IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


යාපන කොටුවේ යුද හමුදාව කඳවුරු බඳිනවාට විරෝධය

රොමේෂ් මධුෂංඛ          

                                   
යාපනය කොටුවේ යුද හමුදා කඳවුරු ස්ථාපිත නොකරන ලෙසටත් යාපනය දිස්ත්‍රීක්කයෙන් යුද හමුදාව ඉවත්  විය යුතු බවත් පවසමින්  සමස්ත ලංකා දෙමළ කොංග්‍රස පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් විරෝධතාවක නිරත වූහ.


පසුගිය දිනයන් හි යාපනය දිස්ත්‍රීක්කයේ කඳවුරු ස්ථාපිත කර සිටින යුද හමුදාවට එම කඳවුරු ඉවත්කර ගන්නා ලෙසින් යාපනයේ දෙමළ දේශපාලන පක්ෂ කිහිපයක් විසින්ම විරෝධතා දැක්වීම නිසාවෙන් යාපනයේ ආරක්ෂක අංශ විසින් අදාළ කඳවුරු ඉවත්කර යාපනය කොටුවේ කඳවුරු ස්ථාපිත කිරීමට අවස්ථාව ලබාදෙන ලෙසට රජයෙන් ඉල්ලා ඇති අතර ඒ සඳහා මෙතෙක් රජයෙන් අවසරය ලැබී නොමැති අතරම පසුගිය දිනක උතුරු ආණ්ඩුකාර රෙජිනොල්ඩ්කුරේ මහතාද සඳහන් කර සිටියේ යාපනය කොටු යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බවයි.


නමුත් යාපනය කොටුව යුද හමුදාවට ලබා නොදිය යුතු බවටත් යුද හමුදාව යාපනය දිස්ත්‍රීක්කයෙන්ම ඉවත්විය යුතු බවටත් පවසමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් විසින් යාපනය කොටුව ඉදිරිපිටදී මෙසේ විරෝධතාවයක නිරතව ඇත.
 
            



අදහස් (21)

යාපන කොටුවේ යුද හමුදාව කඳවුරු බඳිනවාට විරෝධය

අග්‍රා Monday, 09 July 2018 06:46 AM

මේක මහ පුදුම විකාර කථාවක්නේ. රටේ ආරක්ෂාවට රටේ ඕනෑම තැනක හමුදා කදවුරු ස්ථාපිත කිරීමටත්, පවත්වාගෙන යෑමටත් හැකි විය යුතුයි. අනිත් දිස්ත්‍රික්ක වලිනුත් හමුදු කඳවුරු ඉවත් කරන්න කියලා උද්ඝෝෂණය කළොත් කඳවුරු ඉවත් කරනවද? නැහැනේ.., රටේ නීති දෙකක් ඇති කරන්න එපා..

:       2       743

RaveendraMonday, 09 July 2018 11:19 AM

අග්‍රා මයා වෙත, ඇත්තෙන්ම ඔබ ඉතාමත්ම නිවැරදිය. රටක ආරක්ෂක හමුදාවට එරටේ ඕනෑම තැනක කදවුරු බදින්න කිසිවකුගෙන් විශේෂ අවසර අනවශ්‍ය බවත් කෙටියන් පවසන්නනම් පුද්ගලික දේපලක උනත් ආරක්ෂක අවශ්‍යතාවයන් මත එසේ කිරීමට කිසිවකුගෙන් අවසර අනවශ්‍ය බවත් කිසිදු බාධාවක් කිරීමටවත් නොහැකි බව කිව යුතුය. කිසිදු පැත්තක් ගැන නොසිතා අවංකව සිතන්න සංහිදියාව මෙයද ? කාසියක දෙපැත්තක් ඇත, ඔන්චිල්ලාව එක් පැත්තකට පමණක් හැමවිටම තල්ලු කිරීම යුක්තිසහගතද ?

:       0       237

ලුම්බිණි Monday, 09 July 2018 06:57 AM

විරෝධතාවයක යෙදෙන්න කාටද බැරි? යාපනය කොටුව, යුද හමුදා කඳවුරට ගැලපෙන ස්ථානයක් බව පැහැදිලි දෙයක්. මෙතන හමුදාව උන්නේ අද ඊයේ නොවෙයි.

:       10       373

kalani Monday, 09 July 2018 07:03 AM

ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් බවත්, ශ්‍රී ලංකා හමුදාවට මව්බිමේ ඕනෑම ස්ථානයක කඳවුරු බැඳීමට අයිතියක් තිබෙන බවත් සමස්ථ ලංකා දෙමළ කොන්ග්‍රසය තේරුම් ගත යුතුය. යාපනය දිස්ත්‍රික්කයෙන් හමුදාව ඉවත් කළොත් එය පූර්වාදර්ශයට ගෙන අනෙකුත් දිස්ත්‍රික්කවල ජනතාවත් වීරුද්ධ වුවහොත් හමුදාව කඳවුරු බඳින්නේ කොතැනකද? දිගු කල සාමකාමී හස්තය සපා කන්න පෙළඹවීමක් විජයකලා කළා වගෙයි.

:       0       468

Hafeel Monday, 09 July 2018 07:06 AM

යාපන කොටුව තියන්නේ ලංකාවේ. ලංකා රජයේ හමුදා ලංකාව තුළ ඉන්නැතුව වෙන කොහේ ඉන්නද?

:       0       315

Darshana Monday, 09 July 2018 07:27 AM

මොන්ගල් ආණ්ඩු පවතින විට මෙවැනි දේ සිදුවේ..

:       541       557

shan saudi Monday, 09 July 2018 07:39 AM

රටක ආරක්ෂක අංශ සඳහා කඳවුරු ස්ථාපනය කරන ස්ථාන හා පවත්වා ගෙන යන යුද හමුදා කාණ්ඩයේ හෝ බලගණයේ ප්‍රමාණය තීරණය කරන්නේ පළාත් සභා හෝ ප්‍රාදේශීය සභා හෝ රටේ ඉන්න දේශපාලන පක්ෂ හෝ නැත්නම් පළාතේ ඉන්න සිවිල් වැසියන් නෙවේ. ඒ සඳහා අරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම බුද්ධි අංශ ප්‍රධානීන් පත්කර තිබෙනවා. ජන කොට්ඨාශය හා ජන ගණත්වය අනුව එය තීරණය කරනවා. තවද ආරක්ෂක අංශ ප්‍රධානී වන ජනපතිගේ අවසර මත රටේ ඕනෑම ස්ථානයක කඳවුරක් පිහිටුවීමේ බලය ඔවුන්ට තිබෙනවා. ඒ නිසා ඔය කෑගහන කිසිම කොටළුවෙක් තඹ සතේකටවත් මායිම් කිරීමට යුද හමුදාවට අවශ්‍ය නැහැ. ආරක්ෂක අංශ ප්‍රධානී වන ජනපතිගේ අවසරය ඇත්නම් ලබා ගන්න බිම කිසිම ජන කොට්ඨාශයකට උන් හිටි තැන් අහිමි නොවේ නම් වගා බිම් පාලු නොවේනම් ප්‍රධාන හා සෙසු මාර්ග පද්ධති අවහිර නොවේ නම් ඔවුන්ට ඒ සඳහා කිසිම බලපෑමක් කරන්න කිසිම බලයක් කිසිම ජන කොටසකට නැහැ. මේ සඳහා බලපෑම් කරන අයවලුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර දඬුවම් ලබා දෙන්න.. රට පාලනය කරන්නේ ජනතා බලවේග හෝ ඊනියා ඩයස්පෝරාවන් හෝ දේශපාලන හෙන්චයියන් නොවන බවද රටේ පාලන බලතල ඇත්තේ පවතින රජයට බවද සියලුදෙනා හොඳින් මතක තබා ගන්න.

:       0       727

AsankaMonday, 09 July 2018 10:21 AM

ප්‍රශ්නේ තියෙන්නේ අපේ රටේ ආරක්ෂක ප්‍රධානියා හිටපු ග්‍රමසේවක කෙනෙක් නේ.. එතුමා තවමත් එහෙමම හිතන් ඉන්නවා කියලයි මට පෙනෙන්නේ...

:       1       191

sarath Monday, 09 July 2018 08:22 AM

නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කපන්න තිබ්බහම වෙන්නේ මේවා තමයි.

:       0       124

KANDEPOLA Monday, 09 July 2018 08:33 AM

යුධ හමුදා කඳවුරු ඉවත් කරන්න කියන්නේ වෙන මොකටවත් නෙවෙයි. රට බෙදන ත්‍රස්වාදය යලිත් පන ගන්වා ගන්න. ඒකට ඉඩ දෙනවද නැද්ද කියලා රජයට කොන්දක් තියෙනවානම් රටේ ජනතාවට කෙලින් කියන්න ඕනේ. රටේ නීතිය එක එක්කෙනාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුව වෙනස්. ඡන්ද බලාගෙන රට පාවා දෙන එක දැන් සරල දෙයක් වෙලා. උගත් බුද්ධිමත් ජනතා නියෝජිතයින් පාර්ලිමේන්තු යවන්න ඕනේ කියලා සමහරු කියනවා. දැන් ඔය පාර්ලිමේන්තුවට යවලා ඉන්න උගත් බුද්ධිමත් අය තමයි රට කන වැඩ සේරම කරන්නේ. ජනතා නියෝජිතයින් උගත් උනාට වැඩක් නෑ. ඡන්ද දායකයා බුද්ධිමත් වුන දවසට ඔන්න යම් වෙනසක් මේ රටේ වෙයි.

:       5       117

nuwan Monday, 09 July 2018 08:59 AM

පව් කොටින්ට අපේ විරෝදාර හමුදාව දකිනකොට ඉන්න බැහැලු!

:       3       68

isurandi Monday, 09 July 2018 09:02 AM

මේ මිනිස්සු කවදා හැදෙයිද මන්දා...? කඳවුරු නොබඳින්න හැකියි මොවුන්ගේ යටිකූට්ටු අදහස් නැත්තම්...

:       0       61

බණ්ඩාර -කැකිරාව Monday, 09 July 2018 09:07 AM

"හිවලුන්ට බලය ලැබුනට - සිංහයින් වෙන්න බැහැ.." ඔවුන් හැසිරෙන්නේ හැමවිටම නිවට හිවලුන් ලෙසයි" අපේ සිංහල ජාතියත් හිවලුන්ගේ ග්‍රහණයට ලක්වෙලා. 2015 ලස්සනට තිබුණු රට දැන් අරාජිකයි..

:       434       497

Sugath Monday, 09 July 2018 09:35 AM

කෝ මේ සත්‍යපාල සහ පිටිගල උන්නැහේලාගේ ප්‍රතිචාර?

:       0       132

කසුන් Monday, 09 July 2018 11:51 AM

ආ... ඒ ගොල්ලෝ මේ වෙලාවේ අගමැතිතුමා එක්ක සිංගප්පූරුවේ ගිහිල්ලානේ !!

:       0       140

RuwanMonday, 09 July 2018 01:25 PM

ඊයේ පඩි හම්බවෙලා නැහැලු... එ්ක නිසා ප්‍රතිචාර දක්වන්න බැහැලු.

:       0       104

lalithsjm Monday, 09 July 2018 10:46 AM

අපේ පැත්තේ කට්ටියක් එකතු කරගෙන මමත් දියතලාවේ යුධ හමුදාව ඉවත් කරගන්න කියලා උද්ඝෝෂණයක් ඕන. ඒ ඉඩම්වල හොටෙල් හදල රැකියා ප්‍රශ්නය විසදන්න පුලුවන් ඉඩම් නැති අයට ඉඩම් ලබා දෙන්න පුලුවන් නේ. කොච්චර ඡන්ද ගොඩක් ලැබෙයිද ??

:       0       87

sujith Monday, 09 July 2018 11:11 AM

රටම ඉවරකරලයි මේ අය පස්ස බලන්නේ...

:       39       177

sujith Monday, 09 July 2018 11:11 AM

රටම ඉවරයක් කරලයි මේ අය පස්ස බලන්නේ .....

:       68       103

wishwa Monday, 09 July 2018 03:39 PM

ඉහත ප්‍රතිචාර දැක්වූ සියලු ඔබ දෙනාම නිවැරදියි. නමුත් මේවා ඇසෙන නායකයෙක් මේ රටේ ඉන්නවද?

:       0       13

rasika Monday, 09 July 2018 06:23 PM

අර හමුදාපති කිව්වා නේද සමගියට බාධා කරන අයට හමුදා කදවුරු වලට එන්න දෙන්න එපා කියලා. මම හිතන්නේ මේ උද්ගෝෂණ කරන අයට වෙන්න ඇති. මේක සුළු දෙයක් නෙමෙයි. මුළු යාපනෙන්ම අයින් වෙන්න කියලනේ කියන්නේ.. යුද්දයක් දිනලා , ත්‍රස්තවාදය පරාද කරපු හමුදාවකට මේ දේශපාලුවෝ කරපු වැඩේ. මේ රට කිසිදිනක යුද්දයකින් මුළුමනින්ම පරාජයවී හෝ යටත්වී නැත. නමුත්, හැමදාම ද්‍රෝහීන්ට අහුවෙලා පරාජය උනේ.. ඉංග්‍රීසින්ට කිසිදිනක අපව යුද්දයකින් පරාජය කල නොහැකි වුණා. නමුත් පාවා දෙන්නන් නිසා අපි යටත් වුනා. ඉතිහාසය මතක තියාගත යුත්තේ.. නැවත නැවතත් එකම වරද නොකර සිටින්නටයි.

:       0       30

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 11 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 300 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 408 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 941 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 864 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 704 3

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site