Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රංජන් කස්තුරි
ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳව හා රජය රණවිරුවන් දඩයම් කරන බවට විපක්ෂය නගන චෝදනා බරපතල හා සාවද්‍ය එකකැයි රජය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පුද්ගලයින් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීගෙන් කරුණු විමසීම රණවිරු දඩයමක් වන්තේ කෙසේදැයි විමසිය යුතුව තිබෙන බවද එම නිවේදනයේ සඳහන්වේ.
රජයේ ප්රවෘත්ති අධක්ෂ ජනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා නිකුත් කළ එම නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘‘පසුගිය දිනවල විපක්ෂය සහ ඔවුන්ගේ මතය සමාජගත කිරීමේ කාර්ය ඉටුකරමින් සිටින විවිධ පුවත්පත් මෙන්ම විද්‍යුත් මාධ්‍ය හරහා ආරක්ෂක අංශයේ ඉහළ නිලධාරියකු අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පිළිබඳ දැඩි ප්‍රචාරයක් ලබාදෙමින් වත්මන් රජය රණවිරුවන් දඩයම් කරන බව මතයක් නිර්මාණය කිරීමට උත්සහ ගනිමින් තිබේ.
මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිගි කිරීමක් කළයුතුව ඇත.මන්ද වත්මන් රජය පත්වූ දා සිට මේ දක්වා ආරක්ෂක අංශවලට හෝ එහි නිලයන්ට කිසිදු ආකාරයක බලපෑමක් හෝ අයුතු චෝදනාවක් හෝ සිදුකොට නොමැති පසුබිමක් තුල වත්මන් රජයට එල්ලවල මේ චෝදනාව බරපතල සහ සම්පුර්ණ සාවද්‍ය එකක් වන බැවිනි.
2009 මැයි 28 දින එවකට නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලක් අනුව එදා හිටපු පොලිස්පතිවරයාගේ නියෝග මත 2009 සැප්තැම්බර් 10 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ අංශය විසින් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
එම පරීක්ෂණ ආරම්භ කළේ මහින්ද රාජපක්ෂ පාලන සමයේදීය.නමුත් සිය පාලනයට අවාසිදායක යැයි හැගෙන ඇතැම් කරුණු හෙළිදරව් වීමේ පසුබිම තුළ පරීක්ෂණ කටයුතු ක්‍රමයෙන් අක්‍රීය කිරීමට එදා පාලකයන් පසුබට නොවුණි.එවැනි පසුබිමක් තුළ ලංකාවේ පමණක් නොව ජාත්‍යන්තරයේදී මෙම අතුරුදන් කිරීමේ සිද්ධිය පිළිබඳව බරපතළ කතිකාවක් නිර්මාණය විය.
ඒ අනුව නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවට එදා පැවැති රජය ජාත්‍යන්තරය ඉදිරියේ පොරොන්දුවක් ලබා දුන්නේය.එකී පොරොන්දුව ප්‍රකාරව 2014 අප්‍රේල් මස නැවත පරීක්ෂණ කටයුතු ආරම්භ කළේය.
ඒ අනුව අතුරුදන් කිරීම් පිළිබඳ විමර්ශණ කටයුතු සිදුකිරීමේ දී එහි ප්‍රධාන සැකකරුවන් ලෙස හදුනාගෙන ඇත්තේ නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හා ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ ප්‍රසාද් චන්දන හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් යන අයවලුන්ය.
ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ යන අය අත්අඩංගුවට ගෙන පසුව ඇප මත නිදහස් කර ඇති නමුත් නේවි සම්පත් යන අය පසුගිය කාලය පුරා අධිකරණය මගහැර සිටියේය.ඔහු 2018 අගෝස්තු 13 දින අත්අඩංගුවට ගන්නා ලදී.
නේවි සම්පත් යන අයට අධිකරණය මගහැර සිටීමට සහ හෝ අත්අඩංගුවට පත්වීමෙන් වළක්වා ඔහුට රැකවරණය දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවි විජේගුණරත්න මහතාට ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදෙන ලෙස ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2018.09.02 දාතම ලිපියක් මගින් දැනුම් දී තිබේ.
නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය විසින් ප්‍රචාරය කර තිබුණේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගැනීමට සුදානමන් පවතින බවය.එවැනි කිසිදු සුදානමක් හෝ අවශ්‍යතාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොතිබිණි.
පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ විමර්ශනය 2009 සැප්තැම්බර් 10 දින ආරම්භ කළ පරීක්ෂණයක් බවත් වත්මන් ආණ්ඩුව ආරම්භ කළ පරීක්ෂණයක් නොවන බවත් සිහිකැඳවිය යුතුය.එසේ තිබියදී එම පරීක්ෂණයේ ඉදිරිකටයුතු පවත්වා ගෙන යාම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් රවී විජේගුණරත්න මහතාගේ කරුණු විමසීමක් සිදු කිරීම රණවිරු දඩයමක් වන්නේ කෙසේදැයි විමසීය යුතුව ඇත.‘‘
Rasith Friday, 14 September 2018 05:41 PM
වැඩේ කියන්නේ කොටි මුකුත්ම වැරැද්දක් කරල නෑ නේ. හමුදාවනේ සේරම වැරදි කරල තියෙන්නේ.
Reply : 417 822
Chandra Saturday, 15 September 2018 02:36 AM
යුද්දේ දිනලා දීපු ෆීල්ඩ් මාර්ෂල්තුමාව බලෙන් ඇදගෙන ගිහින් කොටු කරපු එකට කියන්නේ මොන දඩයම කියලද දන්නේ නැහැ නේද? ඒ කාලේ හිටපු රටට ආදරේ ඇති ඇමතිවරුන් ඇයි ඒ දවස් වල කතා නොකළේ? තවමත් බයයි නේද ?
Reply : 609 82
Cisco Saturday, 15 September 2018 03:17 AM
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට නඩු දමලා තිබේද? අන්තිමට මාස ලණනක් ගියාට පසුව සාක්ෂි නැහැ කියලා නිදහස් කළා. මෙහි ඇත්තේ දඩයමක් නොවේ නම් කුමක්ද? මිලේනියම් සිද්ධිය 2004දී මෙවැනිම අපරාදයක් නෙවෙයිද කළේ?
Reply : 10 240
rohana Saturday, 15 September 2018 03:37 AM
රසිත් මෝඩ කතා කියන්න එපා. මේකට කොටි ගාව ගන්න එපා. අනික නිල ඇඳුමක් අැඳගත්තා කියලා අපිට මිනී මරන්න බැහැ. හැබැයි ත්රස්තවාදීන්ට මිනී මරන්න නීතියක් අවශ්‍ය නැහැ. අපිට එහෙම බැහැ. ඔයාට මීට වඩා දැනගන්න ඕනෑ නම් හමුදාවේ යහළුවෙක්ගෙන් අහගන්න. හමුදා නීතිය සහ ත්‍රස්තවාදී නීතිය අතර වෙනස එයයි.
Reply : 293 71
geetha Saturday, 15 September 2018 06:23 AM
අනේ රෝහණ නොදන්නා දේවල් ගැන අදහස් දක්වන්න එපා.. සම්පත් මුණසිංහ දැන් නිකන්ම සම්පත්, ප්‍රසාද් හෙට්ටිආරච්චි නේවි සම්පත් කරලා... හිනා යනවා මේ දේවල් එක්ක..
Reply : 0 179
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.