IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විදුර වික්‍රමනායකට වරෙන්තු

(නිමන්ති රණසිංහ)

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති විදුර වික්‍රමනායක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වරෙන්තු නිකුත් කළේය.

ඒ මහතාට එරෙහිව විභාග වන නඩුවකට ඉකුත් ජනවාරි 14 වැනිදා අධිකරණයේ  පෙනී නොසිටීම හේතුවෙන් මෙලෙස වරෙන්තු නිකුත් කර තිබේ.

2018 වසරේ සිය සහෝදරිය වන තුෂාරා වික්‍රමනායක යන අයට බැන තර්ජනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාට එරෙහිව බොරැල්ල පොලිසිය විසින් අධිකරණය හමුවේ මෙම නඩුව පවරා තිබිණ.

 



අදහස් (34)

විදුර වික්‍රමනායකට වරෙන්තු

Mahee Friday, 17 January 2020 01:51 PM

බලාගෙන යනකොට 225න් එළියේ ඉන්න සංඛ්‍යාව එන්න එන්නම අඩුවෙනවනේ. ඇත්තම කියනවා නම් ඕකෙන් තුන්හතර දෙනෙක් හැර අනික් ඔක්කොම ඉන්න ඕන... දියවන්නාවේ නෙමෙයි කූඩුව ඇතුලේ. හැබැයි විදුර නම් එළියේ ඉන්න ඕන කෙනෙක් කියලයි මං හිතන්නේ...

:       39       333

RaveendraFriday, 17 January 2020 03:07 PM

විදුර උන්නැහේ ගැන අපේ හිත්වලත් තිබුණේ යම්කිසි හොඳ අදහස්... නමුත් දැන් බලනකොට මේ ගොයියත් හාරත කොලේටම වැටිලා වගේ. තමන්ගේ පියාගේ නමටත් කැළලක්...

:       346       276

AmaraSaturday, 18 January 2020 04:51 AM

සමහර ප්‍රතිචාර එන්නේ චිචී බේබිගේ කණ්ඩායමෙන් වගේ...

:       1       71

225ත් ගෙදර යවමු Friday, 17 January 2020 03:11 PM

වටේ ඉන්න කට්ටිය නිසා විදුරත් ඉවරයි.

:       51       68

කරතොට ධම්මසිරි හිමි Friday, 17 January 2020 03:27 PM

විදුර මහත්තයගේ ගෙදර එදා දානමය පින්කමක් තිබුණා. රත්නසිරි වික්‍රමනායක මහත්තයගේ අවුරුදු දෙකේ දානය හා අම්මාගේ තුන්මාසේ දානය. විදුර මහත්තයා රජයේ මුදල් ගසා කාපු කෙනෙක් නෙමෙයි.

:       216       668

සංජීව Saturday, 18 January 2020 07:52 AM

හාමුදුරුවනේ, ඒවා අදාල නැහැ උසාවියට. දානයක් තිබ්බා කියලා එහෙම උසාවිය මග අරින්න පුලුවන්ද? නීතිගරුක වැදගත් කෙනෙක් නම් මෙහෙම බලය අතට අරගෙන මෝඩයෝ වගේ හැසිරෙන්නේ නැහැ. රටේ ජනාධිපති පවා නීතියට ගරුකළ යුතුයි. පැවිද්දෙක් වශයෙන් ඔබ වහන්සේ ඔය වගේ කතා කීම සුදුසු නැහැ. වැරදි ආදර්ශ...

:       9       29

නොකවුට් Saturday, 18 January 2020 01:24 PM

පැවිද්දෙක් වුණාම කට වහගෙන ඉන්න ඕනෑද?

:       2       1

මුණසිංහ Friday, 17 January 2020 04:20 PM

ගණන් ගතයුතු තරම් ලොකු දෙයක් මෙතන නැහැ. වංචා, දූෂණ කතන්දර නැහැ. පුද්ගලික ගැටලුවක් පමණයි.

:       28       240

BamunuarachchiSaturday, 18 January 2020 03:01 AM

ඔබ හරියට හරි. සමහරුන්ට ඕනේ ඕපාදූප කතා කරන්න. ඒ ගොල්ලන්ට මේක විශාල ප්‍රවෘත්තියක්.

:       2       59

wije Friday, 17 January 2020 04:30 PM

මෙතන අදහස් දාලා තියන කට්ටිය මේක හරියට තේරුම් අරගෙන නැහැ... ලොක්කන් වගේ කාවහරි පහත්කරලා අදහස් දානවා. හොඳට බලන්න විදුරව වරෙන්තු කරලා තියෙන්නේ එයාගේ සහෝදරියට බැන්නා කියලා ඒකටත් මොකක්හරි හේතුවක් ඇති. විදුරගේ සහෝදරිය කොහොම කෙනෙක්ද කියලවත් ප්‍රශ්නය මොකක්ද කියලාවත් අපි කවුරුවත්ම දන්නේ නැහැ නේද? කොහොම වුණත් ඒක එයාලගේ පවුලේ ප්‍රශ්නයක්. අපිට ඒවා වැඩක් නැහැ. මේ රටේ එහෙම ප්‍රශ්නයක් තියන එකම කෙනා විදුර විතරද? මොකද විදුර මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලද, එහෙමත් නැත්නම් පගා ගහලද, කුඩු විකුණලද, මහ බැංකුව මංකොල්ල කාලද, නිධන් හොරකම් කරලද, මැරයින් දාලා මිනිස්සුන්ට ගහලද, මිනීමරලාද, නීතිය කරවන අයට බලපෑම් කරලද? අහිංසක මිනිස්සුන්ගේ සල්ලි කෝටිගණන් හොරකම් කරන දේශපාලකයන් ඉන්න රටේ විදුර කියන්නේ ඇත්තටම ආදර්ශමත් දේශපාලන චරිතයක්... පවුල්වල ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ කොහෙවත්ම නැතුව ඇති. එයාගේ පවුලේ ප්‍රශ්නය එයාට විසඳගන්න ඉඩදෙන්න. මෙතන වැරදි අදහස් දාලා බොරුවට කාඩ්බෝඩ් වීරයන් වෙන්න හදන්න එපා....

:       424       1413

tissa babaSaturday, 18 January 2020 12:32 AM

විජේ ඔබ හරි. ඒවා පුද්ගලික ප්‍රශ්න. අපි මොනවද දන්නේ සහෝදරිය මොන විදිහේ දෙයක් කළාද කියලා...

:       0       9

HMSaturday, 18 January 2020 01:44 AM

ඔබගේ අදහස සියයට 100ක්ම හරි...

:       0       8

lanka Friday, 17 January 2020 07:25 PM

මම මේ කල්පනා කරන්නේ පවුලේ උදවිය එක්ක සාමයෙන් ඉන්න බැරි මිනිස්සු කොහොමද රටේ මිනිස්සු එක්ක සාමයෙන් ඉන්නේ කියලා..?

:       4       5638

සනත් ඉතාලිය Friday, 17 January 2020 09:36 PM

ඇත්තටම මේක පත්තරේ දාන්න තරම් නිව්ස් එකක් නෙමේ. ගරිල්ලා මාකටින් කියන්නේ මේවට.. මේක පවුලේ ආරවුලක්. කිසිම ඡන්ද දායකයෙකුට මෙයින් අවුලක් නැහැ.

:       0       16

P. de. silva-North America Friday, 17 January 2020 10:31 PM

විදුර වික්‍රමනායක, මට නම් ඔහු කෙලින් කතාකරන සහ වැඩකරන පුද්ගලයෙක් සේ පෙනේ. ඔහුටත් ප්‍රශ්න නගයි නම් ඒ කියන්නේ මේ ආණ්ඩුව රාජපක්ෂ පවුලට යටහත් පහත් නැති අයට තැනක් නොමැති බවයි. මලයා ජනාධිපති වුණාට අයියා තමයි වැඩේ ගෙනියන්නේ. එසේ නම් කොපමණ කලක් ගෙනියයිද? කොළඹ සහ අනිකුත් තැන් දියුණු කළාට පිටිසර ගම්වල අසරණ ජනයාට යාමට හරි හැටි පාරක් පාලමක් නැත. මේවට තමයි කියන්නේ කොළඹට කිරි, ගමට කැකිරි කියා. ඇස් ඇර දුර බලා වැඩ කලොත් හොඳයි , නැත්නම් කොයි ආණ්ඩුවටත් යන කල තමයි. පාට පක්ෂ දේශපාලනයෙන් තොර උපන් රට වෙනුවෙනි. ජය ශ්‍රී ලංකා....

:       9       17

vijitha Saturday, 18 January 2020 01:05 AM

විදුරගේ ඇතුලාන්තය බොහොම දෙනෙක් දන්නේ නැහැ. ඔහු උපාධියට ඉගෙනගත්තේ පිලිපීනයේ ලොස්බනෝස් විශ්ව විද්‍යාලයේ.... 1980-1983 දක්වා. මේ කාලයේ ඔහු ව්‍යාජ චෙක්පත් ඉදිරිපත් කරලා බැංකුවලින් මුදල් වංචාකරලා තියෙනවා. අන්තිමටම ඔහුව රටින් පැන්නුවා.

:       0       3

Bamunuarachchi Saturday, 18 January 2020 02:59 AM

ඕවා අපට අදාළ නැති පුද්ගලික දේවල්... ඒවා ගැන කතා කිරීමට, විමසා බැලීමට අපට අයිතියක් නැත. කුණුගොඩවල් ඇවිස්සුවාට අපි මොකට උත්තර දෙනවද?

:       98       81

සංජීව Saturday, 18 January 2020 07:48 AM

ඒ මොන මඟුලක් වුණත් උසාවියකින් කැඳවීමක් ලැබුණාම අනිවාර්යයෙන්ම පෙනී සිටින්න ඕනෑ. දැන් මෙයාලගේ ආණ්ඩුව නිසා ලොක්කා වෙන්න යන්න ඇති. බලේ ඔලුවට ගැහුවම මෙහෙම වෙනවා. නීතියට ගරුනොකරන අය බලු කූඩුවට දාන්නම ඕනෑ.

:       6       22

BamunuarachchiSaturday, 18 January 2020 10:46 AM

උසාවියකින් එන්න කීවාම නොගියොත් වරෙන්තු ලැබෙන බව නොදන්නා තොත්ත බබෙක් නොවෙයි මෙයා. උසාවි සම්බන්ධ වෙන හැම අවස්ථාවේම ඒ පුද්ගලයා නීතිඥයෙක්ගේ සහාය ගන්නවා. ඒ අනුව කටයුතු කරනවා. මෙයා උසාවියට එන්නේ නැහැ කියන එක කියන්නෙත් නීතිඥයෙක් මාර්ගයෙන්. එමනිසා එ් ගොල්ලෝ එය බේරා ගත්තාවේ.

:       0       0

BamunuarachchiSunday, 19 January 2020 05:19 AM

මේක පවුලේ ප්‍රශ්නයක්. ඔබේ බිරිද සමග හෝ සහෝදරයෙක් සමග ප්‍රශ්නයක් ඇති උනාම මම රජෙයේ අහවලා කියන සිරිතක් තිබෙනවාද ? එහෙම කියනවාද? කාට ලොකුකම් පෙන්නුවත් දේශපාලන ලොකුකම් පවුලේ අයට අදාළ නැත. එම නිසා ඔබ ඔය කියන "දැන් මෙයාලගේ ආණ්ඩුව නිසා ලොක්කා වෙන්න යන්න ඇති. බලේ ඔලුවට ගැහුවම මෙහෙම වෙනවා. නීතියට ගරු නොකරන අය කූඩුවට දාන්නම ඕනෑ". කතාව නිෂ්ප්‍රභ වෙනවා. සිහි බුද්ධියෙන් කතා කොරන්න.

:       0       0

Karunarathna Gampola. Saturday, 18 January 2020 03:26 AM

කරතොට ධම්මසිරි හිමියනි, විජේ මහත්මයාණෙනි, රාජ නීතියට මේ කිසිම දෙයක් නිදහසට කරුණු නොවේ. තථාගතයන් වහන්සේ දවස, කොසොල් මහරජාණන්ගෙන් බමුණු කුලපුත්‍රයෙකුට මරණයෙන් බේරීමට නොහැකිවනසේ නියෝග දුන්බව දහමේ සඳහන් වේ. නීතිය සැමට සාධාරණ වියයුතුයි.

:       0       11

නොකවුට් Saturday, 18 January 2020 07:08 AM

උන්නැහේ මෙතන වරදක් වෙලා තියෙන්නේ උසාවියට නොගිහින් හිටපු එක මිසක් මංකොල්ල කාලා නෙමෙයි. තමන්ගේ නංගිට බැණපු එක.... රංජන් වගේ අය දුරකථන වලින් කතාකරපු දේවල් වල හැටියට මේවා මොනවද?

:       4       8

SiriSaturday, 18 January 2020 06:28 PM

රාජ නීතියටම පසුගිය දවස්වල වැඩ කෙරුනාද? එක නඩුකාරයෙක් ඇතුලට දාපු කෙනාව තවත් නඩුකාරයෙක් එළියට දානවා.

:       0       0

Ramani Saturday, 18 January 2020 03:29 AM

විදුරගේ සහෝදරිය හැමදේටම උසාවි යන කෙනෙක්. දුවට ගුරුතුමිය දඬුවම් කරාට විරුද්ධව දුවගේ පාසලක් මේ දවස්වල ජිනීවා ගෙනිහින්බව පත්තරවල ගියා. ඒ නිසා මේ ප්‍රශ්නය උසාවියටම බාරදෙන්න.

:       3       166

Gamage Saturday, 18 January 2020 03:29 AM

අර කාගේද බිල්ඩිමක තමයි කෘෂිකර්මාන්ත අමාත්‍යාංශය පවත්වාගෙන යන්නේ... ඒ නිළියකගේ බිල්ඩිමක්ලු... මෙතුමා කියලා තිබන ඔය බිල්ඩිමෙන් අයින් කරන්න ඕනේ කියලා... මොකද කෝටි ගාණක් ඕකට වැය කරනවා කියලා අපරාදේ. ඕක කියලා දවස් කීපයයි ගතවුණේ මෙන්න මෙතුමාට නඩු දාලා.. කොහොමද අර බිල්ඩිම අයිතිකාරියගේ පවර් එක... අනිත් එක කොහොමද අලුත් ආණ්ඩුව ඇවිල්ලා මාස දෙකයි රෝද හතරේම හුළං ගිහිල්ලා.

:       140       287

athuraSunday, 19 January 2020 05:52 AM

සහතික ඇත්ත කතාව. අපේ මිනිස්සු හරි මෝඩයි.

:       0       0

wije Saturday, 18 January 2020 06:46 AM

කරුණාරත්න ගම්පොල මහතාණනි, ඔයා කියන විදියට නම් මේ රටේ ඉන්න හැම කෙනෙකුටම විරුද්ධව නඩු දාන්න පුළුවන් ඔයාටත් විරුද්ධව නඩු දාන්න පුළුවන්.. ඇයි ඔයා කවදාවත් පවුලේ කෙනෙක් එක්කවත්, අසල වැසියෙක් එක්කවත් කිසිම ප්‍රශ්නයක් ඇතිවෙලා නැත්ද? කාගේ හරි පොඩි වරදක් දැකපු වෙලාවට හැමෝම සුද්දවන්තයින් වෙන්න හදනවා. මේවාද කතාකරන්න ඕන ප්‍රශ්න? අර කෝටි ගාණක් වියදම් කරලා කෘෂිකර්ම අමාත්‍යාංශය තියන ගොඩනැගිල්ලට ගෙවනකොට කොන්ද කෙලින් තියාගෙන ඒකට විරුද්ධ වුනේ විදුර නේද? කවුරු කොහොම කිව්වත් විදුර කියන්නේ ගරු කළයුතු දේශපාලන චරිතයක්...

:       0       7

සංජීව Saturday, 18 January 2020 07:54 AM

මේ මනුස්සයා අර සබීතාගේ බිල්ඩිම ගැන කිව්ව එකට ආණ්ඩුවෙන් දුන්නු රිටර්න් එක තමයි මේ... නඩුදාලා කට වැහීමේ කලාව. රටට වෙච්ච දෙයක්...

:       2       65

Yama Saturday, 18 January 2020 09:40 AM

මේ නඩුව අහන්නේ අඩුම ගානේ 2019පෙබරවාරි මාසයේ ඉඳලා. පෙබරවාරි 21 පත්තරවල තිබුණා සහෝදරිය විසින් ඇයට විදුර ගැහුවා කියලා පැමිණිලි කරපු බවත් ඔහුට ඇප නියම කරලා නඩුව මැයි 24ට කල්දාපු බවත්. සබිතාගේ කතාව මේකට අදාළ නැහැ. මේ වගේ කමෙන්ට් දාන්න කලින් අඩුගනනේ ඉන්ටර්නෙට් එකවත් බලන්න.

:       1       4

dickie bird Saturday, 18 January 2020 11:24 AM

අයියෝ දේශපාලන බත්බැලයෝ මෙතන ලියන දේවල්.. මේක පුද්ගලික ප්‍රශ්නයක් විතරයි. දේශපාලකයෙක් හැටියට ඔහු ආදර්ශ සම්පන්නයි.

:       0       1

Buddika Saturday, 18 January 2020 12:23 PM

කතාව නම් නීතිය, යුක්තිය, සාධාරණත්වය ගැන... ඒත් තමන්ට තියෙන නඩුවලට උසාවි නොයා මගහරිනවා. ගෙදර මිනිස්සුම නඩු දාද්දි හිතාගත හැකියි ගෙදරටවත් සලකන්නේ නැහැ කියලා. මරු ජනතා නියෝජිතයෝ...

:       0       0

Sarath R Saturday, 18 January 2020 01:50 PM

බැන්න කෙනාද, බැඳුම්කර හොරාද, ලොකුම අපරාධකාරයා? හැමෝම කියනවා වගේ යකාගේ නීතියක්නේ ලංකාවේ තියෙන්නේ...!!

:       1       0

සමන්ත Sunday, 19 January 2020 01:09 AM

දැන් බලාගන්න. මේ තමයි රට හදන්න, ජාතිය රකින්න ආපු මුර දේවතාවෝ. කවුරු කැමති උනත්, නැතත් ඒකනේ ඇත්ත කතන්දරේ. ඒත් අපි ඇත්ත කතා කරාට මේ ඔක්කොම හොරු. තක්කඩියෝ.මැරවරයෝ.වරප්‍රසාද ගන්න බලාගෙන අලුතෙන් දේශපාලනේට ආපු ,කිසිම දැක්මක් නැති තක්කඩියෝ. පක්ෂ විපක්ෂ භේදයක් නෑ. එක තමයි ඇත්ත. අපි මේ තක්කඩියන්ගේ ගොදුරු බවට පත්වෙලා. ඒ අයට කිසිම චරිතයක් නැහැ.ආදර්ශයට ගත හැකි කිසිම දෙයක් ඒ ජීවිත තුළ නැහැ. හැබැයි කියන්නේ ඒ අය නායකයෝල අපි අනුගාමිකයෝලු. අපි මේ තත්වය වෙනස් නොකළොත් ඔබ අපි ඔක්කොටම වෙන්නේ අනාගතයේ දවසක වහ කන්න. ඔය බමුණුආරච්චි වගේ අය ඒ අයට කඩේ ගියාට නියම ශ්‍රී ලාංකිකයෝ දැන්වත් මේ ඇත්ත තේරුම් ගන්න.

:       0       1

sudda Sunday, 19 January 2020 08:11 AM

මේ සමහර කමෙන්ට්ස් වල තියෙන විදිහට ඉන්ටනෙට් එකට ගිහින් බැලුවම පෙනෙනවා මේ නඩුව ගොනුකරලා තියෙන්නේ අඩු ගණනේ ගිය අවුරුද්දේ පෙබරවාරියේ කියලා. එතකොට රාජපක්ෂලා බලයේ හිටියෙත් නැහැ. විදුර ඇමතිකමක් අරගෙනත් නැහැ. ඉතින් මේ නඩුව පැහැදිලිවම පරණ නඩුවක් බව පෙනෙද්දී මෙයට රාජපක්ෂලාව පටලන්නෙ මොකද? විදුර නොදන්වා උසාවි යාම වැරදියි. නමුත් මේ පවුලේ හුටපටයකට ආණ්ඩුවක් ගාවන්න හදන කට්ටියනම් (1) එක්කෝ විදුරට නඩු දාපු සහෝදරියගේ හිතවතුන්, එහෙම නැත්නම් (2) රාජපක්ෂලාට විරුද්ධ නිසා කමෙන්ට් දාන කට්ටිය, නැත්නම් (3) මොලේ දියුණු නැති ගෝතයෝ රෑනක් වෙන්න ඕන. 1 සහ 2 කට්ටිය 3 ගොඩෙත් ඉන්න පුළුවනි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 48 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 136 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 672 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 68 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 232 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 223 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1707 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1549 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site