එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)
සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි අද (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය.
ඇමෙරිකාව ප්රමුඛ හමුදා සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ඇතැයි සැක කෙරෙන ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවන්නැයි රුසියාව ඉල්ලා සිටියේය. එහිදි අදහස් දක්වමින් ඇමෙරිකා තානාපති නිකී හේලි එම අනතුරු ඇඟවීම කළාය.
“සිරියාවේ රසායනික අවි වැඩසටහන දුර්වල කළ බව අපිට විශ්වාසයි. අපි මේ පීඩනය දිගටම පවත්වාගෙන යනවා. සිරියානු රෙජීමය අපේ හැකියාව ශක්තිය සහ ධෛර්ය පරීක්ෂා කිරීමට තරම් මෝඩ වුවහොත් අපි දැනට වඩා පීඩනයක් එල්ල කරනවා. සිරියානු රෙජීමය නැවත වරක් විස වායු යොදාගත්තොත් ඇමෙරිකා එක්සත් ජනපදය එසැණින් ප්‍රහාර එල්ල කරනවා.” නිකී හේලි තවදුරටත් අනතුරු ඇඟවූවාය.
055
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රසායන අවි හෙල්ලුවොත් දිගටම ගහනවා - ඇමෙරිකාව
Perera Saturday, 14 April 2018 08:07 PM
මෙන්න ඇමෙරිකාව සාමාන්‍ය වැසියන්ව මරනවෝ!!!
sanath Sunday, 15 April 2018 02:12 AM
ඇමරිකාවේ ජනාධිපති ජාතිවාදී මැරයෙක් නිසා ලෝක සාමයට තර්ජනයක් එල්ලවෙන්න පුළුවන්. මම ට්‍රම්ප් සමාන කරන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ට.
Bamunuarachchi Sunday, 15 April 2018 06:24 AM
අන්න ට්‍රම්ප් කියනවා ඇමෙරිකාවට සහාය දක්වමින්, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ද සිරියාවේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කළා කියලා නමුත් කැනඩාව, ඉතාලිය සහ තව රටවල් කීවේ සිරියාව රසායනික අවි භාවිතා කල බවට සාක්ෂි නැහැ කියලානේ. රුසියානු ජනාධිපති පුටින් පවසා තිබුණේ එම ප්‍රහාරවලින් සිරියාවේ රුසියානු හමුදා සොල්දාදුවන්ට අනතුරක් සිදුවුණේ නම් ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයට එරෙහිව ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය. දෙන්න පුටින් මහතා ඇමරිකන්කාරයින්ට යන්න. දැන් අපිට තෙල් ගන්න ඩොලර් ඕනේ නැත. චීන යුඇන් වලටත් සව්දිය තෙල් දෙන්න ලැහැස්තී.
Pohottu Bamunaa.Monday, 16 April 2018 03:00 AM
පුදුම ඇමෙරිකානු භීතිකාවක් තමයි තියෙන්නේ.මොලේ ඇඟ පුරාම.ඒ උනාට පොහොට්ටු කාරයන් කරන කොයි වැරද්දත් හරි කියලයි සිතන්නේ .මොලේ උඩ වාඩිවෙලා ඉන්නකොට ඔහොම තමයි.මේක පිරෙන්න අන් ලයික් දමාවි.කොහොමත් රටේම ඉන්න සෙනග එක තැනකට ඇදලා ජනමතය තමන්ට බව පෙන්වන්න මේ අය අති දක්ෂයෝ නේ.ඒ උනාට සත්‍ය ජනතාව දන්නවා.
BamunuarachchiTuesday, 17 April 2018 02:56 AM
ඇමරිකානු භීතිකාවක් නොවෙයි හලෝ තිබෙන්නේ ඇමරිකානු හිරිකිතයක්. ලෝක ප්රශ්නවලදී හැමවිටම අපේ පැත්ත ගන්න රුසියාව පැත්තක දාලා අපිට වින කරන ඇමරිකාවට සපෝට් කරන්නේ මොන පුත්තලම් කොටළුවාද? හලෝ ඔබ සහ ඔබවගේ කෙනෙක් හැර... රට බේරා දුන්නු පොහොට්ටු නායකයා පිළිනොගන්නා ඔබලා අපේ රට වෙනුවෙන් ලෝකයේ පෙනීසිටින රුසියාව අමතක කිරීම මහා දෙයක් නොවේ. කුහකකම පෙන්නුම් කිරීමක් පමණයි.
BamunuarachchiTuesday, 17 April 2018 03:01 AM
"ඒ වුනාට සත්‍ය ජනතාව දන්නවා." ඔය කියන්නේ ඇත්ත. ළඟම තිබුණු මැතිවරණයෙන් ජනතාව සත්‍ය පෙන්නුවා නේද ගොයියෝ...?
BamunuarachchiTuesday, 17 April 2018 03:23 AM
මොලේ නැති කෙනාට පේන්නේ මොලේ ඇති කෙනාට ඇඟ පුරාම මොලේ තිබෙනවා කියලා. ඉතින් මට පුළුවන්ද එයාට මොලේ දෙන්න.
පිටිගල මිලානෝ Sunday, 15 April 2018 06:47 AM
ට්‍රම්ප් මැතිතුමාගේ නායකත්වය ලෝකයටම ආදර්ශයක්. හැබැයි ත්රස්තවාදීන්ටද දිගටම ප්‍රහාර එල්ල කරන්න.
SENAKA Sunday, 15 April 2018 09:55 AM
ඇයි පිටිගල මහත්තයෝ ඇමරිකන්කාරයා කියක් හරි ගෙව්වද ඩොනල් ට්‍රම්ප් ගැන වර්ණනා කරන්නේ. ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් තමයි ලෝකයේ දුප්පත් රටවල් විනාස කරලා ඒ රටවල සම්පත් හුරගෙන කන්නේ. ඒ රටවල් පවතින්නේත් දුප්පත් රටවල්වල ප්‍රශ්නයක් ඇති කලොත් විතරයි. මොකද රුසියාව ප්රමුඛ හමුදා හැමවෙලාවෙම පෙනී හිටියේ ඒ රටවල පවතින රජයේ හමුදාවලට පක්ෂව ත්රස්තවාදයට විරුද්දව.
sarath Sunday, 15 April 2018 04:20 PM
පිටිගල මහත්තයෝ ඇමෙරිකන්කාරයා ඉරාක්වල ලිබියාවේ කල දේවල් මතක නැද්ද. ඇමරිකාවේ අයට කොහේ හරි රටකට ගහන්නේ නැතුව නිද්ද යන්නේ නැහැ. යුද්ද ඇති කරන්නම ඕනේ. මොකද දැන් චීන බඩුත් එක්ක තරග කරන්න බැරි නිසා ආයුධ විකුණලා සල්ලි හොයන්න ඕනේ. ඒකට යුද්ද ඕනේ කොහේ හරි දුප්පත් රටවල. එකට යුරෝපා රටවලුත් හවුල්.
maheshika Sunday, 15 April 2018 11:29 PM
පිටිගල මහත්තය, ඇමෙරිකාවේ මෑත ඉතිහාසයේ හිටපු එක නායකයෙක්වත් ත්රස්තවාදීන් නැතිවෙන්න ගැහුවේ නැහැ. ඕනෑම රටක ඉන්න ත්රස්තයෝ ලව්වා එම රටවල්වල නායකයෝ එලෙව්වා හෝ මැරුව මිසක්. අපේ රටේ වාසනාවට කොටියව ගහල ඉවර කරගත්ත. මේ වෙනකම් යුද්දේ තිබුනානම් මෙලහකටත් ඇමෙරිකන් හමුදාව අපේ රටේ.
රවින් Monday, 16 April 2018 01:08 AM
ඉන්ටෙර් පොල් - ජාත්‍යන්තර පොලිසියට අමතරව සිටින තවත් පාතාලයේ කියමනක්.
rocky Tuesday, 17 April 2018 12:29 PM
ට්‍රම්ප් මහත්තයෝ, බමුණුආරච්චි උන්නැහේලා මොනවා කීවත් කමක් නැහැ. ගහන්න.. ඉරාකයට. පුටින් ගොයියට උණ ගැනෙන්නත් එක්ක !!!