(ලක්ෂ්මී ජයකොඩි)
මුලතිව් , කුරුන්තූර්මලෙයි, ප්‍රදේශයේ පිහිටි ෂිවන් අයියනාර් කෝවිල පිහිටි බව කියන ස්ථානය පුරාවිද්‍යා කැනීම් සිදු කරන බව පවසමින් සිය ජනතාව ජීවත් වන එම ප්‍රදේශය සැලසුම් සහගතව රජය විසින් අත්පත් කර ගනිමින් සිටින බවට දෙමළ ජාතික මහජන පෙරමුණේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා චෝදනා කළේය.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ එම ස්ථානය නිරීක්ෂණය කිරිමට ගිය අවස්ථාවේදීය.
හෙතෙම පැවසුවේ පුරාවිද්‍යා කැනීම් සිදු කළ යුත්තේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු නිළධාරීන් පමණක් බවත් එසේ තිබියදි එවැනි කටයුතු සඳහා හමුදාව යොදවා ගන්නේ කවර හේතුවක් නිසාදැයිද යන්න දෙමළ මහජන නියෝජීතයින් වන ඔවුන්ට විශාල ගැටලුවක් බවත්ය.
එම නිරීක්ෂණ චාරිකාවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවරාසා ගජේන්ද්‍රකුමාර් මහතා පැවසුවේ කුරුන්තූර් මලෙයි ප්‍රදේශය අවට ගම්මාන වල දෙමළ ජනතාව පාරම්පරිකව ජීවත් වන බවත් වර්තමානයේදි පුරාවිද්‍යා කැනීම් යැයි පවසමින් එම ප්‍රදේශය සම්පුර්ණයෙන්ම සිංහල ජනපදකරණයට ලක් කීරීමේ වෑයමක් පවතින බවත්ය.
එමෙන්ම ඉතා වටිනා කැළෑ ගස් රාශියක් කපා දමා ඇති බවට චෝදනා කළ මන්ත්‍රීවරයා මෙම ස්ථානය කවර ස්ථානයක්ද යන්න තීරණය කළ යුත්තේ පුරාවිද්‍යා කැනීම් අවසන් කිරිමෙන් පසුව බවද එහෙත් එයට පෙර මෙම කැළෑ ප්‍රදේශය විනාශ කර ගොඩනැගිලි ඉදි කිරීම කිසිසෙත් පිළිගත නොහැකි බවටද චෝදනා කර සිටියේය.
මහජන නියෝජීතයින් වන තමන්ට මෙන්ම තමන් සමඟ පැමිණි මාධ්‍යවේදීන්ට මෙම ස්ථානයට පැමිණිමට ආරක්ෂක අංශ විසින් බාධා කිරීම මගින් මෙම ස්ථානයේ රහසිගත ක්‍රියාවක් සිදු වන්නේද යන්න පිළිබඳ සැකයක් පවතින බව පැවසු ඒ මහතා ප්‍රදේශයේ හින්දු බැතිමතුන් දීර්ඝ කාලයක් තිස්සේ වන්දනාමාන කළ දෙමළ ජනතාවගේ ඓතිහාසික උරුමයන් මෙයාකාරයෙන් විනාශ කර දැමීම හෙළා දකින බවද වැඩිදුරටත් පැවසීය.
කෙසේ වෙතත් මෙම පිරිසට ආරක්ෂක අංශ දන්වා සිටියේ නිසි අවසරයක් නොමැතිව රක්ෂිතය තුළට යාමට අවසර ලබාදිය නොහැකි බවයි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සේලවම් අඩෙක්කලනාදන් මහතා ඇතුළු තවත් ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසක් සහභාගි වී සිටියහ.
කෙසේ වෙතත් අද (19) දිනයේ දි ජාතික උරුම ප්‍රසංග කලා ශීල්පි ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම ස්ථානයේ පුරාවිද්‍යා කැනීම් ආගමික වතාවත් සිදු කිරීමෙන් පසුව ආරම්භ කෙරුණි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මුලතිව් පුරාවිද්‍යා කැණීමකට දෙමළ මහජන පෙරමුණේ විරෝධය
Senarath Tuesday, 19 January 2021 08:47 AM
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පුරාවිද්‍යා වටිනාකමක් ඇති ස්ථානයක කැණීම් කරන්න දෙමළ ජාතික සංවිධානයෙන් අවසර ගන්න ඕනෙද? එහෙම නැතිනම් දැනට තියෙන කෝවිලට කළින් එහි තිබුණු බුදුපිළිම හමුවේවි කියලා බයයිද?
RaveendraTuesday, 19 January 2021 10:57 AM
සහතික ඇත්ත. පුරා විද්‍යා වටිනාකම් ඇති භූමි ප්‍රදේශ කැණීම් කටයුතු කිරීමට කාගෙන්වත් අවසර ගැනීමට කිසිසේත්ම අවශ්‍ය නැත.
ruwan Tuesday, 19 January 2021 09:16 AM
අනේ මන්දා අවුරුදු ගාණක් පාරම්පරිකව ජීවත් වූ මිනිසුන් මේ පුරාවිද්‍යාව දැකලා නැති හැටි... දැනුයි පුරාවිද්‍යාව නින්දෙන් නැගිටලා හොයන්නේ කැලෑ කප කපා..
BamunuarachchiWednesday, 20 January 2021 05:58 AM
ඉතින් මොකක්ද ඔබට තිබෙන ප්රශ්නය...? අපිට නම් අපේ ඉතිහාසය අපේ උරුම මතුකිරීම අපිට වටිනවා. එක වෙන පිටස්තරයෙකුට වටින්නේ නැහැ. ඔබ නමින් පමණද සිංහල..?
Prabha Tuesday, 19 January 2021 11:38 AM
සර් පත්තර බලන්නේ නැද්ද අපේ සිරිසේන මහත්තයා වගේ... ?
ruwanWednesday, 20 January 2021 04:01 AM
මම හිතන්නේ ගෝඨාභය මහත්තයා හෙට පත්තරේ වැටෙන්නේ මොකක්ද කියලා අද දන්නවා... ඒ නිසා බලන්නේ නැතිව ඇති..
වීරවිජේ Wednesday, 20 January 2021 06:59 AM
සෙල්වරාසා, එහෙනම් මෙහෙ පදිංචි වූ දෙමල්ලු ටික ඉන්දියාවටවත් යවන්නකෝ...