රාජකීය තනතුරු අත්හැර රජ පවුලෙන් ඉවත්ව යාම සම්බන්ධයෙන් එලිසබෙත් මහරැජිනගේ මුණුබුරු හැරී සිය බලවත් කනගාටුව පළකර ඇත.
ඔහු පැවසුවේ, ඒ සඳහා ඔහුට වෙන විකල්පයක් නොවූ බවයි. හිටපු නිළියක වන ඇගේ බිරිඳ මේගන් සහ ආචි පුතු සමඟ ගෙවන නිදහස් දිවියක් වෙනුවෙන් රාජකීය තනතුරු අත්හැරීමට සිදුවන බවද ඔහු කීය. එය මෙවැනි තත්වයක් දක්වා පැමිණීම ගැන තිබෙන්නේ බලවත් කනගාටුවක් යැයි ද ඔහු කීය.
හැරීගේ මෙම තීරණය බ්‍රිතාන්‍ය රජ පවුල දැඩි කම්පනයකට ලක් කළේය.
රාජකීය ජීවිතය පවත්වාගැනීමට ආධාර වූ මහජන මුදල් ඕනෑම මොහොතකදී අහිමිකරගැනීමට සූදානම් බවද ඔහු කීය. බ්‍රිතාන්‍ය හමුදාව සමඟ කළ සේවය වෙනුවෙන් ඔහු ලබාගත් දෑ සහ එම තනතුරු අත්හැරීම ඔහුට වේදනාවක් බවද හැරී සඳහන් කර ඇත.
‘අපි එක්තරා විශ්වාසයක් උඩිනුයි මේ පැනයන්න හදන්නේ. මේ පියවර ගන්න මට ධෛර්යයක් වුණාට ඔබ සැමට ස්තූතියි’ යැයිද කීය.
ඔපෙරා වින්ෆ්රි, ඔබාමා වැනි ප්‍රකට පුද්ගලයන් ඇසුරුකරමින් සමාජ මාධ්‍යවල අවධානය දිනාගත් තරුවක් වන මේගන් බ්‍රිතාන්‍යයේ පැරණි සංකේත සහ සංස්කෘතින් සම්බන්ධයෙන් කවර අදහස් දරන්නේදැයි දන්නේ කිහිපදෙනෙකු පමණි.
පසුගිය ඔක්තෝබරයේදී ඇය රූපවාහිනී නාලිකාවක පෙනී සිටිමින් පැවසුවේ, පැමිණිලි කිරීමට නොහැකි කුලවත්කම සම්බන්ධ බ්‍රිතාන්‍ය සංවේදනය පිළිගැනීමට සිදුවීම වෙහෙසකර බවයි. ‘එය නෙමේ ජීවත්වීමේ අර්ථය කියන්නේ’ යැයි ඇය වේදනාවෙන් පිළිගෙන තිබිණි.
1997දී පැපරාසීන් විසින් සිය මව වන ඩයනා කුමරිය ලුහුබැඳීම හේතුවෙන් ඇය මෝටර් රථ අනතුරකට ලක්ව මිය ගිය බවද එතැන් පටන් අද දක්වාම ඔවුන් නොනැවතී සිය පවුල පසුපස ලුහුබැඳ ඒමෙන් තමා පීඩාවට පත්ව සිටින බවද හැරී පැවසීය.
මේගන් කුමරිය සිය පියාට යැවූ බව කියන පෞද්ගලික ලිපියක් පුවත්පතේ පළකිරීම හේතුවෙන් හැරී සහ මේගන් දෙදෙනා එංගලන්තයේ ටැබ්ලොයිඩ් පුවත්පතකට එරෙහිව ද නඩු පවරා තිබිණි.
කෙසේවෙතත්, ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත වාර්තා කළේ, හැරීගේ පියා වන චාල්ස් කුමරු ඔහුට ලැබෙන පෞද්ගලික ආදායමෙන් කොටසක් ලබන වසරේදී හැරී වෙනුවෙන් වියදම් කරනු ඇති බවයි.
(ඒඑෆ්පී)
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
රජ පවුල හැරයාම ගැන හැරීත් ශෝකයෙන්
පිටිගල මිලානෝ Monday, 20 January 2020 04:33 PM
අපේ රටේ සමහර පුත්තු අන්තිම සතේ දක්වා මහජන මුදල් කොහොමද හොරකම් කරන්නේ කියලා මාන බලනකොට මෙවන් වැදගත් පුත්තු මහජන මුදල් සහ දීමනා හැරදා නිදහස් දිවියක් ගෙවන්න ලැස්ති වෙනවා. රටවල් දෙකක පුත්තු අතර වෙනස.
Nissanka Monday, 20 January 2020 05:36 PM
ගෑහැනුන්ගේ පදේට නටන්න ගිහාම ඔහොම වෙනවා. අපේ රටෙත් ගොඩක් පිරිමින්ට වෙලා තියෙන්නේ ඕක. දෙමව්පියෝ සහෝදරයෝ අතාරින්න වෙනවා පවුලේ සමගිය ආරක්ෂා කරගන්න.
gamage Tuesday, 21 January 2020 03:10 AM
තුන්වන සිල් පදය කඩන්න ගියාම මිනිස්සුන්ට වෙන දේ.
gamekolla Wednesday, 22 January 2020 06:47 AM
ගමගේ, ඔය මෝඩ උත්තරයක් දුන්නේ. බොරු සෝබන එපා.
Asoka Tuesday, 21 January 2020 02:12 PM
රජ කුමාරයෙක් වුණත් පොළොවේ පය ගසා ජීවත් වෙන මනුස්සයෙක්. ඊට අමතරව ලෝකෙට හොඳ මුහුණ පෙන්වන බ්‍රිතාන්‍ය රජ පවුලේ සහ බ්‍රිතාන්‍යන් ගේ වර්ණභේද වාදය හොඳම සාක්ෂියයි. පහුගිය කාලයේ ප්රවෘත්ති මෙය සනාථ කරයි.