(අජන්ත කුමාර අගලකඩ)
ශ්‍රී ලංකා පරිපාලන සේවය ඇතුළු රජයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා රුපියල් 15,000 සිට 50,000 දක්වා මාසික දීමනාවක් ගෙවීමේ යෝජනාවක් අද (17) පැවැති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.
රජයේ පරිපාලන ඇමැති රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් එම යෝජනාව ඇතුළත් කැබිනට් සංදේශය අද පැවති ඇමැති මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබූ බව දැනගන්නට ඇත.
එම යෝජනාව මුදල් අමාත්‍යාංශයේ නිරීක්ෂණ ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන සතියේ පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන අවසන් තීරණයක් ගැනීමට නියමිතය.
වැටුප් විෂමතා ඉවත් කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් පසුගියදා වෘත්තිය ක්‍රියාමාර්ගයක්ද ගත් අතර එය සැලකිල්ලට ගනිමින් මෙම යෝජනාව ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇත.
ශ්‍රී ලංකා පරිපාලන සේවය,ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය,මිනින්දොරු සේවය,විගණකාධිපති සේවය ඇතුළු සේවා 12 ක විධායක නිලධාරීන් සඳහා ශ්‍රේණි අනුව මෙම දීමනාව ගෙවීමට යෝජනා වී ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.
මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රජයේ විධායක නිලධාරීන්ට විශේෂ දීමනාවක් ගෙවීමට යෝජනාවක්
Amila Tuesday, 17 September 2019 06:20 PM
කාර්‍යක්ෂමතාවය අනුව ගෙවනවා මිසක් ගෙනාපු සල්ලි බෙදනවා වගේ මහජන මුදල් නාස්ති නොකර යුතුයි. දේශපාලනය කරන අයට වඩා රට වලපල්ලට තල්ලුකරන්නේ මේ නිළධාරීන්. ඔවුන් බලන්නේ ඡන්ද කිට්ටු කරලා මස් රාත්තලම පවතින ආණ්ඩු වලින් ගන්න. හොර තක්කඩි....
ලුම්බිණි Wednesday, 18 September 2019 02:16 AM
කැබිනට් සංදේශය වැඩි හරියක්ම කීයක් හරි කඩා ගන්න හදන ඒවා නේ.
kamal Wednesday, 18 September 2019 05:01 AM
කිසිම වැඩක් කරන්නේ නැත. නිකන් දීමනා විතරයි.
Gamarala Wednesday, 18 September 2019 06:46 AM
දැන් ඉතින් පහළ සේවකයෝත් අනිවාර්යයෙන්ම සටන පටන් ගන්නවා ෂුවර්. මේ යන ක්‍රමය වැරදියි කිසියම් දෙයක විසඳුම ප්‍රායෝගික විය යුතුයි. සැමටම ගැලපෙන සේ ජීවන වියදම අඩුකළොත් තමා හොඳ. එතකොට විශ්‍රාමික මාණ්ඩලික නිලධාරීන්ට මොකක්ද වෙන තත්වය?