(නිමන්ති රණසිංහ)

අධික වේගයෙන් කැබ් රථ දෙකක් පදවා රාජගිරිය සිල්වා පටුමගේ දී අනතුරක් සිදුකළැයි කියන කොළඹ ජනප්‍රියතම පිරිමි විදුහලක 18 හැවිරිදි සිසුන් දෙදෙනකු ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද(14) නියෝග කළේය.

එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින්වූ ශරීර ඇප මත මෙසේ මුදා හැරුණේ මේ වනවිට කොළඹ ජාතික රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටින නාවල හා කලපළුවැව රාජගිරියේ පදිංචි සිසුන් දෙදෙනෙකි.