(මහින්ද නිශ්ශංක)
 
රුපියල්  කෝටි  4 කට  වඩා  වටිනා  ස්වර්ණාභරණ තොගයක්  බඳපටියක සඟවා  නිතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ කොළඹ ප්‍රදේශයේ ආයතකයක උපදේශකවරියකට රුපියල්  ලක්ෂ 25 ක දඩයක්  නියම කළ රේගුව කිලෝ 7 ග්‍රෑම්  700 ස්වර්ණාභරණ තොගය රාජසන්තක කළේය.

ඩුබායි  සිට බදාදා (13) උදේ ගුවන් තොටුපළට පැමිණි කොළඹ 2 ප්‍රදේශයේ  කාන්තාවෝ දෙදෙනක් රේගුව මගින්  අත්අඩංගුවට ගෙන පරික්ෂණ පැවැත්වු  අතර  එක්  කාන්තාවක් පරික්ෂණ වලින් පසු නිදහස්  කළාය.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක පරාක්‍රම බස්නායක මහතා  පරික්ෂණ පැවැත්විණි.