හැකියි. නමුත් නාගරිකව හෝ සූර්ය බලැති වීදි අලෝකකරණයට යොමු වෙන්න හැකි නම් එතනින් යම් ඉතුරුවක් කරන්න පුළුවන්.

:       347       450

රසිකThursday, 18 April 2019 11:11 AM

දිවා කාලයේ විදුලි ඉල්ලුමෙන් විශාල ප්‍රමාණයක් සූර්ය ශක්තියෙන් ලබා ගැනීමෙන් ජල විදුලිය ඇතුළු අනෙකුත් බලාගාර දිවා කාලයට අක්‍රිය කර ඉර එළිය නැති රාත්‍රියට ඒවා ක්‍රියාත්මක කළ හැකියි. නමුත් අනෙක් වර්ගයන්හි බලාගාරවල අවශ්‍යතාවය තවදුරටත් පවතින බව තේරුම්ගත යුතුයි.

:       0       78

PerakumThursday, 18 April 2019 12:22 PM

දිවා කාලයේ සුර්ය බලය භාවිතය නිසා ඉතිරිවන ජල විදුලිය රාත්‍රියට භාවිතා කලහැක.

:       1       67

GihanThursday, 18 April 2019 01:03 PM

දවල්ට සූර්ය බලය වැඩිපුර නිපදවූවොත් ජලවිදුලි බලාගාරවල ජලය ඉතුරුකර ගන්නත් පුළුවන්. තාප බලාගාරවල තෙල්, ගල්අඟුරු වලට යන මුදලත් ඉතුරුයි. එතකොට මුදලක් වැය කරත් කරන්න ඕනේ රෑට විතරයි. ඇමරිකාවේ දවල්ට අතිරික්ත විදුලියක් නිපදවන වෙලාවට ජලාශ වල පහල ජලය ඉහලට පොම්ප කරනවා. ලංකාවෙත් ඒක කරන්න බැරිකමක් නෑනේ...

:       1       64

ධනුෂ්කThursday, 18 April 2019 02:23 PM

රෑට වැඩිය දවල්ටයි විදුලිය පාවිච්චි වෙන්නේ. දිවා කාලයේ කර්මාන්ත ශාලාවල මැෂින්. කර්යාලවල වායු සමීකරණ විදුලි පංකා විදුලිපහන් ආදියට විශාල විදුලියක් වැය වෙනවා රෑට ලයිට් වැඩිපුර දැම්මට ඉහත ඒවට තරම් විදුලියක් වැය වන්නේ නෑ. සමහර වෙලාවට කර්මාන්ත ශාලාවක පවතින එක් විදුලි මෝටරයකට වායු සමීකරණයකට දිනකට වැයවන විදුලිය නිවසකට වැය වන්නේ නෑ. ඒ නිසා දිවා කාලයේ හෝ පැනල් වලින් විදුලිය ගන්න එක හැම අතින්ම හොඳයි. එවිට ඩීසල් බලාගාර අඩක් හෝ අක්‍රිය කල හැක.කර්මාන්ත හිමියන්ද තම දැවැන්ත කර්මාන්ත ශාලාවලවහල මත පැනල් සවි කිරීමට දිරිමත් කල යුතුයි. එහිදී බැටරි නොමැතිව කෙලින්ම ජාතික පද්දතියට ලබාදීම ඔවුන්ට ලාබදායි වෙනවා

:       0       20

sanaFriday, 19 April 2019 02:09 PM

තනි කම්හලක් හා තනි නිවසක් ලෙස නොවේ විදුලි ඉල්ලුම ජනිත වෙන්නේ. අද දිනයේ කම්හල් ඉදිවෙනවාට වඩා සහ තිබෙන කම්හල්වල විදුලි පරිභෝජනය වැඩි වෙනවාට වැඩි වේගයකින් නිවාස ඒකක වල විදුලි උපකරණ වැඩිවීම වේගයෙන් සිද්ධ වෙනවා. හැකි නම් බලන්න පසුගිය වසර කීපයේ රටේ ද.දේ.නි. හි කර්මාන්ත අංශයේ වර්ධනය හා නිවාස ඒකක වල රූපවාහිනී, පරිගණක, විදුලි උඳුන් ආදියේ වර්ධනය... අනෙක් අතට වීදි ආලෝකකරණය. එ් නිසා වැඩිම විදුලි ඉල්ලුම එන්නේ සවස 6ත් රාත්‍රී 8ත් අතර... අනෙක් අතට දවල් කාලයේ ජලය ඉතිරි කරගැනීම හොඳ දෙයක් වුවත් එයින් රාත්‍රී ඉල්ලුම සපුරන්න හැකි වේද යන්නයි...

:       13       2

SamiraThursday, 18 April 2019 02:29 PM

මෙන්න මේ වගේ තර්ක දමල තමයි මේ වගේ මුළු ලෝකෙම කරන වැඩ වලට අකුල් හෙලන්නේ. ඉතින් ඔබතුමාගේ මොලේට තේරෙන්නැද්ද දවල් කාලයේ සුර්ය බලයෙන් අවශ්‍ය තාවය ඉටුකරගන්න කොට ඉතිරිවෙන ජලය භාවිත කරලා රැට විදුලිය ජනනය කරන්න පුළුවන් කියල. කර්මාන්ත දියුණු වෙනකොට මේ වැඩිම ඉල්ලුම වෙන්නේ දහවල් කාලයේදී මිසක් රාත්‍රියේදී නෙමෙයි. මෙතන එක නෙමෙයි ප්‍රශ්නේ කොමිස් කොමිස්

:       145       310

අමල්Thursday, 18 April 2019 03:31 PM

නාගරික ප්‍රදේශවල දිවාකාලයේදී ඉල්ලුම අධිකයි. හේතුව කර්මාන්ත සහ වාණිජ අංශය ක්‍රියාත්මක වන්නේ බොහෝවිට කාර්යාල වේලාවන්වලයි. එම ඉල්ලුම සැපිරීමට ගෘහස්ත සෝලාපැනල උපකාරී වේ.

:       0       56

සමන් Thursday, 18 April 2019 05:00 PM

දිවා කාලයේදී සුර්යබලයෙන් විදුලිය නිපද උනාම , දිවා කාලයේදී තාප බලාගාර සහ ජල විද්දුලි බලාගාර වලින් අඩුවෙන් විදිලිය නිපදවා. රාත්‍රියේදී තාප බලාගාර සහ ජල විදුලි බලාගාර වලින් දවල්ට ඉතුරුවන ශක්තියෙන් නිපදවීම කලහැක . එය තමා ඉතිරිය මෙම ක්‍රමයේ තියන.

:       0       45

සමන් Friday, 19 April 2019 06:39 AM

ගෙදර වහලේ සූර්යකෝෂ වලින් ජනනය වන විදුලිය නැවත පද්ධතියට එකතු කරන්න පුළුවන්. දියුණු රටවල් ඒවාට නිවෙස් හිමියාට මුදල් ගෙවනවා... එතකොට ජල විදුලි බලාගාරවල වතුර ඉතුරු වෙනවා... රෑට පාවිච්චි කරන්න...

:       0       91

Perakum Thursday, 18 April 2019 10:13 AM

ඉතාමත් කාලෝචිත යෝජනාවලියක්. බලධාරීන් එකඟ වේද යන්න සැක සහිතයි.

:       1       317

Lankaputha Thursday, 18 April 2019 10:18 AM

මිලියන 22 වඩා වැඩි මිනිසුන් සහ නිවාස අහිමි මිලියන 60ක ජනතාව...... අපි හරි දුප්පත්....

:       53       63

dias Thursday, 18 April 2019 10:42 AM

සුර්ය කෝෂ ප්‍රචලිත කිරීමෙන් රාත්‍රී කාලය කෙසේ වෙතත්, අවම වශයෙන් දිවා කාලයේදී සිදු කරන විදුලි කැපීම නවතා ගත හැකියි. එබැවින්, නිකම් වැනි වැනී නොසිට මෙවැනි දේ කඩිනමින් සිදු කල යුතු බවයි බව මගේ අදහස.

:       0       199

උපුල්Thursday, 18 April 2019 07:30 PM

දැන් පාවෙන සූර්‍යය බලාගාරය සමග බැටරි බැංකුවක් ස්ථාපිත වන නිසා රාත්‍රියටත් මෙමගින් විදුලිය ලබා දිය හැකියි

:       1       12

sunilFriday, 19 April 2019 09:39 AM

ඇත්ත.... නමුත් කැනේඩියානු ආධාර මත කෙරෙන මේ ව්‍යාපෘතියේ බැටරි තාක්ෂණය තවමත් මිල අධිකයි.

:       9       46

ජනතාව Thursday, 18 April 2019 11:30 AM

කවුරු මොනවා හඳුන්වා දුන්නත් මේ කාළකණ්නි දේශපාලුවෝ ඉන්නකන් රටට යහපතක් වෙන දේවල් වෙන්නේ දේශපාලකයන්ගේ මඩිය තරවෙන තරමට තමයි. නැත්නම් මේ රට මෙච්චර ණය කන්දකට යටකරාවිද?

:       0       40

Kingsley Thursday, 18 April 2019 12:01 PM

මාසික ව්දුලිබිලට සුලු වැඩිවීමක් පමණ ප්‍රමාණයේ වාරිකයක් ගෙවීමට හැකි ණය මුදලකට තමන්ගෙ නිවසේ සූර්‍යකෝශ සවිකර ගැනීමට රජයෙන් ජනතා සහනදායක වැඩපිලිවෙලක් අත්‍යාවශ්‍යයි...... එසේ කරනවානම් විශාල ජනතවක් එසේ කරාවි මහාපරිමාණ ව්‍යපෘති වලට වඩාත් සාර්ථක වේවි...

:       0       106

Amila Thursday, 18 April 2019 12:47 PM

මේවට ඉඩ දෙන්න ඕන. යල් පැන ගිය ක්‍රම වලින් මේ රට ගොඩ ගන්න බෑ. ඉන්දියාව, චීනේ වගේ රටවල් අක්කර ගණන් ඉඩම් වල සොලර් සිස්ටම් වලට දැනටමත් ගිහින් තියෙන්නේ. පුලුවන් තරම් මාර්ගය දෙපස තියෙන වීදී ලාම්පු සොලර් වලට මාරු කරන්න ඔන. බහුකාර්ය මධ්‍යස්ථානයට සහ එතන පාරේ තියෙන වීදි ලාම්පුව සොලර් වලින් වැඩ කරන්න් හදපු එක හොද පියවරක්. අනික විද්‍යාව සහ පරියේෂණ වලට වැඩි මුදල් ප්‍රමානයක් වෙන් කරගන්න ඕන බජට් වලින්.

:       0       12

අසෝක Thursday, 18 April 2019 01:18 PM

රට වෙනුවෙන් යහපත් තීරණයක්... අගය කරනවා.

:       0       22

මගඩියා Thursday, 18 April 2019 03:55 PM

එහෙම කරන්නේ කොහොමද? ඊට පස්සේ අපි ජරාව කන්නේ කාගෙන්ද? උබලට විදුලිය තියනවා කියන්නේ අපිට කොමිස් නෑ

:       0       38

Nuwan Thursday, 18 April 2019 04:27 PM

මෙයින් කොමිස් ගන්න බැරි නිසා මේක වෙන්නේ නැහැ.....

:       0       11

chandima Thursday, 18 April 2019 07:09 PM

වැඩේ හොඳ උනාට වියදම බලපුවම විදුලි ඒකකයකට කොපමණ මුදලක් වැයවෙයිද? අනික ඔය සුර්යකෝෂ දල වශයෙන් අවුරුදු 25-30 යද්දී විදුලි නිෂ්පාදන ධාරිතාව විශාල වශයෙන් පහළ බසිනවා. තියෙන විදුලිය අරපිරිමසගන්න ඕන තරම් ක්‍රම තිබෙනවා. අධි කාර්යක්ෂමතාවයක් ඇති එල්ඊඩී විදුලිපහන් හඳුන්වා දීම විදුලියෙන් ක්‍රියාකරන වතුර පොම්පවලට කාර්යක්ෂමත වගුවක් ලබාදීම අනිවාර්යකිරීම තුලින් කාර්යයට ගැලපෙන කාර්යක්ෂමතාවයක් ඇති පොම්ප යොදාගැනීමට නීතිපැනවීම, කර්මාන්තශාලා වල විදුලි මෝටර් නියමිත කාලයකට වරක් කාර්යක්ෂමතාව පරික්ෂාකිරීම අනිවාර්ය කිරීම වැනිදේ වලින් ඔය නිපදවීමට යන විදුලි ප්‍රමාණයට වඩා විදුලියක් ඉතිරිකරගැනීමට හැකි වෙනවා. දියුණු රටවල මේ සඳහා ඇති ප්‍රමිතීන් සහ නීති අධ්‍යනයක් කිරීමෙන් මේපිළිබඳව අවබෝධයක් ලබගේනිමට පුළුවනි. ඒව අධ්‍යනයට නිලධාරීන් රොත්ත පිටින් රට යාමට අවශ්‍ය වන්නේ නැහැ. අන්තර්ජාලයේ ඒ සියල්ල තිබෙනවා. අනික පළමු පරම්පරාවේ සහ තුන්වන පරම්පරාවේ සුර්ය විදුලිකෝෂ වලත් නිෂ්පාදන ධාරිතාව බෙහෙවින්ම වෙනස්. ගසාකන්නට ඉඩ දෙන්න එපා.

:       37       39

liyanage Thursday, 18 April 2019 10:52 PM

බිම්ගතව ස්ථාපිත හා පාවෙන සූර්ය බල ව්‍යාපෘති ආරම්භ කිරීමට සූර්යබල කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලුම් කලද රජය ඒපිලිබද ගැබුරින් සොයාබලා කටයුතු කළයුතුය. නිවාස වහලයන්හි සූර්ය බලාගාර ආරම්භ කිරීමට නිවාස හිමියන්ගේ කැමැත්ත, අකමැත්ත පරිදි සිදුවුවත් බිම්ගතව ස්ථාපිත හා විශේෂයෙන්ම පාවෙන සූර්යබල ව්‍යාපෘති ආරම්භ කිරීමට යොදාගන්නා ස්ථානයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත්ය. ලංකාවේ තිබෙන ගංගාවල් සහ පොකුණු මත පාවෙන සූර්යබල ව්‍යාපෘති ආරම්භ කිරීමට සමාගම් සහ මුදලට ඕනෑම දෙයක් කරන අතරමැදියන් උත්සාහ දැරීමට පුළුවනි. නමුත් පරාක්‍රම සමුද්‍රය, නුවරවැව, කවුඩුලු වැව ඇතුළු ලංකාවේ වැව් මත මෙවැනි පාවෙන සූර්ය බල ව්‍යාපෘති ආරම්භ නොකළ යුතුය. කෙටි කාලීන සහ දිගුකාලීනව පරිසර හානි ඇතිවීම සතුන් ජලජිවීන් මෙමගින් විනාශවීමට හැකියාව සොබාදහම විසින් නිර්මාණය කර තිබෙන පරිසරය මේ නිසා විනාශ වීමට ඉඩ නොදිය යුතුයි. විදුලි අර්බුදය නැවතීමට සූර්ය බල ව්‍යාපෘති නිර්මාණය පිළිබඳව මෙම සමාගම් කොපමණ මාධ්‍ය සාකච්ඡා පැවැත්වුවත්, අර්බුදය උග‍්‍ර බව කීවත් විදුලි අර්බුදය ගැන පමණක්ම අවධානය යොමුනොකොට පරිසරය සහ සොබාදහමට මුල් තැනක්දීම රජයේ වගකීමයි.

:       41       2

කහදූව Friday, 19 April 2019 03:04 AM

ගෙදරක වහලට සූර්ය බල පද්ධතිය සවි කර ගැනීමට හා එයට යන වියදම පිළිබඳ ව ජනතාව දැනුවත් කිරීම මෙතෙක් සිදුවී නැත.එසේම අතිරික්ත විදුලිය බලය වෙනුවෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභ ගැන ද ජනතාව දැනුවත් නැත..............

:       0       52

bandula Friday, 19 April 2019 04:47 AM

දිවා කාලයේ සුර්ය පැනල වලින් නිපදවන විදුලි බලය ගබඩා කල හැකි බැටරි නිපදවා ඇත .නමුත් මිල අධිකය . චීනය නිපදවන ඒවා අනාගතයේදී ලාබයට ගත හැක .මෙමගින් තමාට උවමනා විදුලිය තමාම නිපදවා ගත හැක. විදලි බිල් නැත. මෙය අඩු වශයෙන් පාවිච්චි කරන අය‍ට සුදුසුය

:       0       4

සමන් ඔස්ට්‍රලියා Friday, 19 April 2019 06:38 AM

ගෙදර වහලේ සූර්ය කෝෂ වලින් ජනනය වන විදුලිය නැවත පද්ධතියට එකතු කරන්න පුළුවන්. දියුණු රටවල් ඒවාට නිවෙස් හිමියාට මුදල් ගෙවනවා. එතකොට ජල විදුලි බලාගාරවල වතුර ඉතුරුවෙනවා... රෑට පාවිච්චි කරන්න

:       3       0

Hafeel Friday, 19 April 2019 07:23 AM

පැරකුම්, බලධාරීන් පමණක් නොවේ. රවී කරුවලනායක කොහොමත් එකඟ වෙන්නේ නැහැ. ඔහුට මේ ප්‍රවෘත්ති දරාගන්නම ගන්නම බැහැ.

:       0       29

සිරිබිරිස්Friday, 19 April 2019 11:41 AM

කරුවලනායක ඇමතිවුනේ 2018 ඔක්තෝබර් දේශපාලන මංකොල්ලයෙන් පසුව කියල අමතකද? 1994 සිට 2015 දක්වාත් 2015 සිට සුලු කලක් හැර එතැන් සිට දේශපාලන මංකොල්ලය දක්වාත් පාලනය කල විදුලිබල ඇමතිලාගේ පව්කාරකම්වලට කරුවලනායක ලෙස හඳුන්වන කෙනා පලිද? මෙවැනි අසාධාරණ කථා නුසුසුදුයි...

:       104       96

HafeelSaturday, 20 April 2019 01:55 AM

මතකයි මතකයි. එහෙම අමතක වෙනවද? මුලින්ම කියන්න ඕනේ මේ කරුවලනායක අත ගාපු සේරම විනාශයි. ඒ නිසානේ මහබැංකු කඩපු සිද්ධියට ඔහුගේ පක්ෂයෙන්ම ඔහුට ඉල්ලා අස්වෙන්නත් කිව්වේ. යූ.එන්.පී එකේ ඉන්න වැඩ කරන අර සජිත්ටත් මෙයා දොස් කියනවා. මෙයා කරන්නත් නැහැ, කරන මිනිහට කරන්න දෙන්නත් නැහැ. හරි ඔබ කිව්වා වගේ මෙයා මේ විදුලි ඇමතිකම බාර ගත්තේ මෑතකදී. ආපු විගස නොරච්චෝල බලාගාරය අක්‍රීය වෙලා විදුලි කප්පාදුව පටන්ගත්තේ... දින දෙකකින් යථා තත්වයට පත්කරලත් ඉවරයි. නමුත් පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගන්න ඇමති මණ්ඩලය අනුමැතිය දෙනතුරු කප්පාදුව දිගටම වුනා. මහත්තයෝ, මම සරලව අහන්නං, ඔහු අවංකනං, ඔහු වැඩ කාරයෙක් නං, මොනවටද ඉදිරි අවුරුදු 5කට පුද්ගලික අංශයෙන් විදුලිය මිලට ගන්නේ? මහජන මුදලින් මෙයාව නඩත්තු කරන්න තේරුමක් තියනවද? මෙයාගේ විදේශ අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩලය ඉල්ලපු කෙනා නේද මෙයා? මෙයා ගැන රටේ ජනතාව හොඳටම දන්නවනේ... අමුතුවෙන් කියන්න ඕනේ නැහැ...

:       0       4

BamunuarachchiSunday, 21 April 2019 11:30 AM

දන්නා දෙයක් කතා කරන්න. මෙතන තිබෙන මේ කුඩා ඡේදය කියවලා රටේ විදුලි ව්‍යාපෘති ගැන කතා කරනවා. දින කීපයකට පෙර පුවත්පතක විදුලි නිෂ්පාදනය ගැන පලවුන ලිපිය කියවුවානම් ඔය කතාව ලියන එකක් නැත.

:       0       0

Nuwan Friday, 19 April 2019 07:51 AM

මෙයින් විදුලි බල මණ්ඩලයේ ඉංජිනෙරුවන්ට හෝ දේශපාලුවන්ට ලොකු කොමිස් කුට්ටි ලබාගන්නට බැරි බව ඕන කෙනෙක්ට වැටහෙනවා නේද , එහෙනම් හොදට මතක තියාගන්න මේක වෙන්නේ නැහැ බොරුනම් තව වසර 2 කින් මම ලිව දේ කියවල බලන්න

:       5       39

PerakumFriday, 19 April 2019 10:00 AM

නුවන් හරියට හරි. මේක කවදාවත් වෙන්නේ නැති දෙයක්. අපි නිකරුනේ බලාපොරොත්තු තියාගන්නවා විතරයි.

:       5       44

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 665 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 128 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 890 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 923 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1269 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1146 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 219 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1535 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1430 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site