(තිලිණි ද සිල්වා)

පළාත් පාලන මැතිවරණයේදී ප්‍රතිඵල අනුව එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල ඇමතිවරුන් හා දේශපාලනඥයින් රුසකගේ ඡන්ද කොට්ඨාස වල පලාත් පාලන ආයතනවල බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවී ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුහාසකවරියක හා හිටපු ජනාධිපතිනී අත්තනගල්ල   ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායිකා චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ඡන්ද කොට්ඨාසයේ පිහිටි අත්තනගල්ල ප්‍රාදේශිය සභාවේ බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිවීම කැපී පෙනෙන සිද්ධියකි.

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස වලින් පරාජයට පත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් මෙසේය.

එම පක්ෂයේ මහලේකම් සහ ඇමති දුමින්ද දිසානායක ‐ කලාවැව 
ඇමති මහින්ද අමරවීර ‐  තංගල්ල 
ඇමති සුසිල් ප්‍රේම්ජන්ත් ‐කඩුවෙල 
ඇමති එස්.බී.දිසානායක පහතහේවාහැට ආසනයෙන්ද , 
ඇමති ඩබ්ලිව්.ජේ.සෙනෙවිරත්න ‐ රත්නපුර 
ඇමති දයාසිරි ජයසේකර ‐ පඬුවස්නුවර , 
ඇමති අනුර ප්‍රියදර්ශන යාපා  ‐ කටුගම්පොළ
ඇමති මහින්ද සමරසිංහ ‐ පානදුර 
ඇමති විජිත් විජයමුනි ‐ බිබිල
රාජ්‍ය ඇමති ලක්ෂ්මන් යාපා අබේවර්ධන ‐ හක්මන
රාජ්‍ය ඇමති ඩිලාන් පෙරේරා ‐  හාලි ඇළ

මීට අමතරව පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස වලින් පරාජයට පත් වූ ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් මෙසේය.

ඇමති මංගල සමරවීර ‐ මාතර 
ඇමති සාගල රත්නායක ‐දෙනියාය 
ඇමති ගයන්ත කරුණාතිලක බෙන්තර
ඇමති සජිත් ප්‍රේමදාස ‐ තිස්සමහාරාමය 
ඇමති සරත් ෆොන්සේකා ‐ කැළණිය
ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල ‐ සෙන්කඩගල 
ඇමති රාජිත සේනාරත්න ‐ බේරුවල 
ඇමති පී.හැරිසන් ‐ අනුරාධපුර බටහිර
ඇමතිනී තලතා අතුකෝරළ ‐ නිවිතිගල 

රාජ්‍ය ඇමති ඉරාන් වික්‍රමරත්න ‐ මොරටුව
රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා 
රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ
රාජ්‍ය ඇමති රුවන් විජයවර්ධන ‐ බියගම