IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මාරක ළිඳේ සිටි සිවුදෙනෙක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ වගවත්ත මහජන ක්‍රීඩාංගණයේ පැවැති සැනකෙලියක මාරක ළිඳ දර්ශනයකදී එහි පැදිකරු වේගය වැඩිකිරීමට යාමේදී බයිසිකලය ලිස්සා ගොස් අසල සිටි ළමයින් තිදෙනකුගේ ඇඟේ වැදී තුවාල ලබා රෝහල් ගත කරනු ලැබ ඇතැයි පොලිසිය පවසයි.

යතුරපැදියේ හැඬලය මාරක ළිඳේ කොටසක වැදී අනතුරුව ගැහැණු ළමයකුගේ බඩේ වැදී ඇති අතර ඒ සමග එහි සිටි ළමයින් දෙදෙනකු ද සමග ඇය එළියට විසිවී ඇති අතර යතුරුපැදිකරු ද තුවාල ලබා ඇත.



අදහස් (18)

මාරක ළිඳේ සිටි සිවුදෙනෙක් රෝහලට

shameer Monday, 18 September 2017 08:51 AM

මාරක ලිදේ බයික් පදින්නන්නෙට විතරක් නෙවෙයි.... බලන්ඩ යන අයටත්..හොඳ පාඩම් මේවා...

:       1195       101

පිටිගල මිලානෝ Monday, 18 September 2017 08:59 AM

මෙය තහනම් කල යුතු ක්‍රියාවක්. මේවගේ දේවල්ලං සිදුවන්නේ ලංකාව තවම ගල්යුගයේ ඉන්න නිසා..

:       2346       310

Asoka Monday, 18 September 2017 09:44 AM

මේවා මොන වැඩද ? ලංකාවේ ප්‍රයිවෙට් බස් එකක යන මගියා ඔයිට වැඩිය අවදානම් ගමනක්නේ යන්නේ

:       0       214

abaran Monday, 18 September 2017 09:52 AM

ගල් යුගයේ කොහෙන්ද මල්ලි බයිසිකල්....

:       11       277

Sathyapala Monday, 18 September 2017 10:02 AM

පිටිගල මිලානොල රට ඉන්න නිසා ලංකාවේ සිදුවෙන හැමදේම අවඥාවෙන් බැලීම පහත් ක්‍රියාවක්. මතක තියාගන්න උනහපුලුවට උගේ පැටියා මැණිකක්. ලංකාවේ මිනිස්සු කිසිම සතුටක් නොවිද ජීවත්වෙලා මැරිලා යන්නද කියන්නේ ? ඒ මිනිස්සු ලද දෙයින් සතුටු වෙනවා. ඔබ ඔය බටහිර උන්මාදයෙන් කුල්මත්වෙලා.

:       14       684

පිටිගල මිලානෝ Monday, 18 September 2017 12:06 PM

මෙසේ කෙනෙක්ගේ ජීවිතය අනාරක්ෂිතව හසුරවන්න දීලා විනෝද වීම හරියට රෝම අධිරාජ්‍යයා ව්‍යාග්‍රයින් සමග පුෂ්ටිමත් හිරකාරයින් සටනට දාලා කොලොසියමට වෙලා වයින් බොමින් විනෝද වුනා වගේ ම්ලේච්ච වැඩක්. මේ රටවල මේ වගේ සෙල්ලම් බැහැ.

:       294       14

perakumMonday, 18 September 2017 02:30 PM

පිටිගල මිලානෝ එක්ක මම සියයට සියයක් එකඟයි. අපේ අය තවම හිතන්නේ ළිං මැඩියෝ වගේ...!

:       75       90

husen-riyad Monday, 18 September 2017 11:07 AM

සුද්දෝ නම් ගල් යුගයේ ක්‍රීඩා අගය කරමිනුයි කරන්නේ. පිටිගල මිලානෝට, අපි කළු නිසා අල්ලන්නේ නැහැ වගේ. සමාජ විරෝධී වැඩවල යෙදෙන්නේ නැතුව, ස්වෝත්සාහයෙන් හරි හම්බ කරන ඔය උදවියට ගරහන්නෙපා. ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කියලා අහලා නැද්ද..?

:       1       140

wasantha Monday, 18 September 2017 11:10 AM

ලංකාවට මීට වඩා නවීන ක්‍රීඩා සහ විනෝදාත්මක අත්දැකීම් ලබා දිය යුතුයි. මෙවැනි ක්‍රීඩා අනාරක්ෂිතයි. රක්ෂණයක් අනිවාර්ය කල යුතු වෙනවා.

:       3       61

l.gunawardena Monday, 18 September 2017 11:23 AM

කොහොම හරි ජීවිත ටික බේරුණා. ඒක තමයි මම නම් කියන්නේ...

:       0       39

jantha anura Monday, 18 September 2017 12:56 PM

බයිසිකල් පදින්නේ බඩෙන්ද? කෘෂිකාර්මික වගාවකට යොමු වුණා නම් කොන්දත් බේරාගෙන හොඳ අාදායමක් ගන්න පුළුවන්... ත්‍රී වීල් කරුවන්ටත් මෙය අදාලයි.

:       9       3

Roshan Monday, 18 September 2017 12:57 PM

පිටිගල මිලානෝගේ බුද්ධිය සෑහෙන හොඳයි කියලා පේනවා. පිටිගල මිලානෝ වගේ ගල් යුගයේ පුද්ගලයෝ තමයි මාරක ළිඳ ලංකාවේ විතරක් තියෙන්නේ කියල හිතන්නේ. ඕක ලෝකේ ගොඩක් රටවල තියෙනවා.

:       1       93

පිටිගල මිලානෝ Monday, 18 September 2017 02:11 PM

මීට වඩා අන්තරාකාරී සෙල්ලම් මේ දියුණු රටවල සිදුවනවා. නමුත් ඒවා සිදුකරන්නේ ඉතාමත්ම ආරක්ෂාකාරී වැඩපිළිවෙලවල් අනුගමනය කරමින්ය. මේ ආරක්ෂාකාරී වැඩපිළිවෙලවල් වල ප්‍රමිතිය රජයන් මැදිහත්ව සම්පාදනය කරනවා.

:       104       44

PerakumMonday, 18 September 2017 04:18 PM

ඔව් මිලානෝ, වෙන දියුණු රටවල මේ වගේ අඩමාන අට්ටාලවල ඕව කරන්නව, බලන්නවත් නීතියෙන් ඉඩ තියන්නේ නෑ.

:       0       18

ගාමීනි Monday, 18 September 2017 02:28 PM

මේකේ සද්දයට කනට හානි වෙනවා. ඒක බරපතල අනතුරක්.

:       0       4

Chanak Los angeles Monday, 18 September 2017 05:24 PM

ලෝකය ඉදිරියට තල්ලු වී යාමට මෙවැනි අවදානම් ක්‍රියාවනුත් අත්‍යවශ්‍ය වෙනවා. නමුත් නිසි පරිදි සිදුවීම වැදගත්. ලෝකයේ ඉතා නවීන පන්නයේ රෝලර් කෝස්ටර් පවා අනතුරට පත්වූ අවස්ථා එමටයි. අපේ රටේ ඉතා අඩු තාක්ෂණයක් යටතේ වුවද අපේ කොල්ලන් කරන මෙවන් වික්‍රමයන් අඩු තක්සේරුවට නොගන්න ..

:       2       23

nimal Monday, 18 September 2017 11:52 PM

පිටිගල මිලානෝ එකකොට ස්පාඤ්ඤයේ හරක් පොර ඇමරිකාවේ රෙස්ලින් ශීලාචාර ක්‍රීඩා ද?

:       0       10

ලෙස්ලි හර්බට් විජේසිංහ Tuesday, 19 September 2017 02:32 AM

මේක නම් මාරක ළිදක් තමයි බලන්නකෝ පින්තුරේ ලැලි කැඩුණු ඒවා පවා ගහලා හිස්තැන් ගොඩක් තියනව උඩ එක ලෑල්ලක් එක් පැත්තකින් එලියට පැනල වගේ අනතුරකට බලෙන්ම අත වනනවා ප්‍රමිතිය ආරක්ෂිත භාවය අතින් අන්තිමයි බලධාරින් මේ ගැන බැලිය යුතුයි

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 892 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 172 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1058 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1096 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1388 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1234 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site