IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විජයදාසට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මතයි

(හර්ෂණ තුෂාර සිල්වා)

අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විශ්වාසය නැතැයි සඳහන් කරමින් ඉදිරිපත් වූ යෝජනාව අද (17) එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ ඒකාබද්ධ රැස්වීමේදී ඒකමතිකව සම්මත විය.

වැඩිදුර කියවන්න http://www.lankadeepa.lk/latest_news/01111155



අදහස් (26)

විජයදාසට එරෙහි යෝජනාව ඒකමතිකව සම්මතයි

sugath sanjeewa Thursday, 17 August 2017 09:23 AM

යන්තම් ඇති.. හිතට ඇතිවෙච්ච සතුටක්...

:       21762       15291

nishanThursday, 17 August 2017 10:53 AM

විජේදාස එළියට යන්න ගිහින් මහපාරේ, සී.අයි.ඩී. එකේ, උසාවි ගාණේ රස්තියාදු වෙන ඒකාබද්දේ හොරු සමඟ අත් වැල් බැඳ ගන්න....

:       8490       4176

roshan Thursday, 17 August 2017 09:36 AM

එ්කාබද්ධයට තවත් රාජපක්ෂ කෙනෙක්...

:       8732       4679

HafeelThursday, 17 August 2017 07:27 PM

ඉදිරියේදී විජේදාස එකතු වේවි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා, ආචාර්ය දයාන් ජයතිලකලත් එක්ක

:       0       1

Wishwakarma Thursday, 17 August 2017 09:36 AM

මඩපාත කපිලවස්තු මාලිගාවල වැඩ නිමකරන්න එහි රජසැප විඳිමින් ඉන්න පූර්ණකාලීන නිදහස ඔබට ඉක්මනින් ලැබේවා!

:       1441       292

Praba Thursday, 17 August 2017 09:37 AM

ඒ කියන්නේ හොරකම් කළ අය හැමෝටම විශේෂයි. මේකද ඔයාලගේ යහපාලනය...?

:       162       353

ලුම්බිණි Thursday, 17 August 2017 09:39 AM

දැන් ඉතින් කරදරයක් නැතුවම අනෙක් පැත්ත එක්ක (තමන් හිටි තැනටම) එකතු වෙන්න පුළුවන් නේ. හම්බන්තොට වරාය අපහු ගන්නකම් අපි බලා ගෙන ඉන්නවා හොඳද?

:       1330       1430

SampathThursday, 17 August 2017 10:39 AM

ලුම්බිණි දන්නවද රජය විසින් පවර ගත්ත නෙවිල් ප්‍රනාන්දු රෝහලට රජයෙන් වෙන් කල වාර්ෂික වියදම රු. මිලියන 2400 සහ හම්බන්තොට වරාය 99 අවරුද්දකට බදු දීමෙන් රජයට ලැබෙන වාර්ෂික ආදායම රු. මිලියන 1703 වන බව? දැන්වත් තේරෙනවාද හම්බන්තොට වරාය ඩීල් එක අපේ රටට කොච්චර පාඩුද කියලා?

:       406       957

ramaniFriday, 18 August 2017 02:19 AM

ලුම්බිණි හිතන්නේ ලාංකිකයෙක් විදිහටද නැත්නම් පිටරැටියෙක් විදිහටද? ඔබ විජයදාස රාජපක්ෂට අකමැතිකම වෙනම දෙයක් නමුත් ඔය කතාකරන්නේ මුහුණ එක්ක තරහ නිසා නහය කපාගන්න නේද. ඔබ ලංකාවේ කෙනෙක් නෙවෙයිද ලංකාවට හෙගහුවට කමක් නැහැ කියලා පෙන්නන්නේ.

:       10       1

sathyayaa Sunday, 20 August 2017 11:53 PM

පරම රමණි, ලංකාවට අමුතුවෙන් හෙන ගහන්න ඕනේ නැහැ. දවස ගානේ හෙන එක පිට එක පාත් වෙනවා. ඔයත් පන්දම නිවාගෙන ටිකක් නිශ්ශබ්දව පරිස්සමින් ඉන්න.

:       0       0

nishanath dombagoda Thursday, 17 August 2017 10:21 AM

අනේ හොඳා.... දැන් ඉතින් රටටම කිරි උතුරනවා දුගී දුප්පත්කම නැතිවෙනවා ඔක්කොම දියවන්නාව කට්ටිය සෝවාන් වෙනවා.... සාදු සාදු සාදු !!!

:       82       188

roshan Thursday, 17 August 2017 10:23 AM

මෙයා අර නැව් වදයෙනුත් ගොඩ ගියානේ ...

:       368       114

ඩීල්දාස Thursday, 17 August 2017 10:27 AM

ඩීල්දාසට අස්ගිරිය පිළිබඳ ඇමැතිකම දෙන්න.

:       1492       1024

mahee Thursday, 17 August 2017 10:43 AM

ඉතින් ඕකට යෝජනා සම්මත කරන්න ඕනෑද? ලොක්කාට කෙලින්ම මෙයාව අයින් කරන්න බලතල තියෙනවනේ... සාමුහික වගකීම කැඩුවා කියලා.

:       81       151

ajith Thursday, 17 August 2017 11:02 AM

ආණ්ඩුවේ බැරිකම වහගන්න තමයි මේක කෙරුවේ. අවුරුදු 2ක් වෙලත් එක හොරෙක් අල්ලගන්න බැරි වුණා. හරිනම් ඔක්කොම ගෙදර යන්න ඕනෑ.

:       224       659

Ranjith Silva Thursday, 17 August 2017 12:00 PM

හොරකම් කළ අයට කොහෙද ගෞරවයක්?

:       0       111

jayampathi Thursday, 17 August 2017 12:46 PM

විජයදාස රාජපක්ෂ වැඩ කරන්නේ කා සමඟද කියලා හොඳටම පැහැදිලි වෙන්නේ... ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ගම්මන්පිල, මහින්ද රාජපක්ෂ, ජී.එල්. පීරිස් වැනි අය දැනටමත් ප්‍රසිද්ධියේ කියනවා විජයදාස රාජපක්ෂ මහතාව රැකගත යුතු බව... එයින් ගම්‍ය වන්නේ ඔහු ඒකාබද්ධයේ අතකොළුවක් බව නොවේද? ඉතින් පහුගිය කාලයේ වංචාවන් වලට අධිකරණයෙන් සාධාරණයක් සිදුවේවිද ?

:       1295       1125

පිටිගල මිලානෝ Thursday, 17 August 2017 02:03 PM

බොහොම හොඳයි!

:       150       107

Sam Thursday, 17 August 2017 02:10 PM

බොරුවෙන් රජවී, බොරුවෙන් දුවන වැඩ බැරි හොර ආණ්ඩුවේ අවසන් කාලයේ තවත් විකට ජවනිකාවක්... හොඳ වෙනසක් සැප විඳින්න. අපරාදේ රටේ ධනය, කාලය, සංවර්ධනය, විනාශයි අවුරුදු 3කටත් ළඟයි. තවම දොඩවනවා, ඔළුගෙඩි මාරුකරනවා විතරයි. මේ රටට දක්ෂ දේශපාලකයෝ අවශ්‍යයි. පක්ෂය කුමක් වුණත් කමක් නැහැ.

:       228       825

lalith Thursday, 17 August 2017 03:14 PM

ඒ වුණාට වැඩේ කියන්නේ, අර මහ බැංකුව කාපු හොරු, එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය සහ ආණ්ඩු පක්ෂයේ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම, ඒකමතිකව විශ්වාස කරනවනේ... නේද?

:       96       197

chandi Thursday, 17 August 2017 04:24 PM

මේ කරපු වැඩෙන් කි පාරක් ආයෙත් තිරුමාලා යන්න වෙයිද දෙවියනේ?

:       0       0

kasun Thursday, 17 August 2017 06:24 PM

ඒ මනුස්සය විතරයි තාන්නමාන,වරප්‍රසාද නොසලකා කොන්ද කෙලින් තියන් විශේෂයෙන් සිංහල, බෞධයෙක් වශයෙන් කතාකලේ !! අනේ මමත් මෙහෙව් නුගුනෙන් පොහොසත් මිනිසුන්ගෙන් පිරි රටක ඉපදුනානේ!!

:       125       414

rohana Friday, 18 August 2017 12:03 AM

ප්‍රමදවිහෝ ගත්ත තිරණය නිවැරදියි . අදිකරණය වේගවත් කරන්න. මින් අදහස්වන්නේ අදිකරණයට බලපෑම් කිරිමනොව නඩු කෙටිකාලයක් තුල විසදීමට ක්‍රම උපායන් ඇතිකිරීමයි .

:       42       0

samarage Friday, 18 August 2017 12:37 AM

තමුන් උපන් රට සහ එහි රටවැසියෝ වෙනුවෙන් කතාකිරීම රාජද්‍රෝහී ක්‍රියාවක් බව තීරණය කර මේ ආණ්ඩුව පත් කරපු උදවියට ජය වේවා.

:       0       23

rohan Friday, 18 August 2017 02:23 AM

විරුද්ධවාදීන් සමග ඩීල් දමාගෙන කටයුතු කරන විජේදාස අධිකරණ සහ බුද්ධ ශාසන ඇමැතිධූර වලින් ඉවත් කර ‘දියරෙද්දෙන් බෙල්ල කැපීමට‘ හෝ රෙජීමයේ 'අපුල්ලන්ගේ 'ඇමැතිධූරය සදහා නම් කරන්න..........

:       54       0

sathyayaa Monday, 21 August 2017 12:03 AM

දේශපාලන දෙස ආවේග ශීලිව බලා රාජපක්ෂලා දඬු කඳේ ගැසිය යුතුද නැත්නම් අතවත් නොතිබිය යුතුය කියන අදහස් දෙකම අතාර්තික මතයන්. රටට අවශ්‍ය කිසිම දේශපාලන බලයකට අවනත නොවී සාක්ෂි ඇත්නම් වරද ඔප්පුකල හැකි ඕනෙම අපරාධ කාරයෙකු මොන බලවතෙක් උනත් තරා තිරම නොබලා අධිකරණය ඉදිරියට ගෙන ආ හැකි කොන්ද පන තියෙන ඇමති කෙනෙක්. අගමැතිගේ තෝරාගැනීම පරාජයට පත් වීම නිසා, දැන් වාරය ඇත්තේ ජනාධිපති අත. ඔහුත් රාජපක්ෂලාට බිය වුවහොත් රටට අබ සරණයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 56 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 158 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 433 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 685 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 278 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 146 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1530 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site