IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රවීට විරුද්ධව නඩු පැවරිය යුතුයි

(අජන්ත කුමාර අගලකඩ)

ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඩ් රෝ සමාගම විසින් පෙන්ට්හවුස්  තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව  වගකීමෙන් බැඳෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට විරුද්ධව අල්ලස්   පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බවත් බැඳුම්කර වාර්තාවේ සඳහන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඒ බව සඳහන් කර ඇත.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙතියි ජනාධිපතිවරයා සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ සම්පූර්ණ කතාව පහතින්.

‘‘ලැබූ 2018 නව වසර සියලූදෙනාට සමෘද්ධිමත් වාසනාවන්ත නව වසරක් වේවා කියා මම මුලින්ම ප්‍රාර්ථනා කරනවා. අද රටේ ජනතාවගේ වැඩි අවධානයකට යොමූ වී, සාකච්ඡාවට ලක්වී තිබෙන, එමෙන්ම ඉතා  ඕනෑකමින් බලා සිටින ශ්‍රී ලංකා මහ බැංකුව බැඳුම්කර නිකුත් කිරිමේදී 2015 සහ 2016 කාලසීමාව තුළ අක‍්‍රමිකතා සහ දූෂණ සිදු වූ බවට ඇතිවූ චෝදනා, පැමිණිලි සහ ජනමතය සැලකිල්ලට ගෙන මා විසින් පත්කරනු ලැබූ ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සහ ඊට අදාළව ඉදිරියේ ක්‍රියාත්මක කළයුතු නිර්දේශ 2017-12-30 වන දින ඉහත කී කොමිසන් සභාව විසින් මා වෙත භාර දෙනු ලැබුවා.

බැඳුම්කර නිකුත්කිරීම සම්බන්ධව විමර්ශන හා පරීක්ෂණ කිරීමට එම කොමිසන් සභාවට බලය, වරය ලැබුණේ 2015 පෙබරවාරී 01 දා සිට 2016 මාර්තු 31 දක්වා කාලය පිළිබඳවයි. එකී කොමිසන් සභාවේ කාර්යය වූයේ අදාළ කරුණු සොයා ගැනීම, නිගමනයන්ට එළැබීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. කොමිසන් සභාවේ කොමසාරිස්වරු ලෙස කටයුතු කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමාලාටත්, කොමිසන් සභාවේ කොමසාරිසවරයෙක් ලෙස කටයුතු කළ රජයේ විගණන දෙපාර්තමේන්තුවේ විශ‍්‍රාමික විගණකාධිපතිතුමාටත්, ඒ වගේම කොමිසන් සභාවේ ලේකම් ඇතුළු  සියලූ කාර්ය මණ්ඩලවලටත්, මෙම කොමිසන් සභාවට සහය දුන් පොලිස් දෙපාර්තමේන්තුව, නීතිපති දෙපාර්තමේන්තුව සහ ඊට අදාළ අනෙකුත් ආයතන සංවිධාන, පුද්ගලයින් ආදී සියලූදෙනාට මම මාගේ ස්තූතිය පුද කරනවා.

මෙම කොමිසන් සභා වාර්තාවලින් හෙළිවන කරුණුවලට සමාන තත්ත්වය 2008 වසරේ සිට සිදුව ඇති බව කොමිසන් සභාවේ අදහසයි. එම කටයුතු සොයා බැලීම සඳහා එනම් 2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම කළ යුත්තේ වෝහාරික විගණනයක් බවත් එය ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කළ යුතු අතර, ඉන් පසු ලැබෙන තොරතුරු මත නීතිමය කි‍්‍රයාමාර්ගවලට යා යුතු බවත් කොමිසම දන්වා සිටිනවා.

වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල  විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා. 2015-2016 කටයුතු සම්බන්ධව කොමිසම ඉදිරිපත් කර ඇත්තේ අතුරු වාර්තාවක් නොව පිටු 1257 කින් පමණ යුත් සම්පූර්ණ වාර්තාවක්. කොමිසමට මෙම කටයුතු සඳහා මාස දහයක කාලයක් කටයුතු කිරීමට සිදු වූ බව ඔබ දන්නවා.

මෙම වාර්තාව මේ වන විටත් නීතිපතිතුමා වෙත මා විසින් භාරදී ඇති අතර ඉදිරියේදී වාර්තාවේ නිර්දේශ මත අපරාධ සහ සිවිල් නඩු පැවරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අල්ලස් දුෂණ විමර්ශණ කොමිසම හරහා සිදු විය යුතු බව කොමිසන් වාර්තාවේ සඳහන් කර තිබෙනවා.

මහ  බැංකු ව්‍යුහය, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව ඝෘජු බැඳුම්කර නිකුතුවේ සහ බැඳම්කර වෙන්දේසියේ වාසි සහ අවාසි වාර්තාවේ පැහැදිළි කර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ද, බැංකු නිලධාරින් සහ වෙනත් බාහිර පුද්ගලයින්ගේ ද සහභාගිත්වය හරහා පර්පචුවෙල් ටෙ‍්‍රෂරීස් සමාගම විසින් නිත්‍යානුකූල නොවන අන්දමින් මුදල් උපයා ඇති බව මෙහි සඳහන් වෙනවා.

2015 පෙබරවාරි  මස 27 වන දින පැවත්වූ වෙන්දේසියෙන් පමණක් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති අවම වාසිය රුපියල් මිලියන 688කට වැඩි ප‍්‍රමාණයක් බව සඳහන් වෙනවා. මෙම පරීක්ෂණ කාලසීමාව තුළ සොයාගත් තොරතුරු මත මීට වැඩිවීමක් ද සිදුවිය හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන් වෙනවා.

පරීක්ෂණයේදී හෙළි වූ තත්ත්වයන් අනුව ද්විතීය වෙළෙඳපොළේ ගනුදෙනුවලින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම ලබා ඇති වාසිය අවම වශයෙන් මිලියන 11,145 ක් වන අතර ඒ අතරින් සේවක අර්ථසාධක අරමුදල සහ අනෙකුත් රජයේ ආයතනවලට සම්බන්ධ වූ අලාභය රුපියල් මිලියන් 8,529 ක හෙවත් බිලියන් 8.5කට වඩා වැඩිවන බව වාර්තාවේ සඳහන් වෙනවා.

මහ බැංකුවේ හිටපු අධිපති මහේන්ද්‍රන් මහතා ඉදිරියේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අකී‍්‍රයශීලි වී ඇති බවත් වාර්තාවේ සඳහන් වෙනවා. ඔවුන් කිසිම ප‍්‍රශ්න කිරීමකින් තොරව එසේ අකී‍්‍රයවීම නිසා සාවද්‍ය ස්ථාවරයන්ට එළැඹී ඇතැයි විශ්වාසය පළකළ හැකි බව කොමිසන් සභා වාර්තාවේ සඳහන්.

මහේන්ද්‍රන් මහතා අසම්මත සහ සාවද්‍ය අන්දමින් තීරණ ගැනීමේ කි‍්‍රයාවලියක් මගින් බැඳුම්කර වෙන්දේසිවලට මැදිහත්වී ඇති අතර, අභ්‍යන්තර තොරතුරු පිටතට බෙදාදීම සම්බන්ධයෙන් වගකිවයුත්තෙකු බවද වාර්තාවේ සඳහන් වෙනවා. මෙම කි‍්‍රයාවන් මගින් එක්තරා පාර්ශ්වයකට වාසි ගැනීමට හැකිවී ඇතැයි තීරණය වී තිබෙනවා.

මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත්කිරීම පිළිබඳව ගරු අග‍්‍රාමාත්‍යතුමාගේ වගකීම විධිමත් බවත් වාර්තාවේ සඳහන් වෙනවා. පාර්ලිමේන්තුවේ ප‍්‍රකාශයක් කිරීමේදී ගරු අග‍්‍රාමාත්‍යතුමා මහේන්ද්‍රන් මහතා සහ සමරසිරි යන මහත්වරුන් කෙරෙහි  විශේෂයෙන් මහේන්ද්‍රන් මහතා විසින් දෙන පොරොන්දු මත විශ්වාසය තබා ඇති බව වාර්තාවේ සඳහන් වෙනවා. අග‍්‍රාමාත්‍යතුමා එසේ නොකළ යුතු බවත් එහි සඳහන් වී තිබෙනවා. මෙම කරුණු කෝප් කමිටුව ඉදිරියේද තිබූ හෙයින් මහේන්ද්‍රන් මහතා සම්බන්ධ විධිමත් පියවර නොගත් බවට එතුමා පැහැදිලි කර තිබෙන බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා.

ඇලෝසියස් පවුලට අයත් සහ ඔවුන්ගේ පාලනයට නතුව තිබූ වෝල්ට් ඇන්ඞ් රෝ සමාගම විසින් ,පෙන්ට්හවුස්,  තට්ටු නිවසකට කුලිය ගෙවීම පිළිබඳව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වගකීම වාර්තාවේ සඳහන් වෙනවා. ඔහුට විරුද්ධව අල්ලස් දූෂණ පනත යටතේ නඩු පැවරිය යුතු බවත්, දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ කොමිසන් සභාවට ඔහු අසත්‍ය සාක්ෂි දීම සම්බන්ධයෙන් ද නඩු පැවරිය යුතු බව මෙම වාර්තාවේ සඳහන් වෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත්, නියම මුදල් ප‍්‍රමාණය සොයා ගැනීම සඳහා වෝහාරික විගණනයක් හා පරීක්ෂණයක්  පැවැත්විය යුතු බව සඳහන් වෙනවා.

අදාළ පාර්ශ්වයන්ගේ කි‍්‍රයාමාර්ග හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ මුදල් අවභාවිතයට මගපෑදි ඇති අතර, මීට අදාළ පුද්ගලයින් වාර්තාවේ හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව කි‍්‍රයාකළයුතු බව කොමිසන් වාර්තාව සඳහන් කරනවා. දඩුවම් ලබාදීම සඳහා පර්පචුවල් ටෙෂරිස්  සමාගම  අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිහේන යන මහත්වරුන් සහ වාර්තාවේ හඳුනාගෙන ඇති අන් වගකීම් දරන නිලධාරින්ට එරෙහිව අපරාධ හා සිවිල් නීති කෘත්‍යයන්ට එළැඹීමට යෝජනා කරන අතරම රජයට වූ අලාභය අය කර ගැනීමට ද කි‍්‍රයාකළයුතු බව කොමිසන් සභාවේ සඳහන්. ඒ සඳහා නීතිමය ප‍්‍රතිශෝධන කිරීමත් සිදුවිය යුතුව තිබෙනවා.

මෙහිදී විශේෂයෙන් සඳහන් කරනවා ශ‍්‍රී ලංකා මහ බැංකුව තුළ ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇතිවීම වැළැක්වීම සදහා කොමිසන් සභාවේ වර්තමාන නිර්දේශයන්ට බලපාන ආකාරයටත්, පැරණි පනත අහෝසිකර නව මුදල් නීතියක්    සකස් කළයුතු බව සහ  ලියාපදිංචි කොටස් සුරැුකුම්පත් ආඥා පනත නව නීතියක් මගින් වෙනස් කළයුතු බව. මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මහ බැංකු අධිපති  පත් කිරීම ව්‍යවස්ථාදායක සභාවේ එකඟතාවය මත කළයුතු බව ඒ සදහා අදාළ රෙගුලාසි වෙනස්කළ යුතු බවත් සදහන් වෙනවා.

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ කි‍්‍රයාකාරිත්ව දැඩි අධීක්ෂණයට ලක්කළ යුතු බව සදහන් වෙනවා. මහ බැංකුවේ විගණන කටයුතු නිසි ආකාරයෙන් සිදු නොවන හෙයින් විගණන අංශය සහමුලින්ම ප‍්‍රතිසංවිධානය කළයුතු බව නිර්දේශවල සදහන් වෙනවා. මහ බැංකුවේ නීති දෙපාර්තමේන්තුවක් පිහිටුවා එය වඩාත් කාර්යශූර බවට පත්කළයුතු බව ද වාර්තාවේ සදහන්.

2008 වසරේ සිට 2015 දක්වා නිකුත් කළ භාණ්ඩාගාර බැදුම්කර පිළිබදව පරීක්ෂා කිරීමට මෙම කොමිසමට වරයක් නොතිබුණු හෙයින් එවැන්නක් සිදු නොකළ ද, ඒ ගැන පරීක්ෂා කිරීම සුදුසු බවට කොමිසම නිර්දේශ කරනවා.

පෑන් ඒෂියා බැංකුව සමග සිදුකර ඇති ගනුදෙනු සහ එහි කලින් සිටි සභාපතිවරයාගේ කි‍්‍රයාකලාපය ද පරීක්ෂාවට ලක්කළ යුතු බව කොමිසමේ නිර්දේශයයි. සේවක අර්ථසාධක අරමුදලේ කටයුතු විධිමත් පරීක්ෂණයකට ලක් කළයුතු අතර, එම දෙපාර්තමේන්තුවේ කාර්යයන් නිසි මගකට ගෙන ඒම සදහා ප‍්‍රතිශෝධනය කළයුතු බවද සදහන්. මහ බැංකු නිලධාරින්ට ආචාරධර්ම සංග‍්‍රහයක් හදුන්වාදීමත්, ප‍්‍රාථමික ගැණුම්කරුවන්ගේ ආචාරධර්ම සංග‍්‍රහය යථාපූර්ණ කිරීමත් සිදුකළයුතු බව කොමිසන් සභාවේ අදහසයි.

නීතිපතිතුමා සහ අල්ලස් හා දූෂණ කොමිසන් සභාව මගින් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිදි කටයුතු කළයුතු බව මෙහිදී පැහැදිලි කරදී තිබෙනවා. සාමාන්‍යයෙන් අදාළ මුදල් අයකර ගැනීම් සිවිල් නීති කෘත්‍යයන් මගින් ඉටුකරගත හැකියි. එහෙත් එය කල්ගතවන කි‍්‍රයාමාර්ගයක්. විකල්පයක් ලෙස මෙම මුදල් අය කර ගැනීමට පාර්ලිමේන්තුවේ පනතක් ඉදිරිපත් කර පාර්ලිමේන්තු සම්මතයෙන් පසු වේගවත්ව අදාළ මුදල් අය කර ගැනීමේ හැකියාවක් ඇති බව කොමිසම යෝජනා කර තිබෙනවා. අප ඒ සදහා එකග වෙනවා.

කොමිසම පවත්වාගැනීම සඳහා දරන ලද සියලූම පිරිවැය පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමෙන් අයකරගත යුතු බව ද කොමිසමේ නිර්දේශයයි. මා විසින් දැනටමත් වාර්තාවේ පිටපතක් ගරු නීතිපතිතුමා වෙත භාරදී තිබෙනවා. එතුමා විසින් නීතිමය වශයෙන් කි‍්‍රයාකළ යුතු අයවළුන් හඳුනාගෙන නිසි කි‍්‍රයාමාර්ග අපරාධ හෝ සිවිල් කටයුතු සම්බන්ධයෙන් ගැනීමට කටයුතු කරනු ඇති.

කොමිසමේ නිර්දේශවලට අදාළ නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභා පනතේ කළයුතු සුළු සංශෝධනයක් පැහැදිලි කළයුතුව තිබෙන බව දන්වා සිටිනවා. ඒ සම්න්ධයෙන් මේ වන විටත් කෙටුම්පත් සකසා නීති කෙටුම්පත් නිලධාරින් එම කටයුතු කඩිනම්න් සිදුකිරීම කි‍්‍රයාත්මක වන බව මා මෙහිදී සඳහන් කරනවා.

අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව ශක්තිමත් කර එහි කටයුතු කඩිනමින් කාර්යක්ෂම කිරීම මේ සඳහා මීට බොහෝ කලකට පෙර කළයුතුව තිබූ දේ දැන් අප විසින් ආරම්භ කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා මහ බැංකුවේ රහස්‍ය බව, විධිමත් බව විගණන කටයුතු පිළිබඳ  තිබී ඇත්තේ ඉතා දුර්වල තත්ත්වයක්. ටෙලිෆෝන් රෙකෝඩින් හෝ නව සීසීටීවී කැමරා ක‍්‍රම කිසිවක් ශී‍්‍ර ලංකා මහ බැංකුවේ තිබී නැහැ. එම දුර්වලතා මහහැරීමට වර්තමාන අධිපතිවරයා මේ වන විටත් කටයුතු කර තිබෙනවා.

මෙම කොමිසන් සභාවේදී හෙළිවූ කරුණු මත මහ බැංකුවේ සේවකයින් කිහිපදෙනෙකුගේ ඉහත කාලය තුළ සේවය තහනම් කර විනය පරීක්ෂණ ආරම්භ කර ඇති බව මහ බැංකු අධිපතිතුමා දන්වා තිබෙනවා.

කොමිසන් සභාවේ නිගමනයන් හා නිර්දේශ මත ශී‍්‍ර ලංකා මහ බැංකුවේ කළයුතු වෙනස්කම් සම්බන්ධයෙන් ඉදිරි දිනවල මහබැංකු අධිපතිතුමා විසින් ප‍්‍රකාශයක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.

මහ බැංකුවේ මෙවැනි දූෂණ, වංචා හා අක‍්‍රමිකතා ඉදිරියේදී සිදු නොවීමට කොමිසම විසින් නිර්දේශ කර ඇති නව පනත් 3ක් කඩිනමින් සකස් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන ලෙස නීතිපතිතුමා සහ අධිකරණ අමාත්‍යාංශයෙන් මම ඉල්ලා සිටිනවා.

අදාළ පුද්ගලයන්ට නඩු පැවරීම සහ කොමිසමේ සියලූ නිර්දේශ අඛණ්ඩව, කාර්යක්ෂමව, ප‍්‍රමාදයකින් තොරව කි‍්‍රයාත්මකවීම පිළිබ`දව අදාළ අංශ ප‍්‍රධානින් සමග මසකට වරක් ප‍්‍රගති සමාලෝචනයක් කිරීමට මගේ ලේකම්වරයාට දැනුම් දී ඇති බව මෙහිදී මා වැඩිදුරටත් ස`දහන් කරනවා.

සිදුවී ඇති අලාභය වන රුපියල් මිලියන 11,145 කට වැඩි මුදල් ප‍්‍රමාණය නැවත අය කර ගැනීමටත්, වැරදිකරුවන්ට දඬුවම් පැමිණවීම සඳහා නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමටත් කිසිසේත් මම පසුබට නොවන බව මෙහිදී විශේෂයෙන් ස`දහන් කළ යුතුයි.

සේවක අර්ථසාධක අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ අරමුදල, ශී‍්‍ර ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථාවේ අරමුදල් ඇතුළුව මෙම සිද්ධියෙන් රජයට අහිමිවී ඇති මුදල් ප‍්‍රමාණය රුපියල් මිලියන 8,529 ක් හෙවත් බිලියන 8.5ට වැඩිවෙනවා. සමාගම ලාභ ලෙස ඉපැයූ මිලියන 11,145න් ඉතිරි මුදල් පෞද්ගලික අංශයට අයත්.

පර්පචුවල් ටෙ‍්‍රෂරිස් සමාගම මෙම අතිවිශාල මුදල හෙවත් ලබා ඇති මිලියන 11,145ක් වන ලාභය ලබා ඇත්තේ මාස 5ක් වැනි කෙටි කාලයක් තුළ බව ද සඳහන්.

අවසාන වශයෙන් විශේෂයෙන් කිවයුත්තේ මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්, ඒ අනුව මහජනයාට විවෘත වාර්තාවක් බවට පත්කිරීමටත්, අදාළ කටයුතු විධිමත්ව හා නීත්‍යානුකූලව සිදුකිරීමටත් නීතිපතිතුමාගේ  උපදෙස් අනුව ඉදිරියේදී කඩිනමින් ඒ අවශ්‍ය කටයුතු සිදුවන බව.

වග උත්තරකරුවන්ට නඩු පැවරීමේදී එම නඩුවලට අවාසි සහගත නොවන ලෙස මෙම කොමිසන් සභා වාර්තාවේ කරුණු විවෘතභාවය පිළිබඳව සැලකිලිමත්විය යුතු බවද කාරුණිකව මම මෙහිදී සඳහන් කරනවා.

ඒ වගේම මෙම කොමිසන් සභාවට අදාළ නොවන විශේෂයෙන්ම භාරදෙන ලද, මීට පෙර මා විසින් පත්කරන ලද තවත් කොමිසන් සභාවක වාර්තා, කටයුතු අවසන් වී මා වෙත භාරදී තිබෙනවා. බරපතළ වංචා දූෂණ, රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසන් සභාවයි

මෙම කොමිසන් සභාව වසර දෙක හමාරක කාලයක් කටයුතු කර තිබෙනවා. එම කොමිසමේ කටයුතු කළ සියලූ මහාධිකරණ විනිසුරුතුමන්ලා ඇතුළු ලේකම් සහ කාර්ය මණ්ඩලයටද ඒ ස`දහා සහය දුන් සියලූ  ආයතනවලට මාගේ ස්තූතිය පිරිනමනවා.

මෙම කොමිසමේ වාර්තා 34ක් මේ වන විට මා වෙත භාරදී තිබෙන අතර පසුගිය මෑත දිනක වාර්තා 17 ක් භාරදී තිබෙනවා. ඊට පෙර 17ක් භාරදී තිබෙනවා. පෙර භාරදුන් 17ම මම නීතිපතිතුමාට භාරදී තිබෙනවා. අදාළ ආයතන විසින් කටයුතු කිරීමට. එම වාර්තා පිළිබඳ මේ වන විටත් අල්ලස් හා දූෂණ විමර්ශණ කොමිෂන් සභාව සහ අනෙකුත් ආයතන, දෙපාර්තමේන්තු, පොලීසිය නඩු පැවරීම් මේ වන විටත් සිදුකර තිබෙන අතර, මීට දින දෙකකට පෙර භාරදුන් වාර්තාව අපි මේ සතියේම භාරදෙන බව නීතිපතිතුමාට මෙහිදී සඳහන් කරන්න  ඕන. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සිදුවන බව විශේෂයෙන් මෙහිදී සඳහන් කළයුතුයි.

මේ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද කොමිසම ප‍්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් ඉදිරිපත්කර තිබෙනවා. එම කරුණු කි‍්‍රයාත්මක කිරීම රජයේ වගකීමක් වන අතර, ඔබට දැන ගැනීම සදහා මම පැහැදිළි කරනවා.

දූෂණ, වංචා අක‍්‍රමිකතා පිළිබඳ විමර්ෂණ කටයුතුවලට සුදුසු පූර්ණ දැනුමක් හා පුහුණුවක් ඇති නිලධාරින්ගෙන් අපේ රටට විශාල හිඟයක් තිබෙන නිසා ඒ ස`දහා අවශ්‍ය පුහුණුව ලබා දී සුදුසු නිලධාරින් ඒ සඳහා පත්කළයුතු බව මෙහි පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල ඇතුළු වශේෂ තනතුරුවලට පත්කිරීමේදී ඒ සඳහා නියමිත සුදුසුකම් නොමැති අය පත්කර ඇති බවත්, එබැවින් එම ආයතනවල ප‍්‍රධානීන්, සභාපතිවරුන්, අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ දී එම තනතුරට සුදුසු අය පමණක් පත්කළයුතු බව ද එම කොමිෂන් සභාව ඉතා තරයේ ප‍්‍රකාශ කර තිබෙනවා.

එම කොමිසමට රජය වැය කළ මුදලට වැඩි මුදලක් එම කොමිසම විසින් මේ වන විට රජයට සොයා දී තිබෙන බව කොමිසම දන්වා තිබෙනවා. අල්ලස් නඩු පැවරීම කොළඹ මහාධිකරණය තුළ පමණක් සිදු කිරීම මගින් ලැබෙන ප‍්‍රතිඵල අඩු බවත්, එයින් විශේෂයෙන් සාක්ෂිකරුවන්ට වැනි අයට දිවයිනේ ඈත එපිට ප‍්‍රදේශවල සිට කොළඹට නිතර මෙම කටයුතු ස`දහා පැමිණිමට තිබෙන අපහසුතාව සැලකිල්ලට ගෙන අල්ලස් හෝ දූෂණ කොමිසන් සභාව යටතේ නඩු දැනට කොළඹ පමණක් ඇසීම වෙනුවට අවම වශයෙන්  පළාත්බද අධිකරණ කි‍්‍රයාවලියක් තුළ කි‍්‍රයාත්මක කළයුතු බව මෙම කොමිසම දන්වා තිබෙනවා.

එමෙන්ම මෙම වාර්තා දෙකේම කරුණු අවසන් කිරීමට පෙර මා තවත් විශේෂ යමක් සඳහන් කළ යුතුයි. මෙම කොමිසන් සභා පත්කිරීම සම්බන්ධයෙන් සමාජය සහ පොදු මහජනතාව දැඩි උනන්දුවක් ඒ වගේම දැඩි  ඕනෑකමක්, අවධානයක් යොමු කරන බව පෙන්නුම් කළා. මේ කොමිසන් සභාව පත්කිරීම විශේෂයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ බැදුම්කර කොමිසම සම්බන්ධයෙන් එය පත්කරන අවස්ථාවේත් ඇතැම් අය කිව්වා මීට පෙර පත්කළ කොමිසම්වලට වූ දේ තමයි මෙයටත් සිදුවන්නේ කියා. කොමිසමක් පත් කරන්නේ ප‍්‍රශ්න යටගහන්න බව මාධ්‍ය තුළත් ඇතැම් අය පාර්ලිමේන්තුවේදීත් ස`දහන් කර තිබෙනවා.

නමුත් මේ කොමිසන්වල කටයුතු පිළිබඳව එහි කි‍්‍රයාකාරිත්ව පිළිබඳව අපි ඉතාමත් සතුටු විය යුතුයි වගේම විනිශ්චයකාරතුමන්ලා ඇතුළු ඒ සෑම කෙනෙකුටම නැවත නැවතත් මම ස්තුතිවන්ත වෙනවා මහජනයාගේ විශ්වාසය දිනාගනිමින් මෙම කොමිසන් සභාවලට කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන්.

තවත් යමක් මා අවසාන වශයෙන් කිවයුතුයි. මේ කොමිසන් සභා පත්කිරීම තුළ ඇතැම් දේශපාලන අංශවලින් මට එල්ල කරන ලද චෝදනා පිළිබඳවත්. කිසියම් දේශපාලන පක්ෂයක් මුල්කරගෙන හෝ කිසියම් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන මෙම කොමිෂන් සභා මා විසින් පත් නොකළ අතර මම සඳහන් කළ කොමිසන් සභා දෙකේම පරීක්ෂණ කටයුතු , නිර්දේශ හා එම තොරතුරු මත ඉදිරියේදී කි‍්‍රයාකිරීමේදී නීතිමය කි‍්‍රයාමාර්ගවලදී හා නඩු පැවරීමේදී ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහිම පුද්ගලයින් වගඋත්තරකරුවන් බවට පත්වී තිබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.

එම නිසා කිසියම් එක් දේශපාලන පක්ෂයක් ඉලක්ක කරගෙන කටයුතු නොකරනවා වගේම අධිකරණයේත් කොමිසන් සභාවල අපක්ෂපාතිත්වය සහ ස්වාධීනත්වය පිළිබඳ අප සතුටුවිය යුතු වෙනවා. මේ සඳහා අවශ්‍ය සම්පූර්ණ සහයෝගය මේ කටයුතු සඳහා ලබාදෙන බව ප‍්‍රකාශ කරන්න  ඕන.

සියලූදෙනාටම ස්තූතියි.‘‘

 



අදහස් (59)

රවීට විරුද්ධව නඩු පැවරිය යුතුයි

Raveendra Wednesday, 03 January 2018 12:39 PM

මක් කීවා.. හිටපු හොඳම මුදල් (වාර්තාගත මුදල් ගසාකෑම පිළිබඳ) "ඇමති" වුණු මේ අහිංසක රවීට විතරද බර දාලා තියෙන්නේ? එතකොට අනිත් තක්කඩි රැළ හොරකමින් නිදොස්කොට නිදහස් කළාද?

:       303       2321

GihanWednesday, 03 January 2018 01:48 PM

මටත් හිතුණා ඔහොම වෙයි කියලා...

:       13       939

SajithWednesday, 03 January 2018 01:50 PM

කැකිල්ලේ නාට්‍යයේ 25 වන කථාංගය...

:       32       1011

saman Wednesday, 03 January 2018 12:43 PM

බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ.. හොරුත් හාමුදුරුවන්ගේ

:       138       1008

LapayaThursday, 04 January 2018 03:10 AM

සමස්තයක් වශයෙන් ගත්කල පසුගිය ආණ්ඩුවට වැරදි කීම මිස ගත යුත්තක් නැත. සිල්රේදී බෙදීම, නිවසක් හෝ කඩයක් හිතවතුන්ට බෙදීම, වහනයක් අවභාවිතය, වැනි දෙයක් ඇර පහුගිය ආණ්ඩුවට කීමට දෙයක් නැත. රටේම සේප්පුව උන මහා බැංකුව කොල්ල කෑම සදහා ප්‍රථමයෙන් මහා බැංකුව මුදල් අමාත්‍යංශයෙන් වෙන්කර තමාගේ යටතට ගැනීම, විදේශික තමාගේ පෞද්ගලික හිතවතෙක් මංකොල්ලය මෙහෙයවීම සදහා මහා බැංකු අධිපති කමට සියලු දෙනාගේ විරුද්ධ කමද නොතකා පත්කර ගැනීම. සොරකමෙන් පසු පක්ෂයේ හිතවත් කළු කෝට් කාරයන් තුන්දෙනෙක් ගේ කොමිසමක් පත්කර කිසිම සොරකමක් සිදුවී නැතිබව පැවසීම ආදියට අගමැතිත්. කෝප් වාර්තාව එළිදැක්වීමට ප්‍රථම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම, රටේ නායකයා හැටියට ජනතාව් බොරුවෙන් ගොනාට ඇන්දවීම සහ තමාව පුටුවට ඒමට ආධාර දුන් හොරුන්ව ආරක්ෂා කිරීම සදහා ජනපතිත්. මේවට වගකිවයුතු ප්‍රධාන විත්තිකරුවන් දෙදෙනාය. නැතුව විත්තිකරු මහබැංකුවේ කාර්යාල කාර්ය සහයක හෝ වැසිකිලි සෝදන්න නොවේ. වැඩි කලක් ජනතාව ගොනාට ඇන්දවිය නොහැක, මෙම විශේෂ ප්‍රකාශයෙන් දෙදෙනාම ඇග ලස්සනට බේරාගෙන ඇත.

:       1255       1199

Raveendra Wednesday, 03 January 2018 12:44 PM

කිව්වොත් කියන්නේ අක් මුල් නැති කතාමය. කෙරුවොත් කරන්නේ වැඩකට නැති දේවල්ය. ඇසුවො අහන්නේ අනිකාගේ කේලම්ය. මම වෙමි පඬිතුමා සිරිලක සිටින..

:       274       1527

Rohana Wednesday, 03 January 2018 12:49 PM

අගමැතිතුමාගේ පාලනය යටතේ තිබෙන ශ්‍රී ලංකා මහ බැංකුවේ බිලියන 59ක වංචාවක් සිදුවෙන කල් අගමැති තුමා නිදියගෙනද සිටියේ?

:       1555       1532

JayasingheWednesday, 03 January 2018 01:35 PM

අගමැතිතුමා ලංකාවේ හිටියේ නෑනේ...

:       335       68

DDWednesday, 03 January 2018 01:46 PM

තොත්ත බබානේ. ඒකනේ මුකුත් සිදු නොවුණු විදියට ඉන්නේ. චන්ද්‍රිකා නෝනා එයාව අගය කළානේ... ලොකු වැඩක් කලා කියලා.

:       1       885

GihanWednesday, 03 January 2018 01:46 PM

නෑ නේ. එතුමානේ ප්ලෑන් කරේ.

:       4       479

sahanWednesday, 03 January 2018 02:53 PM

මේ රටේ වැඩිම ගසා කෑම කලේ මහරජා හා පවුලේ හොරු ටිකයි. ඒ හොරු රකින්නේ මේ අය තමයි. හොරකම පෙනි පෙනී, මිනී මැරුම් පෙනි පෙනී... නඩු දාන්න. හිරේ දාන්න නොදී හොරු රකින්නේ මෙහෙම තමයි.

:       2808       2793

SujeewaWednesday, 03 January 2018 05:41 PM

සහන්, ඉක්මනට ගිහින් ඔලුව පරීක්ෂා කරගන්න. ඒකාබද්ද විපක්ෂය කියන්නේ, UNP පරාජය කරන්න වහාම යහපාලන මුලාවෙන් ඉවත්වී එලියට එන්න කියලයි. නමුත්, ඇමතිකම් වලටයි, ජනාධිපතිකම් වලටයි පෙරේතකම නිසා, SLFP ටික UNP හොරු ටිකට පුට්ටුවෙලා ඉන්නමයි හිතන්නේ. ඔය දැන්වත් කඩේයන එක නවත්වන්න.

:       1025       957

uddikaThursday, 04 January 2018 03:04 AM

ඔලුව පරීක්ෂාකරගත්තොත් හොදයි නේද

:       0       39

BamunuarachchiWednesday, 03 January 2018 02:45 PM

අයි.එස්.අයි.එස්. කාරයින්ට බාර දෙමු. ඔළුවට වෙඩි තියලා පයින් ගහනවා වතුරට වැටෙන්න. අපට එ්ක බලන්න පුළුවන් වේවි...!!! යූ ටියුබ් එකේ. මට හිතෙනවා එහෙම කරලත් මදියි කියලා.

:       35       414

daham Wednesday, 03 January 2018 01:11 PM

රවී සහ මහේන්ද්‍රන් උසාවියේ සාක්කි දෙන කොට තමයි ලොක්කන්ව මාට්ටු වෙන්නේ. ඒ දෙන්න විතරක් තොන්ඩුවට බෙල්ල දාන එකක් නැහැ.

:       8       438

BamunuarachchiWednesday, 03 January 2018 02:40 PM

මොකටද බෙල්ලට තොණ්ඩු දාන්නේ පව් නේද? අපි උලවත් තියමු.

:       0       111

ජීවන් ක්‍රිෂාන්ත කොඩිතුවක්කු Wednesday, 03 January 2018 01:19 PM

රනිල් අතට දෙන රත්තරන්, යකඩ කරගන්නා ලංකාවේ ප්‍රධානතම පක්ෂයක් වූ එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ ප්‍රායෝගිකම සහ සබුද්ධික නොවූ දේශපාලකයා වේ. දෙවරක් තමන්ට දුන් ජනාධිපති අපේක්ෂකත්වය අනුන්ට දී අනුන්ගෙන් බලාසිටි නායකත්ව ගුණාංග සහ නායකත්ව කුසලතා නොමැති පුද්ගලයෙක්. චන්ද්‍රිකා ජනාධිපති වෙලා සිටි සමයේ රනිල් රට ගිහින් එනකොට (එතකොට එයා අගමැති) චන්ද්‍රිකා ඇමති ධුර දෙකක් පවරා ගනිද්දී මෙයා අරලිය ගහ මන්දිරයට වැදිලා හැංගිලා හිටියා. ඊට පස්සේ චන්ද්‍රිකා රනිල්ව දේශපාලනයෙන් අතුගාලාම දැම්ම. එදා මිනිස්සු ලක්ෂ දෙක තුනක් කොළඹට ගෙනැල්ලා උද්ඝෝෂණයක් කරානම් චන්ද්‍රිකා නෝනා බයවෙනවා. වෙන රටක පුරවැසියෙක් වෙච්ච අර්ජුන් මහ බැංකුවේ ලොක්ක කරලා අපේ රටට රුපියල් මිලියන 11145ක් නැති කළා. ලලිත් ඇතුලත් මුදලිගේ සල්ලි ටිකත් ගත් රවි මුදල් ඇමති කළා. අන්තිමට සිරිසේන මහත්තයව ගෙනැල්ල රට විතරක් නොවේ මහා යුග පුරුෂයන් බිහිකරපු පක්ෂේත් නැති භංගස්ථාන කළා. මහ ඡන්දෙන් පරාද වෙච්ච අය සිරිසේනත් එක්ක එකතුවෙලා ඇමතිවරු කළා. ඇත්තටම මිස්ටර් ක්ලීන් දැන් ඔබ අන්ක්ලීන්.

:       171       1445

RaveendraWednesday, 03 January 2018 02:31 PM

ජීවන් ක්‍රිෂාන්ත කොඩිතුවක්කු මයා වෙත, ඔබ විසින් ඉතාමත්ම නිවැරදි ලෙස දශක කීපයක අසීලාචාර දේශපාලන කඩතුරාව හොඳින් විග්‍රහකොට සාරාංශ ගතව සඳහන් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන්නෙමු. දැන් මේ " නිකන් කිළිටි ක්ලීන්" වෙලා විතරක් නොවේ... අසුචි වලින් නාලා සෝදා නොගෙනම දියවන්නා ඔය පොදු මඩ වගුරේ.... ඉන්නේ

:       0       422

BamunuarachchiWednesday, 03 January 2018 02:36 PM

ජීවන් ක්‍රිෂාන්ත කොඩිතුවක්කු මහතා ඔබ අහලා තිබෙනවනේ "අන්ධයන් වසන රට එක ඇසක් ඇතොත් රජ" කියන කතාව. නැතිනම් " ගස් නැති රටේ එඬරු ගසත් ගසක්ලු" කියලා. කිසිම වැදගැම්මකට නැති මිනිසුන් ඉන්න එ.ජා.ප යට රනිලුත් මිනිහෙක් තමයි. මට හිතා ගන්න බැරි බැරිවෙලාවත් 2005 මෙයා ජනාධිපති වුණා නම් සිංහලයාත් නැතිවී රටත් අපට නැතිවෙනවා නේද? කියලා. එජාප කාරයින්ට නම් මේ රටට හෙන ගැහුවත් කමක් නැත.

:       404       2061

saraThursday, 04 January 2018 03:54 AM

මසුරන් වටින අදහසක් කියලා වැඩක් නෑ...................

:       28       11

Kumari Wednesday, 03 January 2018 01:20 PM

ලොකු පුටුවල ඉන්න ඈයෝ අසම්මත වැඩකරාම කොයිවෙලේ හරි වන්දි ගෙවන්න වෙනවා.

:       0       278

Diljaya Wednesday, 03 January 2018 01:24 PM

2008 වසරේ සිට සිදුවූ දූෂණ සහ අක‍්‍රමිකතා පිළිබඳව මුලින්ම.. වැඩිපුරම සේවක අර්ථසාධක අරමුදල විනාශ වී ඇත්තේ එම කාලය තුළ බව කොමිසන් සභාව සඳහන් කරනවා. හරියටම කොහොමද එහෙම කියන්නේ. පරීක්ෂණයක් නොකර මෙහෙම දෙයක් වාර්තාවට එකතු කරේ දෙපැත්තේම ජාමේ බෙරගන්න වගේ. වාර්තාවට අදාල දේ කිව්වා නම් තමයි වටින්නේ. අනම් මනම් දේවල් දාල පක්ෂයම අවතක්සේරු වුණු බව අනික් අයගේ කමෙන්ට්ස් වලින්ම තේරෙනවනේ...

:       239       776

BamunuarachchiWednesday, 03 January 2018 02:38 PM

වාර්තාව අපට බලා ගන්න පුළුවන් වුණාම අපි ඒ ගැන කතාකරමු නේද? එතකන් ඉවසන්න....

:       81       37

kuma Wednesday, 03 January 2018 01:32 PM

වාසනාවන්ත ලක් දිවයිනේ, අවාසනාවන්ත ජනතාව අපි වෙමු.. බඩුත් හාමුදුරුවන්ගේ... නඩුත් හාමුදුරුවන්ගේ..

:       19       130

jaya Wednesday, 03 January 2018 01:36 PM

වංචා, දූෂණ නඩු තියෙන ලොකු ලොක්කන්ට මේ ප්‍රකාශය ලොකු සහනයක් වෙයි. රනිල් මහේන්ද්‍රන් තියරි එක අනුව ගියාම කුවුරු හරි පොඩි කෙනෙක් ඕවට හිර කරන්ට පුළුවන් වෙයිනේ.

:       0       105

නිමල් Wednesday, 03 January 2018 01:36 PM

රවීව දංගෙඩියට. එතකොට ලොකුම හොරකම කරපු අයට නීතිය ක්‍රියාත්මක කරන්න කියලා නැත්තේ මොකද?

:       0       500

Thushara-Qatar. Wednesday, 03 January 2018 01:37 PM

මේ තරම් දිග කතාවක් අපිට වැඩක් නැහැ. දැන් මොකක්ද ජනාධිපතිතුගේ විශේෂ කතාව .? කවුද මෙහෙ වැරදි කරුවන් කියලා රටට කිව යුතුයි. ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කර විශේෂ කතාව නතර කර දාන්න..

:       0       708

පිටිගල මිලානෝ Wednesday, 03 January 2018 01:38 PM

මහා පරිමාණේ හොරුන්ට ගිය රටක් තමයි මේක....

:       100       131

siri Wednesday, 03 January 2018 01:40 PM

ජයන්ති...කෝ...කෝ..කෝ මේ මගේ කඩුව.. දැන් නැත්තං පස්සේ කොස් කොටන්ටද ජයන්ති..ඉක්මනට හොයල දෙන්න.. මගේ මංගල කඩුව..

:       0       185

Lapaya Wednesday, 03 January 2018 02:06 PM

ඔන්න මම ඔයාව බේරුවා. ඔයාට මාව නැතුවත් බැහැ. මට ඔයා නැතුවත් බැහැනේ... අන්තිමට හිරේ යන්න වෙන්නේ මහබැංකුවේ වැසිකිළි පිරිසිදු කරන්න තමයි.

:       15       235

RaveendraWednesday, 03 January 2018 02:43 PM

ලපයා මයා වෙත, ඔබගේ අදහස් ඉතාමත්ම හාස්‍ය ජනක වුවත් මෙහි අවසන් ප්‍රතිඵලය ඔබ සඳහන් කිරීම පිළිබඳව අප සතුටු වන්නෙමු. රටගැන හිතලා අපි ලතවෙනවා ..... " බඩ" ගැන හිතලා රට කනවා... මී හරකුන් හට අපි රැවටෙනවා.. ලක්මව සැමදා පස්සට යනවා..

:       0       180

දේශ මාමක Wednesday, 03 January 2018 02:15 PM

රවී නීච වේ. වහා ඉල්ලා අස්වෙන්න. දියවන්නාවේ සෙව්වන්දි පිපෙයිද?

:       0       65

ජගත් ලියනගේ Wednesday, 03 January 2018 02:31 PM

ඉතිහාසයේ ප්‍රථමවතාවට ජනාධිපති කොමිෂන් වාර්තාවක් එළියට ආපු එක ගැන අපිට හරිම සතුටුයි. ඉතුරු වැඩ කොටසත් ඒ අයුරින් සිදු වේවි යන්න අපේ එකම පැතුමයි.

:       33       320

BamunuarachchiWednesday, 03 January 2018 11:59 PM

වයස කීයද? මීට පෙරත් ජනාධිපති කොමිසම් තියලා කොමිසමෙන්ම දඬුවමුත් දීල තිබෙන බව සීයාගෙන් අසා දැනගන්න

:       0       0

Perakum Wednesday, 03 January 2018 02:32 PM

එහෙන් මෙහෙන් අනම් මනං කියන්නේ නැතුව අදාළ අය වහාම අත්අඩංගුවට ගන්න.

:       1       457

Bamunuarachchi Wednesday, 03 January 2018 02:48 PM

රවීන්ද්‍ර, රාමායනය ඉවර වෙනකම්ම කියවන්න. අතර මගදී හනුමා ගැන තීරණ ගන්න එපා...

:       0       119

janatha anura UAE Wednesday, 03 January 2018 03:03 PM

කවුරු කොහොම කිව්වත්, දුප්පත් ජනතාවගේ බඩට දැනෙන්න යමක් කලේ... රවී මහත්තයත්, බැසිල් මහත්තයත් පමණි.

:       81       135

appuva Wednesday, 03 January 2018 03:06 PM

ඔහේ මක්කැයි මේ අපිට කියන්නේ...? පියවරක් ගන්න ඉන්න කෙනා අපිට වාර්තා කියනවා... අම්මපා මෙහෙම රටක්...

:       0       308

ravi ranil Wednesday, 03 January 2018 03:09 PM

අපිට පියවරක් ගන්නද කියන්නේ? ඉන්නකෝ මගේ කඩුව අරන් හිටන්.. ඔහෙට ඡන්දෙ අරන් දෙන්න තමා මේ මුදල් හම්බ කළේ.. අපිත් ටිකක් ගත්ත තමයි.. ඕවා ඔක්කොම චන්ද්‍රිකා නෝනා කරපු විදිහට බෙදලා දුන්නා.. ඩයස් පෝරාවට අරකට මේකට...

:       0       235

ranjith Wednesday, 03 January 2018 03:38 PM

හොරකම් කරන හැම කෙනාටම දඬුවම කොහෙන් හරි ලැබේවි. ගිය ආණ්ඩුවේ හොරුන්ටත් කෙලවෙලා ගියේ ඒ නිසා තමයි.

:       13       222

LakviduMonday, 08 January 2018 12:56 PM

කෙළවෙච්ච එක්කෙනෙක්ගේ නමක් කියන්නකෝ. දන්නේ නැති නිසයි අහන්නේ...

:       0       0

Sandun Wednesday, 03 January 2018 04:18 PM

පොහොට්ටුව පිපෙන්න වගෙයි හදන්නේ... හෙට එජාපයේ ලොකු කතා අහමු.

:       199       182

wasantha Wednesday, 03 January 2018 05:12 PM

ජනාධිපතිතුමා හිටපු ජනාධිපතිතුමාටත් ආදර්ශයක්.

:       333       457

dias Wednesday, 03 January 2018 05:16 PM

ජයවේවා. සියලුම හොරුන්ට දඬුවම් ලැබේවා.

:       8       71

mad Wednesday, 03 January 2018 06:52 PM

වෙලාවට යුඑන්පී ජාතික ආණ්ඩුවක් වුනේ. මහින්දගේ ආණ්ඩුවේ වුනා නං ඕක යට ගහනවනේ. හා පුලවන් නං නෑ කියන්නේ ඩිස්ලයික් කරන්නේ කව්ද බලමු

:       31       82

subash Wednesday, 03 January 2018 09:11 PM

අහෝ යහපාලනය නොදුටු මොක්පුර.

:       1       3

සමන්ත Wednesday, 03 January 2018 09:15 PM

වැරදි කල කාටත් නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒකේ වැරද්දක් නෑ. එත් වෙන්නේ ඒක නෙමෙයි. මේවා දේශපාලන වාසියට යොදා ගන්න එක.

:       0       0

මාර්ගොතීන් බලු තඩියා Wednesday, 03 January 2018 11:20 PM

එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් එදා සිට පෙනී සිටි උතුම් රවී වෙනුවෙන් හෙට සිට ලක්ෂ්‍ය සංක්යාත කෙලෙහි ගුණ දන්නා එජාප පාක්ෂිකයන් වීදි බැස අරගල කරමු එක්වන්න අප සමග අනාගත නායකයා සුරකින්න

:       0       0

CHANDA Thursday, 04 January 2018 02:25 AM

මේ ආණ්ඩුව යටතේ පසුගිය කාලයේ වගකීම වගවීම යටතේ නීතිය ක්‍රියාත්මක වී සිදු කෙරුණු දඩුවම් ක්‍රමවේදය බැදුම්කර හොරකමේදී හුළං බැහැලා.

:       0       0

Raveendra Thursday, 04 January 2018 02:32 AM

දැන් කෝප් වාර්තාවට " පාද සටහන් කෙසේ වෙතත් , පාද සලබ " ගැන මහාචාර්ය අදහස් ලියපු දිය ගැරඩින්ට බුමිතෙල් ගැවිලද නැත්නම් වඩදිය බාදිය යනවද ????

:       0       214

Muhan Thursday, 04 January 2018 02:48 AM

මෙම වංචාව ගැන හෙළිදරුව් වීම අප ලැබූ ජයග්‍රණයක් . විශේෂ අදිකරණයක් හමුවේ වැරදිකරුවන්ට ඉකමනින් දඩුවම් කල යුතුයි. කොමිසම් වාර්තාවේ සඳහන් වෙනවා මෙවැනි වංචාවල් 2008 සිට සිදුවී ඇති බවත් එම කාලය කොමිසමේ කලයට අයත් නොවන නිසා ඒ ගැන සොයා නොබැලු බවත් එමනිසා එම වංචාවන් සොයාබැලීමට කොමිසමක් පත් කර වැරදි කරුවන්ටද දඩුවම් කල යුතුයි.

:       0       110

Raveendra Thursday, 04 January 2018 02:57 AM

දැන් මේ හොරකම ගැන හාල් පොත් ලියපු , ඉලපොත් ලියපු කෙසෙල් දලුවල සහතික ලියපු අම්බරුවන්ට කිසිදු දඩුවමක් නැද්ද ?????එසේත් නැත්නම් මෙම මුසලයන්ට කල සේවය ඇගයීමේ ලිපි ලබා දෙනවද ????

:       0       15

Kumar (Galf) Thursday, 04 January 2018 03:35 AM

මරු ඡන්ද මාකටින් ක්‍රමය හිටන්.ඡන්දෙන් පස්සෙ හොරු එකෙක්වත් හිරේ යන්නේ නම් නැති වෙයි. උන් ඔක්කොම පාර්ලිමේන්තුවට නම් යයි. මහා උන්දැත් ආප්ප කකා රටම අන්දවන එක නම් යස අගේට කරනව.

:       0       193

yaha Thursday, 04 January 2018 04:00 AM

රටට සිදු වෙච්ච දේ සහ වෙමින් යන දේවල් ගැන හරිම කණගාටුවක් දැනෙනවා.වෙමින් පවතින දේවල් බොහොමයකට අතීත ක්‍රියා වල ප්‍රතිඵල සහ වර්තමාන ක්‍රියා බලපාන අතර රටේ අනාගතය සහ අනාගත පරපුර මොනවා නොකරාවි ද කියන හැංගීම එනකොට හරිම කණගාටුයි.පළාත් පාලන ආයතනත් ඒවාට නාමයෝජනා දීපු පිරිස ගැනත් බලනකොට අනාගතය අඳුරු දේශපාලනයෙන් වෙලා ගන්න බවක් දැනෙනවා. වරදකට නීතියෙන් දඩුවම් නොදීමට තරම් හැකියාවක් නැති විනිසුරුවන් සහිත නීතියත් තමන්ගේ බඩ ගොස්තර වෙනුවෙන් ඕනෑම අමන රැලක් නිවැරදි කරුවන් කිරීමට සැදී පැහැදී සිටින වෘර්තිකයන් යයි කියාගන්න නීතිඥයෝ පිරිසත් , ඔවුන්ගෙන් හුගක් ය දේශපාලකයෝ වීම ගැනත් හරිම කණගාටුයි. රටේ වංචාව දැන් හැම අස්සක් මුල්ලක් නෑරම කිඳා බැහැලා. ඕනෑම එකෙක් බලන්නේ වංචාවෙන් රැවටීමෙන් මුදල් හොයන්න/ ගසාකන්න. කවද මේ රට හැදෙයිද ??? කරුණ කරලා හරිම නීතිය ක්‍රියාත්මක කරන්න කියල ඉල්ලා සිටිනවා ...විනිසුරුවන්ගෙන් සහ ඔය කොමිසම් වල ලොකු ලොක්කන්ගෙන්.බොරුවට අදින්න එපා ...දුටු තැන දඬුවම් කරන්න. වැඩකට නැති වෘර්තිකයන් යැයි කියාගන්න නීතිඥයෝ පිරිසට රට කන්න දෙන්න එපා.

:       0       2

Gamini Thursday, 04 January 2018 05:01 AM

පුළුවන්නම් උසාවියේදී රවි වැරදි කාරයෙක් කියලා ඔප්පු කරලා පෙන්වන්නකෝ. එදාට දෙවියන් සහ බමුණන් විදියට පෙනී සිටින අයගේ මුහුණු ගැලවෙයි. කවදාවත් ඇත්ත වසන් කරන්න ලැබෙන්නේ නැහැ.

:       0       1

aliyo Thursday, 04 January 2018 09:11 AM

එජාපයේ නායකකම සජිත්ව පත්කරන්ද . අපට නායකත්වයේ වෙනසක් ඕනා. රවිව පක්ෂයෙන් එලවන්ද.

:       0       24

Ruvan Monday, 08 January 2018 12:06 AM

මෙහෙම ගියොත් පොහොට්ටුව නිකම්ම පිපෙනවා! දැන් UNP සහ SLFP තරඟ කරන්නේ තුන්වෙනි තැන බේරගන්න.

:       110       1

Sampath Monday, 08 January 2018 05:27 AM

ලුණු බිකක් නේද.?

:       0       0

Asoka Thursday, 11 January 2018 06:34 AM

රාජිත සේනාරත්න අැමතිට නැව් 9යක් තියනවා. කොහෙන්ද සල්ලි මේවාට? කව්ද එ්වා ගැන හොයන්නේ ?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 115 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 251 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1071 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 139 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 336 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 313 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site