(රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)

විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා සමග මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා ද පැමිණි අතර පැමිණිලි පාර්ශව වෙනුවෙන් මාගල්කන්දේ සුදත්ත හිමි ඇතුළු පිරිසක් පැමිණ සිටියහ.