IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැලිකඩ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉවතට

(රංජන් කස්තුරි)

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත එහි වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කරන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (18) දැනුම් දුන්නේය.
 
එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දමා සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ විශේෂ සාකච්ඡාවක් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණි අතර එහිදී වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරිය   පිළිබද කරුණු 26 ක් ඇතුලත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදෙන දෙන ලදී. එය වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් සකස් කර තිබූ අතර, එම කරුණු පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස එම වෛද්‍යවරු  සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ. 
 
ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් එම පරික්ෂණය ඉල්ලා පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය.
 
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් හිස්වන පුරප්පාඩුව සදහා වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස ඡේ.කේ මල්වත්තගේ මහතා පත් කිරීමට නියමිතය. මෙම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී තනතුර පුරප්පාඩු වී ඇති බැවින් 2018 වස‍රේ දී එය පිරවීමට කටයුතු කරන ලෙස ද සෞඛ්‍ය අමාත්‍යවරයා දැනුම් දෙන ලදි. තව ද මෙම රෝහලේ වෛද්‍යවරුන් පිළිබදව මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කළ විමර්ශනයේ වාර්තාවක් කඩිනමින් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
 
 



අදහස් (17)

වැලිකඩ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ඉවතට

mahee Monday, 18 September 2017 09:40 AM

හත් ඉලව්වයි, ඇමතිතුමා ඕකට වෛද්‍ය සංගමේ අනුමැතිය ගත්තේ නැද්ද? එහනම් ඊ ළඟ වර්ජනේට ලෑස්ති වෙන්න වෙයි.

:       516       625

ලුම්බිණි Monday, 18 September 2017 09:50 AM

කල යුතුව තිබුනේ බොහෝ කලකට ඉස්සර.

:       101       273

පිටිගල මිලානෝ Monday, 18 September 2017 10:07 AM

මාරු කරලා විතරක් මඳි. මැයගේ පෙර නිර්දේශ වෛද්‍ය සභාවක් මගින් පරීක්ෂණය කර වැරදි කර ඇත්නම් දඬුවම් දෙන්න. මැයගේ වත්කම්ද පරීක්ෂා කරන්න.

:       187       438

naradha Monday, 18 September 2017 10:08 AM

මේ වෛද්‍ය නිලධාරිනිය තමුන්ට ඉහලින් ආ නියෝගයක් පිළිපැද්දාද කියාත් සොයා බැලිය යුතුයි.

:       2       134

සිවුපා දෙණිය​ Monday, 18 September 2017 10:18 AM

යූ.කේ වලත් නැති GMOA ප්‍රමිතිය වෙන්න ඇති නේ

:       66       208

rohana Monday, 18 September 2017 10:24 AM

දැන්වත් දේසපාලකයින් බන්දනාගාර රෝහල් ගතවෙන එක නවතීද?

:       0       171

siri Monday, 18 September 2017 10:39 AM

ලඟදි කවුරුහරි "ලොක්කෙක්වත්" එහෙ යවන්න සුදානමක් තියෙනවද මේ සුද්ධ පවිත්‍ර කරන්නේ?

:       97       135

husen-riyad Monday, 18 September 2017 10:58 AM

එහෙමනම්, ලලිත් සහ අනුෂ පැල්පිට දෙන්නත් රෝහලින් බන්ධනාගාරයට යවයිද? ඒක නම් වෙන්නේ නැහැ. රනිල්-මහින්ද සාකච්ඡාවේ ප්‍රතිඵලයක් නිසා, ඒක වෙන්නේ නැහැ.

:       1       273

kumar (galf) Monday, 18 September 2017 11:01 AM

ජරාව දුන්නාම ඔක්කොම දේශපාලකයෝ, කුඩු රජවරු, කාලය ගෙවන්නේ බන්ධනාගාර රෝහලේ...

:       0       154

shameer Monday, 18 September 2017 11:15 AM

බන්ධනාගාර රෝහල දැන්නම් පුද්ගලික රෝහලක් වගේ.... සල්ලි දෙනවා නම්,.. ලෙඩක් නැතුව හරි ඕනෙම කෙනෙක්ව බාර ගන්නවා....

:       1       334

Saman Monday, 18 September 2017 02:12 PM

ඔන්න දොස්තරලා දොස්තරලම ඇනකොටා ගන්නවා.

:       50       34

රොෂාන් Monday, 18 September 2017 04:15 PM

වෙන රටවල දොස්තරලා රෝගීන් සුව කරනවා. අපේ රටේ දොස්තරලා සුවෙන් ඉන්න අයව රෝගීන් කරනවා. කොහොමද ශ්‍රී ලංකා වෛද්‍ය කොලිටිය?

:       0       152

ජගත් ලියනගේ Monday, 18 September 2017 04:52 PM

ඇති යාන්තං.

:       0       29

Chanak Los angeles Tuesday, 19 September 2017 12:31 AM

සහෝදර සමාගමට , ඒකාබද්ද රෙලට හිතට ගොඩක් අමාරු ඇති ..ඔය දොස්තරගේ වත්කම් බැරකම් සොයා බැලිය යුතුයි ...

:       0       41

mahaweera Tuesday, 19 September 2017 03:11 AM

මහින්ද මහත්තය ලෙහෙස්ති වෙන්න ඔබතුමාගේ කාලය හරි

:       0       49

Nalaka Tuesday, 19 September 2017 03:37 AM

දැන්වත් නිලධාරීන්ට තේරෙන්නේ නැද්ද දේශපාලුවෝ දෙන අණ පිලිපද්දීන්නේ නැතුව රාජකාරිය හරියට කරන්න ඕනේ කියල? දේශපාලුවෝ අන්තිමට ඩීල් දාල බේරෙනවා බෙල්ල යන්නේ තමුන්ගේ කියල ?

:       0       51

Rohan Tuesday, 19 September 2017 05:55 AM

මේ මිනීමැරුම් චෝදනා ඇති අය, කෝටිගණන් මහජන මුදල් හොරාකාපු නිළධාරීන්, දේශපලඥයෝ කොහොමද බන්ධනාගාර රෝහලේ ඉන්නේ. හොර වෛද්‍ය සහතික බන්ධනාගාර වෛද්‍ය නිළාධාරි පිළිගන්න නිසා. මෙසේ නීතියට පටහැනි දේවල් කරන්න මුදල් ගන්නවා ඇති. දොස්තරගේ වත්කම් බැරකම් සොයා බැලිය යුතුයි.

:       0       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 82 0

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 77 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 138 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 182 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 330 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 752 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site