(ආණමඩුව හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 ව්‍යාජ මුදල් තොගයක් යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවකු අද (6) දහවල්  කොටවෙහෙර මොන්නැකුලම ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව කොටවෙහෙර පොලිසිය කියයි.


 මෙසේ අත් අඩංගුවට ගෙන තිබුනේ රාජංගණය යාය 02 පදිංචි 28 හැවිරිදි අයෙකු බවත් මොහු පල්සර් වර්ගයේ යතුරු පැදියකින් ව්‍යාජ මුදල් තොගය රහසිගතව රැගෙන යමින් සිටි බව කියයි.


එම ව්‍යාජ මුදල් තොගයේ  රුපියල් 5000, 1000, 500, වටිනාකමින් නොට්ටු කොළ තිබු බවද කියයි.
අදාල ව්‍යාජ මුදල්  ඇද සිටි ජැකට්ටුව  යටින් වූ ඇඳුමක කුඩා පාර්සලයක් ලෙස සකස් කරමින් සඟවාගෙන රැගෙන යමින් සිටි බව කියයි.


කොටවෙහෙර පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් දෙදෙනෙකු මොන්නැකුලම ප්‍රදේශයේ දිවා යතුරු පැදි සංචාරයක නිරතව සිටියදි මෙම ව්‍යාජ මුදල් තොගය රැගෙන යමින් සිටි සැකකරු අත් අඩංගුවට ගත් බව කියයි.
සැකකරු  ආණමඩුව දෙසින් පැමිනි බවත්  පොලිස් නිලධාරින් මෙම සැකකරු පරික්ෂා කිරිමට සුදානම් වන විට එකවරම ඉරියව් වෙනස් විම සිදුව තිබේ.


 ඒ නිසාම අදාල සැකකරු පොලිස් නිලධාරින් පරික්ෂාවට ලක් කරන විට පවා එයට විරෝධයක් දක්වා ඇති බව කියයි.
එසේ පරික්ෂා කිරිමේදි අදාල ව්‍යාජ ලෙස සකසා තිබු 5000 නොට්ටු 48 ක් ද 1000 නොට්ටු 48 ක් සමග  500 නොට්ටු 6 ක් සොයා ගත් බව කියයි.


 අත් අඩංගුවට ගත් සැකකරුගෙන්  ප්‍රශ්න කිරීම අරඹා ඇති අතර  මෙම ව්‍යාජ මුදල් ජාවාරමට තවත් පිරිසක් සම්බන්ධ බවට පොලිසිය සැකකරයි.


 කොටවෙහෙර පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අතුල කරුණාපාල මහතාගේ උපදෙස් මත පොලිස් රථවාහන අංශයේ කොස්තාපල් වරුන් වන 38306 දිසානායක, 60948 උපාලි යන නිලධාරින් විසින් අත්අඩංගුවට ගැනිම සිදු කර තිබුනි.