රාත්‍රී 9.10
(අජිත් ලාල් ශාන්ත උදය)
නිවිතිගල, කිරිබත්ගල ප්‍රදේශයේ කන්දක් නායයාමෙන් නිවාස කිහිපයක් යටවී ඇති බවට තොරතුරු වාර්තාවෙයි. ඊට යටවි ජීවිතක්‍ෂය පත් වූ 10 දෙනෙකුගේ පමණ සිරුරු හමුවී ඇති බව ද පැවසේ.
පෙරවරුවේ පැවති වර්ෂාවේ යම් අඩුවීමක් සවස් වරුවේ දක්නට ලැබුණද ගංවතුරේ අඩුවක් නැත.
රත්නපුර නගරය තවමත් ජලයෙන් යටවී තිබෙන බැවින් වාහන ගමනාගමනය ඇණහිට තිබේ.
රාත්‍රී 9.00
(හර්ෂණ තුෂාර සිල්වා)
කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පවුල් 3000කට ආසන්න ප්‍රමාණයක් කැලණි ගං මිටියාවතෙන් ඉවත් කළ බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පවසයි.
ගඟ දෙපස පදිංචිව සිටින සෙසු ජනයාටත් ඉවත් වන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය කියයි
පස්වරු 7.40
(තරිඳු ජයවර්ධන)
ගංවතුර නිසා වසා දැමු අධිවේගයේ කඩුවෙල,වැලිපැන්න සහ කොක්මාදූව පිටවීම් අද විවෘත කිරීමට නොහැකි වන බව අධිවේගී මාර්ග පොලිසිය කියයි.එම ප්‍රදේශයේ මාර්ග රැසක තවමත් ජලය තිබේ.
පස්වරු 7.10
(ඩයනා උදයංගනී)
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් රත්නපුර, ගාල්ල, කළුතර, මාතර සහ හම්බන්තොට යන දිස්ත‍්‍රික්කයන්හි නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
පස්වරු 6.50
(ඩයනා උදයංගනී)
අධික වර්ෂාව නිසා ඇතිවූ ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් මේ වන විට 91 දෙනකු මියගොස් 110ක් අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකාරණ මධ්‍යස්ථානය කියයි.
පස්වරු 6.30
(තරිඳු ජයවර්ධන)
පාලින්දනුවර,බුලත්සිංහල මාර්ග රැසක් යටවීමෙන් සහන කටයුතුවලට බාධා.යුද හමුදා සෝදිසි මෙහෙයුම් දිගටම
පස්වරු 5.17
(තරිඳු ජයවර්ධන)
අධිවේගී මාර්ගයේ කඩවත පිටවීමේ දොරටුවේ සිට මීටර් 500ක පමණ දිගු වාහන පෝලිමක්
පස්වරු 5.15
(ඉන්දිකා රාමනායක)
අධික වැස්ස හේතුවෙන් ආපදා තත්ත්වය පත්ව ඇති ප‍්‍රදේශ නැරඹීමට එම ප‍්‍රදේශවල සංචාරය කිරීමෙන් වළකින ලෙසට පොලිස් මුලස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
බාහිර පුද්ගලයින් එම ප‍්‍රදේශ වෙත පැමීණිම හේතුවෙන් එම ප‍්‍රදේශවල විශාල මාර්ග වාහන තදබද හටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති පි‍්‍රයන්ත ජයකොඩි මහතා කියයි.
මේ හේතුවෙන් ආපදා තත්ත්වයට පත් පුද්ගලයින් බේරා ගැනීමටත් තුවාලකරුවන් රෝහල් ගතකිරීමට බාධා එල්ල වී ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පවසයි.
පස්වරු 5.15
( තිළිණි ද සිල්වා )
හදිසි ආපදා තත්ත්වය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියයි.
පස්වරු 5.05
(නිමල් අල්ගෙවත්ත සහ අමල් වික්‍රමරත්න )
නෙළුවේ දුලි ඇල්ල තේ කර්මාන්ත ශාලාවේ කාන්තා නේවාසිකාගාරයට පස් කන්දක් කඩා වැටී කාන්තාවන් 10 ක් යට වී ඇති අතර ඉන් තිදෙනෙකු බේරාගෙන ඇත.ඉන් එක් අයෙකු මිය ගොස් ඇති අර අනෙක් කාන්තාවන් දෙදෙනා ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබති
ගාල්ල දිස්ත්‍රික්කයේ පසු ගිය පැය 24 තුළ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19ක පවුල් 17771 ක් පීඩාවට පත්ව ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
පස්වරු 5.00
(හර්ෂණ තුෂාර සිල්වා)
කැලණි ගඟ අසබඩ ජනතාව හැකිතාක් ඉක්මනින් තම ස්ථානවලින් ඉවත් විය යුතු බව කොළඹ දිස්ත්‍රික් ලේකම් හා දිසාපති සුනිල් කන්නන්ගර මහතා පවසයි.
පස්වරු 4.40
( තිළිණි ද සිල්වා සහ ඩයනා උදයංගනී)
පවතින අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් අද (26) පෙරවරු 8.30 දක්වා ගතවූ පැය 24 තුළ දිවයිනේ වැඩිම වර්ෂාපතනය ලෙසින් මිලිමීටර් 553 වර්ෂාපතනයක් කුකුලේ ගඟ ප්‍රදේශයෙන් වාර්තා වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
පස්වරු 4.30
(සනත් ගමගේ)
වලස්මුල්ල මුරුතවෙල ජලාශයේ වාන් දොරටු සියල්ල අද (26) පස්වරු 4 ට පමණ විවෘත කරන හෙයින් ඌරුබොකු ඔය දෙපස පදිංචිකරුවන් හා රන්න නගරය හා ඒ ආසන්න පදිංචිකරුවන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස හම්බන්තොට අතිරේක දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
පස්වරු 3.45
(හර්ෂණ තුෂාර සිල්වා)
ඉදිරි දින දෙකක කාලයේදීත් අඛණ්ඩව වර්ෂාව ලදහොත් වාරිමාර්ග ජලාශවලද වාන් දොරටු විවෘත කිරීමට සිදුවනු ඇතැයි වාර්මාර්ග අධ්‍යක්ෂක සමන් බණ්ඩාර පලුගස්වැව මහතා පවසයි.
පස්වරු 3.00
(හර්ෂණ තුෂාර සිල්වා)
ගංවතුර හා ආපදා තත්ත්වය හේතුවෙන් හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය පරිපාලන සේවා විභාගය කල් දමන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කියයි.
පස්වරු 2.30 - නායයාම් හා ජලගැලීම් හේතුවෙන් මේ වනවිට දිවයින පුරා පුද්ගලයින් 25 දෙනකු මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පස්වරු 1.05 - බෙලිඅත්ත ප්‍රදේශයේ ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනකු මියගොස් ඇතැයි තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
පස්වරු 1.00 - අගලවත්ත, මාවතවත්ත නිවාස පේළියක් නාය යාමෙන් මියගිය තවත් පුද්ගලයකුගේ සිරුරක් හමුවූ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව එම අනතුරින් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත.
පවතින අධික වර්ෂාවත් සමග දකුණු හා සබරගමු පළාත් ජලයෙන් යටවී ඇති අතර අගලවත්ත, බුලත්සිංහල හා සපුගස්කන්ද ප්‍රදේශවලින් ජීවිත හානි ද වාර්තා වේ. මේ වනවිට මියගිය සංඛ්‍යාව 15ක් දක්වා ඉහළ නැග ඇත.
බුලත්සිංහල, බෝගහවත්ත කන්ද නාය යාමෙන් 9 දෙනකු මියගොස් ඇති අතර අගලවත්ත, මාවතවත්ත නිවාස තුනක් නාය යාමෙන් පුද්ගලයින් සිව් දෙනකු මියගොස් ඇත. මේ අතර සපුගස්කන්දේ පස් කන්දකට යටවූ මවක හා දියණියක ද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
අධික වර්ෂාවත් සමග රත්නපුර නගරය ද ජලයෙන් යටවී ඇත.
හදිසි ආපදා තත්ත්වයන් ගැන දැනුම් දීම සඳහා දුරකථන අංක ලබාදී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුවආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 0112136226, 0112136136 සහ 0773957900 අංක පැය 24 පුරා ක්‍රියාත්මකය.
දිවයින පුරා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවල ප්‍රදේශ භාර නිලධාරීන්ගේ දුරකථන අංක මෙසේය.
කොළඹ - කේ.ඒ.නන්දසිරි මහතා (0112325511/ 0112437242/ 0778819383)
ගාල්ල - ඒ.සේදර මහතා - (0912247175/ 0771761692)
ගම්පහ - කුසුම්සිරි මහතා - (0332234142/ 0332222900/ 0771761692)
කළුතර - ක්‍රිෂාන් මහතා - (0776368763)
මාතර - විදානගේ මහතා - (0412222284/ 0718245180)
රත්නපුර - කේ.කුමාර මහතා - (0452222233/ 0452222140/ 0714408835)
මේ අතර ජල ගැලීම් හා වෙනත් ආපදා තත්ත්වයන්ට ලක්ව සිටින්නන් ගලවා ගැනීම සඳහා ගුවන් හමුදාවේ සහාය ලබාදීමට 0112343970 අංකයට අමතන ලෙස ගුවන් හමුදාව දැනුම්දෙයි.
විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය
හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.
ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට
මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මහ වැස්සක විනාශයේ දිගහැරුම
ඉයන් Friday, 26 May 2017 09:37 AM
සසර වසන තුරු මෙවන් විපත් නොවේවා. නිවන් සැප ලැබේවා.!!!
samFriday, 26 May 2017 09:35 PM
මෙවැනි විනාශයන් නැවතත් කිසිදා සිදු නොවේවා යි උතුම් ප්‍රාර්ථනයන් අප හද තුළ ඇතිකර ගනිමු..
ධම්ම Friday, 26 May 2017 04:13 PM
එකම සතුටුදායක පුවත, හදිසි ආපදා තත්ත්වය අසා තමන් බලවත් ශෝකයට පත්වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඕස්ට්‍රේලියාවේ සිට ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටීමයි.
chandana Friday, 26 May 2017 04:24 PM
රටේ පාලකයෝ අධර්මිෂ්ඨ වුණහම රටේ පුරවැසියන්ට මෙහෙම ව්‍යවසන වලට මුණ දෙන්න වෙනවා...
මහකන්දේ විජිතසිරි හිමා Friday, 26 May 2017 05:01 PM
රජුන් දැහැමි නොවීම නිසා රටවල්වල ආපදා වැඩි වෙනවා. දළදා මාලිගාව උඩින් ඉන්දිය යානා යනවා. හාමුදුරුවෝ හිරේට දානවා. විල්පත්තුව කපනවා. රණවිරුවන්ට කරදර කරනවා. ඉතින් ශාසනය රකින රට රකින දෙවියන් ශාප නොකරයිද?
විකුම් Friday, 26 May 2017 06:38 PM
පැහැදිලිවම මේ අනතුරු අවම කර ගැනීමට හෝ වළක්වා ගැනීමට හැකි ඒවා නොවේද?..! තවම වැස්ස පටන් ගත්තා පමණයි. සියයකට වඩා ජිවිත විනාශ යි....කලමනාකරණය සිදුවිය යුත්තේ ප්‍රථමව මෙවන් ආපදාවකටය.
rajith Friday, 26 May 2017 06:47 PM
අපි වඳුරන්ගෙන් පරිණාමය ලැබුවන් බව අසා ඇත්තෙමි. වැස්සට තෙමෙනකොට ගෙවල් හදන්න කතාවෙන වඳුරන්ට පායන කාලයට ඒ කිසිවක් මතක නැත. අපි පරිණාමය වෙලාද? නැද්ද?
siri Friday, 26 May 2017 09:03 PM
මිය ගිය අයට නිවන් සුව ලැබේවා!!! විපතට පත් වුවන්ට ඉක්මන් සහනය සැලසේවා !!!.
දාවිත් Friday, 26 May 2017 11:50 PM
මේ ආණ්ඩුවට අවුරුදු 2යි.. හරියට ත්‍රස්තවාදය තිබ්බා වගේනේ... මොකද ඉතින් මෙහෙම විපත් වෙනකොට...
dik Saturday, 27 May 2017 01:50 AM
දෙයියනේ මොකද්ද මේ රටට වෙලා තියෙන්නේ මේ ආණ්ඩුව ආවත් හරි මගේ රටම විනාශයි. මිනිස්සු සියගාණක් මැරිලා දහස් ගාණක් අවතැන් වෙලා. මේ මිනිස්සු ගැන හොයාබලන්න අද මේ රටේ නායකයෙක් නෑ. ඒ සේරම පිටරට සවාරි, ඔවුන්ගේ බලය තහවුරු කරගන්න පළාත්පාලන ආයතන විසුරුවා හැරලා... පළාත්සභා අකර්මන්‍ය වෙලා. සහන සලසන්න කිසිම ක්‍රමවත් වැඩපිළිවලක් නෑ. විපතට පත් වූවන්ට ජනතාවගේම පිහිටයි. මේ අසරණයන්ට පිහිට වෙන්න මිනිස්සුනේ අපිවත් එකතුවෙමු. නිවැරදි තොරතුරු ඉක්මනින් අපට ගෙන එනවාට ලංකාදීපයට ස්තුතියි...
premathilaka PeramunaSaturday, 27 May 2017 11:17 AM
මහා විනාශයක්...අපේ රටේ අවාසනාවන්ත කලදසාවක්. ඒත් ඒකට දැන් පවතින ආණුඩුව පමණක් වගකියන්න ඕනා කියන අදහසට මම එකඟ නෑ. මොකද මේ නායයෑම් සිදුවන්නේ කාලයක් තිස්සේ අපිම ස්වාභාවික පරිසරයට කර තිබෙන හානි නිසා කියලයි මම හිතන්නේ. බලන්න නායගිය බොහෝ ස්ථානවල කලින් තිබුණු වනාන්තර විනාශකරලා තේ හෝ වෙනත් වගාවන් යොදපු තැන් ඒ ස්ථානවල පොලව සම්පූර්ණයෙන් වර්ෂාවට නිරාවරණය වෙලා. මොනවා වුණත් දැන් පාලකයෝ රට වෙනුවෙන් කරන දෙය කිසිසේත්ම ප්‍රමාණවත් නෑ කියන මතයට මම එකඟයි. මේ ස්ථාවලට ගියාම ඒක තේරෙනවා. ඔය ඡායාරූපය තිබෙන මාවතවත්ත ප්‍රදේශය ඩැල්කිට් කියන වතුයායක කොටසක්. ඒ කන්ද තවත් නායයන අවදානම තියෙනවා... ඒ සඳහා රජය නිසි විසඳුම් ලබාදිය යුතුයි.
රන්ජිත් Saturday, 27 May 2017 12:06 PM
ගංවතුර යනු අපව විසින්ම සාදා නිමකල ව්‍යවසනයකි. අපේම දේශපාලකයන් මේ තත්වය මනාව ඉදිරියට ගෙන ඒමට බොහෝ වෙහසක් දරා ඇති බැව්ද සඳහන් කළයුතුයි. ඊට අමතරව, නගර සභා සහ අනෙකුත් රජයේ සේවයේ සිටින බොහොමයක් නිලධාරින් යයි කියාගන්නා ඇතැම් උදවියත් මේ තත්වයට වගකිව යුතුයි.