(ඩයනා උදයංගනී)

වඩු මඩු හා ලී මෝල් වසා දැමුවහොත් දහස් ගණනකට රැකියා අහිමි වන බැවින් ඒ ගැන නැවත සිතා බලා එය ක්‍රියාවට නැංවීමෙන් වළකින්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එම තීරණය ක්‍රියාත්මක කළහොත් මිනී පෙට්ටියක් ගැනීමටවත් නොහැකි වනු ඇතැයි ද විපක්ෂනායකවරයා සඳහන් කළේය.

ලී ලබාගැනීම සඳහා, වන වගා ඇතිකිරීමෙන් හා ලී කොටන් ආනයනය කිරීමෙන් පරිසරයට හානි නොවන පරිදි වඩු කර්මාන්තය පවත්වාගෙන යා හැකි බවද මහින්ද  රාජපක්ෂ මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී අද (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.