(රංජන් කස්තුරි සහ නාලක දහනායක)
රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් අග්‍රාමාත්‍ය ධූරයෙහි දිව්රුම් දෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා (16) පෙරවරුවේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දීමට සූදානමින් සිටින බව නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත.
නව රජයේ කැබිනට් මණ්ඩලය ලබන සඳුදා (17) පෙරවරුවේ දිව්රුම් දීමට නියමිතව ඇතැයිද පැවැසේ.
නව කැබිනට් මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් 6 දෙනෙකුද ඇතුළත්වන අතර කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුගෙන් සමන්විත වනු ඇතැයි ද වාර්තාවේ.
ජනාධිපතිවරයා ඊයේ (13) රාත්‍රීයේදී කතානායක කරු ජයසූරිය මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර එහිදී අග්‍රාමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ මහතාට නැවත ලබාදීමට එඟතාවය පළකර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරයා විසින් ඉකුත් ඔක්තෝබර් මස 26 වැනිදා පස්වරුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලදි.
ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක
ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා
ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.
මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ
බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රනිල් ඉරිදා අගමැති ධූරයේ දිවුරුම් දෙයි
prasad Friday, 14 December 2018 03:12 PM
TNA ගොඩක් සතුටු වෙයි.
JjFriday, 14 December 2018 05:06 PM
හැම 1ටම එල්ටීටීඊ එක ගාව ගන්නේ නැතිව රටක නීතිය මොකක්ද කියලා තේරුම් ගන්න බලන්න....
janahitha Saturday, 15 December 2018 01:17 AM
එහෙම එකක් ලංකාවේ තිබුනේ නැහැ නොවැ... තිබුණත් ඒ අය නීතියට අනුව එය දැනගෙන ක්‍රියා කරන්න ඇති..
HiranSaturday, 15 December 2018 07:09 AM
ඔහේට වැඩිය නීතිය අපි දන්නවා. රට විනාශ කරන එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු නඩයට කඩේ යන එක දැන්වත් නවත්වන්න... සෑබෑ ශ්‍රී ලාංකිකයෙක් නම්...
channa Friday, 14 December 2018 03:34 PM
සිරිසේන පයින් යයිද?
Rata Perata Friday, 14 December 2018 03:35 PM
ඊට පස්සේ ඉක්මනටම සිරිසේනට දෝෂාභියෝගයක් ගේන්න. මේ මාස දෙකට රටට වුණු පාඩුවත් අය කරගන්න.
channa Friday, 14 December 2018 03:43 PM
ත්‍රස්තවාදීන්ගෙන් රට බේරාදුන් මහින්දද ලංකාවේ අඩුම කාලයක් හිටපු අගමැති...? මාස 05ක් සිටි දහනායකද?
tommy Friday, 14 December 2018 03:49 PM
එස්.බී., ඔයත් එනවද?
Sanath Friday, 14 December 2018 03:51 PM
මේවනේ ප්‍රවෘත්ති...
aravinda Friday, 14 December 2018 03:54 PM
මා සිතන්නේ මේ රජය එජාප, TNA , ජවිපය සාමාජිකයින්ගෙන් සමන්විත වූවානම් වඩාත් හොඳ බවයි...
AnandaRFriday, 14 December 2018 04:49 PM
එය එසේම වුනොත් වඩා යහපත් හා විනයගරුක රජයක් වනු ඇත.
BamunuarachchiFriday, 14 December 2018 05:23 PM
එතකොට පුළුවන් හොරකම් කාටවත් අසු නොවී කරගෙන යන්න...
pjFriday, 14 December 2018 06:40 PM
මහරජාගෙන් උපදෙස් ගත්තා නම් අහුනොවී කරන හැටි හරියටම කියලා දේවි...
dewa Friday, 14 December 2018 03:57 PM
එ් කියන්නේ රට ස්ථාවර තත්වයට පත්වෙනවා කියන එකයි...
Rohana Friday, 14 December 2018 04:19 PM
මේ ටික කාලය රනිල්ට භාරදෙමු. ඊ ළඟ මහා මැතිවරණයෙන් සුදුසු කෙනෙකුට රට භාර දෙමු.
BamaunuarachchiSaturday, 15 December 2018 02:54 AM
අද පත්තරයක තිබෙනවා දොස්තර ලේ පරික්ෂා කරගන්න ගන්න උපදෙස් දුන්නාම කට්ටඩියෙක් ලඟට ගිහිල්ල දෙහිකප්පවාගෙන මිනිහා මැරිලා කියලා. එහෙව් මිනිස්සු ඉන්න රටක මහජන ඡන්දයක් දෙන්න කියලා ඉල්ලුවාම මන්ත්‍රී චන්දෙකින් නැවත ඔබට බලය එන එක පුදුමයක් නොවෙයි රනිල්.
Bangomunu.Saturday, 15 December 2018 04:03 AM
මෙයාට තියෙන්නේ රනිල් භීතිකාව. ලේ නෙමෙයි පරීක්ෂා කරවගන්න ඕනේ වෙනත් දෙයක්. මහා ඡන්දයක් ගන්න ඕනේ කලින් මහා ඡන්දෙ කාලය ඉවර වුනාම... තව කල් තියෙද්දී හොර පාරෙන් ඇවිත් හොර ආණ්ඩු හැදුවේ මොකටවත් නොවෙයි අර ඇසීමට තියෙන නඩු ටික නවත්වා ගන්න... සැබෑවටම මැතිවරණයක් ඕනෙනම් තව ටිකක් ඉවසලා නිවැරදි විදිහට පවත්වන්න තිබුණානේ. කොහොම වුනත්, අධිකරණය ස්වාධීනව තිබුණු නිසා රට නිදහස් වුණා. විනිසුරුතුමන්ලාටත්, අධිකරණයටත් ප්‍රශංසා වේවා... දෙවියන්ට පින් සිදුවේවා!
BamunuarachchiSaturday, 15 December 2018 09:09 AM
රනිල් ගැන අපිට කිසිම භීතිකාව නැත. රනිල්ට කරන්න පුළුවන් කිසිම මගුලක් නැති බව අපි හොඳින් දන්නවා. රනිල් ඔතන රඳවා ගත්තේ, ජේවීපිය මහින්දට තිබෙන භයයි. දමිලයින් ඔවුන්ගේ පොරොන්දු ඉෂ්ටකොර ගැනීමටයි, එජාපයින් පැන්ෂන් එක රැකගැනීමයි හා රනිල් නැති උනාම ඉන්න අය නනත්තාර වෙන නිසයි. මම මෙච්චර චැලේන්ජ් කරනවා එක එජාපකයෙක් කීවාද රනිල් මෙපමණ සේවයක් රටට කර තිබෙනවා කියලා ?
BamunuarachchiSaturday, 15 December 2018 11:21 AM
ඔබ වගකිවයුතු තනතුරක් දරන කෙනෙක්ද කියා මම නොදනිමි. එසේ උවත් ඔබ යටතේ කාර්යක් කරන කෙනෙකකුගේ වැඩකටයුතු හරියාකාරව කෙරෙන්නේ නැතිනම් අතරමගදී උවද ඔහුගේ වැඩ නවතා සුදුසු කෙනෙකුට භාරදීම ඔබගේ වගකීමයි නේද? නැතුව ඔහුගේ කාලය ඉවර වෙනතුරු වැඩ ටික වැරදියට කරගෙන යන්න ඉඩදෙනවාද? ඒක නේද මෙතන සිදුඋනේ?
BamunuarachchiSunday, 16 December 2018 09:53 AM
මෙරටට සිංහල ජාතියට ආදරය කරන අපිට මේ රටේ සංස්කෘතියට ගැලපෙන්නේ නැති රනිල් ගැන භීතිකාව තිබෙනවා. එ්ක පුදුමයක් හෝ කියන්න තරම් දෙයක් නොවෙයි.
Nimal Friday, 14 December 2018 04:28 PM
අගමැතිවරු ඇමතිවරු පත් කිරීම දැන් විහිළුවක් වෙලා. 2015 සිට මේ දක්වා කීදෙනෙක් නම් පත්කලාද? ඉස්සරනම් අගමැතිවරයෙක් කැබිනට් මණ්ඩලයක් පත් කිරීම මොනතරම් ගාම්බීර කටයුත්තක් වුනාද?
Amila Friday, 14 December 2018 04:48 PM
ශ්‍රීලනිපය නිකන් අර පැරණිම රැකියාව කරන අය වගේනේ. එක ප්‍රතිපත්තියක ඉන්න බැරි අය දාගෙන අායෙත් කෙලවගන්න හදන්නේ...
joseph Friday, 14 December 2018 05:04 PM
කොහොම හරි 20 ගේන්න!
Bandara Friday, 14 December 2018 05:33 PM
රට නම් තවත් ඉවරයි. ටී.එන්.ඒ. එක හොඳ සලකයි. උතුරෙදි අපිටත් හොඳට සලකයි. හැබැයි මේ පාර වගේ එකෙක් දෙන්නෙකුට නෙමෙයි හොඳේ...
lakmal Friday, 14 December 2018 05:53 PM
බැලූ බැල්මට පෙනෙන්නේ මෙය මැතිවරණයක් පවත්වන තුරු ඇතිකරගත් භාරකාර ආණ්ඩුවක් පමණි. TNA සහ ජවිපය එකතුවුවා නම් ස්ථාවර ආණ්ඩුවක් 2020 දක්වා ගෙන ගිය හැකියි. නමුත් පෙනෙන ආකාරයට, සියලු දෙනාටම ළඟදීම මැතිවරණයකට යාමට අවශ්‍යවී තිබේ.
sudesh Perera Friday, 14 December 2018 06:07 PM
අපේ අගමැතිතුමාට ජය වේවා. සත්‍ය ජයගන්නවාමයි.
Sathyayaa Friday, 14 December 2018 10:51 PM
හලෝ ! මෙතන කමෙන්ට්ස් දාන්න ඉස්සරවෙලා සත්‍යය කියන දෙය තමන්ට තේරෙන්නේ නැත්නම් දන්නා කෙනෙක් ගෙන් හරි අහගෙන ඇවිල්ල ඕව ලියන්න. විකෘති වූ සත්‍යය කෙළවර වන්නේ බොරුවෙන්. ඇවිදින්න කකුල් අවශ්‍යයම නැහැ. බොරු කකුල් වලිනුත් ඇවිදින මිනිසුන් ඉන්නවා.
BamunuarachchiFriday, 14 December 2018 11:26 PM
ඔය කියන අගමැතිතුමාට නම් ජයවේවී.. රටේ ජනතාවට ජයක් වේවිද? මේ දක්වා ජනතාවට රටට ජය වුණාද? ඔබට ජයක් වුණාද? මොහොතකට හිතපල්ලා ජයවුණේ කාටද?
සේනක Saturday, 15 December 2018 04:09 AM
නැහැ නැහැ... අපේ අගමැතිතුමා බංගවේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
julien Friday, 14 December 2018 06:07 PM
අධිකරණයේ ස්වාධින බව මුළු මහත් ලෝකයා ඉදිරියේ අද තහවුරු වුනා. ලෝකයා ඉදිරියේ ශ්‍රී ලංකාවේ යහපාලනයෙන් ලබාගත් විශිෂ්ට කාර්ය අධිකරණය ස්වාධීනව වීම
Nalaka Friday, 14 December 2018 07:38 PM
මම නම් කැමති මේ වගේ ඇමති මණ්ඩලයක්. පොඩි රටකට මොකටද ලොකු ඇමති මණ්ඩලයක්.. ආර්ථික කටයුතු සහ බල ශක්ති - අගමැති යටතේ අධිකරණ - අජිත් හරි සුජීව හරි (නීතිය දන්නා කෙනෙක්) මුදල් - හර්ෂ විදේශ - මංගල (රටවල් අතර හොඳ නම ඇතිකළ නිසා) වෛද්‍ය - රාජිත (ඉන්න එකම දොස්තර නිසා) නිවාස සහ සංවර්ධන - සජිත් වරාය ගුවන් සේවා සහ ප්‍රවාහන - නවීන් ආරක්ෂක - සරත් (පොලිසිය ස්වාදීනව) අධ්‍යාපන සහ සංස්කෘතික - කම්කරු, සහ කර්මාන්ත (කෘෂිකර්ම ඇතුළුව)..
Prof. Edward Perera Germany Friday, 14 December 2018 11:06 PM
රටකට පාර්ලිමේන්තු විධායකයක් නොමැතිවුණත් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. 1978ට කලින් සිදු වූයේ එයයි. එහෙත් ඕනෑම රජයකට අධිකරණ පද්ධතියක් අවශ්‍යම වන්නේ ව්‍යවස්ථාදායකයෙන් පනවන නීති අනපනත් හා කෙටුම්පත් හරියාකාරව ක්‍රියාවේ යොදවන්නයි. අධිකරණයේ ස්වාධීනත්වය ගැන උදම් අනන අයම වරෙක නොඉවසිලිමත්ව අධිකරණය දුෂිතයි කියා ප්‍රසිද්ධියේම බැණ වැදුණත් කෑමට තලගොයි මස් නැත්නම් කබර මස් වුනත් පිසගෙන කන බව රහසක් නොවෙයි. මෙතැනදී වැදගත් වන්නේ තමන්ට වාසි තීරණයක් ලැබීම නිසා අධිකරණය පසසා නිහඬ වීම නොව අධිකරණයටත්, හිසරදයක් නොවන ලෙස ව්‍යවස්ථාදායකය තුළ ශිෂ්ඨ සම්පන්නව හැසිරීමයි.
RUWAN Saturday, 15 December 2018 12:15 AM
ජනතාවට වෙන සෙතක් නෑ. ඉතිරි කාලයත් ඔහොමම රණ්ඩු වෙලා.. ජනතාව අසරණ කරයි.
Zaf Saturday, 15 December 2018 01:21 AM
ඒ මොන කතාවක්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 6 කැබිනෙට් එකට දානවා කියන්නේ... එජාපය මේ පාරත් කන්න තමා හදන්නේ...
maximus Fernando Saturday, 15 December 2018 01:40 AM
රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් සමග යන්න.
ගල්කටස් Saturday, 15 December 2018 01:58 AM
රැකියා දසලක්ෂයක්, පුංචි කාර් එකක් ගන්න වාසනාව, බුලත් විටක් වෙනුවට චුයින්ගම්, අපිට බ්‍රේස්ලට් බඩු මිල සෑහෙන්න අඩුවෙන් ගන්න පුලුවන්... එකී මෙකී නොකී අපේ තරුණ ජවසම්පන්න නායකතුමාට හතරවරං දෙවියන්ගේම පිහිටයි.. අාරක්ෂාවයි. රටත් බෙදලා කෑල්ල කෑල්ල විකුණලා දාලා සමරිසි කසාදෙකුත් කරන් ඉමු. අපි ඉමු අපි... ඉමු අපි ඉමු. අපි චූන් එකේ..
RaveendraSaturday, 15 December 2018 10:10 AM
ගල්කටස් මයා වෙත, ඔබගේ අදහස්වලට අප ගරු කරන්නෙමු. රනිල් කියන්නේ මේ මුළු සෞරග්‍රහ මණ්ඩලයටම ඉන්න එකම එක උගතා, බුද්ධිමතා බව ඔබ නොදන්නේද? එම උගතාගේ අදහස් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස මා දැනුත් බ්‍රේස්ලට් එකක් පැළඳ නොමිලේ අපගේ නිවාස වටා තිබෙන වයිෆයි වලින් අන්තර්ජාලය සැරිසරන්නෙක් වෙමි. එපමණක් නොව මා රාජකාරියට යන්නේද කුලියාපිටියේ සාදන ලද අපගේම ෆොක්ස්වැගන් රථයෙන් බවත් ඉතාම ආඩම්බරයෙන් ඔබහට පවසන්නෙමු. ඔබහට ඒවා නොලැබීම පිළිබඳව අනුනට ඉරිසියා නොකරන්න.
Nuwan Saturday, 15 December 2018 02:04 AM
ජනතාව නම් කියන්නේ 113 ගෙදර පලයව් කියලා.
RuwanSaturday, 15 December 2018 04:47 AM
225 මද?
රවින් Saturday, 15 December 2018 02:28 AM
හරි රනිල් ඉරිදා අගමැති වුනොත් ඉරිදාම ජනාධිපති ඉල්ලා අස්වෙයි. ඊළඟට ජනාධිපති මැතිවරණය. මේ පාර නම් ජනාධිපති තනතුරට පත්කරගන්න ඕනේ නියමෙටම තම සාක්කුව ගැන නොහිතන රටගැනම පමණක් හිතන වීරවංස, ගම්මන්පිල වැනි කෙනෙක්ව...
Akila Saturday, 15 December 2018 02:29 AM
අගමැතිතුමාට යන්තන් දැන්වත් ඉදිරියේ පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු ටිකටවත් යන්න පුළුවන්. මේ සති කිහිපයට කීයක් මග ඇරුණාද දන්නේ නැහැ.
Chandrasiri Senevirathne Saturday, 15 December 2018 02:43 AM
මෙය ජයග්‍රහණයක් නොවේ. සත්තකින්ම එජාපයේ පසු බැස්මකි. රනිල් හැර වෙන ඕනැ කෙනෙක් යන ප්‍රකාශය කුමන්ත්‍රණ අවලාදයෙන් වෙන්කර සාකච්ඡා කළ යුතුය. මන්ත්‍රින් මුදලට විකුණුනා නම් සියල්ල අවසන් වන්ට ඉඩ තිබිණ. අදටත් එජාපයට ඉතිරිව ඇත්තේ රනිල්ගේ නායකත්වය පමණකි. එ් නායකත්වය ගැන විවේචන පවතී. කළ යුත්තේ විජේතුංග පන්නයේ භාරකරුවෙකු පත් කොට බිඳුණු සිත් එක්කිරීමය. පසුගිය කාලයේ කළකිරැණ එජාප පාක්ෂිකයින් දෙවර්ගයකි. 1 පක්ෂය හැර ගිය අයය. 2 පක්ෂ නායකත්වය විවේචන කරමින් වැඩ කළ අරගල කරුවන්ය. දෙවන කණ්ඩායම සමග වැඩ කිරීමට රනිල් සූදානම් වුණොත් බොහෝ දේ කළ හැකිය. මෙහිදී ඝනාත්මක චරිතය සජිත් නොවේ. කරූ ජයසූරියයි. ඔහුගේ වයස අනුව කිසිවෙකුට අභියෝගයක් වන්නේ නැත.
dissa Saturday, 15 December 2018 02:51 AM
මේක සිරාගෙයි මරාගෙයි ලෝක ගැටයක්... මේ යන්න යන්නේ අවුරුදු 1/30 තියෙද්දී ව්‍යවස්ථාව කඩන්න. සබාග රජයකට රනිල්ව ගමරාල කැඳවන්නයි යන්නේ...
saleeth Saturday, 15 December 2018 02:52 AM
අරවින්දගේ අදහසට මමත් එකඟයි.
සේනක Saturday, 15 December 2018 04:03 AM
මේ පාරත් අපේ මහ බැංකුව මහ දවල් මංකොල්ල කයිද? එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් මමත් කණගාටුවෙනවා. අපේ පක්ෂයට නායකත්වයක් නැති එක ගැන... රටටත් අබ සරණයි.
Sunil Saturday, 15 December 2018 04:16 AM
දැන් ඉතින් ෆොන්සේකාට පොලීසිය බාර දීලා හරියට වැඩ කරන්න.
Hiran Indrajith Saturday, 15 December 2018 06:42 AM
ලංකාවේ මිනිස්සු මොන තරම් අදූරදර්ශීද? එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ කිසි දවසක රටට සෙතක් කර නැත. සියළුම අර්බුදවලට වගකිවයුතු වන්නේ ඔවුන්ය. කිසිඳු දේශීය හැඟීමක් නැති, නමට සිංහල වෙලා ඉපදුණු ඔලමොට්ටලයන් පිරිසකගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. සෑබෑ ශ්‍රී ලාංකිකයින් සෑබෑ වීරවරුන් සැමදා සිටියේ වමේ පක්ෂ තුලය. 71, 88,89 කාල වකවානුව තුළ ජනතා විමුක්ති පෙරමුණ රටේ සියලුම සම්පත් විනාශ කර දමන ලදී. ලක්ෂ ගණනක් තරුණ ජීවිත විනාශ කරන ලදී. එක්සත් ජාතික පක්ෂය රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්වී රටේ සම්පත් කුණු මාළු ලෙස විකුණා බටහිර ඉන්දීය ගැති පාලනයක් ගෙන ගියේ ජනතාව තුට්ටු දෙකට දමාය. මොවුන් කිසිඳු දවසක රටට ආදරය කල දේශපාලකයින් නොවේ. බල තණ්හාව මුදල් වෙනුවෙන් තමන්ගේ දෙමාපියන් පවා විකිණීමට සුදානම් ඔලමොට්ටලයන් පිරිසකි.
ධනුෂ්කSaturday, 15 December 2018 08:44 AM
88 ජ.වි.පෙ අවි අතට ගත්තේ ඉන්දීය හමුදාවට එරෙහිව හා ඊට මග පාදමින් මෙරට ඔවුන් ගෙන්වා ගනිමින් පොලිස් හා ඉඩම් බලතලද අැතුළත්ව පළාත්සභා ස්ථාපිත කිරීමට එරෙහිව. එමෙන්ම කොටින්ට වාසි සහගත ලෙස ගෙන අා, අන්තර්වාර පාලන ක්‍රමයට, සුනාමි සහන මණ්ඩලයට අහෝසි කිරීම. එ්කාබද්ධව පැවැති උතුරු, නැගෙනහිර පළාත් නඩු දමා වෙන් කිරීම,17වන හා 19 වන සංශෝධන ගෙනඑමින් එ්කාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම අාදිය. ජ.වි.පෙ මේ රටට කල වැදගත් වැඩ. එ් සුලු මන්ත්‍රිධුර කීපයක් තබාගෙනයි... අාණ්ඩුවක් ගත්තොත් වැඩ බලාගත්ත හැකි. දැන් වැඩ බැරි වුණාට එ.ජා.ප.යෙන් තමා මේ රටේ අාර්ථිකය ටිකක් හරි ගොඩ නගන්න මහවැලි ව්‍යාපාර අරඹලා. වෙළඳ කලාප පිහිටුවලා රැකියා අැති කරලා වැඩ කොටසක් කලේ... මහින්ද මහතත් යුද්ධය ඉවර කරලා ලොකුම සේවයක් කළා. නමුත් ඔහුගේ අාර්ථික චින්තනයත්, පවුල් පාලනයත් රට ලොකු අගාධයකට අැදලා දැම්මා.
BamunuarachchiSaturday, 15 December 2018 11:32 AM
මොකක්ද මහින්දගේ ආර්ථික චින්තනයේ වැරැද්ද? 2008 ලෝක ආර්ථිකයත් එදා වැටිලා අපි යුද්දෙකත් පැටලිලා ඉන්න ගමන් රුපියල අවපාත නොවී තියාගත්තේ ආර්ථික චින්තනයේ වරද්දෙන්ද?
Jayadewa Saturday, 15 December 2018 07:00 AM
කට්ටිය එක්ක එකතුවෙලා TNA එකට උතුර ලියා දුන්නා නම් හරි.. එතකොට කෙටිකලක් තුළ දකුණ අල්ලගන්නවා. කාටත් දැක බලාගන්න පුළුවන්... ඒක තමයි කාටත් කරගන්න ඕනේ...
ravi Saturday, 15 December 2018 08:22 AM
"රනිල්" අගමැති කරනවට , වැඩිය හොඳයි මේ රට හමුදාවට බාර දෙන එක... ! පේනවා..නේ රනිල්ගේ ඇම්බැට්ටයෝ පාරක කිහිලිකරුවකින් ගමන් කරන කෙනෙකුටවත් නිදහසේ පාරේ , යන්න නොදෙන ජාතියක් කියලා.. !!!
Amila Saturday, 15 December 2018 09:30 AM
නිකමට හරි මෙයාගේ මන්ත්‍රීකම අරකෙන් අහෝසි වුණොත් ජනවාරි වගේ අායෙත් අලුත් අගැමති කෙනෙක්...
NImal Saturday, 15 December 2018 01:14 PM
දැන්වත් ඉතින් හොරු අල්ලනවා කියාලා අපිට 2015 දී දුන්නු පොරොන්දුව මතක් කරලා ඒක ඉෂ්ට කරන්න,
maal Saturday, 15 December 2018 01:59 PM
දැන් රනිල් අගමැතිනම් සහ ඇමතිවරු 30ක් නම් තනිකරම එක්සත් ජාතික පෙරමුණු රජයක් විය යුතුයි. පිට අය කිසිකෙනෙකු ඇමතිකම් නොදැරිය යුතුයි. දැන් ජාතික ආණ්ඩුවක් නැත. විශේෂයෙන් සරත් ෆොන්සේකා නීතිය හා සාමය ඇමති විය යුතුමයි. දිල්රුක්ෂි ඩයස් නැවත විශේෂ අධිකරණයට පත්කලයුතුමයි. රාජිත සෞඛ්‍යය ඇමතී විය යුතුයි
Nalaka Saturday, 15 December 2018 07:11 PM
දැන් ඉතින් ජනවාරි ණය වාරික මිනිස්සුන්ට පඩි ගෙවන්න තිබුන සල්ලි විනාස කරපුව, පාර්ලිමේන්තුව විනාශ කරපුව, වීරවංස පත්වීම් දීපුවා ගෙවන්නත් ඕනේ මේ ආණ්ඩුවද. එයාලගෙන් අයකර ගන්න තියෙන්නේ. සරත් ෆොන්සේකාට නීතිය සාමය දුන්නනම් හරියට හදයි.
banda Saturday, 15 December 2018 09:14 PM
ඒ කියන්නනේ හෙට ඉදලා පොළොන්නරුවේ යනවද ?
lal Sunday, 16 December 2018 03:21 AM
දිව්රුම් දෙන්න අස්වෙන්න ඕනනේ. රනිල් අස්වුනෙත් නැත්නම් ආය මොනවටද දිව්රුම් දෙන්නේ? මහින්ද ඉල්ලාඅස් උනාම කිව්වේ අස්වෙන්න දෙයක් තිබුනේ නැහැ කියලා ?
dias Sunday, 16 December 2018 04:38 AM
අප නම් කැමති නෑ හොරුන්ට ඇමතිකම් දෙනවාට. කටින් කිවුඔත් රවිට ඇමතිකම් දෙනු එපා. ජනතාවට හොඳ සහන පැකජයක් දෙන්න.