IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

(අනීෂා මානගේ)

රන් භාණ්ඩ වංචාවක් සම්බන්ධයෙන් තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් භාරයට පත්ව සිටි ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ හෂිනි අමේන්ද්‍රා මේ මස 26 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කිරීමට තංගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් මහී විජේවීර මහතා අද(17) නියෝග කළේය.  

2012 සිට 2016 දක්වා කාලයේදී තංගල්ලේ පිහිටි රාජ්‍ය බැංකුවක උකස් අංශයේ සේවය කරමින් සිටියදී එම බැංකුවට උකස්කර තිබූ රුපියල් 12,80,000ක් වටිනා ස්වර්ණාභරණ අතුරුදහන්වීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හෂිනි අමේන්ද්‍රා පසුගිය 9වැනි දින තංගල්ල කොට්ඨාස වංචා විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.



අදහස් (21)

වික්ටර් රත්නායකගේ බිරිය යළි රිමාන්ඩ්

Bimal Wednesday, 17 January 2018 07:10 AM

අනුන්ගේ නෝනලාගේ වැරදි සොයනවාට වඩා තමන් නෝනා කෙනෙකු තෝරා ගන්නකොට හොඳ සිහියෙන් ඒ කටයුත්ත කරගැනීම නුවණට හුරු වගේ.

:       168       110

KANDEPOLA Wednesday, 17 January 2018 07:12 AM

ලක්ෂ 12ක්නෙ. ඒකයි පිට පිට රිමාන්ඩ් වෙන්නේ. බිලියන 12ක් වුනානම් ඇප ගන්න තිබ්බා.

:       11       310

asad Wednesday, 17 January 2018 07:36 AM

මම හිතන්නේ මේක පුවතක් විදිහට පලකල යුතු දෙයක් නොවෙයි කියලයි. මොකද ඔයිට වඩා රටේ ආර්ථිකයට බලපාන විදිහට රත්තරන් අතුරුදහන් කළ අය එළියේ නිදහසේ ඉන්නවා.

:       195       197

පිටිගල මිලානෝ Wednesday, 17 January 2018 07:50 AM

ගාන්ධර්වයාණනි, ගුත්තිලත් තත කඩා ගත්ත එකේ ඔබ ගැන කවර කතාද? ගොනා හැරෙන්නේ වල් පැලේටද පොල් පැලේටද යන්න කෙසේ වෙතත් ආලෝකයට ආලබඳිමින් ගින්දර වෙත යන කණාමැදිරියාට වෙන්නේ මොකක්ද කියලා වටහා ගත්තොත් හොඳයි.

:       163       59

PA - RA Wednesday, 17 January 2018 07:51 AM

එතකොට ඒ රාජ්‍ය බැංකුවක රුපියල් ලක්ෂ 12ක් නේද! එතකොට අර එකයි බින්දු 18ක් තියෙන එකට මොකෝ කරන්නේ.

:       2       136

ආනන්ද දොඩන්ගොඩ Wednesday, 17 January 2018 08:11 AM

හොරකම වුණත් ලක්ෂ ගානක එකක් කළාම රිමාන්ඩ් වෙනවා. උසාවි ගානේ රස්තියාදු වෙනවා. එසේ නොවන්නට මිලියන හෝ බිලියන ගානක සොරකම් කල යුතුයි. වඩාත් හොඳ පාර්ලිමේන්තුවේ සාමාජිකයකු වීම හෝ මැතිඇමති වරයකු වීමයි. එසේ වුණු විට හොරා කිහිපයකින් එළියේ.. එසේ නොවුණහොත් නඩු අසන්නා එළියේ, මෙවන් රටක ඉපදීමත් වාසනාවක්... පෙරදිග හොර ගුහාවක් බවට පත්වෙලයි තියෙන්නේ..

:       4       1574

Sathsarani Wednesday, 17 January 2018 08:28 AM

කවුරු වුණත් නීතිය කාටත් පොදුයි.

:       58       123

Thusha Wednesday, 17 January 2018 09:44 AM

තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කර ගත් රත්තරන් බඩු, මුදල් හදිස්සියකට බැංකුවකට උගස් කර, පුළුවන් කාලයක ඒවා බේරගන්න ගිය විට තිබුන තැනින් අතුරුදහන් වුන බව දැන ගත්තම හිතට දැනෙන කණගාටුව, කෝපය ගැන දන්නේ එම තත්වයට පත් වූ කෙනා පමණයි. ඇයි කව්රුවත් ඒවා ගැන කතා කරන්නේ නැත්තේ.?

:       0       57

Bamunuarachchi Wednesday, 17 January 2018 10:09 AM

දැන් වැඩේ වැරදුණා වික්ටර් රත්නායකගේ බිරිඳ කියලා කොහොමද දැන් ලැබෙන ප්‍රසිද්ධිය... දැන් ඉතින් මැක්කොත් එක්ක නැගිටින්න තමයි වෙන්නේ...

:       0       42

sapthaka Maastar Wednesday, 17 January 2018 10:23 AM

රජ මාලිගා හෝ සිර කූඩුව හෝ සාදන්නේ ලොවේ සිය භාර්යාව වේ..

:       1       6

wedage Wednesday, 17 January 2018 10:39 AM

ඡන්දය ඉල්ලන්න සුදුසුකමක්... මේ නිසා ලබන ඡන්දය ඉල්ලුවොත් දිනනවා.

:       0       31

සපුමල් බණ්ඩාර​ Wednesday, 17 January 2018 11:19 AM

කොටින්ගෙන් අල්ලා ගත්ත රත්තරන් වලට වැඩේ දුන්න බවලතුන් තවම එළියේ. මේ බවලතා විතරක් ඇතුළේ...

:       5       109

pakeer Wednesday, 17 January 2018 02:09 PM

මට නම් මතක් වෙන්නේ බුදු බණ ! පව් අහිංසක වික්ටර් අන්කල්...

:       1       24

rocky Wednesday, 17 January 2018 02:28 PM

මේ හුටපටේට වික්ටර්ගේ නම ගාවන්නේ ඇයි? එයා නොවෙයිනේ හොරකම කෙරුවේ? ඔහුගේ පුද්ගලික ජීවිතේ ගැන අපට වැඩක් නැහැ. ඔහු තමන්ගේ සංගීතයෙන් මුළු රටම කුල්මත් කරපු කෙනෙක් බව අමතක කරන්න හොඳ නැහැ නේද? ඔහු කවුරු කසාද බැඳ ගත්තත් කාටවත් එකෙන් ප්‍රශ්නයකුත් නැහැනේ!

:       82       125

Ismail Hussein Wednesday, 17 January 2018 03:07 PM

වික්ටර් මහතා කරපු වැඩේ ගැන මම නං සතුටු නැත.

:       0       3

BamunuarachchiThursday, 18 January 2018 12:07 AM

Ismail එහෙම කීම ගැන මම ඔබගැන සතුටු වෙනවා මොකද ඔබ ඉස්ලාම් වලින් එලියට ගොස් ලෝකය දිහා බලන නිසා. මොකද නබිනායක තුමාත් අවුරුදු 8 ගැහැණු ලමයක් කසාද බැන්ද නිසා ඔබලාත් ඒ ක්‍රමය අනුගමනය කරන නිසාත් ය.

:       0       0

අබෙ Wednesday, 17 January 2018 03:24 PM

අන්කල්. අන්කල් විදියට හිටියා නම් මීට වඩා හොඳයි වගේ..

:       12       37

Sanath Wednesday, 17 January 2018 07:16 PM

දෛවයේ සරදම් ලබන්නට කීම මෙසේ අප හමුවුනේ

:       0       0

Bamunuarachchi Thursday, 18 January 2018 12:23 AM

වික්ටර්ගේ මේ හුටපටය ගැන කතා කොරන 99% සිංහල මිනිස්සු. හේතුව සිංහල බවුද්ද කම සංස්කෘතිය ගැන පුන පුනා සින්දු කීව මොහුගෙන් මෙවන්දෙයක් බලාපොරොත්තු නොවූ නිසා. තම අගමෙන්ම මෙවන් විවාහවලට ඉඩ ලැබී ඇති ඉස්ලාම් බතිමතෙක්ම් මෙතන වික්ටර්ගේ හුටපටෙට නොසතුට පලකරනවානම් තවත් මොනවාද?

:       0       0

rocky Thursday, 18 January 2018 03:07 AM

තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නට වික්ටර්ට ද අයිතියක් ඇත. ඔහු කවුරු විවාහ කර ගත්තත් එය නීති විරෝධී නැත නම්, එය ගැන කවුරු වත් කැමැත්ත අකමැත්ත පල කිරීමේ තේරුමක් නැත. ඇමරිකන් නොබෙල් ත්‍යාග ලාභී සෝල් බෙලෝ වයස 86 දී විවාහයක් කර ගත්තේය. වික්ටර් හියුගෝ අවුරුදු අසු ගණන් වලදී කාන්තාවන් ඇසුරු කළේය. අපේ හොඳම පාලකයෙක් වූ වසභ රජතුමා බිසෝ කමට ගත්තේ ඔහුගේ නැන්දාවය! මිනිස්සු විවාහ වෙන්නේ එක එක්කෙනාව සතුටු කොරන්න නොවේ!

:       0       0

de silva Thursday, 18 January 2018 09:28 AM

පුත්තු කියන දේවල් වල යම් කිසි සත්‍ය භාවයක් තිබෙන බව පෙනී යනවා , භාර්යාවගේ කැරැට්ටුව හොඳ නැති බව පෙනෙනවා , මට කණගාටු මේ මනුස්සයාගේ දේපල වලටත් තට්ටු කරලා , කිර්ති නාමයත් විනාශ කරලා ජිවිතයේ අවසාන අවස්ථාවේ මේ මනුස්සයාගේ හිතට දුකක් දීල මේ කාන්තාව මාරු වෙවිවිද කියල

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 620 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2016 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1482 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 835 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 2047 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 100 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 231 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1548 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1437 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site