IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


වැඩි ඡන්ද 46 කින් අගමැතිට ජය

(රංජන් කස්තුරි)

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන එනු ලැබූ විශ්වාස භංග යොජනාව අද (4) වැඩි ඡන්ද 46කින් පරාජයට පත් විය.
 
විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද  76  ලැබුණු අතර විරුද්ධව ඡන්ද 122 ලැබිණි.
 
ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 26ක් සභා ගැබේ නොසිටියහ.

විශ්වාස භංගයේදී මන්ත්‍රීවරු ඡන්දය භාවිත කළේ මෙසේය.

රනිල් වික්‍රමසිංහ - විරුද්ධයි

තලතා අතුකෝරල - විරුද්ධයි

වජිර අබේවර්ධන - විරුද්ධයි

ජෝන් අමරතුංග - විරුද්ධයි

මහින්ද අමරවීර - නොපැමිණි

සරත් අමුණුගම - නොපැමිණි

ගයන්ත කරුණාතිලක - විරුද්ධයි

අකිල විරාජ් කාරියවසම් - විරුද්ධයි

ලක්ෂ්මන් කිරිඇල්ල - විරුද්ධයි

මනෝ ගනේෂන් - විරුද්ධයි

දයා ගමගේ - විරුද්ධයි

දයාසිරි ජයසේකර - පක්ෂයි

නිමල් සිරිපාලද සිල්වා - නොපැමිණි

පලනි දිගම්බරන් - විරුද්ධයි

දුමින්ද දිසානායක - නොපැමිණි

නවීන් දිසානායක - විරුද්ධයි

එස් බී දිසානායක - පක්ෂයි

එස් බී නාවින්න - විරුද්ධයි

ගාමිණී ජයවික්‍රම පෙරේරා - විරුද්ධයි

හරීන් ප්‍රනාන්දු - විරුද්ධයි

සුසිල් ප්‍රේමජයන්ත - පක්ෂයි

සජිත් ප්‍රේමදාස - විරුද්ධයි

රිෂාඩ් බදුයුදීන් - විරුද්ධයි

ආර් එම් රංජිත් මද්දුම බණ්ඩාර - විරුද්ධයි

චන්ද්‍රානි බණ්ඩාර - විරුද්ධයි

තිලක් මාරපන - විරුද්ධයි

ෆයිසර් මුස්තාපා - නොපැමිණි

අනුර ප්‍රියදර්ශ යාපා - පක්ෂයි

සාගල රත්නායක - විරුද්ධයි

අර්ජුන රණතුංග - විරුද්ධයි

පාඨලී චම්පික රණවක - විරුද්ධයි

චන්දිම වීරක්කොඩි - පක්ෂයි

මලික් සමරවික්‍රම - විරුද්ධයි

මංගල සමරවීර - විරුද්ධයි

රවීන්ද්‍ර සමරවීර - විරුද්ධයි

මහින්ද සමරසිංහ - නොපැමිණි

රංජිත් සියඹලාපිටිය - නොපැමිණි

ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න - පක්ෂයි

රාජිත සේනාරත්න - විරුද්ධයි

විජිත් විජයමුණි සොයිසා - නොපැමිණි

ඩී එම් ස්වාමිනාදන් - විරුද්ධයි

රාහුෆ් හකීම් - විරුද්ධයි

අබ්දුල් හලීම් - විරුද්ධයි

කබීර් හෂිම් - විරුද්ධයි

පී හැරිසන් - විරුද්ධයි

සරත් ෆොන්සේකා - විරුද්ධයි

තිලංග සුමතිපාල - පක්ෂයි

සෙල්වම් අඩෙයිකලනාදන් - විරුද්ධයි

ලක්ෂ්මන් යාපා අබේවර්ධන - පක්ෂයි

වසන්ත අලුවිහාරේ - විරුද්ධයි

ටී බී ඒකනායක - පක්ෂයි

පියසේන ගමගේ - නොපැමිණි

මොහාන් ලාල් ග්‍රේරු - නොපැමිණි

හර්ෂ ද සිල්වා - විරුද්ධයි

අජිත් පී පෙරේරා - විරුද්ධයි

ඩිලාන් පෙරේරා - පක්ෂයි

නිරෝෂන් පෙරේරා - විරුද්ධයි

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ - පක්ෂයි

 ඒ ඩී ප්‍රේමදාස - විරුද්ධයි

පාලිත රංගේබණ්ඩාර - විරුද්ධයි

විජයකලා මහේෂ්වරන් - විරුද්ධයි

වී එස් රාදාක්‍රිෂ්නන් - විරුද්ධයි

එරාන් වික්‍රමරත්න - විරුද්ධයි

රුවන් විජයවර්ධන - විරුද්ධයි

ශ්‍රියානි විජේවික්‍රම - නොපැමිණි

දිලිප් වෙදආරච්චි - විරුද්ධයි

සුජීව සේනසිංහ - විරුද්ධයි

ලක්ෂ්මන් සෙනවිරත්න - නොපැමිණි

වසන්ත සේනානායක - විරුද්ධයි

එම් එල් ඒ එස් හිස්බුල්ලා - නොපැමිණි

ඒ එච් එම් ෆවුසි - නොපැමිණි

අශෝක් අබේසිංහ - විරුද්ධ

ලසන්ත අලගියවන්න - නොපැමිණි

ජේ සී අලවතුවල - විරුද්ධයි

ෆයිසාල් කාසිම් - විරුද්ධයි

දුනේෂ් ගන්කන්ද - විරුද්ධයි

අනෝමා ගමගේ - විරුද්ධයි

අනුරාධ ජයරත්න - පක්ෂ

සුමේදා ජී ජයසේන - පක්ෂයි

පාලිත තෙවරප්පෙරුම - විරුද්ධයි

එච් ආර් භාරතී දුෂ්මන්ත - නොපැමිණි

මනූෂ නානායක්කාර - නොපැමිණි

කරුණාරත්න පරණවිතාන - විරුද්ධයි

සුසන්ත පුංචිනිළමේ - පක්ෂයි

ලක්ෂ්මන් වසන්ත - පක්ෂයි

ඉන්දික බණ්ඩාරනායක - නොපැමිණි

තාරානාත් බස්නායක - පක්ෂයි

නිශාන්ත මුතුහෙට්ටිගම - නොපැමිණි

රංජන් රාමනායක - විරුද්ධයි

මුත්තු සිවලිංගම් - නොපැමිණි

අමීර් අලී - විරුද්ධ

එච් එම් එම් හාරිස් - විරුද්ධයි

හෙක්ටර් අප්පුහාමි - විරුද්ධයි

රෝහිත අබේගුණවර්ධන - පක්ෂයි

මහින්ද යාපා අබේවර්ධන - පක්ෂයි

සිසිර කුමාර අබේසේකර - විරුද්ධයි

තුෂාර ඉඳුනිල් - විරුද්ධයි

දිලුම් අමුණුගම - පක්ෂයි

ඩලස් අලහප්පෙරුම - පක්ෂයි

ආනන්ද අලුත්ගමගේ - විරුද්ධයි

මහින්දානන්ද අලුත්ගමගේ - පක්ෂයි

රවී කරුණානායක - විරුද්ධයි

අරවින්ද් කුමාර් - විරුද්ධයි

වේලු කුමා - විරුද්ධයි

නාලක ප්‍රසාද් - විරුද්ධයි

කවින්දරන් කෝනේෂ්වරන් - විරුද්ධයි

චන්ද්‍රසිරි ගජධීර පක්ෂයි

චන්දිම ගමගේ - විරුද්ධයි

සිරිපාල ගම්ලත් - පක්ෂයි

උදය ගම්මන්පිල - පක්ෂයි

නිහාල් ගලප්පත්ති - පක්ෂයි

දිනේෂ් ගුණවර්ධන -  පක්ෂයි

බන්දුල ගුණවර්ධන - පක්ෂයි

එඩ්වඩ් ගුණසේකර - විරුද්ධයි

සිසිර ජයකොඩි - පක්ෂයි

මලික් ජයතිලක - නොපැමිණි

නලින්ද ජයතිස්ස - පක්ෂයි

නලීන් බණ්ඩාර - විරුද්ධයි

ප්‍රියංකර හේරත් - පක්ෂයි

කාවින්ද ජයවර්ධන - විරුද්ධයි

ලකී ජයවර්ධන - විරුද්ධයි

ප්‍රේමලාල් ජයසේකර - පක්ෂයි

මයිල්වාගනම් තිලකරාජා - විරුද්ධයි

තුරෙයි රත්නසිංහම් -  විරුද්ධයි

ජනක බණ්ඩාර තෙන්නකෝන් - පක්ෂයි

ආරුමුගම් තොණ්ඩමන් - නොපැමිණි

එම් එස් තව්ෆික් - විරුද්ධයි

ශ්‍රීමාල් ද මෙල් - විරුද්ධයි

පියල් නිශාන්ත - පක්ෂයි

මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා - පක්ෂයි

රංජිත් සොයිසා - පක්ෂයි

අනුර කුමාර දිසානායක - පක්ෂයි

මයන්ත දිසානායක - විරුද්ධයි

විමලවීර දිසානායක - පක්ෂයි

වීරකුමාර දිසානායක - නොපැමිණි

සාලින්ද දිසානායක - පක්ෂයි

ඩග්ලස් දේවානන්ද - විරුද්ධයි

මොහොමඩ් නවාවි - විරුද්ධයි

මොහොමුදු නසීර් - විරුද්ධයි

වාසුදේව නානායක්කාර - පක්ෂයි

චාල්ස් නිමලනාදන් - විරුද්ධයි

බුද්ධික පතිරණ - විරුද්ධයි

රමේෂ් පතිරණ - පක්ෂයි

කේ කේ පියදාස - විරුද්ධයි

සනත් නිශාන්ත - පක්ෂයි

සුජිත් සංජය -විරුද්ධයි

අරුන්දික ප්‍රනාන්දු - පක්ෂයි

ජොන්ස්ටන් ප්‍රනාන්දු - පක්ෂයි

අශෝක - විරුද්ධයි

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - විරුද්ධයි

එස් ප්‍රේමරත්න - පක්ෂයි

බන්දුලාල් බණ්ඩාරිගොඩ - විරුද්ධයි

තාරක බාලසූරිය - පක්ෂයි

විජිත බේරුගොඩ - පක්ෂයි

එම් ඉබ්‍රාහිම් - විරුද්ධයි

එස් එම් මරික්කාර් - විරුද්ධයි

අලීඩ් සහීර් මවුලානා - විරුද්ධයි

කාදර් මස්තානා - නොපැමිණි

ඉම්රාම් මහරුෆ් - විරුද්ධයි

අබ්දුල්ලා මහරුෆ් - විරුද්ධයි

අජිත් මාන්නප්පෙරුම - විරුද්ධයි

ආශු මාරසිංහ - විරුද්ධයි

එස් ඊ මුතුකුමාරණ  - පක්ෂයි

සින්නතම්බි යෝගේෂ්වරන් - විරුද්ධයි

අතුරලියේ රතන හිමි - නොපැමිණි

බිමල් රත්නායක - පක්ෂයි

සී බී රත්නායක - පක්ෂයි

ලොහාන් රත්වත්ත - පක්ෂයි

ප්‍රසන්න රණතුංග - පක්ෂයි

ප්‍රසන්ද රණවීර - පක්ෂයි

රොෂාන් රණසිංහ - පක්ෂයි

කෙහෙළිය රඹුක්වැල්ල - පක්ෂයි

ඉෂාක් රහුමාන් - විරුද්ධයි

මුජුබර් රහුමාන් - විරුද්ධයි

හර්ෂණ රාජකාරුණා - විරුද්ධයි

චමල් රාජපක්ෂ - පක්ෂයි

නාමල් රාජපක්ෂ - පක්ෂයි

මහින්ද රාජපක්ෂ - පක්ෂයි

විජයදාස රාජපක්ෂ - විරුද්ධයි

අංගජන් රාමනාදන් - නොපැමිණි

නිමල් ලන්සා - පක්ෂයි

ගාමිණි ලොකුගේ - පක්ෂයි

ජානක වක්කුඹුර - පක්ෂයි

පවිත්‍රාදේවි වන්නිආරච්චි - පක්ෂයි

විදුර වික්‍රමනායක - පක්ෂයි

ආචාර්ය ජයම්පති වික්‍රමරත්න - විරුද්ධයි

ඒ ඒ විජේතුංග - විරුද්ධයි

තුසිතා විජේමාන්න - විරුද්ධයි

ලක්ෂ්මන් විජේමාන්න - විරුද්ධයි

රෝහිනී කුමාරි විජේරත්න - විරුද්ධයි

චමින්ද විජේසිරි - විරුද්ධයි

දුලිප් විජේසේකර - පක්ෂයි

කංචන ජයසේකර - පක්ෂයි

හේෂාන් විතානගේ - විරුද්ධයි

තේනුක විධානගමගේ - පක්ෂයි

එස් වියලේන්ද්‍රන් - විරුද්ධයි

විමල් වීරවංශ - පක්ෂයි

කුමාර වෙල්ගම - පක්ෂයි

එස් ශ්‍රීදරන් - විරුද්ධයි

ඥාණමුත්තු ශ්‍රී - විරුද්ධයි

ශාන්ති ශ්‍රී  විරුද්ධයි

ජයන්ත සමරවීර - පක්ෂයි

සන්දිත් සමරවීර - විරුද්ධයි

ආර් සම්පන්දන් - විරුද්ධයි

සරවන භවාන් - විරුද්ධයි

ධර්මලිංගම් සිද්ධාර්තන් - විරුද්ධයි

එස් සිවමෝගන් - විරුද්ධයි

අනේමලේ නඩේසන් - විරුද්ධයි

එම් ඒ සුමන්තිරන් - විරුද්ධයි

වඩිවේල් සුරේෂ් - විරුද්ධයි

මාවෙයි සේනාධිරාජා - විරුද්ධයි

චතුර සේනාරත්න - විරුද්ධයි

ෂෙහාන් සේමසිංහ - විරුද්ධයි

සුනිල් හඳුන්නෙත්ති - පක්ෂයි

විජයපාල හෙට්ටිආරච්චි - විරුද්ධයි

ඉන්දික අනුරුද්ධ හේරත් - පක්ෂයි

කනක හේරත් - පක්ෂයි

විජිත හේරත් - පක්ෂයි 

 



අදහස් (79)

වැඩි ඡන්ද 46 කින් අගමැතිට ජය

Shan Wednesday, 04 April 2018 04:53 PM

හොරුන්ට ආයෙත් රට අල්ලගන්න බැරි වුන එක ගැන සතුටුයි. දැන්වත් ජනවාරි 8 දුන්න පොරොන්දු ඉටු කරන්න, තව අවුරුදු 2 ක් බලාගෙන ඉන්නේ නැතුව.

:       9830       9508

sam Wednesday, 04 April 2018 04:53 PM

රනිල් වික්‍රමසිංහ- ශ්‍රී ලංකාවේ අගමැති මීලග මහා මැතිවරණය හෝ ජනාධිපතිවරණය එනතුරු

:       1020       859

සමන්ත Wednesday, 04 April 2018 04:53 PM

අවංක මිනිසෙකුගේ ජය වෙනුවෙන් අගමැතිතුමාට සුභ පතමි. ජයවේවා ...!

:       2385       2162

Sawsiri Wednesday, 04 April 2018 04:54 PM

අගමැති දිනයි. රට පරාදයි.

:       2412       2829

Ajith NissankaWednesday, 04 April 2018 05:26 PM

ඇයි ඔය විස්වාස බංගය දින්නොත් රට දිනනවද? අර රට මුලින්ම කාබාසිනියා කරපු පරණ හොරු සෙට් එක රට ගොඩ ගනීවි කියලද හීන මවන්නේ! කවුරු දින්නත් රට ගොඩ ගන්න බැහැ! හැබැයී රනිල් දිනපු එකෙන් රට අරාජික වෙන එක ටිකක් විතර ප්‍රමාද වේවි! හැබැයී පරණ සින්දුම තමයී! හොරු ඇල්ලීම අද නොවේ හෙට!

:       705       620

maheshikaWednesday, 04 April 2018 06:41 PM

කොහෙද තව වැටෙන්න ඉඩ තියෙන්නේ. දැන් තියෙන්නේ වල පල්ලෙනේ.

:       247       1896

BamunuarachchiThursday, 05 April 2018 02:02 AM

ඔය කියන කබාසිනියාවෙන් රුපියල් බාල්දු වුනාද? පොලී වැඩි වුනාද? බදු වැඩි වුනාද? රටේ උතුරේ යුද්දයක් තිබුනා දකුණේ මිනිසුන්ට දැනුනාද? සංවර්ධනයක් නැතිවුනාද? නමුත් මේ අවුරුදු 3ට රුපියල බාල්දු වුනා, පොලීය වැඩිවුනා, අපි උපයා ගන්නා පොලියටත් බදු ගැහැව්වා සංවර්ධනක් වුනෙම නැහැ බදු ගැහැව්වා. පරණ කාබාසිනියා ආණ්ඩුව හොඳයිනේ. ගිරව් වගේ කියවන්නේ නැතිව ටිකක් හිතලා බලලා කතා කොරන්න.

:       13       2723

සමන්ත Thursday, 05 April 2018 02:56 AM

ඇයි අපි මේ මැරිලා ඉපදිලා කියලද හිතාගෙන ඉන්නේ? ඒ කාලේ යුද්දෙට කියා කියා ගහපු බදු මතකද? ඒ කාලේ ඉතා අඩුවට තිබ්බ බඩු මිල අහස උසට ගෙනිච්චේ කවුද? කවුද සල්ලි ගෝනියක් ගෙනිහින් පාන් ගෙඩියක් ගේන තැනට රට දැම්මේ? අපිව අවුස්සා ගන්න එපා. අද මේ වෙලා තියෙන්නේ ඒවගේ කරුමේ තමයි.

:       623       512

UdayaThursday, 05 April 2018 03:03 AM

2005 මහින්ද මහත්තයා රට බාරගන්නා විට ඇමරිකන් ඩොරල් එක රුපියල් 95/=. 2015 දී රුපියල් 130/=. අවුරුදු 10ට රුපියල් 35කින් බාල්දු වෙලා.

:       23       9

BamunuarachchiThursday, 05 April 2018 03:30 AM

ඇයි අපි මේ මැරිලා ඉපදිලා කියලද හිතාගෙන ඉන්නේ? නැහැ නැහැ සමන්ත ඔබ ඊයේ ඉපදිලා කියලා හිතාගෙන ඉන්නේ ඔබලා බලාපොරොත්තු උනේ රට ජාතිය බේර ගන්න කරපු යුද්ධයක් මහින්ද මහතාගේ සාක්කුවෙන් සල්ලි අරගෙන කොරන්නද? ඒ බදුයි මේ බදුයි අතර වෙනස පෙනෙන්නේ නැද්ද. පාරිතෝෂිකය බැංකුවේ දමාගෙන පොලියෙන් ජීවත වෙන දුප්පත් මිනිසුන්ට බදු ගහව්වාද? පිටරටින් ලංකාවට එවන ගෘහසේවිකාවන්ගේ මුදලට බදු ගසුවාද ඒ වෙනුවට මහින්ද මහතා කලේ බැංකුවේ තැන්පත් කර ඇති විදේශීය මුදලින් උඅපයන් පොලියට 20% ලංකා මුදලින් පාරිතොසිකයක් අවුරුදු කීපයක් දීමයි. මෙරටේ බදුබර අදින්නේ මෙරටේ ජීවත් වන මිනිස්සු මිසක් යුරෝපයේ ටැක්සි එලවන ලාංකිකයින් නොවෙයි. අපිට බදු ගහන්න තරම් මේ අය රට කරපු දේ මොකක්ද? විසාල යුද්දයක් ඉවරකලා 2009 දී නමුත් 2014 වනතුරු මේවගේ බදු ගැහිල්ලක් උනේ නැත.

:       7       1575

VajiraWednesday, 04 April 2018 07:06 PM

පළාත්පාලන ඡන්දෙන් පැරදිලා වැටිලා හිටපු රනිල්ව මහින්දගේ ඒකාබද්ධ විපක්ෂය ආපහු ජයග්‍රාහකයෙක් බවට පත් කළා.

:       30       177

BamunuarachchiThursday, 05 April 2018 08:31 PM

මෙයින් සිදු වුනේ ජතාවට තවත් කොටසක් එපා වීමය.

:       0       0

සමන්‍තThursday, 05 April 2018 11:23 AM

ඔය ඔයා දන්න තරම තමයි. මෙහෙන් සෘජු බදු ගහන කොට අනිත් පැත්තෙන් වක්‍ර බදු එක එක විදියට ගැහුවා. දන්නේ නැත්නම් මහා බැංකු වාර්තා වලින් හොයාගන්න පුලුවන්. අනික් පැත්තෙන් රට උකස් කරලා ගිනි පොලියට ණය අරන් හොරකම් කරලා අත් පිහදාගෙන ගෙදර ගියා.

:       14       22

Jerami Wednesday, 04 April 2018 04:56 PM

ගරු අගමැති තුමාට ජයවේවා!

:       1758       1539

somarathna Wednesday, 04 April 2018 04:58 PM

දැන් ඉතින් අලුත් ව්‍යවස්ථාවේ වැඩේ කඩි මුඩියේ කරගෙන යන්න හැකි වෙයි.

:       778       261

Anil R. Wednesday, 04 April 2018 05:04 PM

හොඳ ප්‍රවෘත්තියක්.

:       327       239

රවි Wednesday, 04 April 2018 05:05 PM

අගමැතිතුමනි, ජය වේවා

:       654       386

Aluthgama A. Samathasena. Wednesday, 04 April 2018 05:06 PM

ජය ශ්‍රී අගමැතිතුමනි. සතුරු බලසෙන් බිඳ දමා පෙරටම යනු මැන. අපද ඔබතුමාට ශක්තිය හා දිරිය දුන්නෙමු.

:       1182       904

Sapumal. Wednesday, 04 April 2018 05:08 PM

අගමැතිදුනි, ඔබතුමාට සදා ජය.

:       579       450

Sunil Wednesday, 04 April 2018 05:08 PM

අපි ඔබතුමන්ට සුබ පතමු. නමුත් අපි එසේ සුබ පතන්නේ ඔබතුමන් ගැන පැහැදීමකින් නොවේ. අප 2015 හි නව පෙරළියකට තැබූ බලාපොරොත්තු අද සුන් වී ගොසිනි. අප බලාපොරොත්තු වූ ඒවාට වඩා අපට දකින්නට ලැබුනේ ඩීල් මිසක් දුන් පොරොන්දු ඉටු කිරීමක් නොවේ. තව සුළු කලක් මෙම පදවිය දැරීමට ඔබට ඉතිරී වී ඇත. ඒ කාලය තුලදී වත් 2015 දී දුන් පොරොන්දු අවංකව ඉටු කරනු දැකීම ජනතාවගේ බලාපොරොත්තුවයි.

:       341       328

SL Wednesday, 04 April 2018 05:12 PM

අර්ජුන් මහේන්ද්‍රන්ට දැන් සතුටු ඇති.

:       170       629

VajiraThursday, 05 April 2018 03:50 AM

මහින්දට තමා වැඩියෙන්ම සතුටු. රනිල් අගමැතිකමේ ඉන්නකල් මහින්දට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. පහුගිය දවස්වල් එතුමාට නින්ද ගියෙත් නැතිලු රනිල් පැරදිලා ෆොන්සේකාවත් අගමැති වෙයිද කියල බයට.

:       8       16

ජගත් ලියනගේ Wednesday, 04 April 2018 05:21 PM

කකුළුවා සහ දිය හැලීයෙ කතාව මතක් වුනා .

:       1       175

jaseem Wednesday, 04 April 2018 05:35 PM

දැන්වත් 2015 දුන් පොරුන්දු ටික ඉෂ්ට කරන්න

:       3       160

Thilina Wednesday, 04 April 2018 05:51 PM

"ඡන්දය විමසන අවස්ථාවේ මන්ත්‍රීවරු 26ක් සභා ගැබේ නොසිටියහ." ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රතිපාදන අනුව තම හෘද සාක්ෂිය මත පක්ෂව/විපක්ෂව අදහසක් ප්‍රකාශ කරන්නට තරම් සෘජු නැති අබල දුබල සිරස් ජීවින් ලෙස රටේ උත්තරීතර ආයතනයක ඉඳිමින් මේ රටේ අහිංසක දුප්පත් ඡන්ද දායකයා ගේ බදු මුදලින් කන බොන යැපෙන වැජබෙන සැතපෙන මොවුන් හට සාප කරන්නට තරම් දුර්වල මානසිකත්වයක් නම් අපට නැත්තේමය.

:       296       424

parakkrama Wednesday, 04 April 2018 05:52 PM

වාහනයේ එකට යමින් ටයර් කපන, වැඩක් කරන්න යනකොටම කකුලෙන් අදින , ශත පහකට ගනන්ගන්න බැරි දවල් මිගෙල් රෑ දනියෙල් කුම්භාණ්ඩයින් ටික එලවා දමා අලුත් ගමනක් එඩිතරව, නොබියව, නොපසුබටව යෑමට මේ ලැබුන වරමින් රනිල් මැතිතුමන් උපරිම ප්‍රයෝජන ගන්නවා ඇති විශ්වාස කරමි. ඔබට ශුභ පතමි.

:       375       331

erdi Wednesday, 04 April 2018 06:10 PM

සේරම එකතු වෙලා රනිල්ව එලවන්න හැදුවත් තනි එජාප ඡන්දවලින්ම රනිල් දිනුම්.

:       435       274

RNG Thursday, 05 April 2018 01:22 AM

එ.ජා.පෙ. ඉන්න අයගේනුත් ලැබෙන්නැති ඡන්දෙන් මොකටද. අනිත් එක මේක දිනාගන්න ඉරි තුනේ නියෝග එහෙම ගෙනාවෙ ඒ වෙලාවේ තමන්ගෙ පක්ෂයෙ ඡන්ද ටිකවත් විශ්වාස නොවුනු නිසානේ..

:       4       115

BamunuarachchiThursday, 05 April 2018 01:30 AM

කොහෙද තනි එජාප ඡන්ද ලැබුනේ? දෙමල මුස්ලිම් ඡන්ද නිසා දින්නේ.

:       5       169

athuraThursday, 05 April 2018 04:13 AM

ඔහේගේ ලොක්කත් පැරදිලා ගිහිල්ල ජනේලේ එල්ලිලා කිව්වේ ඕකමනේ.

:       34       20

aseThursday, 05 April 2018 07:00 AM

අනේ සංසාරේ !! දුකට කියන ඒවා, පරාජය පරාජයක්ම තමයි ඒක බාරගන්න, දැන්වත් පටන් ගන්න සත්‍ය දකින්න, මගේ අනුකම්පාව ඔබට

:       22       2

BamunuarachchiThursday, 05 April 2018 08:09 PM

පැරදිලා කීවේ බොරුද? ගණන් දන්නවානම් පැන්සලක් කොලයක් අරගෙන ගණන් හදලා බලන්නකෝ

:       0       0

Perera Wednesday, 04 April 2018 06:51 PM

මේවා ඔක්කොම රඟපෑම්. ඔක්කොම එකතුවෙලා රටට විජ්ජා කර කර මෝඩ ජනතාව රවටනවා විතරයි. පේනවානේ මෙතනම රැවටිලා ඉන්න සෙට් එක.

:       26       177

wasantha amarasinghe Wednesday, 04 April 2018 07:18 PM

ජයවේවා අගමැතිතුමනි

:       280       201

BamunuarachchiThursday, 05 April 2018 01:23 AM

අනික් පැත්තෙන් රටත් ඉවරයි ජාතියත් ඉවරයි.

:       337       559

athuraThursday, 05 April 2018 04:15 AM

අරය පැරදිලා ගෙදර ගිය දවසේ ඉදන් ඔබතුමා වගේ අය කියන්නේ ඕකමනේ.හැබැයි තවම ඒ දෙක තියනවනේ.

:       89       18

BamunuarachchiThursday, 05 April 2018 08:13 PM

Athura ඔබ ඉන්නේ ලංකාවේද? ලැබෙන පිළිතුර අනුව මගේ පිළිතුර දෙන්නම්

:       0       5

Duminda Wednesday, 04 April 2018 07:51 PM

ඉතා සතුටුදායකයි.

:       278       172

Ashan Wednesday, 04 April 2018 09:46 PM

බොහෝ අය බලාගෙන හිටියෙ පාර්ලිමේන්තුවේ ඉන්න හොදම හොරු ටික එකතුවෙලා ලංකාවෙ දැනට ඉන්න පරිණතම, උගත්ම, වැඩිම විදේශ පිලිගැනීමක් ඇති දේශපාලකයා පරදනකම්. මිනිස්සු කොච්චර මෝඩද?

:       351       222

Rohana Wednesday, 04 April 2018 09:57 PM

ඇත්තෙන්ම ජය ගත්තේ කවුද? මේ හොරුටික පන්නනකල් රටට ජනතාවට අනාගතයක් නැත,

:       14       24

Appuhami Wednesday, 04 April 2018 10:49 PM

මට නම් පිස්සු වගේ.

:       0       6

ranjith Wednesday, 04 April 2018 11:10 PM

මේක එක්සත් ජාතික පක්ෂයේ පරාජයේ තවත් සංධිස්ථානයක්

:       3       118

rocky Wednesday, 04 April 2018 11:57 PM

එක්කෙනෙක් තුවක්කු දෙකකුයි, කුරුඳු පොලු 99 කුයි අමෝරාගත් මාර සෙනග පිරිවරා ගන මහනුවර ඉඳල ආවා අගමැතිතුමාට එලවන්න! ඔය ඉතින් කෙරුවද? ඔය කටවල් බිම උලා ගත්තා නම් හොඳයි, කාගේ කාගේත් කාලේ නාස්ති කරන්නේ නැතුව!

:       14       40

td Thursday, 05 April 2018 12:55 AM

ගරු අගමැතිතුමාට ජයවේවා මේ ඔබතුමා ලබපු ජයග්‍රහණයකට වඩා රටක් වශයෙන් ශ්‍රී ලංකාව ලබන ලද ජයග්‍රහණයකි. ලංකාවේ නිතිය, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය ලද ජයග්‍රහණයකි. නීතිගරුක විනයගරුක රටක් සමාජයක් ඇතිකිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා.

:       232       95

ලුම්බිණි Thursday, 05 April 2018 01:03 AM

මම හිතනවා මේකෙන් යමක් ඉගෙනගෙන අගමැතිතුමා කිසියම් හරි හොඳ දෙයක් කරයි කියල.

:       11       7

Chandima Thursday, 05 April 2018 01:11 AM

අනේ ඔය එක්කෙනෙක්වත් ඔය රටක් ගැන හිතන අය නෙමෙයි තමන්ගේ වාසිය විතරක් හිතන අය.

:       1       10

Bamunuarachchi Thursday, 05 April 2018 01:15 AM

හොරුන්ට නැවත රට අල්ලන්න බැරි වුනා කියලා කියනවා ඇහුනා. ටිකක් හැරී බලන්න විපක්‌ෂව ඡන්දය දීමට TNA එකට දෙන්න එකඟවූ ඉල්ලීම් මොනවාද කියා.

:       39       131

athuraThursday, 05 April 2018 04:21 AM

ඕකත් අර තිස්ස මහත්තයාගේ ගිවිසුම වගේද?

:       5       7

Bamunuarachchi Thursday, 05 April 2018 01:20 AM

සිංහලයින් විපක්ෂව ඡන්දය දුන්නේ තමන්ගේ පැවැත්මට සුළු ජාතීන් විපක්ෂව ඡන්දය දුන්නේ ඔවුන්ගේ ජාතියේ පැවැත්මට.

:       123       205

dhamneth Thursday, 05 April 2018 01:23 AM

මේක අර කියමන අනුව කන්දක් වැලලිලා මී පැටියෙක් වැදුවා වගේ නොවෙයි. කඳු යායක්ම වැලලිලා මී පැටියෙක්වත් වදාගන්න බැරිවුණා අවස්ථාවක්. ඒකාබද්දයේ සමහරු කිවේ විශ්වාසභංගයෙන් ඒගොල්ලෝ දිනන එක ඉර හඳ මෙන් විස්වාස බවයි.

:       48       11

Shyama Thursday, 05 April 2018 01:26 AM

නලින් බණ්ඩාර - පක්ෂයි?????

:       0       3

Chandima Thursday, 05 April 2018 01:40 AM

ඔවු දැන් අර්ජුන් මහේන්ද්‍රන්ට ප්‍රශ්නයක් වෙනේ එකක් නැහැ, රටේ වැඩකරලා හම්බකරන ජනතාවට පුළුවන් බදු ගෙවෙලා ඒ පාඩුව පියවන්න. අර මධ්‍යම අධිවේගේ හදන ජපානයේ හිරේයාමා කොම්පැනියටත් එහෙ හිරේ ඉඳම්ම වැඩ කරගෙන ගියහැකිවේවි. ඔවු දැන් හොඳයි තමයි. අපිට ලොකු දියුණුවක් ලැබේවි.

:       38       180

dhammika perera Thursday, 05 April 2018 01:43 AM

ජයෙන් ජය නායකතුමනි! කකුලෙන් අදින අයට පයින් ගහලා, පොරොන්දු වුන ගමන යන්න විශාල වරමක් ලැබිලා තියෙනවා, අමාරුවේ වැටුන වෙලාවේ බලයට ගෙනාපු එක්කෙනෙක්වත් හිටියේ නෑ රැකගන්න. විරුද්ධ වෙච්ච අයව හුරතල් කරන්නේ නැතුව තමන්ව ආරක්ෂා කරපු කට්ටියත් එක්ක ගමන යන්න රට වෙනුවෙන්. ධම්මික

:       135       58

sathyapala Thursday, 05 April 2018 01:48 AM

ශාන් , මේක ජයක් නොවේ බේරීමක්. ගැලවීමක්. මේ බේරීමක් මිසක ජයක් නොවේමය. රටක් ලෙස දරුණු පරාජයක්මය. දෙපැත්තේම උදවිය තමන්ගේ පක්ෂේ කෙනා බේරුනාම සතුටු වෙනවා. මාරුවෙන් මාරුවට පරදින්නේ රට.

:       42       119

edward nevil senevirathne Thursday, 05 April 2018 01:57 AM

මේ ක්‍රමය වෙනස් කල යුතුයි. රට දියුණු කරන්නනම් නව නායකයෙක් ලංකාවට ඕනේ.

:       10       27

Chanak Los angeles Thursday, 05 April 2018 02:01 AM

දැන් ඉතින් කරන්න තිබෙන්නේ අගමැති එලවලනවාමයි කියා කයිවාරු ගහපු ටික ඉදිරියෙන් තියාගෙන ගිහින් ඔක්කොම ටික බේරේ වැවට පැනලා නාගන්නයි ..

:       127       24

Bamunuarachchi Thursday, 05 April 2018 02:09 AM

ඉන්න මේ අවුරුදු 2 ට සිංහල ජාතියට හානියක් වෙන තීන්දු නම් ගන්න එපා.

:       3       11

naushiThursday, 05 April 2018 02:52 AM

කරුණාකරලා ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම යහපත් ක්‍රියා මාර්ග ගන්නා ලෙස අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරමු. කිසිම ජාතියකට හෝ ආගමකට පක්ෂපාතිව තීරණ ගන්න එපා. රටේ මහජාතිය හෝ සුලුජාතිය කියලා වර්ග කිරීමක් අවශ්‍ය නැහැ.

:       122       58

BamunuarachchiThursday, 05 April 2018 03:54 AM

ඒ ක කොරන්න බැහැ හලෝ. එහෙම කලොත් හෙට අනිද්දා මෙහාට පාත්වෙන තවත් ජාතියකට රටේ ඉඩ දෙන්න වෙනවා.හැබැයි මේ අයට චන්දය ලැබෙනවා නම් බන්ගලිදෙශ්හේ අයත් රටට ගෙන්වා ගනීවි මහා ජාතියට සුළු ජාතිය වෙන්න බැහැ. රටේ 80% ඉන්න බෞද්ධයන්ට රජයේ සැලකිල්ල තිබෙන්න ඕනේ මොකද ඔයකියන අනික් ආගම් මෙරටට අවේ ඊයේ පෙරේදා. ඔය ආගම් එන්න කලින් මේ මුළුරටම බුද්දාගමේ .

:       38       144

BamunuarachchiThursday, 05 April 2018 04:01 AM

කරුණාකරලා ශ්‍රී ලාංකිකයින් සියලු දෙනාටම යහපත් ක්‍රියා මාර්ග ගන්නා ලෙස අගමැතිතුමාගෙන් ඉල්ලීමක් කරමුලු . එහෙනම් සියල්ලටම පළමුව ශ්‍රී ලාංකිකයින් වගේ හිතන්න කියලා දමිල යින්ට සහ මුසල්ල්මානුවන්ට කියමු. වෙනම පොලිස් බලතල, ඉඩම් බලතල ෆෙඩරල් ඉල්ලන කොට කොහොමද හලෝ ශ්‍රී ලාංකිකයින් වෙන්නේ. ඉන්නේ 9% ශ්‍රියා නීතිය ඉල්ලනවා .ඉතින් කොහොමද ශ්‍රී ලාංකිකයින් වෙන්නේ සිංහල අපි විතරද ශ්‍රී ලාංකිකයින් කියලා හිතන්න ඕනේ? අපි එහෙම හිතලා තමයි කෙලවා ගත්තේ.

:       4       1546

naushiThursday, 05 April 2018 05:03 AM

ලංකාවේ ෂරියා නීතිය හෝ වෙන කෙහෙල්මල් නීතියක් නැහැ. තියෙන්නේ ලාංකික නීතිය.

:       0       1

Lanka Perera Thursday, 05 April 2018 02:17 AM

අද ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න උගත් ලෝකයේම පිළිගැනීමක් තියෙන එකම පුද්ගලයා අගමැති රනිල්

:       221       45

ajithkaru Thursday, 05 April 2018 02:26 AM

අගමැතිතුමනි, ඔබතුමාගේ නිර්දෝෂීභාවය සනාථ වීම පිළබඳ මගේ සතුට. දැන් කල යුතුව ඇත්තේ කලක් තිස්සේ ඔබතුමාට එරෙහිව සිට විශ්වාශය නැති බව ප්‍රකාශ කල කණ්ඩායම පළවා හැර වසර 20 ක් තිස්සේ දුක් විඳි එක්සත් ජාතික පාක්ෂිකයින් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කොට රට නංවාලීම පිණිස ක්‍රියා කිරීමයි. පරණ හොරු රැල දඟ ගෙට යැවීමට ක්‍රියා කිරීමයි.

:       138       48

gamageThursday, 05 April 2018 02:44 AM

අනේ ඔව්. ලංකාවේ ඉන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින් විතරයි. ඒ නිසා එයාලට කරන්න. මේ වගේ මෝඩයෝ ඉන්නකන් රටට සෙතක් නැහැ. මුල අමතක මිනිස්සු ...

:       20       139

කොබා Thursday, 05 April 2018 02:32 AM

මේ අවුරුදු දෙකට ප්‍රාතිහාර්යයක් කරන්න බැරි බව ඇත්ත, ඒක්ෂණයෙන් සංවර්ධනය කරන්න බැරි බව ඇත්ත, ණය බරින් මුදවන්න බැරි බව ඇත්ත, ඒත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා, මේ රටට විනාශයක් වුනු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන්න, ඒ දෙය කරන්න නම් හංගාගෙන ඉඳල එකපාරට අතාරිනවා වෙනුවට බින්දුවේ ඉඳලම මිනිස්සුන්ට හොඳ ප්‍රචාරණ වැඩපිළිවෙලක් මගින් උගන්වන්න ව්‍යවස්ථාවේ වටිනාකම, ඒත් ඒක බුද්ධිමත් මිනිසුන් විසින් මෙහෙයවන එකක් විය යුතුයි, මිනිස්සු අනිවාර්යයෙන් සහයෝගය දේවි. ඒ දෙයම ඇති මේ රට හරි මාර්ගයට ගන්න. ඔන්න අභියෝගය, මෙතෙක් කල් සිටියා වගේ කඹ ඇද ඇද සිටියොත් අනිවාර්යයෙන් ම මීළඟ මැතිවරණයෙන් යනෙනමන් නැතිවෙනවා.

:       60       58

gamageThursday, 05 April 2018 04:18 AM

අවුරුදු 5ක් දුන්නේ ,2ක් නෙමෙයි..

:       17       48

Tissa Thursday, 05 April 2018 03:22 AM

ජනතාව පරාදයි. සියලුම මන්ත්‍රීවරු දිනුම්.

:       0       0

Nuwan Thursday, 05 April 2018 03:23 AM

ඔය බැදුම්කර බැදුම්කර කියන අය විස්තර කරන්න මොකද්ද බැදුම්කරයක් කියන්නේ කියලා. ඔහේ කියවනවා තමන් කැමති දේශපාලකයා කියන ඒවා ඔහේ පිලිගන්නවා අඩු ගානේ තේරුමවත් දන්නේ නැහැ. මෙවැනි දැනුමෙන් තොර බුද්ධියෙන් අඩු බහුතර ඡන්දදායකයින් තමයි රටේ සිටින්නේ.

:       15       0

ගලබොඩ අත්තේ චමින්ද Thursday, 05 April 2018 03:34 AM

ගරු අගමැති තුමනි, ඔබට සුබ පතන අතර විවාදයේදී අනුර කුමාර දිසානායක මහතා කල කතාව මුල සිට අගටම හිතට ගන්න, ක්‍රියාත්මක වෙන්න. දැන්වත් ජනවාරි 8 මිනිසුන් දුන්න ජනවරමට සාධාරණයක් කරන්න.

:       61       2

vidya Thursday, 05 April 2018 03:34 AM

දැන් පර්ලිමෙන්තුවර ගිහින් විශ්ව විද්‍යාලයක උගත් සිසුන්ට දෙන දේශනා දෙන්න යන්න එපා අගමැති තුමනි . පාර්ලිමේන්තුව කියන්නේ බලු පොරයක් වගේ. හොරු අල්ලලා ඉක්මනට දඬුවම් දීලා ඉතිරි අවුරුදු ටික හරියට කළේ නැතිනම් නැවත තකඩියන්, හොරුන් පාර්ලිමේන්තුව ඇවිත් මුළු රටම විනාශ කරය්. ඔබතුමා ඉතිහාසයට එකතු වන්නේ බිය ගුල්ලෙකු විදිහට . අමතක කරන්න එපා ඔබ තුමාගේ වැදගත් පරම්පරාව. කැළණි විහාරය ගොඩ ගත්තේ කව්ද කියල මතක තියාගන්න . එඩිතර බිය නැති නායකයෙක් වන්න .

:       0       10

Bamunuarachchi Thursday, 05 April 2018 03:37 AM

ඒ කාලේ ඉතා අඩුවට තිබ්බ බඩු මිල අහස උසට ගෙනිච්චේ කවුද? සමන්ත ඒක කලේ යුද්දයට නියම කාලයේ දී යුද්දයෙන්ම උත්තර දී ගන්න බැරිව සිටි නිවට දෙසපාලකයෝ. අලිමංකඩ , කිලිනොච්චිය කියා පරදේශ් තිබෙන බව ඔබවත් දන්නවාද? රටෙන් කෑල්ලක් කැඩෙන්න ඔන්න මෙන්න තිබියදී කුහකකම පැත්තකින් තියලා රට බේරා දුන්නට ස්තූති කරන්න.

:       131       172

ගලබොඩ අත්තේ චමින්ද Thursday, 05 April 2018 05:56 AM

යුද්දෙන් පස්සේ බඩු මිල වැඩි වුනා කිව්වොත් පිළිගන්නවද? පෙට්රෝල්, ඩීසල් මිල මතකද, ගෑස් මිල මතකද, පසුගිය රජය හොරා කාලා ලංකාවට ගැලපෙන්නේ නැති ව්‍යාපෘති ගෙනල්ලා රට ණය කරා. ඒ පාපේ දැන් අපි ගෙවනවා. නැව් එන්නේ නැති වරායවල්, ගුවන්යානා එන්නේ නැති එයාර්පෝට්, මැච් නැති පිට්ටනි හදලා පරම්පරාවටම හොරකම් කරන්න ඉඩදීලා රට කෑවා. තවත් කඩේ යන්න එපා.

:       207       184

asankaThursday, 05 April 2018 08:27 AM

අනේ චමින්ද, ඔබ ඉන්න ඕනේ මෙහේ නෙමෙයි, මේ වගේ නම් කවදාවත් බඩු මිල වැඩි වෙලා නැහැ. ඔබ ඉන්නේ ලංකාවේද ??

:       0       29

BamunuarachchiThursday, 05 April 2018 08:23 PM

ඇ මේසා විශාල යුද්දයක් කරන්න බලාපොරෝත්තු වුනේ මහින්දගේ පොකට් එකෙන්ද? මෝඩ කතා කියන්න එපා.

:       1       0

Bamunuarachchi Thursday, 05 April 2018 03:44 AM

අපිව අවුස්සා ගන්න එපාලු . දෙමල ඩයස් පොරාවත් සමග හැප්පෙන මම ඔබව අවුස්සන්නේ මම නහය වහගෙන "අද මේ වෙලා තියෙන්නේ ඒවගේ කරුමේ තමයි" 2009 සිට 2014 දක්වා නොතිබ්බ කරුමයක් දැන් පල දුන්නේ අර 62 ලක්ෂයක් කොටළුවෝ නිසා. 2014 දී මේ යහපාලකයෝ නාවානම්. අපිට බදු බරත් නැහැ සංවර්ධනයත් කෙරෙනවා සිංහලයා කොන්ද කෙලින් තියා ගෙන ජීවත් වෙනවා. යුරෝපයේ ඉන්න ටැක්සි රියදුරන් ඕවා දන්නේ නැත.

:       8       834

amali Thursday, 05 April 2018 04:06 AM

මේ සේරටම කලින් චන්දෙ ගන්න සම්බන්දන් ඇතුළු නඩේට දුන්න පොරොන්දු ඉටු කරලා දෙන්න වෙයි අගමැතිතුමා. නැත්නම් ඉඳල ඉවරයි.

:       0       18

දිලුම් Thursday, 05 April 2018 04:19 AM

මේ ජය ලබා ගන්න අගමැති ඩොලර් මිලියන කීයක් වියදම් කරන්න ඇතිද? බොරු ෂෝ දාන්න එපා ලංකාවේ තවමත් ගොන් රැලවල් හිටියට බහුතරයක් මිනිස්සු හරක් නෙමෙයි. තමන්ගේ බඩ වඩා ගන්න ඕන උන් ටික මුලදි පක්ෂ විදියට ඉදල කුට්ටිය ලැබුණම එක්කො ආවේ නෑ නැත්නම් විපක්ෂව ජන්දය දුන්නා. මේවා ඔක්කොම දේශපාලන විජ්ජා. අපි කියන්නේ අපේ බදු සල්ලිවලින් මේ අයට පිනට කන්න දෙන්න අපි ගිය ආත්මවල ‍ලොකු පවක් කරල ඇති. ඒත් ඒ පව අපේ දරුවන්ටත් ඉතිරි නොකර මේ රට හදන්න පියවරක් තියපියන්න ඕන.. ඇත්තම කියුවොත් දිනපු එවු‍නුයි පැරදුන එවුනුයි හැම එකාම අපිට අරහං.. ඔක්කොම අපිට පේන්න විරුද්ධයි පක්ෂයි කිය කිය රෑට එකට බි බී ඩාන්ස් කරනවා. අපි මෙයාලට පිනට කන්න දෙන්න උදේ දවල් නැතිව මැරෙනවා. මේ වගේ අය හින්ද තමයි එදා හොදට තිබුණ සෝමාලියාව, ඉතියෝපියාව, හයිටි වගේ රටවල් අද අපායවල් වෙලා තියෙන්නේ. කවදහරි ඒ ටික මේ ලංකාවටත් කරල අපි බඩගින්නේ මැරෙනකොට මෙයාල එංගලන්තෙට, ඇමරිකාවට ගිහිගින් සැපට ජීවත් වෙයි.

:       0       185

BamunuarachchiThursday, 05 April 2018 08:16 PM

බහුතරය කොහොම වෙතත් ඔය කියපු අය 62 ලක්ෂයක් ඉන්නවා

:       0       18

Ravi Thursday, 05 April 2018 11:26 PM

පරිණත භාවයෙන් කටයුතු කරන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 220 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 84 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1450 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3480 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1407 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 232 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site