(නාඋල - ඉන්දික අරුණ කුමාර)
මොරගහකන්ද ජලාශයට යටවන නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මිල්ලගහමුල තැන්න - හයේ කනුව ප්‍රදේශයේ පවුල් දෙකකට අයත් හය දෙනෙක් පදිංචිය සඳහා ඉඩම් නොලැබීම හේතුවෙන් තමන් සිටින ස්ථානයෙන් ඉවත් නොවන බව පවසති.
ජලාශයට ජලය පිරිමත් සමග අඹන් ගඟේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් සිය නිවෙස් ආසන්නයටම අඹන්ගඟේ ජලය පිරි ඇති බව ඔවුහු පවසති.
එම පවුල් දෙක රැදී සිටින නිවාස දෙක ආසන්නයට අඹන්ගඟේ ජලය ලගාවෙමින් තිබෙනු මේ වනවිටත් දක්නට තිබේ.
ජලාශයට යටවන මිල්ලගහමුල තැන්න ප්‍රදේශයේ පදිංචි පී.ජි. අජිත් කුමාර සෙනවිරත්න මහතා (40) කියා සිටියේ ජලය නිවස ආසන්නයට පැමිණ ඇතැත් නිවසක් සදා ගැනීමට ඉඩමක් තමන්ට ලැබී නොමැති බවයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ සිය ප්‍රදේශයේ පිරිසක් පෙත්සමක් මහවැලියට යොමුකිරීම හේතුවෙන් තමන්ට ඉඩමක් අහිමිවූ බවයි.
මේ වන විට ප්‍රදේශයේ විදුලිය විසන්ධි කර ඇති බවත් ප්‍රදේශයට වන අලි පැමිණිය හැකි බවත් ඔහු වැඩිදුරටත් කීවේය.
මෙවැනි අවදානම් තත්ත්වයක් පවතින මොහොතක සිය අසරණ භාවය පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානයය යොමු විය යුතු බව ද හෙතෙම පවසයි.
නිවස ජලයෙන් යටවුවහොත් අඹන්ගඟට පැනිම හැර වෙනත් විසඳුමක් නොමැති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අඹන්ගඟ ආසන්නයේ පිහිටා ඇති මෙම නිවාස දෙකෙහි දැනට ඩී.එම්.රන්මැණිකා (85) ඩබ්ලිව්.අයි. ගයනි දීපසිකා(33) පී.ජි.ලලිත් බණ්ඩාර(45)පී.ජි.පමුජිකා විරාජි බණ්ඩාර(05) අන අය රැඳී සිටිති.
මෙම නිවාස දෙකෙහි ජීවිත්වන පිරිස පිළිබඳ සොයා බැලීම සඳහා පැමිණි නාඋල ජන අයිතීන් සුකීමේ සංවිධානයේ කැඳවුම්කරු හා ජනතා විමුක්ති පෙරමුණේ නාඋල සංවිධායක ආර්. ඒ . ඩී . ජයතිලක මහතා කියා සිටියේ ව්‍යාපෘතියේ ප්රතිලාභ වෙනත් පිරිසක් භුක්ති විදිද්දි ජලාශයට ඉඩම් දන්දුන් පිරිසක් අසරණ වී ඇති බවයි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ආර්.ඒ.ඩී. ජයතිලක මහතා මෙසේ ද කීය.
“ අද වෙනකොට මහවැලි ඇමතිතුමා වෙලා ඉන්නේ ජනාධිපතිතුමා. එතුමගේ බලාපොරොත්තු අද ඉටුවෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ ජනතාවගේ සුබ සිද්ධියට අපි නාඋල ජන අයිතීන් සුරැකීමේ සංවිධානය හදලා මේ ගැටළු වලට මැදිහත් වුනා.
මේ අඹන්ගඟ අද උතුරලා යනවා මේ ගෙට තව තියෙන්නේ මීටර් දහයක පමණ දුරක් විතරයි ජලය එන්න. මේ ගෙවල් දෙකේ පවුල්වල සාමාජිකයෝ හයක් ඉන්නවා මේ වෙනකම් බලධාරීන් මේ තත්ත්වය තුට්ටුවකට ගනන් අරන් නැහැ.
මේ ව්‍යාපෘතිය ජනතාවාදී ව්‍යාපෘතියක් බවට පත්කරන්න නම් ජනාධිපතිතුමා ඇතුළු බලධාරින්ට කරන්න තිබුනේ ජලාශය හදන්න ඉස්සරලා මේ ජනතාව අයින් කරලා ඉන්න.
මේ තියන වැසි තත්ත්වයත් එක්ක අඹන් ගඟේ ජලය ඉහල යනවා. ඒ කියන්නේ මේ ජනතාව අනතුරට ලක්වෙනවා ඒ වගකීම අදාල බලධාරින් අරගන්න ඕනේ ” යැයි ද ජයතිලක මහතා පැවසීය.
භූමියේ වටිනාකමට ලක්ෂ 60ක් දුන්නා ප්‍රදේශයේ පිරිස් හා සිවිල් සංවිධාන නගන මෙම චෝදනා සම්බන්ධයෙන් අපි මොරගහකන්ද වාරි ව්‍යාපෘතියෙන් විමසීමක් කළෙමු. එහි දී අදහස් දැක්වු එහි ප්‍රකාශකයෙකු කියා සිටියේ ඉවත්ව නොයන පවුල් දෙක පදිංචිවී සිටින භූමියේ වටිනාකමට රුපියල් ලක්ෂ 60ක වන්දි මුදලක් ගෙවා ඇති බවයි. ඊට අමතරව ඉඩම් ලබාදීම් සම්බන්ධයෙන් පැවති පරික්ෂණ කටයුතු සඳහා එම නිවෙස් වල පදිංචි පවුල් සහභාගී වී නොමැති බවයි. කෙසේ වෙතත් ව්‍යාපෘතිය හේතුවෙන් අවතැන් වන කිසිදු පුද්ගලයෙකුට අසාධාරණයක් කිරීමට රජයට අවශ්‍යතාවක් නොමැති බවත් තමන් විමසීම කරන අවස්ථාව වන විට ව්‍යාපෘති කාර්යාලයෙන් බැහැරව සිටින බවත් සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් සිය ව්‍යාපෘතියේ ඉහල නිලධාරීන් දැන්වත් කරන බව ද එම ප්‍රකාශකයා වැඩිදුරටත් කියා සිටියේය. |
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මොරගහකන්දේ ජලයෙන් වැසෙන පවුල් දෙකක් යන්න බෑ කියයි.
Nandalal DE SILVA - France Saturday, 09 December 2017 11:02 AM
මේ ගෙවල් හිමියන්ට ඉක්මන් සහනයක් නොලැබුනොත් ඔවුන් රට, ජාතිය වෙනුවෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා දිවිදුන් පිරිසක් හැටියට ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා ඇත. මේ ප්රශ්නය දේශපාලන ප්‍රයෝගයක් හැටියට අතට ගැනීමටත් පිරිසක් නැද්ද ?
Nandalal DE SILVA - France Saturday, 09 December 2017 11:02 AM
"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව ," කියා ලතවෙමින් සිටින මේ ගෙවල් හිමියන්ට ඉක්මන් සහනයක් නොලැබුණොත් ඔවුන් රට, ජාතිය වෙනුවෙන් මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා දිවිදුන් පිරිසක් හැටියට ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනවා ඇත. මේ ප්රශ්නය දේශපාලන ප්‍රයෝගයක් හැටියට අතට ගැනීමටත් පිරිසක් නැද්ද? මේ ප්රශ්නය මම අහන්නේ මේ පුවත නිසයි : භූමියේ වටිනාකමට ලක්ෂ 60ක් දුන්නා... කාටද දුන්නේ ? කවුද ගත්තේ ?
sahan Saturday, 09 December 2017 02:46 PM
අනිත් ඔක්කොටොම වන්දි දීලා, ඉඩම් දුන්නා නම් මේ පවුල් 2ට විතරක් මෙහෙම වෙන්න විදිහක් නැහැ. අපි නොදන්න කතාවක් මේකේ ඇති.
indikaSunday, 10 December 2017 10:30 AM
ඒක ඇත්ත. මෙතන වෙන කතාවක් ඇති. අනිත් සේරටම හම්බවෙලා මේගොල්ලන්ට නැතුව වෙන්න බැහැ. එහෙම නැත්තම් හරි කුහක මිනිස්සු ටිකක්.
Raveendra Saturday, 09 December 2017 03:01 PM
නන්දලාල් ද සිල්වා මයා වෙත, ඔබගේ අදහස් සමග අපද එක්වන්නෙමු. මේ ලක් මවගේ දූදරුවන් වන අපේම සහෝදරයින් බව ඔය කියන දේශපාලකයෝද, නිලධාරීන්ද හොඳින් දන්නා කරුණක් වුණත් දැන් නිදහසට කප්පරක් බොරු බේගල් ඇදබානු නියතයි. අනිත් සියලුම පිරිස් මෙම ප්‍රදේශයෙන් ඉවත් වන්නත් මේ අයපනක් සිටින්නේ මොකක් හෝ ලොකු අඩුපාඩුවක් ඇති බව ඕනෑම කෙනෙක් හට පැහැදිලි වෙනවා. නමුත් අපගේ බදු මුදල් වලින් වැටුප් ලබන දේශපාලකයන් හා නිලධාරීන් හට එය නොතේරීම ඔවුන්ගේ ප්‍රදේශවල පිහිට තිබීම විය හැකිය.
kumar (Gulf) Sunday, 10 December 2017 09:11 AM
ගෙවල් වතුපිටි වල මිල නියම කරන්න එන නිලධාරීන්ට හා නව නිවාස ඉඩම් ලබා දෙන නිලධාරීන්ට දෙන පගාවේ තරමට තමා ගොවීන්ට ඉඩම් හා පහසුකම් ලැබෙන්නේ, ගිරාඳුරු කෝට්ටේ දී මට හමුවෙලා තිබෙනවා මේ වගේ අසාධාරණ වෙච්ච ගොවීන් සිය ගානක්,මාලිගාවගේ ගෙවල්වල හිටපු මිනිස්සු කුඩා පැල් වල ඉන්නවා, නිලධාරීන්ට පාගා දෙන්න බැරිඋන නිසා, ඒ මිනිස්සු තමන්ගේ හිටපු ගෙවල් වල පින්තුර පෙන්නාලා සුසුම් ලනවා. මහවැලිය කියන්නේ මාෆියාවක්.