IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


රවී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර  පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් සිය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්විය.

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔහුගේ නමද සම්බන්ධ වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයාගෙන් පසුගියදා බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ විමර්ශන කොමිසම ප්‍රශ්න කරනු ලැබීය.

මේ හේතුවෙන් රවී කරුණානායක ඇමැතිවරයාට ඉවත්වන්නැයි දේශපාලනඥයින් රැසක් ඉල්ලීම් කර තිබිණි. ඒ අනුව ජනපති හා අගමැති හමුවී ඊයේ(9) විශේෂ සාකච්ඡාවක් ද සිදුකළ රවී කරුණානායක මහතා අද(10) තම තීරණය ප්‍රකාශයට පත් කළේය.

තම පක්ෂය හා රට වෙනුවෙනුත්, නව දේශපාලන සංස්කෘතියක් වෙනුවෙනුත්, තම පාක්ෂිකයන් වෙනුවෙනුත් තමන් මෙම තීරණය ගන්නා බවත් තමා කිසිදිනෙක වරදක් කර නැති බැවින් ඉතිහාසය හා කාලය නිවැරදි විසඳුමක් ලබාදෙනු ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරයකු ලෙස අසුන්ගත්තේය.



අදහස් (58)

රවී ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වෙයි

aravinda Thursday, 10 August 2017 08:21 AM

මෙය හොඳ තීරණයක් වන නමුත්, බැඳුම්කර වංචාව පිටුපස තවත් දේශපාලකයින් සිටීදැයි සොයා බැලිය යුතුයි. මෙවැනි පරිමානයේ ගනුදෙනුවක් රවී කරුණානායක මහතාගේ තනි කැමැත්තෙන් සිදුවුවයි සිතිය නොහැකිය.

:       0       2

Rathnayake Thursday, 10 August 2017 08:26 AM

රටට අහිමි වුන සල්ලි අආපහු ගන්න විදියකුත් අනිවාර්යයෙන් හැදෙන්න ඕන. එහෙම නැතිව වැඩක් නැ

:       0       4

chameen dayarathna Thursday, 10 August 2017 08:30 AM

අන්න එහෙම තමයි ඉන්න ඕන. ගෞරවය ආරක්ෂා වෙන විදියට.

:       0       0

lanka Thursday, 10 August 2017 08:31 AM

මෙයා ආසියාවේ හොදම මුදල් ඇමති නේද?

:       8       0

Nalin wanisekara Thursday, 10 August 2017 08:45 AM

අපි පැතූ යහපාලනය නම් මෙයයි.

:       0       1

tkoon Thursday, 10 August 2017 08:50 AM

දැන් ඉතින් අනෙක් අය කරන ඒවත් කියන්න

:       0       4

ravi Thursday, 10 August 2017 09:01 AM

මෙයා ඇමතිකමෙන් අස් උනත් නැතත් අපිට එකයි.

:       0       41

Hafeel Thursday, 10 August 2017 09:09 AM

මෙතුමාගේ නිවසේ වහල ශක්තිමත්ද දන්නෑ.... දැන් ආධාරකරුවන් වහළට නගීවිද? මේ රටේ එහෙමත් ඉතිහාසයක් තිබුණා.

:       0       1

Deepal Nirosh Thursday, 10 August 2017 09:11 AM

පමා වී හෝ ගනු ලැබූ ඉතා ආදර්ශමත් පියවරක්. හැබැයි බැඳුම්කර වංචා ගනුදෙනුවලට සම්බන්ධ හැමෝටම කොමිසම අඛණ්ඩවම ක්‍රියාත්මක වී නඩු පැවරිය යුතුයි. මෙතුමාට විතරක් නොව ගිය ආණ්ඩුවේ වංචා දූෂණවලට සම්බන්ධ අයටත් අදාළ කොමිසම් ක්‍රියාත්මක වී නඩු පැවරිය යුතුයි.

:       0       0

චන්දා Thursday, 10 August 2017 09:24 AM

එහෙනම් හිමි තැන වැසිකිළි වල... තමයි.

:       0       1

rohana Thursday, 10 August 2017 09:26 AM

ලංකාවේ දේසපාලන සංස්කෘතියේ දක්නට නැති දුර්ලභ අවස්ථාවක්... නමුත් දූෂණයට දඬුවම් ලැබිය යුතුය.

:       0       0

godfrey Thursday, 10 August 2017 09:27 AM

දුප්පත් මිනිසෙකුගේ රක්ෂාවක් අහිමි වුණොත් ඒ අය ගෙදර යන්නේ දැවෙන ආර්ථික ප්‍රශ්න නිසා වස බෝතලයක් හෝ දිවි අහිමිකර ගැනීමට ක්‍රමයක් සොයයි. එ්ත් මහා ධනස්කන්ධයන් සොරාගත් මහා හොරු ගෙදර යන්නේ විස්කි, බ්‍රැන්ඩි බී ජොලි කිරීමට නිවාඩුවක් ලැබුණු ගානටය. දුප්පතාගේ බඩට ගසා, රටට හෙන ගස්සන අයට, ධර්මය අනුව ලැබෙන්නට තිබෙන දේවල් ඉක්මණටම ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු.

:       0       36

Perakum Thursday, 10 August 2017 09:28 AM

වෙන රටවල වගේ ඕක සිය කැමැත්තෙන් මුලදීම කළානම් කොච්චර වටිනවද දැන් මේකේ කිසි අගයක් නැහැ.

:       0       0

wedage Thursday, 10 August 2017 09:29 AM

කාලය විසින් සියල්ල හෙළි කරනු ඇත

:       0       0

kumar (galf) Thursday, 10 August 2017 09:33 AM

සැමගේ පාපයන් වෙනුවෙන්, බැටළු පැටවා බිල්ලට දුන්නේය. කූඩුවේ දාන්නේ නැද්ද වංචා වලට?

:       0       0

sudes Thursday, 10 August 2017 09:38 AM

පසු පෙළ නෙවේ. හරි නම් ගෙදරම යවන්න ඕනේ. කොහොම වුණත් රවී තමන්ගේ වර්තමාන දේශපාලන නායකයා වෙනුවෙන් ලොකු පරිත්‍යාගයක් කරේ. නැත්නම් ඉතින් ගරු අගමැති කියන කෙනාට මොකද වෙන්නේ කියල රටම දන්නවා.

:       0       19

සුදේශ් Thursday, 10 August 2017 09:41 AM

මෙයා ඉල්ලා අස්වීම විතරක් ප්‍රමාණවත් නොවේ. රටට කරපු පාඩුවට දැඩි දඬුවම් ලබාදිය යුතුයි. නැත්තම් එය දැරිය යුතතේ අපිද? මේ වගේ අය සම්පූර්ණයෙන්ම දේශපාලනයෙන් සමු ගැන්විය යුතුයි.

:       0       28

YAMAYA Thursday, 10 August 2017 09:42 AM

හොරෙක් නම් කොහොමත් එ්ක කරන්නේ නෑ..

:       0       0

anura Thursday, 10 August 2017 09:42 AM

මාධ්‍ය මඟින් නඩු පවරා දඬුවම් ලබාදීම එතරම් සුභදායක ආරංචියක් නොවේ.

:       0       0

Shanaka Thursday, 10 August 2017 09:42 AM

මෙතුමා කිසිම වරදක් කරලා නැහැ. මෙතුමා රටට පුදුම ආදරයක් ඇති කෙනෙක්. ඒකනේ දවසට පැය 18ක්ම වැඩකළේ.

:       0       0

Ka-lan Thursday, 10 August 2017 09:44 AM

එනම් මෛත්‍රී ශ්‍රී.ල.නි.ප.යෙන් අස්වී පොදු අපේක්ෂකයා ලෙස පැමිණ ගත වූ පළමු සතිය තුල පොදු අපේක්ෂක ජනාධිපතිවරණ ව්‍යාපාරයට වියදම් කිරීමට මුදල් තිබුනේ නැත. ව්‍යාපාරිකයෙකු වූ රවී කරුණානායක එදා ජනාධිපතිවරණ ව්‍යාපාරයට ගෙන ආ මුදල රුපියල් මිලියන 500 ක් පමණ විය. එදා රවී වියදම් කෙළේ කාගේ මුදල් දැයි සෙව්වේ නැති මෛත්‍රීපාල මහතා අද කොමිෂම දමා රවීගේ නිවසට කුලී ගෙවූ එක ගැන සෙවීමත්, ඔහුට ඇමැතිකමින් ඉල්ලා අස්වන්නැයි කීමත් කෙතරම් නීචදැයි කල්පනා කළ යුතු නොවන්නේ ද? අද රවී යැවීමට අත් දෙකම උස්සනවා යැයි කියන මෛත්‍රීගේ හොරණෑ එදා සිටියේ කොතැනදැයි අද මතක් කර ගත යුතු නොවේ ද?

:       0       0

ranga Thursday, 10 August 2017 09:47 AM

රවී විතරක් නොවේ... එයාගේ දුව කියන විදියට මේකට සම්බන්ධ වෙච්ච ලොකුම ලොකු පොරවලුත් ඉන්නවා නේද? දැන් ඒ ගොල්ලන්ට මොකද වෙන්නේ? ඔහොම්ම ලිස්සලා යන්නද හදන්නේ 'ඔන්න අපි යහපාලනේ පෙන්නුවා' කියලා. අන්න ඔවුන්වත් කොමිසමට ගෙනාවොත් ගරු විනිසුරුතුමන්ලා දෙපලගේත්, අතිරේක සොලිසිටර් ජෙනරාල් දෙපලගේත් නම් රන් අකුරින් ඉතිහාස පොතේ ලියවේවි!!! මෙය වාර්තා වූ පළමු මොහොතේම අගමැති මගඩියක් කරලා ලිස්සල යවපු එකෙන් තමා රටේ නමත්, ජනතාවගේ සල්ලිත් ඉතිහාසයේ කිසිදා නොවූ විරු අයුරින් විනාශ වෙලා ගියේ. මේවාට අගමැති උත්තර දෙන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයේදී. මේකට දෙමල ඩයස්පෝරාවත් සම්බන්ධයි. ඒ ගොල්ලන්ගේ නියෝජිතයා හැටියට තමා මහේන්ද්‍රන් මේ රටේ සමහර ද්‍රෝහීන්ට සිංගප්පුරුවේදී සල්ලි බෙදුවේ. ඒ ද්‍රෝහීනුත් මේ වැඩේට වක්ක්රව හ‍රි හවුල්. රටේ ආර්ථිකය විනාශ කරලා බෙල හීන කරලා ඊලම කරා යාමයි අපේක්ෂාව. පස්කරලින්ගමුත් මේ වැඩේ හවුල්කරුවෙක්. පුලිදේවන්ට මචන් කියලා කියපු එක්කෙනත් සයිඩ් සපොර්ටර් කෙනෙක්. මැද මහනුවර දළදා හිමියන් වැඩ වෙසෙන තුරු මේ ද්‍රෝහීන්ට ගැලවීමක් නැති බව සිහි තබා ගත යුතුය. මේ භුමිය එදත්, අදත්, මතු මතුවටත් පවතින්නේ මහා කාරුණිකයාණන් වහන්සේගේ නාමයෙනි.

:       0       0

Wikum Siha Thursday, 10 August 2017 09:54 AM

ධම්ම පදයේ, බයිබලයේ සහ කුරාණයේ සඳහන් වූ පාඨ වලින් හෙළුව වහගන්න උත්සහ කල නමුදු අමු නිරුවතින් ද, ජනතාවට සේවය වෙනුවෙන් පෞද්ගලික කටයුතු ද කැපකල බව සහ තමා දුකින් නොව ආඩම්බරයෙන් සමු ගන්නා බව කියමින් වීරයකු සේ පෙනී සිටින්නට වෙර දැරුව ද නිවටයකු ලෙසද, ටයි කෝට් ඇඳි යහපාලන හොරකු මැති සබයේ පසු පස අසුනක් වෙත ගියේය..!

:       0       0

යහපාලන-හැරවුම් Thursday, 10 August 2017 09:54 AM

සියලු හොරු ඉවත් කල යුතුය. සර්ව පාක්ෂික පිරිසිදු කුඩා ඇමැති මඬුල්ලක් පත් කල යුතුය. එවිට උතුර දියුණු කල හැක. නැතිනම් නැවත එල්.ටී.ටී.ඊ. ය හිස ඔසවනු ඇත. නැතිනම් ජනපති මෛත්‍රී එක පාක්ෂික වනු ඇත. මෙය යහපාලනයේ හැරවුම් ලක්ෂය කරන්න.

:       0       0

gunarathna Thursday, 10 August 2017 09:57 AM

රවී ඔබතුමා බෙල්ල දුන්නේ ජනාධිපතිගේ තනතුරු බේරාගන්නට. දැන් ඔබතුමා කරන්න ඕනේ නඩුව ඉක්මණින් අවසන් කරගැනීමට උත්සාහ ගන්න එකයි. නඩුවේදී තව දෙතුන් දෙනෙකුගේ නතතුරු නැතිවෙන්න පුළුවන්.

:       0       0

Vijayabhahu Thursday, 10 August 2017 10:01 AM

කියයි මිහිරි කතා... නිතර රසට ගොතා...

:       0       0

ලුම්බිණි Thursday, 10 August 2017 10:02 AM

දන්නා පරිදි මෑත කාලයේදී ඉල්ලා අස්වුණු එකම ඇමති වරයා. ඉතිහාසය හා කාලය නිවැරදි විසඳුමක් ලබා දෙනතුරු බලා ඉඳිමු. අනෙක් ඇමතිවරු මෙයින් ආදර්ශයක් ගත්තොත් හොඳයි.

:       0       0

Asanka Thursday, 10 August 2017 10:13 AM

වවාගෙන කන්න තියන දේ ඉහගෙන කනකොට දෙයියෝ දෙන දඩුවම් තමයි ඕව්වා...

:       0       0

ජයන්ත මිලානෝ Thursday, 10 August 2017 10:18 AM

ඔය හම්බ කරගත් තරම මදැයි. මළාට පසු හොඳ තැනක සිටින පිණිස, දනක්, පිනක් කලා නම් දුප්පත් මිනිස්සුන්ට? කොපමණ හොඳයිද? අනේ ! එහෙම හිතක් හොරකම් කළ දේශපාලනය කළ මහත්වරුන්ට පහළ වේවා!!!

:       0       0

de silva berlin Thursday, 10 August 2017 10:18 AM

කිසිම වරදක් කරලා නැහැ... ප්‍රශ්නෙකට තිබෙන්නේ අමතක වීම සහ තම වටා සිදුවන කිසිම දෙයක් ගැන නොදැනීම දැන්ම ගිහින් හොඳ මනෝවෛද්‍ය වරයෙකුගෙන් "අමතක වීමේ සහ නොදැනීමේ රෝගයට" ප්‍රතිකාර ගන්න....

:       0       0

raveendra Thursday, 10 August 2017 10:22 AM

පාර්ලිමේන්තුවේ මෙවැනි ප්‍රකාශයක් කිරීමට කාලය වෙන්කිරීම අපරාදයක් නොවේද? මොකද අනපනත් වලටත් සමහර අවස්ථාවල ඉතා අඩු කාලයක් ලබාදෙන මෙවැනි පාර්ලිමේන්තුවක මෙයත් මගේ ඔබගේ, අපගේ, ලංකා මාතාවගේ මුදල් නාස්තියක් නොවේද??? තවද මෙය අය වැය කියවීමක් හා සමානකමක් මටනම් පෙනේ.මොහු පරස්පර අදහස් ප්‍රකාශ කලබවක් ද පෙනේ.පාර්ලිමේන්තුවක හුදෙක් වැදගත් තීරණ ගැනීමට තිබෙන කාලය අමුඅමුවේ නාස්තිකර ඇත. මෙයත් තවත් එක උදාහරණයකි ශ්‍රී ලාංකිකයන් නිකරුනේ කාලය කාදමන බවට ?????

:       0       0

Nisanka Thursday, 10 August 2017 10:45 AM

අස් වෙනවා කීවට අස් වෙලාම නැහැ. පසු පෙළ මන්ත්‍රී කෙනෙක්. විදේශ කටයුතු ඇමැතිකමින් ඉල්ලා අස්වෙලා තියෙන්නේ. සන්තෝසේ බැරුවා

:       0       3

sanju Thursday, 10 August 2017 10:49 AM

ඕක වේලාසනම කරනම් ඉවරනේ. මේක ඉතින් දැන් මෙතනින් යට යනවා.

:       0       0

mahesh mendis Thursday, 10 August 2017 11:25 AM

කෝට්ටේ ඉන්න අපි මෙයා ගැන හොඳට දන්නවා. හරි විදියට මෙය පාර්ලිමේන්තුවෙන්ම අයින්වෙන්න ඕනෑ.

:       0       205

Rajithitaliy Thursday, 10 August 2017 11:33 AM

බිල්ල දුන්න පලියට නිධානේ හම්බවෙයි කියලා හිතන්න එපා.

:       0       1

ratawasdek Thursday, 10 August 2017 11:34 AM

මෙහෙමවත් ඉල්ලා අස් වුණු එක හොඳයි. ඔහු ගිය කාලේ මෙහෙම සංස්කෘතියක් තිබුණේම නෑ. ජානාදිපතිතුමාට ස්තුතියි. අපි හැමදාම ඡන්දෙ දුන්නේ අලියටම තමා. එ්ත් අලි හොරුනේ අප්පා.. මේ අය අපිට එපා. පරණ හොරුන්ටත් දඬුවම් ඉක්මනින් දෙන්න.

:       0       105

Chalana Priyasad Thursday, 10 August 2017 11:40 AM

ගරු පෝස්ට් මිරිඩියම් ඉල්ලා අස්වෙන්නේ නැද්ද?

:       0       1

buddika Thursday, 10 August 2017 11:42 AM

දොට්ට දානකම් ඉන්නේ නැතුව කලින්ම ගියා නම් ඉවරනේ... යන්නේ නැහැ නැහැ කියලා ලොකු ටෝක් දාලා. හැබැයි එක දෙයක් ඔබතුමා විතරක් ඕකේ ළුෑණු බික්ක කන්න එපා... ළුෑණු ගෙඩියම කාපු අය අල්ලලා දෙන එක කරන්න. තව මහගොඩක් ඉන්නවා ඔය ටයි කෝට් ගැන්සියේ...

:       0       0

lal Thursday, 10 August 2017 11:51 AM

පව් අප්පා.. හැමෝගෙම පව් මේ මනුස්සයගේ කරපිටින් ගියා..

:       0       0

sahan Thursday, 10 August 2017 11:51 AM

පව් අනේ. කුඩුකාරයින්ට වෙන්නෙත් ඔය ටිකමනේ. අන්තිමේදී අර කුඩු මුදලාලිව බේරගන්න බෙල්ල වුණත් දෙනවා.

:       0       0

සමන්-ඕමානය Thursday, 10 August 2017 11:52 AM

බලමු, බලමු, චෝදනා ඔප්පුවෙයිද? කියලා !!! නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ! නමුත් රටම දන්නවා ඔහු වැරදි කාරයෙක් කියලා. මට පුදුම, ඔච්චර දේවල් එළිවෙලත්, මේ හුටපටේ මුදුනෙන්ම ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් තවමත් අගමැතිතුමාගේ පුරෝහිත තනතුරක වැජඹෙන එක ගැනයි. අඹ යාලුවා නොවැ! ඒ දවස්වල අගමැතිතුමා කොමිසමක් දාලා සුදුහුණු ගෑව හැටි, පාර්ලිමේන්තුවේදී චරිත සහතික දීපු හැටි තාම රටට මතකයි. තමනුත් රවී මහතා වගේම ගෙදර ගියා නම් තමයි හොඳ....

:       0       0

siri Thursday, 10 August 2017 12:17 PM

එතකොට අර්ජුන මහේන්ද්‍රන්ව පත්කරලා දැන් උපදේශකයෙක් විදිහට තවත් තියාගෙන ඉන්න කෙනා අස්වෙන්නේ නැද්ද?

:       0       0

පිටිගල මිලානෝ Thursday, 10 August 2017 12:23 PM

සුනාමි ආධාර හොරුන්ට වඩා නම් ඔබ අවංකයි.

:       35       8

raviWednesday, 16 August 2017 06:32 PM

ආණ්ඩුවට කඩේ යන, කඩේ යන්න පඩි ගන්න ඔබටත් වඩා නම් අවංකයි.

:       0       0

සනෝජ් හලාවත Thursday, 10 August 2017 12:38 PM

ඔබට ගෞරව කරමි. නියම මහත්මයෙකු ලෙස ඔබ කටයුතු කළා. සත්‍ය හෙලිවී ඔබට සාධාරණය ඉටු වේවි. ජය ශ්‍රී

:       36       2

piyaratneFriday, 11 August 2017 09:15 AM

මෙයා මහත්මයෙක් නම් හොරකම් කරපුවා ... මතකද සතොසට කරපුදේ? මෙවැනි අය ඉක්මණින් ලක්මාතාවගෙන් වෙන් වේවා!!!

:       0       47

sam Thursday, 10 August 2017 01:16 PM

ඉතිහාසය හෝ කාලය කිසිවක් තීරණය නොකරයි. තමන් කරපු හොද නරක වලින් ගැලවෙන්න කාටවත් බෑ. ඒකයි සදාතනික ඇත්ත.

:       0       2

raawanaa Thursday, 10 August 2017 01:25 PM

රවී මාරුව රටට කොහොමද?

:       0       22

Raawana Thursday, 10 August 2017 01:27 PM

ලෝකයේ හොඳම මුදල් ඇමති, මුදල් නිසා තනතුර අහිමි කර ගනී.

:       0       2

naaki aliyek Thursday, 10 August 2017 01:48 PM

මෙවැනි පුද්ගලයින් කිසිම වගකීමක් නොදැරිය යුතුයි. එජාපය නිලතල වලින්ද ඉවත් විය යුතුයි.

:       0       2

Sarath R Thursday, 10 August 2017 01:55 PM

සත්‍ය කවදා හෝ ජයගනී.

:       0       0

nimmi Thursday, 10 August 2017 02:09 PM

අනුන්ට කැපු වලේ වැටෙන්නේ නුබයි.

:       0       1

lanka Thursday, 10 August 2017 02:46 PM

ලංකාදීප පුවත්පතටත් ස්තුති කරන්න ඕන පාඨකයන් දැනුවත් කලාට. අස් වෙලා ගිය එක රටට යහපතක් වේවි. අනිත් හොරුත් වහාම පිට වෙන්න ඕන මේ වගේම

:       0       3

chandra weerasinghe Thursday, 10 August 2017 10:02 PM

ගින්නක් නැතිව දුම් දමන්නේ නැහැනේ... හොරා සිල් ගත්තත් හොරාමයි.

:       0       0

Fernando Friday, 11 August 2017 06:19 AM

මේ එක්කෙනයි. තව කිදෙනෙක් ඇතුලේ ඉන්නවද මේ වගේ අස් වෙන්න ඕන අය

:       0       0

නිහාල් Friday, 11 August 2017 06:57 AM

හොරකම් කල සල්ලි ආපුහු ගන්න. ඊට පසුව හිරේ දාන්න.

:       0       2

gajanayaka Friday, 11 August 2017 09:08 AM

එතකොට හොරකම් කරපු සල්ලි කෝ...? මේ අයට හෙණගහන්න ඕනෑ අපිට, රටට කරපු අපරාධයට...

:       0       28

piyaratne Friday, 11 August 2017 09:11 AM

මේ අය කවදා අපෙන් සදහටම වෙන් වෙයිද? මේ සිටින 225ම විනාස වෙලා අලුත් කට්ටියක් එනවා නම් කොයිතරම් හොඳද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 169 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 42 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 461 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1322 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 3337 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 3561 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site