(පුෂ්පකුමාර ජයරත්න)

වසර 16කට පෙර කුරුණෑගල මඩගල්ල පාරේ දීගාවේ දී 14 දෙනකුට මරු කැඳවූ ලංගම බස් රථ අනතුරට සම්බන්ධ රියදුරුට කුරුණෑගල මහාධිකරණය අද (20) බරපතල වැඩ සහිතව වසර තිස් හත හමාරක සිර දඬුවම් නියම කළේය.

මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් එම නියෝගය දෙනු ලැබුවේ කුරුණෑගල උතුරු ඩිපෝවේ රියදුරකු ලෙස සේවය කළ එච්.එම්.ප්‍රේමරත්න නමැත්තාටය. 2001 දී සිදුවූ අනතුරින් 19 දෙනකුට තුවාල ද සිදුවිය.