(අජිත්ලාල් ශාන්තඋදය)

නැගෙනහිර පළාතට ස්ථාන මාරුවක් ලැබූ තමා වත්මන් රජයේ ඇමැතිවරියක වූ තලතා අතුකෝරළ මහත්මියගේ සහාය ලබමින් මහත් ආන්දෝලනාත්මක මේ නඩුවේ පැමිණිල්ලේ සාක්කි දීම හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ චක‍්‍රලේඛවලට ද පටහැනි අන්දමින් මාස අටකින් නැවත තමා පදිංචි රත්නපුර දිස්ත‍්‍රික්කයේ සේවයට පැමිණි බවට විත්තියේ නීතීඥවරයා කරන චෝදනාව පිළිනොගන්නා බව පොලිස් පරීක්‍ෂක සුසන්ත සමන් කුමාර බෝදරගම (49) මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා හමුවේ අද (19) සාක්කි දෙමින් කියා සිටියේ ය.

ඔහු මේ බව පැවසුවේ රත්නපුර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහි අධිචෝදනා නවයකින් යුතු නඩුවේ වැඩිදුර සාක්කි විභාගය අද අරඹමින් තුන්වන විත්තිකාර පේ‍්‍රමලාල් ජයසේකරගේ නීතීඥ අනිල් ද සිල්වා මහතාගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.