( තිලකරත්න දිසානායක)
සුවසැරිය සේවක සංගමයේ සභාපති , උප සභාපති සහ උප ලේකම් යන තිදෙනාගේ සේවය අත්හිටුවා ඇති බව එම සංගමය පවසයි.
සුවසැරිය-" 1990 - " ගිලන්රථ සේවක , සේවිකාවන්ට පවතින අඩුපාඩු සම්බන්ධයෙන් අදාල අංශයන්හි අවධානය පිණිස මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම හේතුවෙන් මෙම අත්හිටුවීම කැ ඇතැයි දැනගනනට ඇත.
එම ගිලන්රථ සේවාවෙහි දිවයින පුරා නිරතව සිටින 1364 ක් පමණ වන සේවක , සේවිකාවන්ට ගිලන්රථ සේවාව පවත්වාගෙන යාම පිනිස රැදී සිටීමට සිදුව ඇති පොලිස්ථාන ඇතුලු ස්ථානයන්හි කිසිදු පහසුකමක් නොමැතිවීම , වැසිකිළි සෞඛ්යාරක්ෂිත පහසුකම් පවා නොමැතිවීම ඇතුලු පවතින ප්‍රශ්ණ ගැටළු සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදින මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම මත සංගමයෙහි නිලධාරීන් තිදෙනෙකුගේ සේවය මෙලෙස අත්හිටුවා ඇති බව එම සංගමයේ සභාපතිනී මයුමී ප්‍රියංගිකා වීරසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
මෙම තිදෙනාගේ සේවය අත්හිටුවීමට අදාලව, 1990 - සුවසැරිය සේවාවේ මානව සම්පත් කළමණාකාරවරයාගේ අත්සනින් යුත් ලිපිය ප්‍රධාන මෙහෙයුම් නිලධාරී විසින් ඊයේ (25) රාත්‍රී 8 ට පමණ ලබාදීම සිදු කළ බව සංගමයේ සභාපතිනිය සදහන් කළාය.
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවාට තිදෙනකුගේ වැඩ තහනම්
fairoos Thursday, 26 November 2020 12:34 PM
අනේ පව් අහිංසකයෝ ටිකක්...
අබේ Thursday, 26 November 2020 03:27 PM
මෙහෙම ගොන් තීරණ ගත හොත් යහපලකයන්ට සිදු වූ දෙයම මෙම රජයටද නුදුරේදීම සිදු වනු ඇත .. සිදු විය යුත්තේ කට වැසීම නොව ගැටළු හඳුනාගෙන විසඳම් සැපයීමයි.
සිදත් Friday, 27 November 2020 12:12 AM
වැරදි අඩුපාඩු ගැන කතා කරද්දී පාලකයින්ට තරහ යන්නේ ඇයි? පුලුවන් නම් මේ වටිනා සේවයත් විනාශ කරලා දාපල්ලා. කොහොමත් ඒ කාලේ ඉඳන්ම රාජපක්ෂලා සහ වහල්ලු සුවසැරියට විරුද්ධයිනේ....
ajith karunaratna Friday, 27 November 2020 03:18 AM
මෙම සේවකයින්ගේ ප්‍රකාශය 100%ක් නිවැරැදියි. මොවුන්ගේ වැඩ තහනම් කිරීම පසෙක තබා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න. නිලධාරීන් කරන මෝඩ වැඩ නිසා රජය අපහසුවට පත්වෙනවා.
Silva Friday, 27 November 2020 06:42 AM
මේක වෙන්නේ රජයේ කුමන්ත්රණයකින් වෙන්න ඕනෑ. 1990 සුව සැරිය ජනතාව අතර හරි ජනප්‍රියයි. ඒ වගේම ජනතාව පහුගිය රජයට ප්‍රසිද්ධියේම ස්තූති කරනවා,.. ප්‍රශංසා කරනවා. මේක 1990 පෙන්නලා හැමතිස්සේම මුහුණු පොතේත් දානවා මොනවද මේ රජය කරන්නේ? අන්න පහුගිය රජයෙන් කරපු 1990 එක සුපිරියි කියලා.. මේ නිසාම මේ රජයෙන් අනිවාර්යයෙන්ම මේක කඩාකප්පල් කරලා වහලා දාන්න වෙන විදිහට වැඩේ සෙට් කරනවා... ඇතුළෙන්ම ගොට්ටෝ දෙතුන් දෙනෙක් අල්ලගෙන...
Rata Perata Friday, 27 November 2020 07:40 AM
මෙන්න නන්දසේනගේ පාලනයේ හැටි.. රට නැතිම කරලා. නිදහස නැතිම කරලා තමයි නවතින්නේ. සහෝදර සමාගම රට කාලා ඇමෙරිකාවට යයි. අපිට තමයි විඳවන්න වෙන්නේ.... හෙළයන්ට පෙරට එන්න කාලය හරි වගේ...