IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මතක් වෙයි

 ( කේ බුද්ධික කුමාරසිරි )

‘‘ඔය අනතුර වෙන්න පැයකට විතර කලියෙන් පුංචි මට කෝල් කරා.එතකොට රෑ 11 විතර ඇති. පුංචි ඇහුවා අම්මා ඉන්නවාද කියලා මම කිව්වා අම්මලා නිදි කියලා. පස්සේ ගෙදර කට්ටිය සනීපෙන්ද අහලා පස්සේ කථා කරන්නම් කියලා දුරකථනය විසන්ධි කළා.රේණුකා පුංචි ටොරොන්ටෝ වල පාසලක දරුවන්ට නොමිලයේ සිංහල උගන්වන්න ගිහිල්ලා නැවත එන ගමනේදී තමා ඔය අනතුර වෙලා තියෙන්නේ ’’

කැනඩාවේ ටොරොන්ටෝ නගරයේදී පදිකයින් අතරට වෑන් රථයක් ධාවනය කිරීමෙන් මිය ගිය දස දෙනා අතර සිටි ලාංකික කාන්තාවකගේ ඥාති පුතෙකු වන සෙව්මල් ලක්ෂාන් ජයතිලක මහතා පැවසීය.

මෙසේ මිය ගොස් තිබුණේ හොරණ කිදෙල්පිටිය කරව්හේන ප‍්‍රදේශයේ පදිංචිව සිටි කැනඩාවේ පුරවැසිභාවය හිමි කාන්තාවක වන බි‍්‍රයටි‍්‍රස් රේණුකා අමරසිංහ නමැති 46 හැවිරිදි එක්දරු මවකි. සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලක බාල සහෝදරිය ලෙස ලෙස ඇය උපත ලබා තිබුණාය.

වැඩි දුරටත් ඒ පිළිබඳව අදහස් දැක් වූ සෙව්මල් ලක්ෂාන් ජයතිලක මහතා

 ‘‘ පුංචි මේ පාර ලංකාවට ඇවිත් ගියාට පස්සේ දෙවෙනි පාරට තමා ඔය කෝල් එක ගත්තේ මට කිව්වා එයා ඒ රටේ ළමයින්ට නොමිලේ සිංහල උගන්වන්න ගිය පලවෙනි දවස අදයි කියලා. ඒ ළමයින්ට උගන්වලා එන ගමනේදී තමා මේ අනතුර වෙලා තියෙන්නේ ’’

සිය නැගනියගේ හදිසි මරණය පිලිබදව අදහස් දැක් වූ බි‍්‍රයටි‍්‍රස් රේණුකා අමරසිංහගේ සහෝදරයා වන හොරණ කිදෙල්පිටිය පදිංචි හේමන්ත අමරසිංහ මහතා මෙසේ පැවසීය 

‘‘ මිය ගිය නංගී මුලින්ම මාත් එක්ක කුවේට් රෙටි රැකියාවට ගියේ වර්ෂ 1994 දී විතර එතැන අවුරුදු කිහිපයක් කරලා නංගී 2001 දී අපි වැඩ කරපු තැන හිමිකරුගේ  පුතා පදිංචිව හිටපු කැනඩාවේ ගෙදර රැකියාවට ගියා එහිදී නංගී කළුතර ප‍්‍රදේශයේම පදිංචි පුද්ගලයෙක් සමඟ විවාහ වෙලා තිබුණා. එම විවාහයෙන් නංගීට ලැබුණු  පුතා දැන් ස්කෝලේ යනවා නංගී මුලින් හිටියේ ෆැන්ක්පර්ට් වල පස්සේ තමා ටොරොන්ටෝ වලට ගියේ පෙරේදා (24) සවස මට නංගීගෙ යාළුවෙක් කතා කරලා කිව්වා ටොරොන්ටෝවල ඇක්සිඩන්ට් එකකින් නංගී මිය ගිහින් කියලා. පස්සේ මම ටොරොන්ටෝවල ඉන්න නංගීගේ යාළුවන්ටත් අපේ බොස්ටත් කතා කලා එයාලා කිව්වේ නංගීගේ අවසන් කටයුතු ඒ රටේදීම කරමු කියලයි’

මිය ගිය කාන්තාවගේ සහෝදරියක වන හොරණ කුඹුක පන්සල පාරේ පදිංචි පුෂ්පකාන්ති අමරසිංහ මහත්මිය සිය නැගණියගේ හදිසි වියෝව පිලිබදව මෙලෙස අප හා අදහස් දැක් වීය -   ‘‘

‘ නංගී දැන් අවුරුදු 17 ක් ට වැඩි කාළයක් කැනඩාවේ පදිංචි වෙලා ඉන්නේ. අවුරුදු තුනකට විතර පස්සේ පසු ගිය අපි‍්‍රයෙල් 02 දා එයා දරුවත් එක්ක ලංකාවට ආවා. ඇවිත් අම්මාවත් බලලා එයාගේ කකුලේ තිබුණ පුංචි අසනීපයකටත් බෙහෙත් අර ගත්තා ඒයා හිටපු සති තුනක විතර කාළය හුගක් සතුටින් අපිත් එක්ක හිටියා. නංගී විවාහ වෙලා හිටපු කෙනා පුතාව ඉපදිලා කෙටි කාළයකින්ම නංගීගෙන් වෙන් වුනා ඒ නිසා එයාගේ පුතාව හුගක් ඉක්මනටම ආරක්ෂාකාරී තැනකට යොමු කරන්න කටයුතු කරනවා කියලයි හිටියේ. නංගී අපි‍්‍රයෙල් 17 වෙනිදා ලංකාවෙන් ගියා එහෙ ගිහින් එක දවසක් මට කතා කළා.’’ 

‘‘ නංගීට ලංකාවේ පුරවැසිභාවය නැහැ දැනට අවුරුදු 12 ක විතර ඉදලා එයා කැනේටියානු පුරවැසිභාවය ලබා ගෙන තියෙන්නේ ලබන අවුරුද්දේ ද්විත්ව පුරවැසිභාවයට ඉල්ලූම්කරනවා කියලා මේ පාර ආපු වෙලාවේ කිව්වා. කොහොම උනත් එයාගේ අවසන් කටයුතු කැනඩාවේදීම කරන්න එයාගේ යාළුවෝ සුදානම් වෙනවා කියලා අපිට දැනුම් දීලා තියෙනවා’‘ යැයි ද පැවසුවායමිය ගිය කාන්තාව පදිංචිව සිටි කැනඩාවේ ටොරොන්ටෝ හි බෞද්ධ විහාරස්තානයේ විහාරාධීපති අහංගම රතනසිරි හිමියන්  මේ පිලිබදව අදහස් දක්වමින් මෙසේ පැවසූහ. 

මිය ගොස් ඇති රේනුකා අමරසිංහ වසර 15 ක පමණ කාළයක සිට අප විහාරස්ථානයේ දායිකාවක් ඇය අප විහාරස්ථානයට නිතර පැමිණෙනවා ඇය ඉතා ධෛර්යවන්ත කාන්තාවක් දරුවා කුඩා සමයේදීම ස්වාමි පුරුෂයා අතහැර ගොස් තිබුණත් ධෛර්යන් යුතුව දරුවාත් බලා ගෙන රැකියාවක නිරත වුණා. ඒ වගේම ඇය කැනේඩියානු පුරුවැසියෙක් ඒ නිසා අවසන් කටයුතු මෙරට දීම සිදු කිරීමට දායකසභාව සමග සාකච්ඡා සිදු කරනවා.

 අපට පුළුවන් හැටියකින් ඇගේ අවසන් කටයුතු සිදු කිරීමටයි අපගේ බලා පොරොත්තුව නමතුත් එම අනතුරින් මිය ගිය අයගේ දේහයන් තවමත් බාර දී නැහැ ’’

 

ඇයගේ සහෝදරයා සමඟ

 



අදහස් (1)

මාරයා එන්න හෝරාවකට කලින් රේණුකාට ගෙදර මතක් වෙයි

අසරනයා Thursday, 26 April 2018 12:22 AM

හරිම කනගාටුයි .ඔබට නිවන් සුව අත් වේවා

:       124       132

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විජේදාසට-සාරථිට වාරණ නියෝගයක්
2024 අප්‍රේල් මස 24 93 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 341 1

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 829 1

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 209 1

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


රුසියා - යුක්රේන හමුදාවට යවන ජාවාරමක් ගැන පරීක්ෂණ
2024 අප්‍රේල් මස 24 359 0

ජාවාරම්කරුවන් පිරිසක් විශ්‍රාමික හමුදා නිලධාරීන් පිරිසක් රුසියාවට යුක්රේනයට යවා හමුදා සේවයට බඳවාගෙන ඇති බවට ලැබී ඇති තොරතුරක් සම්බන්ධයෙන් පොලිසිය


උමා ඔය ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 1703 2

මහවැලි ව්‍යාපාරයෙන් පසුව මෙරට ක්‍රියාත්මක දැවැන්තම වාරි ව්‍යාපෘතියක් ලෙස ලක් ඉතිහාසයට එක් වෙමින් උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ඉරාන - ශ්‍රී ලං


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 293 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1660 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1522 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site