(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
වනාතවිල්ලුව මංගලපුර කරඩිපුවල් ප්‍රදේශයේ පොල් වත්තක සඟවා තිබූ පුපුරන ද්‍රව්‍ය සැකසීමට යොදා ගන්නා ද්‍රව්‍ය තොගයක් සහ තවත් උපකරණ රැසක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති දෑ අතර ඩෙටනේටර් 100 ක් , වයර් කෝඩ් තොගයක් , ශ්‍රී ලංකාව තුළ තහනම් නයිට්ට්‍රේට් ඇසිඩ් ලිටර් 20 බැගින් වු කැන් හයක් , බල්බ තොගයක්, අධිබල පිපිරවිම් සඳහා යොදා ගන්නා සිෆෝ (වෙඩි බෙහෙත් )කිලේ 75 කට ආසන්න ප්‍රමාණයක්,බොර 12 ගිනිඅවියක් සහ පතෝරම් තොගයක් , වායු රයිෆල් එකක් ,ආරක්ෂිත කුඩාරම් දෙකක් සමඟ දින 20 කට ආසන්න කාලයකට සරිලන වියලි ආහාර තොගයක්,පරිඝනක,කැමරා,ආගමික පොත් පත් තොගයක්, පැදුරු ඇතුළු තවත් දෑ සෝදිසි කිරීම් වලදී සොයා ගෙන තිබුණි.
දිවයිනේ ප්‍රදේශ ගණනාවක බුද්ධ ප්‍රතිමා විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් පිරිසක් සොයා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව සිදුකරමින් තිබූ පරීක්ෂණයට අවශ්‍ය සැකකරුවකු සොයා වනාතවිල්ලුව මංගල පුර කරඩිපුවල් අක්කර 80 කට ආසන්න පොල් ඉඩමට පැමිණි අවස්ථාවේ මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය වලදමා තිබියදී සොයා ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයා පැමිණ සැකකරු මෙම ස්ථානයේ නොසිටි බවත් එම ස්ථානයේ 24 හැවිරිදි පුත්තලම නගරයේ පදිංචි තරුණයින් සිව් දෙනෙකු රැඳී සිටි බව කියයි.
පරික්ෂණ නිලධාරීන් ආපසු පිටත් වීමට සැරසි සිටියදී එක් ස්ථානයක් පිළිබඳව සැක සිති පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ වල දමා තිබූ සිෆෝ නැමති අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කැන් වල අසුරා වල දමා තිබියදී සොයා ගැනීමට නිලධාරීන් සමත්ව තිබේ.
පරීක්ෂණ අවසන් වන තුරු පොලිස් විශේෂ කාර්ය බළකාය ඉඩම වටා ආරක්ෂාව යොදවා තිබූ අතර සිද්ධියේ පරීක්ෂණ සඳහා පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ නිලධාරීන් , ඇඟිලි සලකුණු අංශය, පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට පොලිස් සුනඛ ඒකකයේ රිනා සහ ලැසි නැමති සුනඛයින්ගේ සහායද ලබා ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා පැමිණ තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරින් විශාල පිරිසක් පැමිණ පරීක්ෂණ වලට එක්ව සිටියහ.
අත්අඩංගුවට ගත් පුද්ගලයින් සිව්දෙනා කුමන කටයුත්තක් සඳහා මෙම පුපුරන ද්‍රව්‍ය තොගය රැගෙන ආවාද යන්න තවමත් හෙළිව නැතත් ඒ සම්බන්ධව මාධ්‍යයට තොරතුර ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රතික්ෂේක කෙරුණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ පුපුරණ ද්‍රව්‍ය තොගය ආරක්ෂිතව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (17) රැගෙන යාමට කටයුතු කළේය.
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
වනාතවිල්ලුවෙන් ආයුධ තොගයක් සොයා ගනී
Raveendra Thursday, 17 January 2019 05:16 PM
පළමුව අප ජාතිවාදීන් නොවෙන්නෙමු.නැවත මෙම විෂබීජ පැළවීමට කිසිවිටකත් ඉඩ තැබිය යුතු නැති බව අප එක හෙළ කියන්නෙමු. මෙම විෂබීජ සහමුලින්ම සමාජයෙන් තුරන්කළ යුතුමය. එවන් විසබීජ සමාජයෙන් තුරන් කිරීමේදී කිසිවෙකුට පවක් නම් සිද්ද නොවන බවත් එය පිනක් බවත් පවසන්නෙමු. ආරක්ෂා අංශවලා වටිනා කාලය නාස්ති නොකොට "සුදු කබා කාරයන්ගේ ගොන් තර්ක විතර්කවලට " අහුන්කන්දීමට කාලයනාස්ති නොකර මෙවන් පාදඩයන් " ආයුද පෙන්වීමට රැගෙන යායුතුමය ".එමගින් අපගේ මාතෘ භූමියට සෙතක් මිස අවැඩක් නොවෙනු ඇත.
BamunuarachchiFriday, 18 January 2019 12:22 AM
බමුණුආරච්චි වන මම සිංහලයාට ඇති එකම රටේ මෙරට සිංහලයට පමණක් අයිති එකක් හැටියට හිතන සිංහල ජාතිවාදියෙක් යයි කීමට කිසිසේත් භයවෙන්නේ වත් පැකිලේන්නේවත් නැත.
kenath Friday, 18 January 2019 02:16 AM
බීජයම සොයා වහා නසා දමන්න ඕනෑ.. නියපොත්තෙන් කඩන්න තියන දේ පොරවෙන් වත් කපන්න බැරි තරමට ලොකු වෙන්න අරින්න එපා. අලගිය, මුලගිය තැන සේරම හොයාගන්න ඕනෑ...
ජයන්ත මිලානෝ Friday, 18 January 2019 05:47 AM
සමස්ථ ලෝකයටම ණය කාරයෝවී ඉන්නා අප වැනි රටකට ඔය ඔල්මාදයකින් දොඩවනව කතා පලක් නොවනු ඇත.ඔබ වාහාම දොස්තර මහතකු හමුවන්න.
rocky Friday, 18 January 2019 08:47 AM
බමුණුආරච්චි මහත්තයෝ, සිංහලයාට අයිති එකම රට කියලා මේ රටේ අයිතිය ලියාපදිංචි කරපු ඔප්පුවක් එහෙම තියනවද ඔහේ ළඟ...? ජාතිවාදී උම්මත්තකයෙක් වෙන්න එපා මහත්තයෝ... ඔබ වැනි අගතිගාමී බමුණු මත කාරයන් තමයි රටට තියන ලොකුම හෙනය! මේ රටේ උපන් හැම කෙනෙකුටම.. හැම කෙනෙකුටම.. සතාට, සිව්පාවාට වුණත් මේ රට අයිතියි. ඔරිජිනල් සිංහලයා කියලා එකෙක් මේ රට තමන්ට නිෂ්පාදනය කරගත්තේ නැහැ..! අපි සිංහල වුණේ අපේ මව්බස සිංහල වෙච්ච නිසයි. සිංහල ලේ කියලා අමුතු විශේෂ ජාතියක් නැහැ! "කමින්ග් කලර්ස් නො ගුඩ්!". ඉක්මණට වෛද්‍යවරයෙක් හමුවී ප්‍රතිකාර ගන්න! හම්බවුන අවි ආයුධ අතර, අර අපේ කටුගෙයින් ඒ කාලේ හොරකම් කරපු කඩුව එහෙමත් තියනවද බැලුවා නම් හොඳයි..!
gon-rockyFriday, 18 January 2019 09:44 AM
රොකි , මෙතන ජාතිවාදයක් නෙමෙයි තියෙන්නේ, සිංහලයට හරි වෙන මොකෙක්ට හරි වේවා, අහිංසක ජනතාවට ජීවත්වීමේ අයිතිය මේ ආයුධවලට සම්බන්ද අන්තවාදීන් උදුරාගැනීමට සැරසෙන එකයි ප්රස්න්නේ. තමුන් වගේ අයත් මේ අයත එක්ක ඉන්නවද කියන එකත් සැකයි. මේ අය සමුල ගාතනය කිරීම කාට කාටත් හොදයි
Bamunuarachchi Friday, 18 January 2019 10:56 AM
"මේ සිංහල අපගේ රටයි, අපි ඉපදෙන මැරෙන රටයි." හලෝ හොර පොල් කඩන්න වතුවලට පැනලා ඒ ඉඩම්වලට අයිතිවාසිකම් කියන්න ගියොත් වෙනදේ පත්තරවල දැකලා තිබෙනවාද? සිංහලයෝ පොලිසියට යන්නේ අනිකාගේ ඔලුව අතට අරන්. ඔහෙට ඒ ටික විතරක් මතක් කරන්නම්. සිංහල රටට අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා ඔලුව නැතිකර ගන්න එපා.
Bamunuarachchi Friday, 18 January 2019 11:05 AM
හලෝ මේ රටේ උපන්නා නම් රටේ හැටියට ජීවත් වෙනවා විනා අපිට රටේ මේ කෑල්ල වෙනම පොලිස් ඉඩම් බලතල වෙනම ඉල්ලන්නේ මොන බම්බුවකටද? දෙමල්ලු මාළු අල්ලන්න ඇවිත් මෙහාට ගහගෙන ආපු අය. ඔහෙලා ඒ ගොල්ලෝ පස්සේ පසුකාලයක මෙහාට ගොඩගහපු අය.
ජයන්ත මිලානෝ Friday, 18 January 2019 11:42 AM
තමුන්නැහැලා මොන අපායකට යයි දැයි හිතාගන්නවත් බැහැ. ඒත් කියනවා නම් හක්කේ....? බොක්කේ දඩමස්...
rocky Friday, 18 January 2019 01:43 PM
අඩුම ගණනේ සිංහල නමක්වත් නැති බමුණෙක් ජාතික කැක්කුම උත්සන්න වෙලා අංජබජල් ගහලා මරු විකල්ලෙන් දොඩවන එක ගැන පුදුම වෙන්න දේකුත් නැහැ. මේ උන්නැහේ , අපේ රට සොලීන් යටතේ අවුරුදු 70ක් විතර තිබුණා. වරින්වර දෙමළ රජවරු අපේ රට පාලනය කෙරුවා. එළාර වගේ බොහොම හොඳ රජවරුත් හිටියා. අපේ භාෂාවේ නොවෙයි, අක්ෂර මාලාවේ පවා දෙමළෙට සම්බන්ධයක් තියනවා. කෝට්ටේ යුගේ 6 වැනි පරාක්‍රමබාහුගෙන් පස්සේ කලක් යනතුරු පාලනය කෙරුවේ කවුද? මායාදුන්නේ, වීදියබණ්ඩාර, සෙම්බගප්පෙරුමාල්, තනියවල්ලභ, සකලකලාවල්ලභ, අම්බුලුගලකුමාරය, සීතාවක රාජසිංහ එහෙම ඔක්කොම දෙමළ... වෙන කවුරුවත් නෙවි, වීදාගම ලොකුහාමුදුරුවොත් සිංහල නෙවෙයි! ඊට පස්සේ නරේන්ද්‍රසිංහ රජ්ජුරුවන් ලඟට අපේ රට පාලනය කලේ කවුද? ශ්‍රී විජය, රාජාධි, කීර්ති ශ්‍රී, එහෙම කොහොමද? අපේ ශ්‍රේෂ්ටතම රජතුමා මහා පරාක්රමබාහුත් සිංහල නොවෙයි. ළිං මැඩියා වගේ පච පච ගාන්නේ නැතුව නැතුව ඉතිහාසේ පොඩ්ඩක් කියවලා බැලුවොත් නරකද?
BamunuarachchiSaturday, 19 January 2019 03:14 AM
අපේ රට සොලීන් අවුරුදු 70ක් අල්ලාගෙන සිටිය එක වැඩක්ද හලෝ දෙමල ප්රභාකරන් අවුරුදු 25ම අල්ලාගෙන සිටියේ... සොලී මෙරට අල්ලා ගත්තේ එකල සිටි සිංහලයින්ගේ කාලින දුර්වලකම හින්දා. අවුරුදු 25 ප්රභාකරන් අල්ලාගෙන සිටියේ අවුරුදු 25ක් මේ සිංහල රට පාලනයකලේ නිවට එජාප නායකයෝ නිසා. නැතිනම් අමරිකානුන්ට ගැති රනිල්ට ප්රභාකරන් නැතිකර දමන්නට බැරිවීමත් මහින්දට ප්රභාකරන් අතුගා දැමීමට හැකිවීමෙන් පෙන්වන්නේ රනිල්ගේ නොහැකියාව නේද? සිංහලයා දුර්වල වුණාම වරින්වර දෙමල්ලු රජ වුණා. 2005 සිට 2015 දක්වා සිංහලයා බලවත්. 2015 සිට සිංහලයින් නිවට පාලකයින් නිසා දුර්වල වුණා. සිංහලයා 2020 දී නැවත ශක්තිමත්වන බව දන්නා නිවට නායකයෝ ඊට ප්‍රථම අවුරුදු 2600ක කාලයක් දෙමළුන්ට සින්නක්කරව අයිතිකර ගන්න බැරිවුණු මේ සිංහල රටින් කොටසක් දෙමලාට පාවාදී අපිට මේ කොටස ඇතියි කියා බලයේ ඉන්න හදනවා. බමුණුආරච්චි සිංහල නමක් නොවුනත් රොකි කියන්නේ සිංහල නමක්ද? හතර හිනාවට මේකත් එකතුකරමු.. නේද?
Bamunuarachchi Saturday, 19 January 2019 05:21 AM
අවුරුදු 2600 ප්‍රථම දෙමල භාෂාවක් ගැන කොහෙද කියවෙන්නේ? දෙමල හා සිංහල භාෂාවල මූලාරම්භය සංස්කෘත නිසා එකම අක්ෂර භාෂා දෙකේම තියෙන්න පුළුවන් බව සිතන්න බැරි මොලයක්ද තිබෙන්නේ...? ඔබ ඔය දෙමලයයි කියන මායාදුන්නේ, වීදියබණ්ඩාර, සෙම්බගප්පෙරුමාල්, තනියවල්ලභ, සකලකලාවල්ලභ, අම්බුලුගලකුමාරය, සීතාවක රාජසිංහ සියලුදෙනාම දෙමළ වුනාට නම් වලින් සිංහලය. ඔවුන් සුබ්රමනියම්වත්, පෙරියලිංගම්වත් වුනේ නැත. සිංහල නම් වලින් සිංහල ක්‍රමයට රට පාලනය කළා. සම්බන්ධන් සම්පත්වෙලා, සුමන්තිරන් සුමතිරත්න වෙලා, ධර්මලිංගම් ධර්මරත්න වෙලා ප්රභාකරන් ප්රභාර්ත වෙලා සිංහල ක්‍රමයට රටපාලනය කරන්න සුදානම් වුනානම් අපි 2000 රනිල්ට රට නොදී ප්රභාකරන් රටේ නායකයා ලෙස තෝරා ගන්නවා ඇත. වීදාගම හාමුදුරුවෝ පමණක් නොවෙයි, මහින්ද හිමි ටිබෙට් ජාතිකයෙකි. බුදුන්වහන්සේ ඉන්දියානු ජාතිකයෙකි. ඒ බව මම නොදන්නවා නොවෙයි. ශ්‍රී වික්‍රම රාජසිංහ සිංහල නමින් සිටියාට එයා බිසෝවරුන් ගෙන්වා ගත්තේ ඉන්දියාවෙන්ය. එවිට දරුවන් දෙමළය. ඊළඟට රට පාලනය කරන්නේ ඔවුන්ය. සුද්දා නිසා අපි බෙරුණාය.. නැතිනම් මේවන විට අපි ඉන්දියාවේ ප්‍රාන්තයකි. නම සිංහල රොකී ඉතිරිය පසුවට...