IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාවේ ධාවනය කළ නොහැකි යතුරු පැදියක් රාජසන්තකයි

(ඩී. ජී. සුගතපාල)
 
ශ්‍රී ලංකාවේ පොදු  මාර්ගවල ධාවනය කළ නොහැකි එන්ජින් ධාරිතාවයකින් යුත් යතුරු පැදියක ව්‍යාජ අංක තහඩුවක් සවිකර ගෙන ධාවනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වූ පුද්ගලයෙකුට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රුපියල් 65,000ක දඩයක් නියම කර යතුරු පැදිය රාජසන්තක කිරීමට අද(25) නියෝග කළේය.
 
මෙසේ දඩ නියමවූයේ වඩුතන්ත්‍රි දිනුෂ්ක ද සිල්වා නමැති පුද්ගලයෙකුටය.
 
ඔහු මෙම යතුරු පැදිය ධාවනය කරමින් සිටියදී මුර සංචාරයේ යෙදී සිටි ගාල්ල පොලිසියේ  නිලධාරි කණ්ඩායමක් එය නවතා පරීක්ෂා කිරිමේදී ඇතිවූ සැකයක් නිසා ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් කාර්යාලයෙන් විමසූවිට පවසා ඇත්තේ එවැනි අංකයක් යටතේ යතුරු පැදියක් ලියා පදිංචිකර නොමැති බවය.
 
පසුව ගාල්ල දිස්ත්‍රික් මෝටර් රථ පරික්ෂකවරයා යතුරු පැදිය පරීක්ෂා කර බලා මෙය ලංකාවේ පොදු මාර්ගවල  ධාවනය කළ  නොහැකි එන්ජින් ධාරිතවය 600කින් යුත් එකක් බවටත් ලංකාවේ පොදු මාර්ගවල ධාවනය කළ හැක්කේ එන්ජින් ධාරිතාවය 450 දක්වා පමණක් වන යතුරු පැදිවලට පමණක් බවටත් වාර්තාවක් ලබාදි ඇත.
 
ඒ අනුව මෙම නඩුව පවරා තිබු අතර ව්‍යාජ අංක තහඩුවක් සවි කිරීමේ චෝදනාවට රුපියල් 15,000ක්ද ලියා පදිංචි නොකරන ලද යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවට රුපියල් 50,000ක් ද වශයෙන් මෙසේ දඩ නියම විය.



අදහස් (10)

ලංකාවේ ධාවනය කළ නොහැකි යතුරු පැදියක් රාජසන්තකයි

roville Monday, 25 March 2019 09:08 AM

ලංකාව කවදාවත් හදන්න බැරි රටක්, කරන්න පුළුවන් එකම දෙය මිනිසුන්ට කල කිරවලා ලංකාව විනාශ කරන එක පමණයි

:       180       521

පිටිගල මිලානෝ Monday, 25 March 2019 09:51 AM

මේවා ඉතාලියේ නාපොලි වලින් පටවන බඩු. ලංකාවේ අන්ධ රේගුව හරහා රට ඇතුලට ඇවිල්ලා.

:       0       1

Bamunuarachchi Monday, 25 March 2019 09:57 AM

මේ රටේ නිෂ්පාදනක් නොවේ නම් රට තුලට ආවේ කෙසේදැයි නොසොයන්නේ කාව පරිස්සම් කොරන්නද?

:       0       19

ගගන Monday, 25 March 2019 10:04 AM

පව්. 1000CC පදින අයත් ඉන්නවා. අද ලෝකය දිහා බලපුවහම අපි මොනතරම් භූත තත්ත්වයක ද ඉන්නේ? පොලීසියට 450cc ට වැඩිය ධාරිතාවක් ඇති බයිසිකල් ලුහුබැඳ යන්න බැරි නීසා මේවා ගේන්න දෙන්නේ නැහැ. නමුත් කාර් වලට පුළුවන්. මෝඩ නීති

:       23       50

rohana kumara mendis Monday, 25 March 2019 10:21 AM

එතකොට ඕක ගෙනවාවේ කොමද ලංකාවට .............. රේගුවට හොරෙන්ද මුහුද යටින්ද අවේ නැත්නම් අහසින් ආවේ ඕක ?

:       0       7

vipula Monday, 25 March 2019 11:30 AM

දැන් මෙයා මේක දුවපු කාලේ රට හැදුනද?.

:       0       21

Raveendra Monday, 25 March 2019 12:48 PM

roville මයා වෙත, ඔබගේ අදහස් තේරුම් ගැනීමට අපහසු බැවින් හැකිනම් විස්තර කර දෙන්නේනම් කෘතඥ වෙන්නෙමු.

:       0       1

චමින්ද Monday, 25 March 2019 01:04 PM

නොදන්න නිසා අහන්නේ දන්න කෙනෙක් කියන්න මේ යතුරුපැදිය එක්දහස් නවසිය අසූ ගණන්වල ඉන්දියාව ලංකාවට පරිප්පු දැම්මාවගේ ගෙනා එකක්ද. රටේ තහනම් දෙයක් ගෙනෙනවිට රේගුවේදි පරීක්ෂා කරන්නේ නැද්ද.

:       0       19

rocky Tuesday, 26 March 2019 01:43 AM

මේකත් අර පන්සලේ අමතක වෙලා දාලා ගිහින් තිබුන අලි පැටියා වගේ සිලි සිලි බැග් එකක දාලා තිබිල හමු වෙන්න ඇති. එහෙමත් නැත් නම් සක්‍ර දෙවියන්ගෙන් උපන් දිනේට ලැබුණ තෑග්ගක් වෙන්න බැරිද?

:       0       6

මධුශංඛ Thursday, 28 March 2019 04:47 AM

ලංකාවේ 1000cc දක්වා යතුරුපැදි ලියාපදිංචි හැකි නමුත් මහා මාර්ගයේ ධාවනය කිරීමට තවම අවසර දී නැත. මෙම සිද්ධියේ වරද ව්‍යජ අංක තහඩු භාවිතා කර ධාවනය කිරීමයි එමනිසා පුවතේ මාතෘකාවද ගැලපෙන්නේ නැත.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 48 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 340 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 2981 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


හබලකින් පහරදී අයෙක් මරලා
2024 අප්‍රේල් මස 19 624 0

ධීවර කටයුතු සඳහා අරලගන්විල පිඹුරුත්තාව වැවට ගිය පුද්ගලයෙකු එහිදී අඹුසැමි යුවළක් සමග සාදයක් පවත්වා එහිදී ඇතිවූ ආරවුලකදී හබලකින් පහරදී ඝාතනය කර ඇතැයි


පිට කොටුවේ අනවසර කඩ පිටුපස ජාවාරමක්
2024 අප්‍රේල් මස 19 1288 3

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙලිවී ඇතැයි කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.


මත්කරල් සමඟ දෙන්නෙක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 169 0

ජාවාරම් කිරීම සඳහා විරෝධී මත් කරල් 1229 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙක් පුල්මුඩේ ප්‍රදේශයේදී වි‍ශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් ඊයේ 18 අත්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1510 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1415 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site