(සමන් පාලිත නානයක්කාර)
 

හපුතලේ  බෙරගල  මාර්ගයේ  උඩ විහාරගල ප්‍රදේශයේ දී අද (13)  වෑන් රථයක් හා ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් එකම පවුලේ 5 දෙනෙකු බරපතළ   තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දියතලාව මූලික රෝහලට මාරු කර යැවු බව හපුතලේ පොලිසිය කියයි.
 
එකම පවුලේ මව, පියා, කුඩා දරුවන් දෙදෙනෙකු සහ සීයා මෙසේ තුවාල ලබා ඇතැයි ද පොලීසිය කියයි.
 
තුවාල ලබා ඇත්තේ ත්‍රි රෝද  රථයේ ගමන් ගත්  බණ්ඩාරවෙල පට්ටියගෙදර  ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලීසිය කියයි.
 
වෑන් රථය හපුතලේ සිට බෙරගල දෙසට ධාවනය වී තිබෙන අතර තිරෝද රථය බෙරගල සිට හපුතලේ  දෙසට ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුවී තිබේ. 

හපුතලේ පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.