IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ලංකාවට පැමිණි පසු අමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

(තරිඳු ජයවර්ධන)

ඩුබායිහි දී අත්අඩංගුවට පත් ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන දෙදෙනා ඇතුළු 15ක පමණ පිරිසක් ලබන 27 වැනි දා වන විට මුදා හරිනු ඇතැයි ඩුබායිහි ආරංචි මාර්ග කියයි.

ඇතැම් විට මහාධිකරණයට ඉදිරිපත් නොකරම මුදා හැරීමට වැඩි ඉඩක් ඇතැයි ද, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ නදීමාල් යන දෙදෙනාගේ ඩුබායි ගමන් තහනම් නොකරන ලෙස ඉල්ලීමක් කිරීමට එරට නීතීඥවරුන් කිහිප දෙනෙකු පත් කර ඇතැයි ද නීතීඥ උදුල් පේමරත්න මහතා පැවසීය.

නීතීඥ උදුල් පේමරත්න මහතා ඊයේ සහ අද දිනයේ මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අමල් පෙරේරා සමඟ සාකච්ඡා කර තිබේ.

ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි චෝදනා එල්ල වී නැති නිසාත්, ඔවුන් ඩුබායි වෙත පැමිණියේ ගායකයන් ලෙස බවට ඩුබායි පොලිසිය පිළිගැනීම නිසාත් ඔවුන්ට දඩයක් වැනි ලිහින් දඬුවමක් ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග කියයි.

මේ අතර  නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හා අමල් පෙරේරා මහතා අතර සම්බන්ධයක් ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බව අමල් පෙරේරා ප්‍රකාශ කළේ යැයි නීතීඥ උදුල් පේමරත්න මහතා කීවේය. මිතුරකුගේ කටයුත්තකට කාර්යාලයට ගොස් මීට වසර තුනකට පමන පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී ඇති බව හා ඉන් පසු කිසිම සම්බන්ධයක් නොතිබුණු බව අමල් පෙරේරා ප්‍රකාශ කළේයැයි ද නීතීඥවරයා සඳහන් කළේය. අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක් කරනු ඇති බව ද ඔහු කීවේය.

 



අදහස් (39)

ලංකාවට පැමිණි පසු අමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Sarath Kumara Friday, 15 February 2019 03:38 PM

සිංදු කියන්න ගියා නම් රුධිර සාම්පලයේ කොකේන් තියෙන්නේ කොහොමද? පුතාගේ විතරයි කොකේන් නැත්තේ... නිකන් හෑලි කියවන්න එපා...

:       14       513

Nishantha Friday, 15 February 2019 03:59 PM

මට්ටු වුණහමද කට්ටියට හෙළිදරව් කරන්න මතක් වෙන්නේ?

:       22       426

de silva Friday, 15 February 2019 04:15 PM

එහෙන් බේරිලා ආවත් හරිනම් ලංකාවේ ගුවන්තොටුපලේදී මොහු අත්අඩංගුවට ගත යුතුය. මොහු මිනීමැරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දෙන බවට සාධාරණ සැකයක් තිබෙනවා. මදුෂ් කියන්නේ ලංකාවේ අධිකරණයට අවශ්‍ය දරුණු අපරාධකාරයෙක් වග හොඳින් දැනගෙන ඔහුගේ උත්සවවල සිංදු කීමටත්, ඔහු සමග ගනුදෙනු කිරීමත් විශාල වරදක්... මේ වගේ කලාකාරයින් තමයි ලංකාවේ කලාව කන අය..

:       44       1005

SujeewaSaturday, 16 February 2019 06:13 AM

මෙහෙ ඉන්න හරක් ඔය කට්ටියව මල්මාලා දාල පිළිගනී..

:       4       106

smn Friday, 15 February 2019 04:41 PM

ඔය හෙළිදරව්වෙන් යම්යම් අයගේ සායම හේදෙන හැඩයි.

:       22       269

parakkrama Friday, 15 February 2019 04:47 PM

මොකක් වුනත් දැන් මෙහෙම නේ, කොයි වර්ගයේ වුණත් සුනඛයින් එක්ක නිදා ගත්තාම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක නේ...

:       0       223

Raveendra Friday, 15 February 2019 04:57 PM

අපරාදේ මිනිසුන්ගේ කාලය නාස්ති කරන්න එපා.. බොරු කප්පරක් කියලා..

:       9       118

chandima Friday, 15 February 2019 04:59 PM

මොනවද ඉතින් බණ්ඩා රාළහාමි රැවුල කරකව කරකවා නෙලපු හැටි කියයි.. කුඩු තියෙන තැන් කියනකල්.

:       0       90

Appuhami Friday, 15 February 2019 05:41 PM

දැන් ඉතින් ලෝකෙටම හෙළිදරව්වෙලා ඉවරයිනේ...

:       0       201

පිටිගල මිලානෝ Friday, 15 February 2019 06:36 PM

අමල්ගේ වැඩවලට ඩුබායි ගියේ උදුල් නෙවෙයි ශාබ්ධිකයි. උදුල් කාගේ හෝ වුවමනාවකට රහසිගත මෙහෙයුමකට ගිය එක මාධ්‍ය මගින් ප්‍රචාරය වුණු නිසා දැන් අමල්ගේ නම විකුණා කුණු සෝදාගන්නවා. කෙසේ වෙතත් කුඩු වෙළඳාම්වලට සම්බන්ධ කවුරුත් එල්ලා මරන්න ඕනේ. එ්කේ දෙකක් නැහැ...

:       101       402

hesa Friday, 15 February 2019 08:34 PM

වෙන දේ බලා ගෙන ඉන්න තමයි තියෙන්නේ

:       0       14

jaatha anura Friday, 15 February 2019 10:39 PM

ඔන්න ඕකයි තත්වේ..

:       109       7

nihal Friday, 15 February 2019 11:26 PM

හිටපු ස්ථානයේ පරිසරය අනුව... කලාවට බර කෙනෙක්ද ..? කලාබරයෙක්ද? කියා තීරණය වී ඇත .

:       0       38

sadi Saturday, 16 February 2019 01:05 AM

උද්ඝෝෂණ, පෙළපාලි කරකර හිටපු වැදගැම්මකට ඇති කිසිම නඩුවක් නැති උදුලුත් දොදොල් වෙන්න වගේ ලැහැත්තිය!

:       0       17

saman Saturday, 16 February 2019 01:40 AM

මාකඳුරේ මධුෂ් මේ රටේ මිනීමැරුම් වලට වගකියයුතු, මත්කුඩු ජාවාරම් කල අපරාධකරුවෙක් බව මේ රටේ කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා දැනසිටි දෙයක්. මේ බව දැන දැනත් මුදල් වෙනුවෙන් හෝ වෙනත් වරදාන වරප්‍රසාද වෙනුවෙන් මෙවැනි අපරාධකරුවෙක් සමග සම්බන්ධතා පැවැත්වීම මොහුගේ මැරකම්වලින් මියගිය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත්, මත් කුඩු නිසා ජීවිත විනාශ කරගත් තරුණ තරුණියන්ට, මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටත් ඔබලා කර ඇත්තේ බලවත් වරදක්... ඒ වගේම ලංකාවේ නීතියටද එය එරෙහි වීමක් බව මගේ හැඟීමයි. ඒ වගේම මොවුන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන ඔවුන්ගේ මිතුරන් වගේම ඔවුන් වෙනුවෙන් කඩේ යන මේ රටේ මිනිසුන්ද කරන්නේ වරදක්. අමල් ඔබ කොතරම් හොඳ කලාකරුවෙක් වුනත් අපිට කම් නැත. ඔබ වැනි අපතයින්ගේ කලාවෙන් අපට වැඩක් නැත. ඔබලා කළ වරදට උපරිම දඬුවම් විඳිය යුතුය. මෙවැනි තව අය සිටියි නම් ඔවුන්ටද පාඩමක් විය යුතුය.

:       1       514

RaveendraSaturday, 16 February 2019 08:19 AM

saman මයා වෙත, ඔබගේ වටිනා අදහස් අප අගය කරන්නෙමු. අර කියමනක් තියෙනවා " අහුවුනොත් විහිලුවට, එසේ අහුනොවුනොත් හොරකමට "මොහු බබෙකි නොදැන ගිය ගමනකි. අනේද කියන්නේ? මොනතරම් ප්‍රසිද්ධ කළාකරුවෙක් වුනත් වැරදි නම් වැරදියි කීමට පුරවැසියන් වන අප සියල්ලෝම එසේ වැරදියි කීමට කොඳු පණ තිබිය යුතුය. එලෙසින්ම කොයිතරම් උගත් පුද්ගලයකු වුනත් මොන තනතුරක් දැරුවත් ඔහු වැරදි දෙයක් කළොත් වැරදි කීමට අප සියල්ලෝටම හැකි වියයුතුය. යම් කෙනෙක් මොහු මගේ හිතවතා හොඳ ගායකයා... එ් නිසා මොහු හොඳයි කියනවා නම් එම තැනැත්තා නියම මෝඩයෙකි. මෙය අප සියල්ලන්ටම එක හා සමානය. බල්ලෝ එක්ක ලැග්ගොත් මැක්කෝ එක්ක නැගිටින්න වෙන්නේ කියල මේ තොත්ත බබා අහලම නැහැ වගේ...

:       0       261

ලේක්කෝ ගලබඩ Saturday, 16 February 2019 11:03 AM

තාත්තගේ සිංදු කිව්වා කියලා කලාකාරයෙක් වෙන්නේ කොහොමද? මෙයා ගැන විවිධ කට කතා තිබුණා. දැන් ඒවා ඔප්පු වෙනවා. එයා පාතාල පාටියට සින්දු කියන්න ගියේ එන්න කියපු කෙනා දන්නේ නැතිවද? කුඩු ව්‍යාපාරයට සහ ප්‍රවාහනයට සම්බන්ධ සියලු දෙනා එල්ලා මරන්න. නැත්නම් කුඩු ගහලා මැරෙන්නේ අහිංසක පවුල් පිටින්...

:       0       120

රවින් Saturday, 16 February 2019 03:19 AM

පවුලේ නීතිවේදියා කවුද? ප්‍රවෘති විදියට නම් ශබ්දික නේද? නීති සහයක කෙනෙක්ව අරන් ගියාද? නැතිනම් ප්‍රවෘත්ති නිලධාරියෙක්ව අරන් ගියාද? නැතිනම් නිකම්ම නිකන් ප්‍රසිද්ධ වෙන්න මාන බලන මොලේ අමාරු කෙනෙක්ද? මේ ප්‍රශ්නවලට හරි පිළිතුරු හොයාගෙන අපි වැඩේට බැස්සොත් නේද හොඳ?

:       12       64

Lal Saturday, 16 February 2019 03:22 AM

අමල් කුඩුකාරයා කියලා මුළු ලංකාවම දන්නවනේ... ආයෙ මොනවා හෙලිදරව් කරන්නද? අනික මේ කුඩ්ඩන්ගේ ප්‍රශ්නේ විතරද... මාධ්‍යයට මේ දවස්වල කියන්න තියෙන්නේ? වෙන දේවල් නැද්ද?

:       13       86

Hafeel Saturday, 16 February 2019 03:30 AM

මේ උදුල් පේමරත්නත් හරියට ජිනීවා යන අපේ දූත පිරිස වගේ. නඩු ඉවර වෙනතුරු එහෙ විනෝදවෙනවා. අනික වැරැද්දක් කළේ නැත්නං... මොනවටද ලිහිල් දඬුවමක් ලැබෙන්න ඕනේ? මේකෙන් තේරෙනවනේ මේ උදුල්ගේ නොහැකියාව.

:       0       48

Asanka Saturday, 16 February 2019 03:46 AM

ඔය අමල්, නදිමාල්, රයන්, මදුෂ්, ඉම්රාන්, හිතනවා නම් ඔය ලෝයර්ස්ලා එන්නේ එ් ගොල්ලන්ව බේරාගන්න කියලා, ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. මොකද දැන් දෙපැත්තේම ඇමතිවරු ගොඩක් කලබල වෙලයි ඉන්නේ.. මේ ගොල්ලන් එයාලගේ නම් ගම් එළිකරයි කියලා. ඩුබායිවල මෙයාලව මරන්න බැහැ. හේතුව එහෙ නීතිය සැරයි. පොලිසිය සුපිරියි. එ්ක හින්දා ලංකාවට ගෙන්නලා මැෂින් තුවක්කු පාරක් දෙන්න තමයි මෙයාලව ලංකාවට ගෙන්නන්න හදන්නේ... ඇමතිවරුන්ට ඕනෑනම් තව මදූෂ්ලා දහයක් වුණත් හදන්න පුළුවන්... ඒ වුණාට නම් ගම් එලි වෙන එකෙන් වෙන හානිය කොච්චර සල්ලි වියදම් කරත් හරිගස්සන්න බැහැ. ඔය අමල්ලා, නදිමාල්ලා ගායකයෝ වුණාට ඒවා ඇමතිවරුන්ට අදාල නැහැ. මතක තියාගන්න විජය කුමාරතුංග වගේ ඉස්සර හිටපු හොඳම නළුවන්වත් මරපු රටක් මේක... එ්කහින්දා ඔය අමල්, නදිමාල් ඩුබායි වලම ඉන්න එක ඒ ගොල්ලන්ගේ ඇඟට ගුණයි. ඔය නීතීඥවරුන්ට ගෙවන ගාන වගේ දහ ගුණයක් එකරැයින් එක කුඩු කිලෝඑකක් විකුණලා හොයන්න පුළුවන් ඔය ඇමතිවරුන්ට...

:       0       64

kumarage Saturday, 16 February 2019 05:01 AM

මොන හෙලිදරව්ද බන්...? මහලොකු දරුවන්ට ආදරේ තාත්තා... දරුවන්ට ආදරේ නම් තමන්ගේම දරුවන් අරන් යයිද කුඩු කාරයන්ගේ පාර්ටි වලට...?

:       0       225

Sana Saturday, 16 February 2019 06:04 AM

තාත්තලා නිසා ක්ෂේත්‍රයට ඇවිත් නවකයින්ට අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම පහතටම හෙලන කෙනෙක්...

:       0       221

chinthaka Dubai Saturday, 16 February 2019 06:36 AM

තාත්තා නිසා ජීවත්වෙන පුතෙක්... අමල් හිතාගෙන ඉන්නේ එයාට වඩා කෙනෙක් නැහැ කියලයි... හරිම උඩඟුයි. දැන් ඔය ඉන්නේ...

:       1       132

Rata Perata Saturday, 16 February 2019 07:29 AM

උදුල් ලත් මිනිස්සුන්ව ගොනාට ඇන්දුවේ කොහොමද? ලංකාවම කුඩු රාජ්‍යයක් වෙලා ඉවරයි. මේ මිනිහත් දැන් ඇවිල්ලා ප්‍රකාශ කරලා ඊළඟ පළාත් සභාවට ඉල්ලයි.

:       0       20

Perakadoruwa Saturday, 16 February 2019 08:14 AM

මගේ සේවාදායකයා වැරැද්ද පිළිගන්නවා ස්වාමීනී... ලිහිල් දඬුවමක් බලාපොරොත්තු වෙමි. මේ අයට තමයි කියන්නේ ගිල්ටි ප්‍රොක්ටර් කියලා...

:       0       12

පිටිගල මිලානෝ Saturday, 16 February 2019 11:32 AM

අර කඩේ ගිය නළුවා ඇතුළු සියලු ගායකයන් සහ නළුවන් නිළියන් නිතරම වැඩිපුර පරීක්ෂාවට ලක් කරන්න. මේ අය සමහරවිට කුඩු ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්...

:       0       40

Jehaan Saturday, 16 February 2019 11:47 AM

අපිට මෙයාගේ ප්‍රකාශ හෙළිදරව් වලින් වැඩක් නැහැ. කලාව කියන්නේ මුලාව කියලා දැන් දැන් ලංකාවේ සිටින කලාකරුවන් අපිට හැමදාම පෙන්වා දෙනවා. වැදගත් විදියට ජීවත් වෙමින් යහපත් පවුල් ජීවිත ගත කරන්නේ කීයෙන් කී දෙනාද? හැබැයි මේ කලාකරුවන්ගේ ලොකුම තර්කය ආ ඔය දේවල් සාමාන්‍ය මිනිස්සුත් කරනවා... හැබැයි අපි ප්‍රසිද්ධ උදවිය නිසා මාධ්‍යයෙන් ඒවාට ලොකු ප්‍රචාරයක් දෙනවා කියලා. මේවාට මම නම් කියන්නේ කිතුලෙන් බැහැපු මිනිහාගේ නිදහසට කාරණාව වගේ කියලයි...

:       0       52

sandy123 Saturday, 16 February 2019 01:00 PM

ඉස්සර කලාකාරයෝ දුප්පත්. නමුත් ගති ගුණ අතින් පොහොසත්. අපි සැවොම එකා වගේ ආදරය කරනවා. මග තොටේදී දැක්කත් ආදරෙන් කතා කරනවා නැතිනම් සිනාවකින් සංග්‍රහ කරනවා. ඔවුන්ගේ සින්දුවෙන් හරි රඟපෑමෙන් හරි ගත යුක්තක් තියෙනවා. එ්කත් එකට දැන් ඉන්න ගොඩක් අය. අහසට පොළව වගේ. පුද්ගලික චරිතයන් ගැන කියලා වැඩක් නැහැ. අනුන්ගේ ස්වාමි පුරුෂයන් හෝ භාර්යාවන් සහේට ගන්නවා. හරියට වෙන මිනිස්සු නැහැ වගේ. කොහොමත් අධි තක්සේරුවෙන් ඉන්න අය බොහොම ඉක්මනට කඩා වැටෙනවා. ආයිමත් නැගිටින්න බැරි වෙන්නම...

:       0       134

පිටිගල මිලානෝ Saturday, 16 February 2019 02:17 PM

ඇයි අර ‘අපි ඔක්කොම රජවරු’ කරපු නමුත් ‘වරදේ නොබැඳෙන ලඳුන් ලොව නැත’ කියා තමන්ගේ බාලම දරුවටත් වඩා ගොඩක් බාල බැංකු හොරෙක්ව බැන්දේ?

:       0       14

sandy123Saturday, 16 February 2019 02:36 PM

පිටිගල... එදවස අතලොස්සක් ඒ වගේ හිටියට හැමෝම නෙවෙයි. එකටත් එකට දැන්... හොඳ චරිත අතලොස්සයි. නරක චරිත ගොඩයි...

:       0       3

Wije Saturday, 16 February 2019 01:48 PM

නලා කාරයෙක් දැක්ක තැන විමසිලිමත් වන්න. ඔහු හෝ ඇය කුඩු ප්‍රවාහකයෙක් වෙන්න පුළුවන්.

:       0       10

chathuri Saturday, 16 February 2019 02:21 PM

මේ කියන විදියට ඉල්ලීම් දිනාගන්න, වියදම් කරන්න කොහෙන්ද සල්ලි? මොවුන් වෙනුවෙන් පෙනී සිටින... නීතිය කතාකරන උන් ඩුබායි වල නතර වෙමින්, කෑමබීම, නවාතැන්... මේවට වියදම් කරන්නේ කවුද? මේ තත්වය උඩ අයකරන ගාස්තුව ඉතා අධිකයි... කොහෙන්ද මුදල් කුඩු විකුණන්නම ඕනෑ... ඩුබායි රටේ නීතිපතිවරුන්ට මේවට ගෙවන්න.. කොහෙන්ද මුදල් ප්‍රභූවරයෙක්ගේ පුතා කිව්වා වගේ... ගේ, දොරකඩ, මැණික් මල්ලක් හරි... කුඩු ගෝනියක් තිබුණා කියයිද? සල්ලි තියෙන අයටම හදාගත්තු නීති. දෙවිකෙනෙක් ඉන්නවා නම් එල්ලුම් ගස් යයි. ජීවිතවලට කරපු හානිවලට මේ වගේ අය ලොවෙත් නැහැ. ගමෙත් නැහැ...

:       0       5

achira Saturday, 16 February 2019 04:58 PM

ලංකාවට ගෙන එක හොදයි. නැත්නම් අරාබිකාරයෝ රිසානාට දුන්නු දඩුවම වගේ දඩුවමක් දෙයි.පව් අපේ ලංකාවේ මිනිස්සුනේ

:       0       6

බිමල් Sunday, 17 February 2019 06:50 AM

ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය නොබලා කූඩුවට දාලා දෙකක් ඇන්න නම් කියන්න ආව එක පැත්තකින් තියලා ඇත්තම කියයි.

:       0       0

BamunuarachchiSunday, 17 February 2019 11:00 PM

කෙනෙකුගේ ප්‍රසිද්දිය හෝ ජනප්‍රිය භාවය උසාවියට අදාළ නැත. පැමිණි පසු කරන ප්‍රකාශ බලාපොරොත්තු වෙන් ඉන්න මෙයා කාට ලොක්කෙක්ද? මෙතෙක් අපි මොහු ගැන දන්නා කරුණු අනුව මොහුගේ නම ගෑවී තිබුනේ රටේ සිදුවූ හොරකම් හා කුඩු සමගය. චරිතයට කරගත් ඔය හානිය මකා දමන්න බැරිය.

:       0       0

pradeep Sunday, 17 February 2019 10:30 PM

මෙම ප්‍රවෘතියේ කිසිදු ප්‍රවෘතිමය වැදගත්කමක් ඇත්ද ?. මෙයට අගයක් ලැබෙන්නේ හෙළිදරව්ව කලපසු පමණි.

:       0       0

Bamunuarachchi Sunday, 17 February 2019 11:04 PM

රිසානාට වගේ දඬුවමක් ලැබෙනවානම් මොන එකකටද ලංකාවට ගෙන්වා ගන්නේ.

:       0       0

kumara Monday, 18 February 2019 07:18 AM

මොන ප්‍රකාශද බන් උඹෙන්..? ඔය ප්‍රකාශ කරන්න තිබුනේ, මදුෂ් ඔබට පාර්ටි එකට අාරාධනා කළ වෙලේ.. සල්ලි තණ්හාවට කුඩු ප්‍රෙමා්ට් කරන්නේ තමන්ගේම පුතත් එක්ක කුඩ්ඩන්ගේ පාර්ටි එකකට ගිය ඔබ, අර විශ්වා කියන විදිහට දරුවන්ට ආදරේ ඇති තාත්ත කෙනෙක්ද..? පලයන් පලයන්..නිකන් බබා හුකුම් නැතුව..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
2024 අප්‍රේල් මස 19 71 1

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහ


මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 1571 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 480 1

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 557 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 420 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 583 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 208 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site