( සිතුම් චතුරංග)
           

කිලිනොච්චිය, පරන්තන් මුරුණ්ගවේණි හි වෙල්යායක තිබී  මියගිය  විසි හැවිරිදි තරුණියකගේ  සිරුරක්  අද (29) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය කියයි.
           

මසුන් ඇල්ලීමට ගිය පිරිසක් කුඹුරු යායේ ඇලක තිබු  මියගිය තරුණියකගේ  සිරුරක් දැක පොලිසියට දැනුම් දී තිබේ.
           

අදාල තරුණිය වෙනත් ස්ථානයක ඝාතනය කිරීමෙන් අනතුරුව වෙල්යායේ ඇළ මාර්ගයට දමා   ඇතැයි  විශ්වාස කරන බව පොලීසිය පවසයි.
           

මෙලෙස මියගොස් ඇත්තේ කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණයවී නොමැති අතර එම තරුණිය වෙනත් ප‍්‍රදේශයක පදිංචිකාරියක විය හැකි බව පොලිසිය සැක පල කරයි.
 

ඝාතනය වන අවස්ථාවේ ඇගේ පා සළඹ, නිවසේ බවට සැකකෙරෙන යතුරු කැරැල්ල හා තවත් භාණ්ඩ රැසක් වෙල්යාය අවට ප‍්‍රදේශයේ තිබී හමුවූ බව ද පොලිසිය කියයි.
            

ඡායාරූප - රෝමේෂ් මධුෂංක