( කේ බුද්ධික කුමාරසිරි )

කඩුවෙල කොතලාවල පට්ටියවත්ත ප‍්‍රදේශයේ නිවසක වැසිකිලි වළක තිබී අභිරහස් ලෙස මිය ගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් අද (14) හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.

එම කාන්තාව අතුරුදහන් වී ඇති බවට නිවැසියන් විසින් ඉකුත් 02 වැනි දා නවගමුව පොලිසියට පැමිණිලි කර තිබූ බවත් ඇය අතුරුදහන් වී ඇති බවට දැන්වීම් පති‍්‍රකාවක් ද ප‍්‍රදේශය පුරා ප‍්‍රදර්ශනය කර තිබූ බවත් පොලිසිය පවසයි

එම කාන්තාවගේ සහෝදරයකු එම  වත්තෙහි ඇවිදිමින් සිටියදී  වැසිකිලි වළ දෙසින් දුගඳක් දැනී ඇති හෙයින් එය විවෘත කර පරීක්ෂා කිරීමේදී මිය ගිය කාන්තාවගේ බවට සැක කළ හැකි කාන්තා මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙම මරණය වැසිකිලි වළට ඇද වැටිමෙන් වූ මරණයක් ද නැතහොත් වෙනත් ස්ථානයක ඝාතනය කර මෙම ස්ථානයට ගෙනවිත් දැමුවාද යන්න පිළිබදව පරීක්ෂණ පවත්වන බව  නවගමුව පොලිසිය පවසයි.