අල් ජසීරා පුවත් සේවය වසා දැමීම සහ ඉරානය සමඟ තිබෙන සබඳතා අඩු කිරීම ඇතුළු ඉල්ලීම් 13කට එකඟ වන්නේ නම් කටාර් රාජ්‍ය සමඟ නැවත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරන බව සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ප්‍රකාශ කර ඇත.
ත්‍රස්තවාදය සහ මූලධර්මවාදය ප්‍රචලිත කිරීමට සහාය දෙන බවට චෝදනා කරමින් සෞදිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය සහ ඊජිප්තුව ජූනි 5 වැනිදා කටාර් රාජ්‍යය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවත දැමීමට පියවර ගත්තේය. ඒ අනුව යමින් තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමටත් ජෝර්දානය ඇතුළු තවත් රටවල් කිහිපයක් කටාර් රාජ්‍ය සමඟ තිබෙන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අඩු කිරීමටත් පියවර ගත්තේය.
වසර ගණනාවකට පසු ගල්ෆ් කලාපයේ ඇති වූ දරුණුතම අර්බුදය මේ වූ අතර ඒ හේතුවෙන් දශක දෙකක් පැරැණි කටාර් රාජ්‍යයේ විදේශ ප්‍රතිපත්තියට ද චෝදනා එල්ල විය. මුස්ලිම් වැසියන් බහුතරයක් වෙසෙන රටවල අර්බුද නිරාකරණය කිරීමේදී කටාර් රාජ්‍යය ඊට මැදිහත් වීම ද එම විදේශ ප්‍රතිපත්තියේ අංගයක් විය. කෙසේ නමුත් කිසිම හේතුවකට තම ස්වාධීන විදෙස් ප්‍රතිපත්තිය වෙනස් නොකරන බව කටාර් රාජ්‍යය මෙම නව අර්බුදය ඇති වී දින කිහිපයකට පසු නිවේදනය කළේය.
රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හැරීමට අමතරව සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊජිප්තුව සහ බහරේනය කටාර් රාජ්‍යය සමඟ ආර්ථික සහ ප්‍රවාහන සබඳතා ද නවතා දැමීය. කටාර් රාජ්‍යයේ ස්ථාපිත තුර්කි හමුදා කඳවුර ඉවත් කළ යුතු යැයි සෞදිය ප්රමුඛ රටවල් කරන ලද ඉල්ලීම් අතර වෙයි.
මුස්ලිම් සහෝදරත්වය, අයි.එස් සංවිධානය, අල්කයිඩා සංවිධානය, හිස්බුල්ලා, ජබාත් ෆාටා අල් ෂාම් ආදී ත්‍රස්තවාදී, අන්තවාදී, මූලධර්මවාදී සහ නිකායවාදී සංවිධානවලට තිබෙන සබඳතා සියල්ල නවතා දැමිය යුතු බව ද සෞදිය කටාර් රාජ්‍යයට දැනුම් දී තිබේ.
කටාරයත් සෞදි අරාබියත් අතර දේශ සීමාවේ අබු සම්රා පිවිසුම (ඡායාරූප අනුග්‍රහය - ඒ.එෆ්.පී)
(රොයිටර් අනුග්රහයෙනි - 055)
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රටවල් 4 කින් කටාරයට කොන්දේසි
ravin Saturday, 24 June 2017 07:36 AM
කටාර වැසියනි, ඔබලාට ඇති තරම් ස්වභාවික ගෑස් ( අවුරුදු 140 කට සැහෙන) හා තෙල් (අවුරුදු 45 කට සැහෙන ) තියනවා කාටවත් හිස නොනමා ජිවත්වන්න. මුදලුත් තියන එකේ ජලය හා කෘතීම වගා ක්‍රම භාවිතා කර ආහාර ටිකත් හදා ගත්තොත් හරි. ඔය සම්බාධක දාන උදවියට සම්බාධක ටික කොට්ටය ඇතුළට ගෙන සදහටම නිදියගන්න කියන්න.
adam Saturday, 24 June 2017 09:40 AM
රාමසාන් මාසේදී දේශසීමා පාරවල් වහලා ගුවන් ගමන් තහනම ඉතා අසාධාරණයක්... සහෝදර නෑකම් සම්බන්ධව තියෙන ජනතාවක් තමයි ඉන්නේ... අද කටාර්වල කිසිම අඩුපාඩුවක් නැහැ. සාමාන්‍ය අන්දමට පෙර පරිදිම සියලු වැඩ කටයුතු සිදුවෙනවා. කටාර් රටට ජයවේවා !!!