IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලාංකික සිසුවා ගැන සොයන්න ක්‍රීඩකයාගේ ගෙදරට පොලිසිය යයි

ත්‍රස්ත චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට පත්ව සිටි  මොහොමඩ් නිසාම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික සරසවි සිසුවා ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කොට ඇත්තේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාගේ සොහොයුරෙකු බවට සැකයක් මතුවී තිබෙන බව එරට පොලිස් වාර්තා උපුටා දක්වමින් ඕස්ට්‍රේලියාවේ පළවන ‘‘ටෙන් නිව්ස් “ වෙබ් අඩවිය අද (21) වාර්තා කළේය. 


මේ සැකය මත ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයාගේ නිවස එරට පොලිස් නිලධාරීන් විසින් සෝදිසියට ලක් අතර ඇතැයි එහි සදහන් වේ.


මේ අතර උස්මාන් කාවාජාගේ පියා උපුටා දක්වමින් එම වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඊයේ (20) දිනයේදී පොලිස් නිලධාරීන් පිරිසක් සෝදිසි කිරීමේ වරෙන්තුවක් සමඟ සිය නිවසට පැමිණ පරික්ෂා කිරීමක් සිදුකළ බවයි.


ශ්‍රී ලාංකික සිසුවාගේ මේසයේ තිබී එම සටහන් පොත පොලීසිය වෙත ලබා දී ඇත්තේ සරසවි සේවකයෙක් වන අතර පොලීසිය මෙය මොහොමඩ් නිෂාම්ඩින්ව කොටු කිරීමට කවුරුන්හෝ සිදුකළ සැලැස්මක්ද යන්න ගැන සොයා බලමින් සිටින බවද කියැවේ.


මීට මාසයකට පමණ ඉහතදී නිව් සවුත් වේල්ස් සරසවියේ තිබී හමුවූ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීමට අදාළ විස්තර ඇතුළත් පොතක් සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශනයන්ට අදාළව මෙම සෝදිසි කිරීම සිදු කර ඇති බව එම වාර්තා වේ වැඩිදුරටත් සදහන්වේ.


පොලීසිය සඳහන් කළේ නිසාම්ඩීන් නිර්දෝෂී වුවද ඒ පිළිබද පරීක්ෂණ අවසන් නොවන බවත් ඒ අනුව ඔහුගේ සටහන් පොතේ අදාළ සටහන් තැබූ පුද්ගලයා සොයා පරීක්ෂණ සිදුකෙරෙන බව නිව් සවුත් වේල්ස් පොලීසිය සඳහන් කළේය. 


නිව් සවුත්වේල් සරසවියේ තිබී හමුවු ත්‍රස්ත සැලසුම් ඇතුළත් සටහන් පොතේ ඇතුළත් අත් අකුරු සහ අර්සනාල් කාවාජාගේ අත් අකුරු සමග සැසදේ ද යන්න ගැන සෙවීම පොලිසියේ අරමුණ වී ඇති අතර මෙම ත්‍රස්ත ප්‍රහාර සැලසුමේකරු උස්මාන් කවාජාගේ සොහොයුරාද යන්න ගැන පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකය පරීක්ෂණ සිදුකරමින් සිටින බව ටෙන් නිව්ස් වෙබ් අඩවි වාර්තා වැඩිදුරටත් දක්වා ඇත.


ඕස්ට්‍රේලියානු නායකයන් ඝාතනය කිරීමටත්, සිඩ්නි නුවර පිහිටි විශේෂ ස්ථානවලට ත්‍රස්ත්‍ර ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කළ බවට චෝදනා කරමින් අත්අඩංගුවට ගත් නිසාම්ඩීන් මසකට අධික කාලයක් අධි ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා සිටි අතර  ඉකුත් සිකුරාදා ඔහුව නිදොස් කොට නිදහස් කිරීමට එරට අධිකරණය පියවර ගනු ලැබුවේය. 

 

එම ප්‍රහාරයක සැලසුම් බවට සඳහන් කෙරුණු සටහන් පොත නිසාම්ඩීන්ගේ අත් අකුරු නොවන බව හෙළිදරව් වූ පසු ඔහුට ඇප ලබාදුන් අතර, පසුව ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ද ඉවත් කර ගැනුණි.


 
(125)



අදහස් (0)

ලාංකික සිසුවා ගැන සොයන්න ක්‍රීඩකයාගේ ගෙදරට පොලිසිය යයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1394 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 653 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 548 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 305 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 535 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 492 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site