(විනිතා එම් ගමගේ)
 

ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප‍්‍රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න යැයි  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේය. 

 
මහජන එක්සත් පෙරමුණේ 22වැනි  සම්මේලනයේ දී ‘‘අපි පතන අනාගතයකට අලූත් ආණ්ඩුවකට අලූත් වැඩ පිළිවෙළක් ’’ යන තේමාව යටතේ ඉදිරිපත් කර ඇති යෝජනාව ඒ ආකාරයෙන්ම සිදුවිය යුතුයි තමන් ස්ථිර කරන  බවත්  එයට සහයෝගය දෙන අතර එකඟතාව ප‍්‍රකාශ කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.
 
 එක්සත් ජාතික පක්ෂය මෙහෙයවන්නේ රනිල් වික‍්‍රමසිංහ නොවන බවත් එම තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද යන්නට පිළිතුරු වශයෙන්  පුළුල් ජාතික සන්ධානයක් අවශ්‍ය වන බව ද සිරිසේන මහතා කියා සිටියේය.
 
 මේ සමුළුවේ දී කථා කරන අන්දමින්ම අලූත් ජාතික සන්ධානයක් සේ අලූත් බලවේගයක් සේ ඊළඟ මැතිවරණයට මුහුණ දිය යුතු බවත් ඒ සන්ධානය නොහදා  ජනතා බලවේගය දිනන්න පුළුවන් වේවි යැයි තමන් නොසිතන බවත් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේය.
 
 ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ 7 ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි නව නගර ශාලාවේ දී අද  (17) මුළු දුන් මහජන එක්සත් පෙරමුණේ 22 වන ජාතික මහා සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් කළ කතාවේ දීය.

 (ඡායාරූප - චතුර එස් කොඩිකාර )